Wednesday 6 October 2010

ලoකාවම කර ගැසූ උඹ.....චින්තන.....



අවසානයේ ඔහු එය කලේය..ඔව්.....කිලෝ ග්‍රෑම් 308ක මුලු බරක් ඔහු කර මත තබා ගත්තේය...පැත්තක සිට බලන ගුණමකුවෙකුට නම් එය නිකම්ම කිලෝ ග්‍රෑම් 308 ක් පමනි......චින්තන අයියේ...අපිට නම් එය නිකම්ම නිකම් බරක් නොවේ...උඹ ඉස්සුවේ මුලු ශ්‍රී ලoකාවමය....
                    හද්දා පිටිසර පොලොන්නරුවේ උපන් කැකුලු හාලේ බත් කන උඹ දෙපාරක් උඹෙ සිoහල කම මුලු ලෝකෙටම පෙන්නු හැටි අපූරුය.....උඹට මොන පහසුකමක් වත් තිබුනේ නැත..අවසන් මොහොතේ හෝ අනුග්‍රාහකයෙක් වත් සිටියේ නැත...මගේ ජීවිතයේ
වීරයන් ඉන්නෙ ගොඩාක් අඩුවෙනි...ඒ අතර චින්තන ගීතාල් විදානගේ.....උඩින්ම ඉන්නවයැයි කීමට..මම පසුබට නොවන්නෙමි...දේශපාලන පඩත්තලයන්ගේ ඕනෑ එපාකම් වලට උඹ අහු උනේ නැත...කොටින්ම පුහුනු වීමට හරිහමන් තැනක් වත් තිබුනේ නැත...අයියේ....මම උඹ....කියා ඇමතුවේ තරහකට නෙවේ..ඒක මම උඹට තියෙන ගරුත්වය නිසාම ලියැවුනා යැයි සිතමි...උඹට දෑතේ සවියටත් වඩා හිතේ හයිය තිබෙනා බව දනිමි....ඉන්දියානුවා රන් පදක්කම දිනුවේය...එම දක්ශතාවය මුලු බර කිලෝග්‍රෑම් 322කි...ඒ බර ඉස්සුවේ තනි ඔහු නෙවේ...මුලු ඉන්දියාවම ඔහු සමග සිටින්නට ඇත..සුපිරි පහසුකම් තිබෙන්නට ඇත..අයියේ...උඹට මොන පහසුකම්ද...උඹ තනියම මුලු බරම කර ගැහුවේය...නැත....නැත..............උඹ බර කර ගහනවාට අමතරව තව එකෙකුට කර ගැස්සුවේය..ඒ චින්තනගේ සුපිරි ගෝලයා සුරේශ් පීරිස්ය...බර ඉසිලීම පට්ටය...සිරාය...ඒ උඹ බර උස්සන නිසාය...උඹෙන් පසු එය නවතින්නේ නැත..දැනටමත් ගෝලයන් බිහිකර අවසන්ය...ඉතින් දිගටම බර ඉස්සීම සිරාය...

                   ඉන්දියාවට යාමට පෙර එක ඇමතියෙකුවත් බර ඉසිලීමේ කන්ඩායම දෙස බැලුවේ නැත... ගනන් ගත්තෙ නැත...සැලකීම් ලබන්නට නම් ආණ්ඩුවට කඩේ යා යුතුය..නැතිනම් හොද මාර්කට් චරිතයක් විය යුතුය..උන් කරන්නෙ මීඩියා ඉදිරියේ කයිවාරු ගැසීම පමනි..පොර ටෝක් දී යන උන් රැගෙන එන්නේ පදක්කම් නොව වෙන වෙන සුකුරුත්තම්ය.....චින්තන විශේෂ වන්නෙ එබැවිනි...'අපි පදක්කම් දෙකක් හෝ ඊට වැඩිපුර හෝ බලාපොරොත්තු වෙනවා'.ඔහු කීවේ මෙපනකි...ඇස් පනාපිට එය සිදුකර අවසන්ය......ලoකාවට මේ පදක්කම් දෙකෙන් පමනක් සෑහීමට පත් වීමට සිදු උනොත් රත්ගමයා පුදුම වන්නේ නැත ඉස්සරහට එක එක ඇමැතිලාගේ මෝඩ චූන් බලාගැනීමට පුලුවන..අරක දෙනවා..මේක දෙනවා....ඔව්වා අපිට පුරුදුය..අපිට වඩා අයියේ උඹට පුරුදු බව දනිමි......බර ඉසිලීමෙ කණ්ඩායමට ජය වේවා.....චින්තන අයියේ...උඹ උඹෙ ගමන පලයන්.....නවතින්න එපා...උස්සපන් මුලු ලොකේම..පහසුකම් තිබ්බත් නැතත් ඒක කරපන්...
     උස්සපන් අයියේ........රත්ගමය බලන් ඉන්නවා...උඹට ජය...............

9 comments:

  1. නියම පෝස්ට් එක කොලුවෝ.. එල..

    ReplyDelete
  2. හොද දිරියක් ඉදිරියටත් කරපන් උබට ජය..!!

    ReplyDelete
  3. එලම තමයි චින්තක සහෝ ටත් ජය අපේ රත්ගමයටත් ජය

    ReplyDelete
  4. රත්ගමයා අයියේ....චින්තන සහෝදරයා ගැනත්, එතැනින් නොනැවතී අපෙ රට ගැනත් ඔයාගේ හිතේ තියන කැක්කුම පුපුරු ගහන බව මට පේනවා....චින්තන සහෝදරයාට සුබ පතනවා.ඒ ගැන් ලිවුව රත්ගමයා අයියාට ස්තූතියි කරනවා....!

    ReplyDelete
  5. "'අපි පදක්කම් දෙකක් හෝ ඊට වැඩිපුර හෝ බලාපොරොත්තු වෙනවා'.ඔහු කීවේ මෙපනකි...ඇස් පනාපිට එය සිදුකර අවසන්ය...."
    මොහු වෙන්ස් වන්ෙන් මෙනිසාය. චින්තන අයියාට සුබ පතනවා.ලිවුවට රත්ගමයාටත් ස්තූතියි....!

    ReplyDelete
  6. චින්තන කීව ගමන් මට මේ වෙන වෙන චින්තනයන් පහල වුනා... හැබෑටම රටේ බර උසුලන මෙවැන්නන් ගැන ලියෙවන බ්ලොග් අඩුයි... රත්ගමයා... මම දැකපු දෙයක් තමයි රත්ගමයා ළමයා වැඩි පුර ක්‍රිඩාවට තැන දී ඇති බව... ඇත්තටම ක්‍රිඩා ගැන ලි‍යවෙන බ්ලොග් නම් නැති තරම් නේද...

    අනගි කර්ත්‍යව්‍යයක් ........

    ReplyDelete
  7. ක්‍රීඩාවට වඩා....අසාධාරනයක් උන අය වෙනුවෙන් කෑ ගහන්න රත්ගමය ආසයි

    ReplyDelete
  8. චින්තන කියන්නෙ හරිම සුන්දර මනුස්සයෙක්... මුහුණු පොතේ ඔහුට පණිවිඩයකින් තියන්න නොවැරදීම ඔහු ඔබට අමතාවි ස්තූති කරාවි. ඔහු හරිම ජාත්‍යාලයෙන් පිරුණ කෙනෙක්.පොඩි දරුවන් ට හැම වෙලාවෙම රටට ආදරේ කරන්න උගන්නන්න කියලයි ඔහු ගුරුවරියක් වුන මගෙන් ඉල්ලුවේ. ඔහුට කතා කරන්න. ඔබ අදටත් වැඩියෙන් ඔහුට ආදරේ කරාවි.

    ReplyDelete
  9. Ape Rathgamayaa ge Thavath Bokke Talk 1kak... Siravata Andenava bn..... Ela...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)