Sunday 24 October 2010

අපි විශ්වයේ තනි වෙලා......



මේ විකාරේ නම් මට හිතුනෙ මේ ලගදි.විශ්වයෙ අපි සිරාවටම ඉන්නෙ තනි වෙලා.ටිකක් විකාරයි තමයි.ඒත් ඒක ගොඩක් දුරට වෙන්න පුලුවන්.මගේ පලවෙනි ලිපියට විරුද්ධ අදහසක් තමා කියන්න යන්නෙ...
                    අපි මෙහෙම හීතමු..... විශ්වය ආරම්භය වෙලා කොචර කාලයක් වෙනවද?මේ අපි ජීවත් වෙලා ඉන්න පෘතුවිය ආරම්භ වෙලා කොච්චර කාලයක් වෙනවද?
      විශ්වය ආරම්භ වෙලා දැනට අවුරුදු 1000 ක් නම් පෘතුවිය ආරම්භ වෙලා දැනට තත්පරයක් විතර වගෙ කියල හිතමුකෝ.එහෙම නම් තව විනාඩි 5කින් ජීවය ඇති වෙයි..තව විනාඩි 12 කින් මිනිස්සු දැන් ඉන්නව වගේ දියුණු ජීවීන් බවට පත් වෙයි. තව විනාඩි 30 කින් විතර ලොකෙ විනාශ වෙයි.මම පෘතුවියෙ ජීව කාලය විනාඩි 30 යි කිව්වෙ විශ්වයේ කාලයට සාපෙක්ශව.පෘතුවිය ජීවය ආරම්භ වෙන්න මහා ගොඩක් කාලෙකට කලින් තමා විශ්වය ආරම්භ වෙලා තියෙන්න ඕන.අපේ ආසන්නම ග්‍රහලෝකෙට ආලෝකේ වේගයෙන් යන යානාවක නැගලා ගියා කියලා හිතමුකෝ..මම කලින් කියපු කාල රාමුවට සාපේක්ශව ආසන්නම ග්‍රහලෝකෙට යන්න තත්පර 2 ක් විතර යයි...නමුත් ගැටලුව තියෙන්නෙ එතන නෙමේ...අවුරුදු 1000ක් විතර කාලයක ඉදල පැවත එන විශ්වය විනාඩි 30 ක් වගේ පොඩි කාලයකදි ඇතිවෙලා..විනාශවෙලා යන පෘතුවිය වගේ ග්‍රහලෝක කොච්චර දැකල ඇතිද..ඒ ග්‍රහලෝක කීයක ජීවීන් ඉන්න ඇතිද..වැඩිම උනොත් ග්‍රහලෝක 200ක විතර ජීවීන් ඉන්න ඇති..පෘතුවිය 201 වෙනි ග්‍රහලෝකෙ වෙන්න ඇති...නමුත් පෘතුවිය පැවතුනු විනාඩි 30 ඇතුලත තවත් ජීවීන් ඉන්න ( සමහර විට ජීවීන් ඉන්න හැකි උවත් දියුණු ජීවීන් ඉන්න ) ග්‍රහලෝකයක් තියෙන්න පුලුවන්ද..එහෙම වෙන්න පුලුවන් හැකියාව 1% ක් වත් නෑ නේද?

  අපි අවුරුදු බිලියන..මිලියන ගනනින් ගනන් හැදුවට විශ්වය පැවතුන කාලය ඔය කිසිම ඉලක්කමකින්  ලියන්න බැහැ කියලයි රත්ගමයගේ අදහස..තවත් පුංචි උදාහරණයක් දෙන්නම්..මේකෙන් ගොඩක් තේරුම් ගන්න පුලුවන් වෙයි...
ඉපදිලා විනාඩි 5 කින් විතර අප්‍රාණික වෙන බැක්ටීරියා වර්ග තියෙනව නේ..පෘතුවිය ඒ විදිහ බැක්ටීරියාවක් කියල හිතමු..ඉබ්බෙක් සාමානයයෙන් අවුරුදු 100 කට වඩා ජීවත් වෙනව නේ..විශ්වය ඉබ්බෙකුට සමාන කරමු..
මේ ඉබ්බා තමන්ගේ ජීවිත කාලේ පුරාවට බැක්ටීරියා කීයක් ඉපදිලා මිය යනව දැකල ඇතිද..බැක්ටීරියා හිතනවා එයාලගේ ජීවන කාලයට අනුව "අම්මෝ..අපි මහා ගොඩක් කල් ජීවත් වෙනව" කියලා..නමුත් ඇත්ත ඒක නෙමේ කියල තේරෙනව නේද..
 පෘතුවියේ අපිත් හිතනවා අපි මහ ගොඩක් කල් ඉන්නව කියල..නමුත් අපි ඉන්නෙ පොඩි කාලයයි...ඉන්න මේ පොඩි කාලේ ඇතුලත එක පාරට දියුණු ජීවීන් දෙන්නෙක් හමුවෙන්න පුලුවන් ඉඩ ගොඩක් අඩුයි..
තේරුනාද..නැද්ද කියන්න රත්ගමය දන්නෙ නෑ..
              මේක නම් රත්ගමයගේ කලින් අදහසට වඩා වෙනස් ගොඩක්...
ඒකම දේ වෙනස් විදිහට හිතන්න පුලුවන් නේද..ඔයාලත් එහෙම හිතන්න..නිතරම වෙනස් වෙන්න..අනුන් කරන එක කරන්න එපා..තමන්ගේ කියල.අනිත් අයට කියන්න පුලුවන් දෙයක් සමාජයට බලන්න..එහෙම වෙනස් දේවල් කරන කට්ටියට තමා මිනිස්සු ආදරේ කරන්නෙ......
අන්තිමටත් කියනවා...මිනිස්සු ආදරේ කරන කෙනෙක් වෙන්න........
( මේ ගැන මොනව හරි ප්‍රශ්ණ තියෙනව නම්..එහෙම නැතිනම් ලියල තියෙන දේවල් තේරෙනව අඩු නම් රත්ගමට කතා කරන්න...ඕනම වෙලාවක Skype ඉන්නවා..රත්ගමයගේ user name එක sahan420.  ඔයාලගෙනුත් අලුත් දේවල් දෙන්න..වෙනස් විදිහට හිතමු....... )

15 comments:

  1. රත්ගමයා මල්ලි අපිට දෙන්න හදන අදහස පැහැදිලියි..... ඇත්ත... පෘතිවියෙ උනත් ජිවයක් ඇති වෙන්න සැහෙන කාලයක් ගත උනා.... ඉට පස්සෙ තමයි ටිකින් ටික පරිනාමය වෙමින් අපි මෙ ඉන්න තත්වෙට ආවෙ... සමහරවිට පෘතිවිය උනත් ජිවය අති වෙන්න කලින් ඔය අගහරු ග්‍රහය වගෙ තියෙන්නත් ඇති.... එ කියන්නෙ ජලය නැතිව.... ඉතින් විශ්වය ගැන කතා කරන්න දෙයක් නැහැනෙ.... සමහර විට අනෙක් ග්‍රහලොක ඔක්කොම විනාශ උනත් විශ්වය මෙ විදිහටම තියෙවි....

    ReplyDelete
  2. මල්ලියේ මට තණමල්විලට යන්න පාර කියපන්..ඊට පස්සේ මෙ ගැන කල්පනා කොරමු...

    ReplyDelete
  3. මාර අයිඩියා කොහෙන්ද බං ඕව එන්නේ . මචං නාසා එකෙන් දන්නවනම් උඹව රෙන්ට් එකට ගන්නවා .

    මේ මචං රත්නේ ඇත්ත කියපං උඹ මොනාද බීවුවේ ? හ්හි හි

    ඇත්තටම කියනව නම් හිතන්න දෙයක් දීල තියන්නවා මම පොඩ්ඩක් කින්ඩිය දැම්මට පෝස්ට් එක මල් 7 නෑ නෑ මල් 9යි සිරා මචං
    බොක්කෙන්ම ලියල තියනවා .

    මම නම් විස්වාස කරන්නේ ඔය ඒලියන් එවුං සෙට් එකක් කොහේ හරි ඉන්නවා මට මාරම ෂුවර් තව අවු 5 යන්න කලින් උං ඉන්නවද නැද්ද කියන එක අපිට (මිනිස්සුංට) හොයාගන්න පුළුවන් වෙනවා .

    ජයවේවා !

    ReplyDelete
  4. රත් ගමයා මලේ, ගෙදර එළදෙනෙක් ඉන්නවා නේද ? ඔව්ද ? නෑද ?

    ReplyDelete
  5. මචන් උබ බාර් 1 පෑත්තෙ ගියාද ?

    ReplyDelete
  6. සහෝ හිනා වෙන්න එපා..! මට මේ ලිපියේ ඔක්කොම කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ එකම තැනකට යොමුකරන්න කියලයි හිතෙන්නේ.. මගේ හිත් ගත්තේ..."ඉන්න මේ පොඩි කාලය ඇතුලත එකපාරට දියුණු ජීවින් දෙන්නෙක් එකපාරට හමුවෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි..".. කොච්චර විද්‍යාත්මක මත ඉදිරිපත් කලත් ඔයා ඒ හැමදේම කියන්නේ ඉහත කරුණට එන්න පාර හදා ගන්න.. ඔයා කියන්න යන්නෙ මොකක්ද කියලා මම හරියට දන්නෑ..ඒත් නිකම්..අපි සමාජය තේරුම් ගන්න ඕනෙ.. වගේ දෙයක්.. හැමෝම එකවගේ නෑ වගේ දෙයක්... එක එක්කෙනාගේ බුද්ධි මට්ටම, මානසික මට්ටම, අධ්‍යාත්මික මට්ටම වෙනස් වගේ දෙයක්... අපි ඒ දේවල් තේරුම් ගත යුතුයි.. කියලා වගේ ඔයා කියන්නේ...(මේ හිනා වෙන්න එපා..ඒ මට පේන විකාර වගේ වෙන්න පුලුවන්නේත් එකක් කියන්න ඕනෙ විද්‍යාව ගැන ඔයාගෙ දැනුම නම් ගොඩක් හොඳයි.... ජීවයේ අඛණ්ඩතාව....")

    ReplyDelete
  7. රත්ගමයා මලේ, තරහ වෙන්න එපා ගෙදර එළදෙනක් එන්නවද කියලා ඇහුවහම ඔන්න. සාමාන්‍යයෙන් ඔය ඉතින් දකුණ පැත්තෙ ගෙවල් වල එළැදෙනෙක් දෙන්නෙක් ඉන්න එක අණිවාර්ය්‍ය දෙයක්නේ.

    ඉතින් මෙන්න මේකයි මම අහන්න හැදුවෙ,

    එළ දෙනෙක් ඉන්නවනම් අනිවාර්ය්‍යයෙන්ම ගෙදරදි රත්ගමය බොනව ඇත්තෙ එළ කිරිනෙ, හරිද ?

    බැරි වෙලා හරි එළදෙනට කංසා පැලයක් කැවුනොත් මොකද වෙන්නෙ ?

    ReplyDelete
  8. අයින්ස්ටයින් .... මගේ ඔළුව රිදෙනවා අයින්ස්ටයින්

    ReplyDelete
  9. @dinesh විශ්වය තියෙනවා..අපි යනවා...හරියට බස් එකක් වගේ...බස් එක යනවා..අපි ටික දුරක් ගිහින් නවතිනවා..ආයේ අවුරුහරි නගිනවා.....ඒත් බස් එක යනවා..ගිහිල්ලා ගිහිල්ලා කොහේ හරි නවතිනවා

    @මාරයා ඉස්සරහ හෝල්ට් එකේ බැහැලා 138ක යන්න...බස් එකේ කාට හරි කියන්න කෝ...බස්සාවි හරි තැනින්.. (ඔලුව කසමින්...හික්...අද වැඩි වෙලා හොදටම )

    @හිස් අහස සර්...කොහොමෙයි..බිව්වෙ නම් නැතෝ..ඔලුව වැදුනා මොහොකද දන්නෙ නෑ

    ReplyDelete
  10. @දුමී a.එලදෙනක් ඇත..
    b.එල දෙනක් නැත..
    කොම්පියුටර් ලොක් ආන්සර් බී

    @L200 බාර් යන්නෙ නෑ නේ..කිතුලකට නැග්ගා

    ප්‍රාර්ථනා තේරුනාද මන්දා ..... ටිකක් තේරුම් අරන් වගේ..ඇත්තම කියනව නම් මට මුකුත් තේරෙන්නෙ නෑ නේ මම කියපු....හික්....

    ReplyDelete
  11. @@දුමී...මක්කට තරහ වෙන්නෙයි අයියා..හික්...කට කහනවට කියන ඒවනේ.........

    @වත් අක්කා...වේදනා කැක්කුම් සැනෙකින් නැතිකරයි කොට්ටම්බා පස්පන්ගුව................

    ReplyDelete
  12. හැ....(මගෙ කට තාම ඇරුණ ගමන් )..හපොයි යසට හිටපු කොලු පැටිය...මචං මම නං ඔය වගේ අදහස් එනකොට හිතන්නෙ මෙච්චරයි.. බුදුහාමුදුරුවො කිව්වලු විශ්වයෙ ඇති වීම නැති වීම වගෙ දෙවල් හොයන්න යන කාලෙ යොදවල කුසල් වල හැසීරෙන්න කියල..ඉතින් මම ටක් ගාල ඇඳට වැටිල නිදා ගන්නව.. මම හරිද මන්ද ඒක තෙරුන් ගත්ත..

    ReplyDelete
  13. 1ka aththa mcn... venna puluvan... Mn kiyanneth Api nikan khubuvan vage kiyala. Apita 1ka therenavane... Kubiya 5 min thisse yana dura api 2sec yanava.... kumbiya danne ape gevattha gana vitharai... bt apine danne ape gevaththa kochchara podida kiyala( Google earth). neda?
    mn hithanne me Ex 1ka Galapenava meka pahadili kranna....

    ReplyDelete
  14. Elaz.man meka adane dakke...

    ReplyDelete
  15. http://lankavoice.blogspot.com/2011/05/is-lankaweb-for-open-discussions-and-or.html

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)