Saturday 23 October 2010

The ජෙටා vs මුණසිංහ මයා..............



රත්ගමයා ඉස්කෝලෙ ගිහිල්ලා අහවරයි නේ..ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියලා රත්ගමයා දන්නවා..පුලුවන් හැම වෙලාවෙම රත්ගමයත් හොරෙන් හිත හදිස්සියෙන් දුවනවා ආදරණීය ඉස්කෝලෙ හොයාගෙන..මේක රස කතාවක්..කතාවක් කිව්වට කතා දෙකක්..
      රත්ගමයලට භෞතික විද්‍යාව විෂය ඉගැන්නුවේ මුණසිංහ කියලා සර් කෙනෙක්..ගාල්ලෙ ඉන්න උන් නම් දන්නවා කව්ද කියලා...නිතරම කාට හරි කුප්ප කතාවක් කියල හිනැස්සුවට භෞතික විද්‍යාව නම් එල කිරට උගන්නනවා...සර්ට තියෙනවා කාර් එකක්..අලුත්ම භන්ඩේ..කාර් එක රතු පාටයි..මාර ආඩමබරෙන් තමා ඉන්නෙ කාර් එක ගැන..
    කතාවට සම්භන්ධ අනිත් චරිතේ තමා ජෙටා...නමින් අකිල උනාට ආදරේට කියන්නෙ ජෙටා...නම හැදෙන්නත් හේතු තියෙනවා..ඒව මෙතන කිව්වොත් මේක කියවන්න එන කට්ටිය ආයෙ මේ පැත්තෙ එන්නෙ නෑ.
                           .ඔන්න මුණසිංහ සර් උගන්නනවා...ජෙටා ඉන්නෙ ඉස්සරහම පේලියේ සර්ගේ කට දිහා බලන් ඉන්නවා..පාඩම බලය.. ..සර් කියල දෙනවා රූප බෝර්ඩ් එකේ ඇද ඇද.."කාර් වල ශොකට් තියෙනව නේදැකලා තියෙනවද..ඒකෙන් රෝදෙ මත යෙදෙන බලය අඩු වෙනවා..මේ විදිහට තමා ක්‍රියාත්මක වෙන්නේ...රායිට්..".ජෙටා පොපිය පොපිය ඉදියේ..සර්ට කියල 1 දාගන්න.මූට මතක් උනා සර්ගේ කාර් එක ගැන.මූ පැනපු ගමන් සර්ගෙන් අහපි."සර්.සර්ගේ එකෙත් එහෙම ශොකට් තියෙනවද.කොල්ලො හිනා වෙනවා..සර්ටත් දැන් නෝන්ඩි..මෑනුත් අත අරියෙ නෑ..දුන්නා ජෙටාට ආයේ කට නොඅරින්න ටෝර්ක් එකක්.

"මගේ එක...මගේ එක පෙන්නනවා මම මෙතන කොල්ලො ඉදියෙ නැති නම්"
  එදා ඉස්කෝලෙ ඉවර වෙනකල් ජෙටා කතා නෑ...කොල්ලෝ අහනව ඉතින් උගෙන්.."ඒ බන් සර් ගෙ එකේ ශොකට් තියෙනවද කියල"
           මේ තමා දෙවෙනි කතාව..එදත් පුරුදු විදිහට සර් උගන්නනවා..අපේ පන්තිය තියෙන තැනට ඉස්කෝලේ ඇතුලෙ තියෙන ප්‍රධාන පාර හොදට පේනවා..ජෙටා ඉදියේ ජනේලේ ලග..මූ ජනේලෙන් එලිය බලන් ඉන්නවා කම්මුලට අතකුත් තියාගෙන..පාරෙ යනවා ටිකක් විතර වයස (60-65 විතර ) ආච්චි කෙනෙක්..මූ ඒ දිහාම බලන් ඉන්නවා..මෙලෝ සීහියක් නෑ...සර් දැක්කා මූව...මෙච්චර පණ දාගෙන උගන්නනවා..මේ යකා පාරේ නාකි ආච්චිලා දිහා බලන් ඉන්නවා.
"..කොහෙද බලන් ඉන්නෙ..මම මෙහේ උගන්නනවා..තමුසේට ඉතින් නාඩි වැටෙනව නම් ඕන එකක් නේ ඕයි....."..
හික්....සර් එදා කියපු කතාව නම් සහතික ඇත්ත..ඌට නාඩි වැටෙනව නම් ඕන එකක්....
මොන මොන පිස්සු ආතල් ගත්තත් අපේ කොල්ලෝ සෙට් එක එලට ඉගෙන ගන්න එක නම් කරා...

16 comments:

  1. munaginghe sir ge kata me tharan darunui kiyala man danagena hitye nane... : P :P :P :P

    ReplyDelete
  2. Ela Ela machan..Munasingha Sir gen apith igena gaththa...Very funny,,..>!!!!

    ReplyDelete
  3. ජෙට ? හිතාගත්තහැකි නම හැදිච්ච හැටි :P

    අපේ ක්ලාස් එකක් පටන්ගත්ත දවසක කොල්ලො උන්න පැත්තෙන් දුම් පාරක් ආවා...

    සර් කියාපි...
    කොල්ලනේ...ඔය පැත්තෙන් දුම් පාරක් එනවා නේද ? බලාගෙන දුම් ගහන කොට කෙහෙල් කැන් ඉදෙනවා නේ ? කියලා :D :D :D

    ReplyDelete
  4. :):)ඕවා ඔක්කොම නැත්තම් පාසල් ජීවිතේ සුන්දරද රත්ගමයෝ...! සර් නම් පුදුම කටක් තිබිලා තියෙන්නේ.. හොඳ වෙලාවට ඔය සිද්ධි hall clz එකක නොවුනේ.. එහෙනම් ඉතින් හරිම upset එක තමා..

    ReplyDelete
  5. මචන් උබ Richmond ද? . බද්දෙයී මුනෙයී ඒ දවස් වල තරගෙට කාර් ගන්නෙ. මොනව උනත් මුණසිංහ සර් හොද මනුස්සය.

    ReplyDelete
  6. හික් හික් හික් ෆට්ටයි හොඳේ......... ;)

    ReplyDelete
  7. හහා.. රත්ගමයත් එහෙනං අපේ කොලීජියෙමයි නේද? :)
    මුණසිංහ සර් තමයි උසස්පෙල පන්තියෙදි අපේ පන්තිභාර ගුරුතුමා.

    ReplyDelete
  8. He he he..... Paw ban Jeta :P :P

    ReplyDelete
  9. ඉස්කොලෙ දවස් වලනම් මොන තරම් පිස්සු වැඩ කලාද??? එවානම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ....

    ReplyDelete
  10. Isskole nam kvdavath amthaka venna na bn.. hhmhhhhh......... aith yanna thiyenvanam........

    ReplyDelete
  11. පෙනී යන ආකරයට රත්ගමයා අපේ පාසල සිසුවෙක්ය. අපි යන කාලෙ නම් සර් අලුතින්ම ගත්තෙ ටොයොට කොරොල්ල එකක්.. සුදු පාට. කොල්ලො ඒකට අයිතිවාසිකමුත් කිව්ව. එකෙක් ගෙ ලු ටයර් 4.. අනිකගෙලු ලයිට්. හි හි හොඳ මනුස්සයා.

    ඈ බොල රත්ගමයො අර අපේ පාසලට ගිය නිවුන්නු දෙන්නා උබ දන්නවද... එකෙ අපේ එකේ අනික නම් ඇලෝසියස්...

    ReplyDelete
  12. Apith munasinghe sirgen igena gaththa 2011 A/L wala.. Dan nam oya car 2ma neme ayye... :)

    ReplyDelete
  13. හිහ් හිහ් නාඩි වැටෙනවනම් ඕන එකක්..
    පට්ට කතාව රතෝ..........

    ReplyDelete
  14. හික්ස් .පට්ට

    ReplyDelete
  15. ඔන්න මම උබේ blog 1කේ 500 වෙනි අවාසනාවන්ත follower වුනා.

    ReplyDelete
  16. අඩේ උඹ රිච්මන්ඩ් ද.....මුනේ හයිබ්‍රිඩ් 1 ක් ගත්තා...දැන් කොරන්නේ වාහනේ උඩට පහලට ගෙනියන 1 දවසෙම.....

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)