Thursday 7 October 2010

ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ...................



ටෝකියෝ නුවර ඔලිම්පික් ක්‍රීඩාoගණය මීටර් 10000 ඉසව්වට සියල්ල සූදානම්ය...
සoඥාවකින් අනතුරුව තරගය ආරම්භ විය.තරගකරුවෝ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙති.කරුණානන්දගෙන් මිදුන සෙස්සෝ මීටර් 200කටත් වඩා ඉදිරියෙන් දිව යද්දී කරුණානන්ද පිටුපසිනි.පලමු වට දහය පමණ වන විට කරුණානන්ද වටයකින් පසුබා තිබිණ.20 වන වටය අරඹන විට කරුණානන්ද අන්තිමයාය.ඇමරිකානු ක්‍රීඩකයා ජයග්‍රාහී මාවතකය..
                     තරගය අවසන් වටය ඇරඹන විට කරුණානන්ද වට හතරකින් හෙවත් මීටර 1600කින් පසුපසින් හැල්මේ ධාවනයේ යෙදී සිටි අතර සෙස්සෝ මේ වන විට අතරින් පතර තරගයෙන් ඉවත් වෙමින් සිටියහ.ඉතාමත් තියුනු තරගයෙන් පසු ඇමරිකාවේ විලියම් රන්පදක්කම් දිනා ගන්නා ලදී...
                 තරගය හමාර විය.කරුණානන්දට තවත් වට 4ක් ඉතිරිව තිබේ..තරග සවිධායකයෝ ඊලග තරගයට සූදානම් වීමට මග බලා හිදිති.ආර්.කේ කරුණානන්ද ඉතිහාසගත වන්නෙ ඉතුරු වට 4නි.පලමු මීටර් 400 හෙවත් පලමු වටය ආරම්භ කරන විට 60,000ක් පමන වූ නරඹන්නෝ සමච්චලයට මෙන් උසුලු විසුලු කරමින් සිනාසෙන්නට විය..
          කරුණානන්දට වගක් නැත..........

කරුණානන්ද සිය දෙවන වටය අරඹන විට හඩ කෙමෙන් කෙමෙන් වියැකී යන්නට විය....කරුණනන්ද සිය තෙවන කඩයිම ආරම්භ කලේය..ඒ තරගයේ 24 වන වටයයි..හූ හඩ නැගුනු අතරින් පතරම සිහින් අත්පොලොසන් නාදයක් ගුවන පුරා ප්‍රතිරාව දෙන්නට විය..කරුණානන්ද සිය විජයග්‍රාහී මීටර 400 ආරම්භ කලේය....මුලු ක්‍රීඩාන්ගනයම එකම හඩකින් නාද ගිගුම් දුන්නේය....
           කමෝන් සිලෝන්...........
       කමෝන් සිලෝන්...........
 හැට දහසක් පමන වූ නරඹන්නන් එකම හඩින් මුලු ක්‍රීඩානoගනයම ගිගුම් දෙද්දී කරුණානන්ද අවසන් මීටර 400 කගවේනෙකුට නොදෙවනි වේගයකින් අවසන් කලේ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ලෙස නම්බු නාම ලබමිනි..............
(උපුටා ගැනීම 2010/10/1 ක්‍රීඩා සගරාව)

ප.ලි--රත්ගමයා පොඩි කල අසන්නට කැමතිම කතාවක් තිබුනි..රත්ගමයාට කෑම කවා ගැනීමට උවමනා වූ විට අම්මා කරන්නෙ ඔලිම්පික් ඉතිහාසයේ දක්ශතම පරාජිතයා කරුණානන්ද ගැන කියා දීමයි..රත්ගමයාගේ අම්මා පාසල් කාලයේ  මලල ක්‍රීඩා නායිකාව විය.එබැවින් කරුණානන්ද ගැන දැන සිටියාය.එබැවින් රත්ගමයාද ඔහු ගැන දැන සිටියේය..සගරාවේ ලිපිය දැකීමෙන් පසු කරුණානන්ද ගැන මතකය අලුත් විය..රත්ගමයාගේ මිතුරන් හතර දෙනෙක්ගෙන් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ගැන විමසූ විට එකෙක් පමනක් ඔහු ලoකාවේ පොරක් නේදැයි ඇසුවේය...එම මිතුරන්ගෙන් උසෙයින් බෝල්ට්..රෆායල් නඩාල්...ඩෙවිඩ් බෙකහැම් යනු කවරෙකු දැයි ඇසූ විට අපූරුවට පිලිතුරු ලැබුනි...අපට ආඩම්බර විය හැකි අපේ වීරයා ගැන ලිපිය සදහා රත්ගමයාගේ අඩවිය තුල ඉඩක් වෙන් කිරීමට සිතුවේ ඉන් පසුවය...අපේ උන් ඔහු ගැන නොදැන සිටියාට ජපානයේ පාසල් පෙල පොතක කරුණානන්ද ගැන ලියැවෙන්නේ ජපනාට ඔහු වටිනා මිනිහෙකු බැවිනි..ජපනා කවදත් වීරත්වය අගය කල ජාතියකි..අපේ උන් අගය කරන්නෙ වෙන වෙන කුනුහබ්බය.....ප්‍රභා වරක් කියූ කතාවක් ඇත්ත බව රත්ගමයාට පිලිගැනීමට සිදුවේ...සිoහලයාට දෙයක් මතක හිටින්නේ දවස් 14ක් පමනි..සරත් ෆොන්සේකා හිරබත් කන විට කිරි බත් උයන්නේත්...කරුණා අම්මාන්,පිල්ලෙයාන්,මර්වින් වැන්නවුන් වන්දනාමාන කරන්නේත් දයාසිරිලා...පබාලාට sms ගසන්නේත් එ බැවිනි..අද සරත්ට උනු දෙය හෙට මහින්දට විය හැක..එදාටත් ආතල් ගන්න සක්කිලි හැතිකරේ සිටිය හැක..මක්නිසාද යත්..ඔබ...මා ජීවත් වන්නේ සිරි ලoකාවේ බැවිනි............

24 comments:

  1. ඉතාමත් වැදගත් ලිපියක් රත්ගමයො........... මමත් මෙ කතාව ඉස්කොලෙ යන දවස් වල අහල තියෙනවා..... මෙ කරුණාන්දම නෙද අභිරහස් විදිහට දියෙ ගිලි මැරුනෙ???? අපෙ ජිවිත වලට හොද ආදර්ශයක් දෙන චරිතයක්..... බොහොම ඉතුතියි අපිට ආයෙත් මතක් කරල දුන්නට....

    ReplyDelete
  2. අන්න හරි දිනේශ් අයියා....අන්තිමට මට එක්කෙනෙක් හම්බුනා එයා ගැන අහල තියෙන.....

    ReplyDelete
  3. මමත් දන්නවා බං මේ මනුස්සයා ගැන.. නියම පෝස්ට් එකක්..! ජපනා වගේ ඉතින් අපේ උන්ටත් ඉස්කෝල වල කියලා දෙන්න පුලුවන් නම් හොදා.. ඒ වුනාට අපේ උන්ට කියලා දෙන්නේ වෙන වෙන රටවල ‍මිනිස්සු ගැන නේ..

    ReplyDelete
  4. තිත්ත වුනත් කතාව ඇත්ත....සින්හල අපිට කිසිදෙයක් වැඩිකල් මතක හිටින්නෑ...
    අපෙ අප්පච්චී අපිට පොඩිකාලේ කරුණානන්ද ගැන් කියලාදීලා තියනවා..
    මටත් වෙලාවකට හිතෙනවා මේ සිද්ධවෙන්නෙ මොනවද කියලා...කොහොම වුනත් කරුණලා අපේ පොලිස් නිලධාරින් බුරුතපිටින් මරපු ඒවා අමතක කරලා තව කෙනෙක්ට වෙනස් විදියට සලකන එක වැරදී..ඒත් එයත් කලේ හිත් රිදවන ලොකු වැරැද්දක්(ජෙනරල්).හැමෝටම එකම හැන්දෙන් බෙදනවානම් හොඳයි...
    සාමාන්‍ය ජනතාව මේ දේවල් දිහා මීට වඩා බුද්ධිමත්ව බලනවානම් තවත් හොඳයි.
    ලිපිය හිතට වැදෙනවා අයියා............
    රත්ගමයා නැතුව "රන් ගමයා"කියලා දැම්මනම් ඔයාට හරියට්ම ගැලපෙනවා.

    ReplyDelete
  5. බොහොම ස්තූති ඔක්කොමලටම...
    @ලමයා..පිටරටින් එන ඕන දෙයක් ගෙඩි පිටින් ගන්නෙ ලමයෝ..ඒක අපේ උන්ගේ හැටියක්...
    @ප්‍රාර්තනා..ගොඩක් ස්තූති..ඔයාලගේ අදහස් වලින් තමා මේ හැම දෙයක් ලියන්නම හිතෙන්නේ....ජනරාල්වත්..ජනාදිපතිතුමා වත් අපිට වෙනස් කරන්න බැරි වෙයි..ඒත් අඩුම ගානෙ අපිටවත් වෙනස් වෙන්න පුලුවන් නේ...

    ReplyDelete
  6. maath oya gana liyala tiyanawa. champike.blogspot.com/2008/08/1964.html

    ReplyDelete
  7. රත්ගමයා බොහොම අපූරු මාතෘකා ඔස්සෙ බ්ලොග් එක ලියා ගෙන යනවා... අපුරුයි..සුභ පැතුම්

    ReplyDelete
  8. දේශපාලන ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ...
    ගැනනම් කිසිදාක අමතක වෙන එකක් නෑ

    ReplyDelete
  9. මේ පැත්තේ ආවෙ ඉස් ඉස්සෙල්ලාමයි.මමත් මෙ කතාව අහලා තිබුනා,ආයෙ මතක් කල එක වටිනවා.

    ReplyDelete
  10. කරුණානන්ද සිරා පොරක්නෙ. පැරදුණත් වැඩේ හරියට කරන්න ඕනි.

    ReplyDelete
  11. දැන්න ඕනේ තැනට දෙන්න ඕනෙ ගේම සිරාවටම දෙනවා . එල එල

    ReplyDelete
  12. අද තමා මුලින්ම මේ පැත්තේ ගොඩ වැදුණේ. රත්ගමය කියලා තියෙන කතාවට නම් 100% ක් එකඟයි. මේ රටේ මිනිස්සුන්ගේ හැටි ගැන අනගාරික ධර්මපාලතුමා කීයලා තියෙන කතා මතක් වෙන්නේ මේ වගේ වෙලාවල්වලට තමා

    ReplyDelete
  13. හැමෝටම ගොඩක් ස්තූති......මෙහෙම අදහස් එනකොට ලියන්න ගොඩක් ආස හිතෙනව

    ReplyDelete
  14. රත්ගමයො ඔයා මේක නියමෙට ලියල තියෙනවා. මේ කතාව මගෙ කොළබොක්කටම වැදුනා. කරුණානන්ද නියම පොරක් මචෝ...

    ReplyDelete
  15. බොහොම ස්තූති හැක් සහෝ...ඔබතුමාගෙ බ්ලොග් එකට පින් සිද්ද වෙන්න රත්ගමයත් ගැජට් කෑලී කීපයක් දැම්මා බ්ලොග් එකට

    ReplyDelete
  16. මම අහල තියෙන විදිහට නම් අපේ රටේ ළමයි කරුණාන්ද ගැන නොදන ගත්තට ජපානයේ පාසල් විෂය මාලාවේ එක් පන්තියක මේ ගැන උගන්වනවලු... මම දන්නේ නැහැ හරියටම ඇත්තද කියල. මට කීවේ ජපන් ගිහින් ආව කෙනෙක්. එයා ලංකාවෙන් කීවම ජපන් කෙනා අහල තියෙනව ආහ් කරුණාන්ද ගෙ රටේ නේද කියල... අපේ මනුස්සය උඩ බිම බලල ඒ කවුද කියල... ඔන්න තත්ත්වේ....

    ReplyDelete
  17. ඔව් වත් අක්කේ....ඒ කතාව ඇත්ත......

    ReplyDelete
  18. ඔයගේ කතාව සහතික ඇත්ත.... අපේ එවුන් ඔලුව උඩ තියාගෙන දඟලන්නෙම මෙලෝ වැඩකට නැති එවුන්ව........ඉස්සරහට වත් සිංහල ජාතියේ ආකල්ප වෙනස් කරන්න ලැබුනොත් ලොකු දෙයක්

    ReplyDelete
  19. කරුණානන්දට ඊට පස්සෙ මොකද වුනේ කියන එකත් ලියන්න හුඟක් අය ඒක දන්නෙ නැතුව ඇති

    ReplyDelete
  20. කරුණානන්දට ජපානෙන් ශිෂත්වයක් ලැබිලා එහේ යන්න සතියකට කලින් අබිරහස් විදිහට දියේ ගිලිලා මැරුනා...තාම හරියට කවෘවත් දන්නෙ නෑ මොකද උනේ කියලා

    ReplyDelete
  21. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  22. ලංකාවෙ හුඟක් උන් මේ විදියට තමන්ගෙ කම අමතක කරන අතරෙ තවත් සුලු පිරිසක් රට වෙනුවෙන් පන දෙනවා. ආදරණීය රත්ගමයෝ..... බොහොම ආදරෙන් ඉල්ලනවා හැම වෙලේම "මේක ලංකාවනෙ" කියල අපෙ රටට දොස් කියන්න එපා. අපේ රටෙ ඉන්න කාලකන්නි ටිකක් නිසා මුලු රටටම ඒ බර පටවන්න එපා. රත්ගමයගෙ කතාව නම් 100% ක් ඇත්ත

    ReplyDelete
  23. මචං අපේ පොත්වල තියෙන සංස්කෘතික ඒවා උගන්නන එවුන් හිතාගෙන ඉන්නෙ එව්ව කුනුහරුප කියලා.කියවනකොටත් උගන්නන එවුන්ට හුජ්ජ ගිහිල්ල.අපේ වාහෙලාට දැන් සුනාමියෙන් නැත් වෙච්ච ජාතක කරපු අම්ම අප්ප අමතක එකේ කරුනාරත්න මහත්තයට මොන කතාද බං.ලැජ්ජයි බං ලංකාව කියන්න.

    ReplyDelete
  24. මේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ ළඟදි.
    ජපන් පෙල පොතක ලොකේ විරුවන් ගැන තියන පාඩම පටන් ගන්නේ ලංකාවේ කරුණානන්දගෙන් කියලා මම අහලා තියනවා. ඒ වගෙම එදා තරගයට ඇඳගෙන හිටිය ස්කිනිය පවා කෞතුකගාරයක ප්‍රදර්ශනය කරලා තියනවා කියලා අහලා තියනවා.
    අපේ රටේ කීදෙනෙක් එහෙම කෙනෙක් ගැන අහලා තියනවද කියන එක නම් ලොකු ප්‍රශ්නාර්ථයක්????

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)