Thursday 28 October 2010

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට ඕනම ද?...

සමහර විට මේ ලිපියෙන් පස්සේ ගොඩක් අය රත්ගමය කියවන්න එන එක නවත්තයි..ඒත් මේක ලියන්නම ඕන කියල හිතුනා..ගොඩක් හිතුවා..

ඇත්තටම විශ්ව විද්‍යල සිසුන් යනු කවරහුද?
විශ්ව විද්‍යාල සිසුන් යනු මැරයන්ය..මෝඩ අමනයන්ය..මේ ඇතැම් ඇමතිවරුන් ඔවුන්ව හදුන්වන අන්දමය.රාජ්‍ය මාධ්‍ය ඔවුන්ව නිර්වචනය කරන අන්දමය.ඇත්තටම  ඒක එහෙමද..
එක එක කෙනාට එය එක එක විදිහට පෙනෙනු ඇත.ඇත්තටම ඔවුන් මෝඩද..
මොහොතක් සැබැවින්ම හිතා බලන්න.එතන කිසිවෙකුත් මෝඩ නැත.මොලේ නැති කිසිවෙකුට විශ්ව විද්‍යාලයක් ඇතුලට යා නොහැක..
රටේ සාමාන්‍ය ජනතාව මුලා කරනවා මෙන් ඔවුන්ව මුලා කර නොහැක..එය ජනතා විමුක්ති පෙරමුන,එක්සත් ජාතික පක්ශය මෙන්ම සන්ධනයට ද කල නොහැක.අන්දනවා නම් ඔවුන්ට ඇන්දිය හැක්කෙ සාමාන්‍ය ජනතාවය..බුද්ධිමතා කාගේ හෝ මතයකට යට වීම කිසි විටකත් සිදු නොවේ..එසේ නම් විශ්ව විද්‍යාල සිසුන් එක් පිරිසකගේ උවමනාවකට කඩේ යනවා යැයි මාධය කෑ ගසන්නෙ කුමන පදනමක් යටතේද..,කාගේ උවමනාවක් මතද..
5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙමවුපියන්ගේ විභාගයය..සාමාන්‍ය පෙල ගුරුවරුන් ගේ විභාගය ය..නමුත් උසස් පෙල තමන්ගේ විභාගය ලෙස සිසුන් සලකන්නේ එයින් තම ජීවිතය ගොඩ නැගෙනා බව දන්නා බැවිනි..
උසස් පෙල විභාගයේ තත්වයට ලොව කිසිදු රටක විභාග පවත්වන්නෙ නැත..ඒතරම් අපහසු වූත් සංකීර්න ඌත් විශ‍ය ඉතා තර්කානුකූලව මොලය නැමති ජීවී ඒකකයේ පිලිවලකට තැන්පත් කරගෙන ඉතා අපහසුවෙන් විශ්ව විද්‍යාලයකට යන කොල්ලො කෙල්ලො මෝඩද..ඔය බෙරිහන් දෙන කී දෙනෙක් ව්ශ්ව විද්‍යාලයකට වැස්සට වත් ගොඩවී තිබේ දැයි නොදනිමි.සාමාන්‍ය පෙලවත් සමත් නොවූ ඇමති වරුන් කී දෙනෙක් සිටිනවා දැයි නොදනිමි..ජනතාව චූන් කරන්නෙ ඒ අයය..විශ්ව විද්‍යාල සිසුන් තම මූලික අයිතිවාසිකමක් ඉල්ලා පාරට බහින විට ඔවුන්ට බැටන් පොලු සත්කාර ලබා දීමට අණ දෙන්නේ මේ චූන් කරනා පිරිසය..එම ප්‍රහාර වලට විරුද්ධව කලහකාරී ලෙස සිසුන් හැසිරෙන විට මාධ්‍ය එතනට ගෙන්වා ඒවා වාර්තා කරවන්නේ මොවුන්ය...රටේ මහ ජනතාවට විශ්ව විද්‍යාල සිඩුන් යනු මැරයන් බව අගවන්න සදන්නෙ මේ අයය..නමුත් මහ ජනතාවස හොද මුහුන පෙන්න පෙන්නා මිනී මරන,හොරකම් කරන හා කරන්නට හැකි සියලු කුපාඩි වැඩ කර හිනා වෙවී සිටින්නේද මොවුන්ය..
පෞද්ගලික විශ්ව විද්‍යල විවෘත කරන්නෙ කුමක් නිසාද..කවුරුන් වෙනුවෙන්ද...
අද කතාවෙන හැටියට පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරන්නෙ උසස් පෙල සාමානය ලෙස සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වන සිසුන් සදහායි..එසේම එමගින් පිටරටට යන ලංකාවේ මුදල් එසේ යා නොදී රට තුලම රැක ගන්නවා සේම පිට රට මුදල් ලංකාව තුලට ගෙන්වා ගැනීමට හැකියාව උසස් පෙල එසේ සමත් වී විශ්ව විද්‍යාල  සුදුසකම නොලබන සිසින් මහා ගොඩක් සිටිනු නිසැකය..නමුත් ප්‍රශ්නය වන්නේ එසේ සුදුසුකම් නොලබන පිරිසෙන් කී දෙනෙකුට ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගෙවා ගැනීම තරම් මුදල් තිබේද යන්නයි..මෙය සුපිරි පැලැන්තියට පමනක් සීමා වන්නෙ එබැවිනි..රජය කරන්නෙ දුප්පතාගේ බඩේ ගින්දර යන්තම් හෝ අඩු කර ගැනීමට තිබෙනා පන් ගෙඩියේ මිල වැඩි කර පාන් කන්න එපා හොද නෑ කියා බොරුවට මොර දීමයි..එසේම සුපිරි වාහන වල බදු අඩු කර පාන් වෙනුවට කාර් ගනිල්ලා කියා සීනි බෝල ටෝක් දීමයි..
පෞද්ගලික විශ්ව විද්‍යල ගැන තිබෙන්නේද එම සංකල්පයමය..තිබෙනා විශ්ව විද්‍යාල දියුනු නොකර වෙනත් විශ්ව විද්‍යාල වලට ලංකාව තුලට අඩ ගැසීමෙන් වන්නේ තිබෙනා විශ්ව විද්‍යාල බාල්දු වීම නොවේද..
නිකමට සිතන්න..උසස් පෙල සිසුවෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලාබා ගැනීමට කොපමන වෙහෙසෙනවා ඇතිද..කොපමන රාත්‍රීන් නිදි නැතිව පාඩම් කරනවා ඇතිද..සමහර විට ඔවුන්ගේ දෙමවුපියන් ඒ සිසුවා නිසා කොපමන වෙහෙසෙනවා ඇතිද එසේ මහන්සි වී ඔබ විශ්ව විද්‍යාලයට තේරුනා යැයි සිතන්න..පසු දින රූපවාහිනිය ඉදිරිපිට ඔබ වාඩිවී සිටිනා අවස්තාවක පහත ආකාරයේ දැන්වීමක් ප්‍රචාරය වුවහොත් ඔබට ඇතිවන හැගීම වචනයෙන් විස්තර කරන්නේ කෙසේද..
"ඉන්ජිනේරු උපාධිය රුපියල් xxxxxxxx .අදම ඔබේ උපාධිය සදහා ලියා පදින්චි වන්න"
එහෙම උපාදි කඩ තිබේ නම් අර දුප්පත් අම්මගේ කොල්ලා රෑ එලිවෙනකල් පාඩම් කරේ මොකේ අමාරුවකටද..විශ්ව විද්‍යාල සිසුන් විරුද්ධ වන්නේ එතනදි බව මගේ හැගීමයි..සමහරුන් කියනා ආකාරයට විශ්ව විද්‍යාල සිසුන් මදුරුවෙක් කෑවද පාරට බසී..කලහ කරයි..;පොලීසියට පහර දෙයි...

ඒක ඇත්තද...
මවකගෙන් කිරි බොන කුඩා බිලිදෙක් ගැන සිතන්න.මව කිරිදීම නතර කර විට හඩන්නට පටන් ගනී...ඒත් දුන්නෙ නැති නම් මවට පයින් පාරක් දෙනු ඔබ දැක නැතිද........
විශ්ව විද්‍යාල සිසුන් අතින් සිදුවන්නේත් එයයි...තම ඉල්ලීම් සදහා ඔවුන් පාරට බසී..සිසුන් පවසන්නෙ කුමක්ද? "අපි වග කිව යුතු අය දැනුවත් කරා..ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ..බැරිම තැන තමයි අපි මේ පාරට බැස්සෙ"
කල යුතු දෙය නොකර පැලැස්තර දමා මෙමෙ ප්‍රශ්නය විසදිය නොහැක....
පලමුව අඩුම ගනනේ තිබෙනා විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩිකල යුතුය..ඉන් පසුව අලුතින් විශ්ව විද්‍යාල කිහිපයක් ඉදිකර ඒවාට තවත් සිසුන් බදවා ගැනීමට ක්‍රම සකස් කල යුතුය..
එසේ නොමැතිව ගෙඩි පිටින් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කල හොත් රජයේ විශ්ව විද්‍යාල වලට තිබෙනා පිලිගැනීම නැත්තටම නැතිවනු ඇත..
    උසස් පෙල විභාගයක් අවශ්‍ය නොවනු ඇත...අනාගතයේ දී.....ඔබට සල්ලි ගෙවන්න....උපාධිය අපෙන් යන පුවරු නිතර නිතර දැක ගත හැක....

(මෙය මාගේ මතයයි..ඔබට විරුද්ධ මත තිබෙන්නට හැක...සංවාදයට විවෘතයි )

37 comments:

  1. රත්ගමයා මල්ලියෙ... මම ප්‍රතිපත්තියක් වශයෙන් දෙශපාලනය ගැන කතා කරන්නෙ නැහැ... එ නිසා මගෙ ක්මෙන්ට් එකටත් දෙශපාලන යොදා ගැනිමෙන් මම වලකිනවා.... විශ්ව විද්‍යාල ප්‍රශ්නය දැන් අපෙ රටෙ තිබුන යුද්ධය තරමටම උඩු දුවන ප්‍රශ්නයක් වෙලා කියන එක පෙනවා.... ඇත්තටම මෙ කොල්ලො කෙල්ලො වෙනුවෙන් සාදාරණයක් ඉටු වෙන්න ඔන.... හැබැයි එක ඇත්තටම වෙවිද කියල නම් හිතන්න අමාරුයි..... අපි උපෙක්ශාවෙන් බලා ඉමු කොයි විදිහෙ විසදුම් මෙ විශ්ව විද්‍යාල ප්‍රශ්නයට ලැබෙයිද කියලා...

    ReplyDelete
  2. @රත්ගමයා සහෝ.. මම දේශපාලනේ ගැන මෙලෝ හසර්ක් දන්නෑ... ඒ වගේම මම ඔතනදී දරන අදහස ඔයාට සපුරාම වෙනස්. ඒත් එකක් කිව යුතුයි.. 88,89න් පස්සේ තරුණ පිබිදීමක් තාම වෙලා නෑ.. ඒත් දැන් යන විදිහට හැම විශ්වවිද්‍යාලයකම ගැටළු.. කවුරුහරි ඇති කරපු අමන වැඩක් නිසා අන්තිමට ආයෙත් තරුණ ජීවිත දහස්ගණනක් විනාශ වෙයිද කියන එකයි මට බය.. ඔය මොන talks උනත් අන්තිමට ඇදෙන්නේ එකම පැත්තකට..

    ReplyDelete
  3. මචන්,
    අපේ විශ්වවිද්යාල තුල ඉන්නෙ බහුතරය උගත්තු මිසක් බුද්ධිමත්තු නෙවෙයි..
    ඒ ජාතියව කඩේ යවන එක බොහොම පහසුයි.

    ReplyDelete
  4. විශ්ව විද්‍යාලයේ සිටින්නේ නුවන තියෙන අයනම්, නවකවදය තවමත් තියෙන්නේ ඇයි? දැන් කියාවි ඒවා සමාජ ශීලි කරන්න, අනිත් අය සමග සුහදතාවය වර්ධනය කරන්න තමා කරන්නනේ කියලා. හරි ඒක එහෙමයි කියමුකෝ? ඒකට ඇයි ප්‍රාථමික ක්‍රම අනුගමනය කරන්නේ? මීට වඩා ලෙහෙසි ක්‍රමයක් හිතන්න තරම්වත් බුද්ධියක් නැති නිසාද? නැත්තන් සමාජයේ අනිකුත් බහුතරය මෙන්ම රැල්ලට ගසාගෙන යන පිරිසක් නිසා නොවේද?

    කිසිම දිනෙක පෞද්ගලික අංශයේ රැකියා හැකියාවක් නැති උපාධිදාරීන්ට හිමි නොවේ, හිමිවූවත් වැඩි කලක් ඔවුන්ට එවායේ රැඳි සිටිය නොහැක. එක වසරේ සිට රජයේ වියදමින්(ජනතාවගේ බදු සල්ලි) ඉගනගෙන පසුව විශ්ව විද්‍යාලයට ගිහින් මහපොලත් අරගෙන. එලියට ඇවිත් රස්සාව දෙන්න කියලා රජයටම කියනවා. බැරිවුනොත් රජයේ දේපලම කඩා බිඳ දානව. තවත් සමහරක් අය රට අත හැර පිටරටකට යනවා.(ඒ අය වෙනුවෙන් රජය වියදම් කරපු මුළු මුදලම රටට අහිමිවෙනව) මේ උගත් සරණාගතයන් රටට කොච්චර හිසරදයක්ද?

    ReplyDelete
  5. මට හිතෙන විදිහට ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබීමේ වරදක් නෑ . නමුත් ඒවායේ ඉගනගන්න සිසුන් මුහුන දිය යුතු විභාහග රජයේ විශ්ව විද්‍යාලයක සිසුන් මුහුන දෙන විභාහගයම විය යුතුයි . ඒ විභාගය සමත් වීමට ඔවුන්ට පුලුවන්නම් . ඔවුන් දැනුමින් සම්පූර්නයි . ඔවුන්ගේ බුද්ධිමට්ටම ගැන සැකයක් එවිට පැන නගින්නේ නෑ . මුදල් වියදම් කර හෝ යමෙකු බුද්ධිමතෙක් වෙනවානම් එහි වරදක් තිබේද ? . ලකුනු කිහිපයක් මදිවීම නිසා විශ්ව විද්‍යාල වරම් නොලද සිසුන් කීයක් දෙනා ඉන්නවාද ? ඔවුන්ට තමන්ගේ ඉලක්කය කරා යාමට මෙමගින් අවස්ථාව හිමිවනවා නේද ?

    අනිවාරයයෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉගනගන්න සිසුන් මුහුන දිය යුතු පරීක්‍ෂන රජයේ විශ්ව විද්‍යාලයක සිසුන් මුහුන දෙන පරීක්‍ෂන වියයුතුමයි !! පරීක්‍ෂනයන්ට පෙනීසිටිය යුත්තේද රජයේ විභාහග පරීක්‍ෂක වරුන්ගේ අධීක්‍ෂනය යටතේමයි ! එලෙස සිදුවේනම් . ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබීමේ කිසිදු වරදක් නෑ.

    මේ තමයි මගේ මතය දෙශපාලනය මම ගාවගෙනවත් නෑ

    ජයවේවා !!

    ReplyDelete
  6. @dinesh මටත් හිතෙනව අයියා..මම මෙහෙම ලිව්වා කියල..අනිත් අය කොමෙන්ට් කරා කියල වෙන දේවල් වෙනස් කරන්න අපිට බෑ...

    @ප්‍රාර්තනා...සහතික ඇත්ත....100%ක් එකගයි........89/90 අමතක වෙන්නෙ නෑ..අපේ ගෙවල් වල කට්ටියට

    @grey ":අපේ විශ්වවිද්යාල තුල ඉන්නෙ බහුතරය උගත්තු මිසක් බුද්ධිමත්තු නෙවෙයි..
    ඒ ජාතියව කඩේ යවන එක බොහොම පහසුයි "
    90%ක් එකග නෑ.....එහෙනම් සහෝ..ඊට වඩා ලේසියෙන් අපි උඹලව නොමග යවන්න පුලුවන්..මොක්ද අපේ දැනුම උන්ට සාපේක්ශව අල්ප නිසා

    ReplyDelete
  7. වි.වි. සිසුන් කඩේ යවන්න හරිම ලේසියි. මොකද සාදාරණව හිතන්න පුලුවන් තරමට බුද්ධියක් තියෙන අතලොස්සයි ඉන්නේ බොහොමයක් කඩේ යනවා. යවන්නත් පුලුවන්. මම තාමත් වි. වි. ඇතුලේ ඉන්න නිසා වගකීමෙන් මේක කියන්නේ.

    ReplyDelete
  8. @ දසුන් සමීර වීරසිංහ ඔබ කතා කරන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන නෙමේ සහෝ...හිතන්න..ඔය පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න එකෙක් ලංකාවේ ඉදීද.......80%කට වඩා රට යනවා..මොක්ද අපේ රටේ උන්ව ගන්න පිට රට උන් බලන් ඉන්නේ.....

    හිස් අහස.. අන්න නියමයි අයියා..නියම අදහස...කිසිදු වරදක් නෑ..ඒත් අයියා අපේ එව්වා දියුනු කරන්න ඕන..නැතිනම් අපේ එව්වා පහත් වෙනවා..තරගෙට මුහුන දෙන්න බැරි වෙනවා..අයියා කියපු ක්‍රමේ නම් සාධාරනයි...ඒත් දැන් සමහර එව්වට සාමාන‍ය පෙල ප්‍රතිඵල වත් ඕන නෑ නේ

    ReplyDelete
  9. @ර ත් ග ම යා
    තමං ගේ සල්ලි වලිං ඉගනගෙන රට යන එකා,
    රටේ ජනතාවගේ සල්ලි වලින් පිනට ඉගන ගෙන යන එකා
    කොයිකා ද වැරදි එකා?

    ReplyDelete
  10. @ දසුන් සමීර වීරසිංහ...ඇත්ත...සල්ලි තියෙනව නම් ඕනම මෝඩයෙකුට උපාධියක් ගන්න පුලුවන්..අරගෙන ඕන රටකට යන්න පුලුවන්..හැබැයි අහිංසක අම්මා තාත්තා දුක් විදලා සොච්චම සොච්චම එකතුකරලා මහා බලාපොරොත්තු ගොඩක් එකතුකරලා නොමිලේ විශ්ව විද්‍යාලයකට ඇතුල් කරන එකාට එහෙම බෑ....හැබයි ඌට වඩා දැනුම අඩු..සල්ලි තියෙන එකා ඕන කුනුහබ්බයක් කරලා යනව නම් ඒක හරි.....

    ReplyDelete
  11. හිස් අහස උඹ හරියට හරි.සමහර උන් මහපොල අරන් එකෙන් බඩු ගහනවා. හෑබෑයී රජයේ එකක තියෙන අතල් life එක අරවයෙ නෑ.

    ReplyDelete
  12. සල්ලි තියෙනව නම් ඕනම මෝඩයෙකුට උපාධියක් ගන්න පුලුවන් කියන එක හැම තැනටම හරියන්නෙ නැ.

    ReplyDelete
  13. ර ත් ග ම යා උඹ දකින්නෙ එක පෑත්තක් විතර‍යි.

    ReplyDelete
  14. රත්ගමයා
    අවසන බළලා මල්ලෙන් එළියට! ඕකට සිංහලෙන් කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා. අනික මහපොලවේ ජීවත් වෙලා ඉන්න ඕන අයෙක්ට තේරෙනව උපාදි තිබ්බට හැකියාව නැති එකාට රැකියා ලැබෙන්නැති බව. ඔබ කලින් කීව වගේ ඔබේ දැනුම උන්ට සාපේක්ශව අල්ප නිසා මෙහෙම හිතෙනව ඇති..

    ReplyDelete
  15. dasun හික්...ඔබ මගේ දැනුම ගැන දන්නා තරම් සහෝ........ඔබට ලැබෙන්න තියෙන දෙයක් ඔබට වඩා අඩු සුදුසුකම් තියෙන කෙනෙකුට ලැබුනොත් ඔබ නිකමෙක් වගේ බලන් ඉන්නවද

    ReplyDelete
  16. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල තියනවානම් ඒවාට සිසුන් බදවාගන්න ඕනේ z score එක මත පදන්ම්ව විතරයි.නැතුව විශ්ව විද්‍යාල උපාධිය පාන් ගෙඩියක් වගේ සල්ලි දීලා ගන්න දෙන්න බෑ.SLIIT වගේ ආයතන දැනට A/L all F තියන සිසුන් පවා ඉංජිනේරැ පාඨමාලා සදහා සම්බන්ධ කරගන්නවා.මේවා නවතින්න ඕනේ.එහෙම නැත්නම් ලංකාවට පෞද්ගලික විශ්ව ව්ද්‍යාල එපා එපා එපාම තමා ඕං

    ReplyDelete
  17. @Lahiru ගොඩක් හොද අදහසක් සහෝ..එකගයි 100%ක්

    ReplyDelete
  18. රත්ගමයා,
    ඔබ තවමත් ලංකාවේ රැකියා වෙළඳ පොල ගැන දැනුමක් නැති නිසා සමාවක් දිය හැක. ඔය කියන ආකාරයේ දේවල් පෞද්ගලික අංශයේ වෙනවානම් ඉතාමත් සුළු වශයෙන්. රජයේ ආයතන ගැන මම කතා කරන්න යන්නෑ. :D අනික ඔය කියන තරම් බුද්ධියක් තියෙනවනම් ඒ අයට නව ව්‍යාපරයක් වත් අරඹන්න බැරි ඇයි? මට අවුරුදු 20ක් වන විට රු 18000ක ප්‍රාග්ධනයක් සමග ව්‍යාපාරයක් ඇරඹුවේ උපාදි අතේ තියන් නෙමෙයි. අනික පුද්ගලික විශව විද්‍යාල වල උපාදියේ ප්‍රමිතිය අඩුනම් කොහොමටවත් එවැනි උපාදින් ගැන රටේ පිලි ගැනීමක් ඇතිවෙන්නේ නෑ. පිට රටක යන්න එහෙම ලේසි නෑ. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීම් තියෙනවා. එ අනුව අඩු තත්වයේ උපාදි දෙන විශ්විද්‍යාල වලින් ලැබෙන උපාදිය කොලයක් විතරයි බොහෝ වෙලාවට.

    මම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කඩේ යනව කියල හිතන්න එපා. රාජ්‍ය පෞද්ගලික විශ්ව විද්‍යාල පැවැත්වීමේදී රාජ්‍ය විශ්ව විද්‍යාල වල තත්වය ඉහල මට්ටමක පවත්වා ගැනීම අත්‍යාවශය යි. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට පවා මුදල් ගෙවා සිසුන් ඇතුලත් කිරීමේ පහසුකම ලබාදෙනවනම් මම පුද්ලිකව කැමතියි. (නොමිලේ තෝරාගන්න පිරිසට අමතරව)එවිට මුදල් නැති ශිෂයන් හට මූල්‍ය ආයතන ණය ලභාගත හැකියි. රැකියා කරන විට ඒවා නැවත ගෙවීමේ හෝ එම ආයතනයට ඉගන ගත් පසු සේවය කරන බවට බැඳි සිටීම වගේ දේවල් මේවට ඇතුලත්වෙනවා. ලෝ‍කයේ බොහෝ රටවල මෙවැනි ක්‍රම කියාත්මක වෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බය වෙන්න දෙයක් නෑ. වැඩ පුලුවන් එකාට කොහේ ගියත් තැන තියෙනව නැති එකා හැමදා එක තැන. අව්වට වැස්සට විතරක් නෙමෙයි හැම දේකම වැරදි කියලා තමංගේ නොහැකියාව වහගන්න උත්සාහ කරනව.

    ReplyDelete
  19. අයියා..ඒ අය නව ව්‍යාපාර අරඹන්න ඕන කමක් තියෙනව නම් විශ්ව විද්‍යාල වලට යන්න ඕන කමක් නෑ නේද....මගේ ආදරණීය ඉස්කෝලෙ ආදි ශිෂයෙක් උන කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය හදුන්වා දීපු එකේ තේරුම...හැම සිසුවෙක්ටම සමාන අවස්තාවක් ඉගෙන ගන්න ලබා දෙන්න නේද........හැම දේම විකුනලා විකුනලා..දැන් අන්තිමට ශිල්පයත් විකුනන්න යන්නෙ..ඒක දැනටමත් විකිනෙනවා.....ඒත් දැන් විකුනන්නම දාලා

    ReplyDelete
  20. මචං පලවෙනි කාරණෙ මම උඹෙ ටොපික් එකට අදාලව තාම හරියට තීරණයක් ගන්න බැරුව ඉන්නෙ ...මොකො ඒ තරමට අද තමන්ගෙ මතෙ හරි කියල දෙගොල්ලම හොද තෙල් පාරක් ගහනව ශිෂ‍යන්ට..මෙතෙන්දි ඒ වැඩෙ හොදට හුරු පුරුදු දේශපාලනය මත පදනම් වූ ශිෂය සංගම් මැදි වියේ ඉන්න S.B ට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නව.පැහැදිලිවම ඔය දෙපාර්ශවයම මට නං පිලිකුල් සහගතයි. ..හැමොම හදන්නෙ අපිව ඉත්තෙක් කරගන්න එයාලගෙ මතය එලියට ගෙනියන්න පටු අරමුනු සාක්සාත් කරගන්න,බහුතරයක් ශිෂයො බුද්ධිමත් බව මම පිලිගන්නව..නමුත් මේ එන ප්‍රවාහ හරිම ප්‍රබලයි ඒවත් එක්ක ඇදිල ගිහින් තමන්ගෙ ඔළු ගෙඩි brain wash වීමෙ අවදානෙමෙන් වලක්වා ගන්න එක තමයි මෙතන් තියෙන අමාරුම කාරණෙ..

    ඔතන මෙහෙම සීන් එකක් තියෙයි ඔය ඔක්කොටම අයත් නොවන තව සුළුතරයක් අද ඉන්නව කැම්පස් ඇතුලෙ හොමොන හොඳට වැඩ කරන කාලෙ හින්දයි අනික ඉස්කොලෙ කාලෙ කැම්පස් එන්න මැරුන හින්ද ආතල් එකක් ගන්න පොරක් වෙන්න බැරු වුන හින්දයි අම්මල තාත්තලට සල්ලි තියෙන හින්දයි මේ ප්‍රශ්න තමන්ගෙ පොරක් වීමෙ සාධකය ශක්තිමත් වෙන්න යොදාගන්න හිතාගෙන අරගල වලට දායක වෙලා තමන්ගෙ වටෙ ඉන්න අහින්සකයො ටිකත් එකට ඇදල අරගෙන අන්තිමට තමන්ගෙ ආතල් එක ඇරගෙන කෙල වී ගෙන එන කොට මාරු වෙන..

    ReplyDelete
  21. ප්‍රථමයෙන්ම මේ වගේ මාතෘකාවක් බය නැතිව සංවාදරයට ගත්ත රත්ගමය ට මගේ ප්‍රණාමය.

    දෙවනුව මෙතන ඉන්න කී දෙනෙක් විශ්ව විද්‍යාල ගිහින් තියද කියල මම දන්නේ නැහැ. ඒවගේම මෙතන ඉන්න කීදෙනෙක්ට පුද්ගලික විශ්ව විදඨාලයකට ගිහින් වියදම් කරන්න තරම් සල්ලි තියෙන පවුල් වල අයද කියල මම දන්නෙත් නැහැ.

    ඇත්තම කියනව නම් විශ්ව විධයාල වල ගැටුම් ඇති කරන ශිෂ්‍යයන්ගෙන් බහු තරය දුප්පත් පවුල් වල ළමයි නෙමෙයි. ටිකක් අතට පයට සල්ලි තියෙන ළමයි. නැත්තම් අවුරුදු ගණන් රස්තියාදු වෙලා අන්තිමට උපාධියත් නැතිව එළියට බහින්නෙ නැහැ.

    අපි වගේ ම්‍ධ්‍යම ප්‍රාන්තික පවුල් වල ළමයි බලන්නේ ඇතුලට ගිය දවසෙ ඉදල කවදද මේක ඉවර කරල එළියට පැන ගන්නේ කියල මිසක් යුද්ධ කරන්න නෙමෙයි.

    කොහොම වුනත් මැති ඇමති වරුන්ගේ සහ සල්ලිකාරයන්ගේ ළමයිත් ඉගෙන ගනීවී. දුප්පත් පවුල් වල ළමයිත් ඉගෙන ගනිවී අන්තිමට වෙන්නේ සල්ලි වලට ගත්ත උපාධියට ඉල්ලුම වැඩි වෙලා නිකම්ම නිකම් පිනට ගත්ත උපාධිය බලු වෙනවා....

    මගේ දරුවන් ඉගෙන ගනීවිද නැද්ද කියල මම දන්නේ නැහැ. ඒත් පුද්ගලික විශ්ව විද්‍යාලයකට දාගන්න දැම්ම තියන් සල්ලි ටිකක් එකතු කර ගන්න වෙයි වගේ‍‍‍.........

    රත්ගමයා ළමයා ස්තූථියි...

    ReplyDelete
  22. නව ව්‍යාපාර අරඹන්න ඕන කියල මම කිව්වේ නෑ. හඳෙන් කිරි ඉල්ලනවට වඩා කෙරෙන දෙයක් කරන්න පුලුවන් වෙන්න ඕන ඔය කියන විදයේ බුද්දියක් තියෙනවනම්. නිදහස් අධ්‍යාපනය ගැන කවර කතාද? එයින් ප්‍රයෝජයන ලබනව විනා එයට යමක් කරන්නට තරම් කල ගුණ නුගත් අමනයෝ ඉන්න රටක? මහපොල ලැබූ අයගෙන් කීදෙනෙක් එම අරමුලද නගා සිටවන්න දායක වෙනද? අයිතිවාසිකම් විතරයි. සල්ලි දීලා හරි අනිත් අය ඉගන ගන්න එකට ඉරිසියා කරන්න එපා. පවතින අධ්‍යාපන ක්‍රමයෙන් එලියට එන්නේ එක කොටසක පිරිසක් විතරයි. උදාහරණයක් ලෙස ලංකාවේ බොහේමයක් විභාග මතකය මත යැපෙන ඒවා. ඒත් සමහර විභහග තියෙනව පොත් වුනත් අරං යන්න පුලුවන්. අනිත් අයට ඉරිසායා නොකර තමංගේ වැඩ හරියට කරන කෙනාට දියුණු වෙන්න බාදාවක් නෑ.

    ප.ලි. මම විශ්ව විද්‍යාලයට වරම් ලැබ එහි නොගිය අයෙක් වෙමි

    ReplyDelete
  23. malli...campus yanna therena okkoma aya buddimathun nevi...hungak welaawata e aya paadam karana kalaawa hariyata practice karapu waasanaawanthayo...Mora uni ekn pass out wunu kenek widiyata me kiyanne, campus athule politics karana hamoma ehema karanne bohoma commercial paramaartha thiyaa gena...mobile ekak ganna,beela jolly karanna, pora wenna, anthimedi honda job ekak set karaganna [politics connection] harahaaa.....onna owa thama e ayage heena..
    mama hithana widiyata, private campus enna one....eka sure. ethakota lankaawe 2% thiyena campus entrance quota eka adu gaane 4% wath wela , wadi graduates la pirisak bihiwei...gewala hari nogewa hari igena gaththu wadakaarayo trade wala ithiri wei....

    ReplyDelete
  24. සියල්ල ආණ්ඩුවෙන් කාලා ඉන් පසුව පාදඩ නවක් වදයත් දී, කාපු ඒවා දිරවන්නට බංකොලොත් දේශපාලකයන්ට පෝස්ටර අලවන සරසවි සිසු මේනියාව නැති කරන්නට නම් පෞද්ගලීක සරසවි තිබිය යුතුමය.
    මාගේ මතය නම් සරසවි සිසුන් පෞද්ගලීක සරසවි ඇති කිරීමට විරුද්ධ වන්නේ හුදෙක් බඩ නිසා බවය!මේ පිළිබඳව නොකියවෙන කථාව වන්නේ ආන්ඩුවේ සරසවි වලින් පිටවන උපාධිධාරින්ටවත් හරි හැටි රස්සා සැපයීමට රජයට නොහැකිව තිබියදී සහතික වශයෙන්ම ගුණානාත්මක භාවයෙන් උසස් උපාධි පෞද්ගලීක සරසවි වලින් දීම නිසා තමන්ට රස්සාවක් කර ගැනීමේ අවස්ථාව ඇහිරීයන බවය.!! නමුත් මේ අය විසින් අමතක කල කරුන නම් උගත් ජාතියක් බිහිවීම හා බඩ රැකීම යනු 02 ක් බවය.!!!
    සියළුම ජන කොටස් වලට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි නොකර තේරුමක් නැති බහුබූත තර්ක ඉදිරි පත් නොකර සිටියා නම් ජනතාවගේ පැත්තෙන් හොඳය.!!!!

    janatha puthra

    ReplyDelete
  25. මචන්,
    "90%ක් එකග නෑ.....එහෙනම් සහෝ..ඊට වඩා ලේසියෙන් අපි උඹලව නොමග යවන්න පුලුවන්..මොක්ද අපේ දැනුම උන්ට සාපේක්ශව අල්ප නිසා "

    මචන් පොත පත කියවලා වගේම සමාජයෙනුත් දැනුම එනවා.. උගතට තීය්න්නේ පොතේ දැනිම විතරයි.. බුද්ධිමතාට ඔය දෙකෙන්ම දැනුම එනවා.

    අනික ඉගෙන ගන්න දක්ශ එකාට ආන්ඩුවෙන් නිකන් ඉගෙන ගන්න හම්බෙන එකේ.. එච්චර දක්ශ නැති එකාට සල්ලි ගෙවලවත් ඉගෙන ගන්න තියෙන අවස්තාවක් නැති කරන්න හදන්නේ මචන් තියෙන කුහක කමට.
    පොඩ්ඩක් බලපන් ප්‍රශ්නේක එක පැත්තක් විතරක් නෙවෙයි කිසිපයක් තියෙන්න පුලුවන්.

    ReplyDelete
  26. රත්ගමයෝ කලින් මගෙ අදහස කියන්ට හිටියත් හරියට වෙලාවක් සැට් වුනේ නෑ... ඒකයි ඕං පරක්කු වුනේ හරිය... නැතුව උඹ උඩින්ම කියල තියෙනවා වගෙ උඹේ අදහස් වලට කැමති නැතුව මේක කියවන එක නවත්තලා හෙම නෙවෙයි ඕං... උඹ ඔය උඩින් දාලා තියෙන ප්‍රශ්නෙට මගෙ උත්තරයනම් සරලවම "ඔව්" කියන එක තමයි මචං... හේතු ගොඩක් තියෙනව මම ඔය දේට කැමති වෙන... කැමතිනම් මම එකින් එක පැහැදිලි කරන්නම්... හැබැයි මේ වෙලාවේ ඔය ප්‍රශ්නෙ ඇදිල එන්නේ තනිකරම දේශපාලනමය කාරණාවක් හින්දා කියල තමයි මට පෙනෙන්නේ...

    ReplyDelete
  27. දසුන් සමීර හා එකඟවෙමි.

    රත්ගමයෝ... මම මුලින්ම කලේ බයො ඒම මම හොඩටම ඇන ගත්ත පස්සෙ මම මාස 6න් කලා කරල ඉතාම හොද ප්‍රතිපල අරගෙන විශ්ව විද්යාලයට තේරුනා. නමුත් අපේ තාත්තට එන්ගලන්තෙට එන්න උන නිසා අපි පවුලම මෙහෙ අවිල්ල මම මෙහෙ යුනිවර්සිටි එකකට අතුල් උනා. අපෙ තාත්ත නැවත ලන්කාවට ගියත් මට ඉන්න උනා. ඕනිම මෝඩයෙකුට මෙහෙ උපධි ගන්න බෑ රත්ගමයෝ. මෙහෙත් විභාග තයනව. මම මෙහෙ කරන්නෙ නීතිය. නමුත් මට ලන්කාවට අවිත් නඩු අහන්න බෑ. මම අනිවාර්යයෙන් ලන්කා නීති විද්යාලයේ විභාග සියල්ල කලයුතුයි.
    මෙඩිකො කෙනෙක්ටත් ඒක පොදුයි.සල්ලි තිබුන කියල විභග පාස් කරන්න බෑ. මෙහෙ තියන උපාධි සහතිකය ප්‍රමිතියෙන් තොරයි කියන්න බෑ. එහෙනම් ඒ සහතිකයට හොද ඉල්ලුමක් එන්න විදිහක් නෑ නෙද. මගේ නම් අදහස පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවිය යුතුයි. එතකොට ඔය උඩපනින දොස්තරලගෙත් ගනන් අඩුවෙයි. ඒක කාලෝ ෆොන්සේකා මහතාගේත් මතයක්.

    ReplyDelete
  28. ආණ්ඩුව පුදගලික විශ්ව විද්‍යාල පටන් ගන්න යන්නේ මේ රටේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙන ගාන වැඩි කර ගන්න නම් නෙමේ.සාක්කුවට වැටෙන සල්ලි කුට්ටිය ගැන හිතලා.ලංකාවේ පුද්ගලික අංශ වලට දුන්න ගොඩක් ඒවට මොකද වුනේ කියලා ලංකවේ හිටපු අයනම් දන්නවා.පුද්ගලික විශ්ව විද්‍යල තියෙන ගොඩක් රටවල රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ලොකු මුදලක් අය වැයෙන් වෙන් කරනවා.අපේ දෙන්නේ 2% යි.ඇත්තටම නියම ලිපියක් 100%ක් එකඟයි.

    ReplyDelete
  29. ඔබ ඔය කියන විදිහට මිල ගනන් කියලා උපාධි විකුනන්න බැහැ .එහෙම විකුණන්න උපාධියක් කියන්නේ අල ලූණු නෙවෙයිනෙ.
    ලංකාවෙ විතරයි මෙහෙම පිනට උපාධි දෙන්නේ ඒ නිසා ඒක තමන්ට ලැබුන වරප්‍රසාදයක් පමණක් කියන එක මතක තියා ගත යුතු වෙනවා නැතුව වෙන එකෙක් සල්ලිවලට ඉගෙන ගෙන මට වඩා ඉහලට යයි කියල ඊර්ෂ්‍යා කරල වැඩක් නැහැ

    ReplyDelete
  30. මට හිතෙන හැටියට
    මේ ගැන ලියපු පලියට
    සමාවී මාහට
    තවත් සැරයක් බලනු හෙමිහිට
    http://wihagageethaya.blogspot.com/2010/10/blog-post_23.html

    ReplyDelete
  31. http://ranarala.blogspot.com/

    මෙන්න බලාගෙන යනකොට දැකපු තවත් දෙයක්. ​බොරුකාරයන්ටත් හොද කලක් යාවි නේද?

    ReplyDelete
  32. මුලින්ම කියන්න ඔන මම එච්චර බ්ලොග් කියවන මනුස්සයෙක් නම් නෙවේ කියන එක. ඒ වගෙම රත්ගමයාට බොහොම ස්තුති මෙව්ව කතා බහට ලක් කිරීම ගැන.

    මේ සරසවි ප්‍රශ්න මෑතකදි කරලියට එන්නෙ පී.එම්.සී හෙවත් පෞද්ගලික වි.වි. ලංකාවට ගෙන ඒමත් එක්කම.මෙව්ව කලින් නොතිබුනාත් නොවෙයි.මමත් දැනට සරසවි අධ්‍යාපනය හදාරනව.
    අපි අද රූපවාහිනියෙ දකින්නෙ, අපිට පෙන්නන්නෙ මොනවද?
    සරසවි සිසුන් පොලිසියට ගහනව! තුවාල වුනු පොලිස් නිලධාරින් ලෙඩ ඇදේ ඉදන් කොල්ලො කෙල්ලො ගහපු හැටි කියනව! ඊටත් පස්සෙ පාරෙ ඉන්න හිගන්නොන්ගෙනුයි, නාට්ටාමින්ගෙනුයි අහනව මොකද්ද මේ සරසවි සිසුන්ට වෙලා තියෙන්නෙ කියල!

    රටේ මහජනතාව සහ කමෙන්ට් කොරන උදවිය දැන ගතයුතු එක දෙයක් තියනව, දැනට සරසවිය තුල ඉන්න මට හෝ අනිත් කොල්ලො කෙල්ලොන්ට පී.එම්.සී වලින් බලපෑමක් නැති වග.මොකද අපි වි.වි ට ගිහිල්ල ඉවරයි.පී.එම්.සී වලින් එලියට එන අය ෆීල්ඩ් එකෙදිත් අපිට ජුන්නොම තමයි."කුහකකම" කියන එක තියනව නම් මේ කොල්ලො කෙල්ලො කල යුත්තෙ ඇග බේරගෙන තමන්ගෙ වැඩේ කරගෙන එලියට එන එක නෙද? එහෙනම් අහවල් එකකටද මුන් ගුටි කෙල ගන්නෙ?

    කියන්නොන සරසවි ශිශ්‍යයො කියන්නෙ බුධ්ධිමත් පිරිසක් බව (බහුතරයක්). මම ඵ් ගැන වැඩිපුර තර්ක කරන්න යන්නෙ නෑ. ඔය නිසාම තමයි උන්ට රටේ උසස් අධ්‍යාපනයට වෙන වින්නැහිය බලන් ඉන්න බැරුව පාරට බහින්නෙ. එහෙම නැතුව තවත් කොල්ලෙක්ට කෙල්ලෙක්ට අවස්තාවක් ලැබෙන එකේ ඉරිසියවට,කුහක කමට නොවෙන බව රටේ මහ ජනතාවටත් මෙතන කමෙන්ට් කරන සමහරුන්ටත් නොතෙරිම ගැන තියෙන්නෙ ලොකු කණගාටුවක්.

    මෙතනදි ගොඩක් අය ගේන තර්කෙ තමයි, සල්ලි තියෙන උන් කොහොමත් රට ගිහිල්ල ඩිග්‍රිය අරන් එන එකේ අපේ රටෙත් එකක් දැම්මනම් ඵ් සල්ලි පිට යන එක නවතිනව නේද කියන එක. ඇත්ත සල්ලි ටිකක් නම් ඉතුරු වෙයි. හැබයි ඔබල දන්නවද ඔය වැඩෙන් රජයේ වි.වි වලට කෙල වෙන බව. මේ කාරණාව ගොඩක් අය දන්නෙ නෑ.හේතුව මේකයි. දෑනටමත් කොලඹ වෛද්‍ය පීඨයෙ ලෙක්චරර්ස්ල කීපදෙනෙක් සල්ලි වලට මාලඹේට ඇදිල ගිහිල්ල කියල දන්නවද? තව තවත් ඉදිරියට යාමෙදී රජයෙ වි.වි වලට ආචාර්ය වරුන්ගේ හිගයක් ඇතිනොවෙවිද? පෞ.වි.වි වලට කැමති උදවියට සහතික වෙන්න පුලුවන්ද මේ වගෙ දේවල් ඉදිරියට නොවෙවි කියල.

    ReplyDelete
  33. මුලින්ම කියන්න ඔන මම එච්චර බ්ලොග් කියවන මනුස්සයෙක් නම් නෙවේ කියන එක. ඒ වගෙම රත්ගමයාට බොහොම ස්තුති මෙව්ව කතා බහට ලක් කිරීම ගැන.

    මේකෙ තව ගොඩක් පැති තියෙනව.
    උදාහරණයක් විදියට ගාල්ලෙන් වෛද්‍ය පීඨ වලට වසරකට 70ක් 80ක් යනවනෙ. හරි.අපිට කියන්න පුලුවන්ද 81 වෙනියට හෝ 82 වෙනියට ඔය කියන වි.වි වලට අතුල්වෙන්න තරම් මුදලක් තියේද කියල. අන්තිමේදි වෙන්නෙ උන්ට යන එන මං නැති වෙන එකයි.
    එක වෛද්‍ය වරයෙක්ට සිටිය යුතු රොගීන් ගාන අනුව ගනන් හැදුවම ලංකාවට අවශ්‍ය වෛද්‍යවරු 22000 ක් විතර. දැනට 14000ක් විතර ඉන්නව.ඉදිරි වසර කීපය තුල ඉතිරි උදවියත් රජයේ වි.වි වලින් පිටවෙනව.එහෙව් එකේ මේ වැඩෙන් වෙන්නෙ මතුවට මහන්සිවෙලා රජයේ වි.වි වලට එන ලමුන්ට අසාධාරණයක් නේද? ඔතනදි රැකියා සදහා එන තරගයෙදි සල්ලි බලපුලුවම්කාරකම් සහ හැදුනුම්කම් වැඩි "අර" උදවියම නුසුදුසු තැන්වලට පත් වීමේ හැකියාව වැඩි නේද?

    තුන්වැනි ලෝකයේ රටවල් අතරින් ලංකාව කියන්නෙ සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඉහලින් ඉන්න රටක්. කෙලින තරමක් පිස්සු කෙලල සල්ලි බලෙන් එම්.බී.බී.එස් ගත්ත්වුන් අතට ගියාම අනිවා ලංකාවට බුදුම සරණයි. අනාගතේ ඔබේ අම්ම ලෙඩ උනා කියමුකො. හිතට එකගව ඔබ යන්න කැමති ඔය මොන වෛද්‍යවරය ලගටද?

    මේවාට එරෙහි වන සරසවි සිසුවා කාලකණ්ණියෙක්ද?
    ඇත්ත සරසවි තුල දේශපාලනය තිබිය හැක. තිබිය යුතුය. කිමද මිනිසා දේශපාලන සත්ත්වයෙක් වන නිසාවෙනි. නමුත් ජේ.වී.පී යේ මැටි වැඩ ගනයට දමා පී.එම්.සී ගැටලුව, සරසවි තුල හොස්ටල් ගැටලුව ඇතුලු අනෙකුත් ප්‍රශ්න යටපත් කිරීමට එස්.බී. නමැති වාචාලයට හෝ මාධ්‍යහොරුන්ට ඉඩතැබිය යුතුද?

    පෞ.වි.වි තුලින් ලැබිය හැක්කේ එක් වාසියක් පමණි. ඵ් මුදල් අප රටේ ඉතිරි වීම පමනයි.අනෙකුත් සියල්ල පුස්සක් පමණි. කරනවා නම් කල යුත්තේ රජයේ වි.වි ඉඩ ප්‍රස්ත වැඩි කර සිසුන්ට වැඩි වශයෙන් අවස්තා සලසා දීමයි.එමගින් කන්නංගර මහතා අපිට දායාද කර දුන් නිදහස් අධ්‍යාපනය සුරක්ශිත කිරීමයි. නැති නම් අනාගත පරපුර අපිට ශාප කරනු ඇත.
    මීට එරෙහිව වෙහෙසෙන වත්මන් සරසවි ශිශ්‍යයා කුහකයෙකු, ඉරිසියකාරයෙකු, කාලකණ්ණියෙකු ලෙස මහ ජනතාව දැකීම රටේ අවාසනාවදැයි නොතේරේ

    ReplyDelete
  34. මුලින්ම කියන්න ඔන මම එච්චර බ්ලොග් කියවන මනුස්සයෙක් නම් නෙවේ කියන එක. ඒ වගෙම රත්ගමයාට බොහොම ස්තුති මෙව්ව කතා බහට ලක් කිරීම ගැන.

  35. ළහිරුගේ කමෙන්ට් එක කැකිල්ලේ රජ්ජුරුවංගේ තීරන්යටත් එහානේ,
    උපුටාගැනීම
    " දෑනටමත් කොළඹ වෛද්‍ය පීඨයෙ ලෙක්චරර්ස්ල කීපදෙනෙක් සල්ලි වලට මාලඹේට ඇදිල ගිහිල්ල කියල දන්නවද? තව තවත් ඉදිරියට යාමෙදී රජයෙ වි.වි වලට ආචාර්ය වරුන්ගේ හිගයක් ඇතිනොවෙවිද? පෞ.වි.වි වලට කැමති උදවියට සහතික වෙන්න පුළුවන්ද මේ වගෙ දේවල් ඉදිරියට නොවෙවි කියල. "
    මේකට පිළිතුර වෛද්‍ය පීඨ ඇරෙන එක නවත්තන එකද? හිතන්න දැන් ලංකාවේ පඩි ගෙවනව අඩු නිසා මම යනව ඇමරිකාවට. ඉතින් අපි ඒකට විසඳුම විදියට කියනව ඇමරිකාව සමග තියෙන සම්බන්ධතාවත්තන්න කියලා. රට යන එක තහනම් කරන්න කියලා. ඔය වගේ ගොන් කතාවක් විදියටයි මට මේක පේන්නේ. මේ වගේ ගැටලුවකට රජයේ නීතියක් ගේන්න පුළුව් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගැන්වීමට යන අය රජයේ විශ්ව විද්‍යාල වලටද ඉගැන්විම අනිවාරය කරනව වගේ. එහෙම නැත්තන් යම් යම් නීති සහ වෙනත් උපක්‍රම මගින් මේව පාලනය කරනව විනා වෙනත් දේවලින් නෙමෙයි. රෝගයකට ප්‍රතිකාර කළ යුත්තේ රෝගයේ මූලයට මිස රෝග ලක්ෂණයට නෙවෙයි.

    උපුටාගැනීම
    "අනාගතේ ඔබේ අම්ම ලෙඩ උණා කියමුකො. හිතට එකගව ඔබ යන්න කැමති ඔය මොන වෛද්‍යවරය ළගටද?"
    ඔය වගේ බුද්ධිමත් පිරිසක් තමයි (බහුතරයක් බුද්ධිමත් කියාල ඔබ කිව්වනේ) මගේ මල්ලිට වැරදි තැනට රේඩියෝ තෙරපි කරන්න ලියලා මල්ලිගේ මරණය තවත් ඉක්මන් කරේ. ඒකට විරුද්ධව අපි ක්‍රියා කළේ නැත්තේ ඒකේ වාඩුව ගන්නේත් ඔය වෛද්‍ය වරු ඒ අසරණ රෝගියාගෙන්ම නිසා. (ඒකට පිළිතුර වුණේ මේ ළමයා කොහොමත් තව සතියකින් මැරෙනවා කියන එක.) දවසක් On call දොස්තරට දුරකථන ඇමතුම් 10ක් පමණ දුන්නත් ආවේ නෑ. (සාමාවෙන්න මාතෘකාවෙන් පිට. මට කියන්න ඕන වුණේ තමංගේ වගකීම ඉෂ්ට නොකරන සමාජයක තම පුද්ගලික් වාසියට අනිත් අ‍‍යගේ ඉගන ගැනීමේ අයිතිය නැති කරන්න කරන දේවල් සාධාරණීය කරණය කරන්න දරන උත්සාහය.)

    "? ඔතනදි රැකියා සදහා එන තරගයෙදි සල්ලි බලපුළුවම්කාරකම් සහ හැදුනුම්කම් වැඩි "අර" උදවියම නුසුදුසු තැන්වලට පත් වීමේ හැකියාව වැඩි නේද?"

    ලංකාවේ කොහේ ඉගන ගත්තත් අවසානයේ හැමෝම ලංකාවේ වෛද්‍ය වරයෙක් ලෙස වැඩ කිරීමට රජයේ විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම එකම විභාගය සමත් වෙන්න ඕන. මේවා ඔබ නොදන්නවා විය නොහැක. කුහකකම කියන්නේ යටින් කොලේ ඇදීමයි.

    උපුටාගැනීම
    "පෞ.වි.වි තුළින් ලැබිය හැක්කේ එක් වාසියක් පමණි. ප් මුදල් අප රටේ ඉතිරි වීම පමණයි."
    තව දුරටත් ඔබගේ ඉහළ බුද්ධි මහිමය පෙන්වන ගොන් තර්කයක්. ලංකාවේ දැනට තියෙන පිටරට විශ්ව විද්‍යාල අනුබද්ධිත ආයතනවලින් ඉගන ගන්න අයට රැකියා ලැබෙන්නේ නැත්ද? මම පුද්ගලිකව රජයේ බාහිර උපාධියක් කළත්, SLIIT & Apiit වැනි ආයතන මගින් පිට වෙන අය ක්ෂේත්‍රයේ හොඳිව් වැඩ කරන්නේ නැත්ද?

    උපුටාගැනීම
    "පෞ.වි.වි වලට කැමති උදවියට සහතික වෙන්න පුළුවන්ද මේ වගෙ දේවල් ඉදිරියට නොවෙවි කියල."
    නිදහස් අධයාපනයෙ පිහිටෙන් ඉගන ගන්න අයගෙන් බහුතරයක් රට දාල යනව කියලා අපිට දැනටම සහතිකයි. ඉතින් මේ වගේ දැනට පෙනෙන්නම තියෙන සාධකයක් නිසා යම් අයෙක් කිවුවොත් උස්ස අධයාපනය නොමිලේ ලාභා දිය යුතු නෑ කියලා. ඒක මේ ගොන් තර්කයට වඩා සාධාරණයි. ඉදිරියේදී වෙන දේවල් වලට බයේ කොහොමද තීරණ ගන්නේ? මේ වගේ මන්ද මානසිකත්වයක් සහිත අයත් වි.වි. වලින් එළියට එන බවට ඔබ හොඳ නිදර්ශනයක්

    ReplyDelete
  36. විශ්ව් විද්‍යාල වල ඉන්න හැමෝම බුද්දිමත් අය නෙමෙ...
    එහෙම හැමෝම බුද්දිමත් නම් ඇයි තාම නවක වදය මෙකෙ පවතින්නෙ. තාම හුගක් අය හීනමානය, පරපීඩිකත්වය වගෙ එවයින් පෙලෙනවා..
    එහෙම අයව කිසිම අමරුවක් නැතුව පොඩි තෙල් පාරක් දාල ඕන එකකට හරවගන්න පුලුවන්.
    ඔය පෞද්ගලික වි:වි වලට විරුද්දව කෑගහන අයගෙන 5% වගෙ තමා ඕකට බොක්කෙන්ම විරුද්ද. අනිත් බහුතරය බලෙන් ගෙනාව අය. මෙ ලඟදි සබරගමුව යුනි එකෙ තිබුන පොඩි පිකටින් එකක්. පටන් ගත්තෙ නම් වෙනම අරමුනක් මුල් කරගෙන. ඒත් එතනට ගියාම පලමු වසරෙ අයට කියන්න දීල තියෙන සටන් පාඨ පෞද්ගලික යුනි වලට විරුද්දව කෑගහන්න.
    ගොඩක් උන් මෙලෝ හසරක් නැතුව ඔකට විරුද්ද වෙන්නෙ. අපෙ යුනි වලත් අඩුපාඩු තියෙනව තම. එත් රටෙ SLIITඑල හොදට යන්නෙ. අපි ඒකට විරුද්දව පාරට බහින්නෙ නැ. අපි දෙගොල්ලොම ඉන්නව. එකට වැඩ කරනව.
    අනගතයෙදි ඔය කියන ඒවටත් ඒකම නොවේවි කියන්නෙ කොහොමද?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)