Tuesday 5 October 2010

ආදරේ අහස තරම්...............

                      .
                                         මතකද...ඉස්සර අපි පන්ති යන දවස්....සතියකට දවස් 4ක් වත් අපි හම්බෙනවා....මගේ උනුහුමට තුරුලු වෙලා..ඇස් 2ක දිහා බලාන හිටිය හැටි..ඒ ලස්සන දවස්...හරියට පරන ආදර කතාවක් වගේ....එකින් එක එකින් එක මතක් වෙනවා....පිස්සු කෙල්ල..දැන් මේක කියවලා හිනා වෙනවා ඇති...හ්ම්ම්..මට මැවිලා පේනවා....එක දවසක් අපි මාතර ගිහින් වෙරලට ගිහින් රැලි පාගනකොට මගේ කකුලට පෑගිලා ඔයාගේ සෙරෙප්පුව කැඩුනා....අනේ මගේ පිස්සු කෙල්ල...අඩපු හැටි....දැන් යන්නේ කොහොමද කියලා...අඩලා අඩලා මගේ සෙරප්පු 2 අරගෙන දාගත්තා...
                                          කලුතර බෝධිය වදින්න ගිහින්...මට මල්,පොල් තෙල්,හදුන්කූරු ගේන්න අමතක වෙලා..මම කඩෙන් ගන්න යනකොට මගේ දිහා බලලා හිනාවෙලා..''වස්තු ,මම මල්,හදුන්කූරු,පොල්තෙල් ගෙනාවා'' කියපු හැටි.උදේ පාන්දර 4ට නැගිටලා මල් කඩලා..ඔයා දන්නවද වස්තු..ඒ වගේ පුන්චි දේවල් වලින් ආදරේ කොච්චර වැඩි වෙනවද කියලා...ආ....මට වස්තු කියන්න පුරුදු කරේ ඔයා තමයි...ඔයාට මම වස්තු..මට ඔයා වස්තු.....බෝධිය වදිනකොට ඇස් 2ක පියාගෙනම කොචර වෙලාවක් වැන්දද...මතකයිද...
මමත් බලාගෙනම ඉදියා ලස්සන.ඇස් වහගෙන මොන මොනවද මුමුනනවා..වැදලා ඉවර වෙලා ඇහුවම කිව්වා හිතන දේවල් කාටවත් කියන්න හොද නෑ ..එතකොට ඒවා ඉටු වෙන්නෙ නෑ ලු..එත් මම දන්නවා ඔයා අපේ අනාගතේ ලස්සන වෙන්න පැතුව කියලා....
           මගේ වස්තු ගොඩක් අහිoසකයි.මට කේන්ති ගියාම බැනගෙන බැනගෙන යනවා..එත් ඔයා කවදාවත් මට එහෙම බැනලා කතා කාරල නෑ..මම සැර කරාම ඉකි ගගහා අඩනවා.ඉතින් මම කොහොමද බනින්නෙ ඔය ඇස් දිහා බලගෙන....වස්තු මට සමාවෙන්න කිව්වම හිනාවෙනවා අඩ අඩ...මට දැන් මැවෙනව රත්තරන් ඒ දේවල්...
    
                               මට ගැලපෙනම කෙනා තමා ඔයා..මට මේ තරමට ආදරේ කරන්නඑපා ..මට ණයකාරයෙක් වෙන්න වෙයි ඔය ආදරේ ආපහු දෙන්න බැරි උනොත්.........මගේ නියපොතු කන පුරුද්ද නැවැත්තුවෙත් ඔයා..ඇගිල්ල කටේ දාගෙන නියපොතු හපනවා දැක්ක ගමන් මගේ අතට හයියෙන් ගහනවා.ඊට පස්සෙ ඔරවලා බලනවා..'අයේ නියපොතු කෑවොත් ඇත්තමයි මම යන්නම යනවා'.එහෙම කී පාරක් කියල ඇද්ද..කෝ ගියාද ඉතින්..හු හු හු....මාව දාල යන්න බෑ නේ...මට ඔයාව කිසිම වෙලාවක මතක් වෙන්නේ නෑ නේ වස්තු..බය උනා නේද?ඇත්ත කිව්වේ.මතක් වෙන්නේ අමතක උන කෙනෙක්ව..ඔයාව කොයිම වෙලාවකවත් මට අමතක වෙන්නෙ නෑ..නිතරම මගේ මතකෙ ඔයා ඉන්නවා.
                                 ඔයා ගොඩක් ආසයි නේද රෝස මල් වලට.අද උදේ මම නැගිටල බලනකොට ලස්සන රෝස මලක් පිපිලා අපේ වත්තෙ..ඒ ලස්සන ඔයාට පෙන්නන්න විදිහක් නෑ..කමක් නෑ..ආයේ තව දවසක ලස්සනම ලස්සන රෝස මලක් පිපෙවි..එදාට දෙන්නත් එක්කම ඒ ලස්සන බලමු....
                               ආදරේ අහස තරම්...............

(මේක පරිප්පු 500 ක් ගෙනාපු ගොට්ටෙ ලියාල තිබ්බ කතාවක්....අනේ මම දන්නෙ නෑ ඕන්..හිතට වැදුන නිසා දැම්මේ....ඔයාලත් බලන්නකෝ කඩෙ ගියාම පරිප්පු ගේන කොල වල මේ වගේ දේවල් තියෙනවද කියාලා,....මේක පට්ට ආතල් ලොකයක් නෙව...........)

16 comments:

  1. එලනේ.. මමත් ආය පරිප්පු ඔතාගෙන එන කොල ටික කියවලා බලන්න ඕනි... රත්ගමයගේ කෙරුම් එල නේ අහ්!

    ReplyDelete
  2. අඩේ රත්ගමයෝ මම හිතුවේ සිරා සීන එකක් කියලා උඔට වුන.ඒත් ගොඩක් හොදට හිතට දැනුනා නියමයි මචන්

    ReplyDelete
  3. @ලමයා...හන් හන් හන්.....පරිප්පු ගේන ගොටු ටික එකතු කරමු නේ....
    @පුබුදුවා.....රත්ගමයගෙ අදහසක් වෙන්නත් පුලුවන් පුබුදුවෝ...පරිප්පු ගේන ගොටු වල මෙව්ව ලියල තියෙන්න විදිහක් නෑ නේ.........

    ReplyDelete
  4. තථා කරල වැඩක් නැහැ නියමයිෙන්... ෙපාඩ්ඩටත් ෙමෙහම අාදරයක් ෙසට් ෙවනවනම්. හික්ස්.. මාත් හිතුෙව් අැත්ත ෙක්ස් එකක් කියලා... නැත්තම් රත්ගමෙයා් ෙම්ක ඔයාෙග් මතකයන් ෙගාෙඩන්ද?

    ReplyDelete
  5. hikiz.. danno danithi parippu genawa kole da thibune kiyala.. meka nan magic ekak bola rathgamayoooo....

    ReplyDelete
  6. අයියෝ..ඇයි අන්තිමට කිවුවේ මේ ඔයාගෙ අත්දැකීමක් නෙවේ කියලා.....එහෙම නොකර ඉන්නයි තිබුනේ
    අය ඉතින් මම කඩෙන්ගේන එක කඩදාසියක්වත් අත අරින්නෑ ඔන්න...
    ඇත්තට ඔහොම කතා ඇත්ත ලෝකේ වෙනවා කියලා ඇහෙන එකත් පුදුමයක්...........

    ReplyDelete
  7. මම කියවපු සිරාම ලව් ස්ටෝරි එක බන්.... මෑක්සා....

    ReplyDelete
  8. @අහින්සක.. හන් හන් හන් හන්...කාටවත් කියන්න එපෝ....

    @ප්‍රාර්ථනා...අනේ මම දන්නෙ නෑ..මේක කාගෙ අත්දැකීමක් ද කියන්න ඕන්..කඩේ මුදලාලිත් කොරන වැඩ

    @උදය...හ්ම්......මට නම් මේක තමා හොදම....අයේ වෙන මුකුත් නෑ.......ඇත්ත කතාවක්.....කාගෙද කියල නම් අහන්න එපා...අහින්සකාවි දන්නවා.....කව්ද කියල

    ReplyDelete
  9. mn daamu cmnt 1 koooooo ???????

    ReplyDelete
  10. ඔය තියෙන්නේ ඩෙගෝ............

    ReplyDelete
  11. niyapothu kaema rathgamayage naraka puruddaki...

    ReplyDelete
  12. කෑ ගහන්න එපා බන්...මේ වෙන එකෙක්......මුදලාලිගෙන් අහන්න ඕන.........

    ReplyDelete
  13. මේක උපරිමයි කොලුවො... නිකන් අර දැනෙන්න ලියලා... පරිප්පු කොලේ ලියවුන්නා කිව්වට උබ ලියල මුදලාලිට දීපු එකක් වගේ.. උබ වාසනාවන්තයි

    ReplyDelete
  14. පිස්සටත් යමක් කමක් තේරෙනවා නෙව පිස්සෝ...........කාටවත් කියන්න එපෝ.......

    ReplyDelete
  15. ර-ත්-ග-ම-යෝ ---------- ඇත්තටම තිබ්බෙ පරිප්පු කොලේද ? මට හැකයි ...

    ReplyDelete
  16. මම ලියලා මුදලාලිට දුන්නා කියාලා ද හිතන්නෙ වත් අක්කෙ..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)