Friday 22 October 2010

බස් කොන්දාගේ මනුස්සකම...............


අද කොලඹ ගිහින් එනකොට උන දෙයක් කියන්න හිතුනා..මේක කියල ඉවර වෙනකොට රත්ගමයා කොතනින් නවතිද දන්නෙ නෑ...රත්ගමයා බස් එකේ එනවා..පිටිපස්සෙ ආසනේ තමා වාඩිවෙලා ආවේ...බම්බලපිටියෙදි වගේ ටිකක් විතර වයසක ආච්චි කෙනෙක් නැග්ග බස් එකට..රත්ගමයා ලග ඉඩ තිබුනා...ඒ ආච්චි ගොඩක් මහන්සි පාටයි...ටික දුරක් යනකොට ටිකට් කඩන එකා(ඒ වචනය සුදුසු යැයි සිතමි ) ආවා..අර ආච්චි ටිකට් ඉල්ලුවා ..අකුරල (හික්කඩුවට ආසන්නව )කියලා..රත්ගමය හිතනවිදිහට කොන්දට ඇහුනේ කලුතර කියල..මූ ඒපාර බනින්න ගත්ත නේ..මේක ගාල්ල කොලඹ බස් එකක් කියල "පේන්නෙ නැද්ද ඔහොම හැම තැනම කට්ටිය බස් එකට නගින්න ගත්තොත් මේක මහලු මඩමක් වෙනවා නේද" කිය කිය..අනේ අර ආච්චිව නැගිට්ටුවා..ඒ ආච්චිට දුක වැඩිකමට බහින්නෙ කලුතර නෙමේ අකුරල කියල කියාගන්න බෑ.ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්න..කොන්දා ඉස්සරහ ඉදපු කෙනෙක්ට කතා කරල ආච්චි වාඩි උන තැනින් වාඩි කෙරෙව්වා..කොන්දා කෑගහනවා ආච්චිට බහින්න කියලා..රත්ගමයා නැගීට්ටා..මෙතනින් වාඩි වෙන්න ආච්චි කියල කිව්ව..ආච්චි රත්ගමය දිහා බලන් ඉදියේ ගොඩරත්ගමයාගේ ඇත්ත හෙලි වෙයි..(පොඩි රත්තා කරන හෙලිදරව්ව)ක් දුකෙන්..පස්සෙ බොහොම අමාරුවෙන් හිනාවෙල කිව්වා.."කමක් නෑ පුතා වාඩි වෙලා යන්න මම ඉස්සරහින් බස් එක නැවැත්තුවම බහින්නම්..උදේ ඉදල හිටගෙන පුතේ..ඊයේ ඉදලා එනගමන තාම ඉවර නෑ..මගේ පුතාව බලන්න ගියා..කිලිනොච්චියෙ ඉන්නේ..නිවාඩුවට වත් ගෙදර එන්නෙ නෑ වැඩ වැඩ කිය කිය ඉන්නවා..මට බලන් ඉන්න බැරි තැන තමා ගියේ කොල්ලගේ මූණ පොඩ්ඩක් බලල එන්න.."
රත්ගමයා දිහා බලන් ඉදපු බැල්ම නම් ගොඩක් දුක හිතෙනවා..ඒපාර රත්ගමයා ඇහුවා "ඇයි ආච්චි කිව්වේ නැත්තෙ බහින්නෙ අකුරල කියල"..ආච්චි කියනවා වැඩක් නෑ ලු..ඒ බැල්මේ තිබුනු අසරණකම එතන ඉදපු හැමෝටම තේරුනා.ඒත් කිසි කෙනෙක් කටක් ඇරියෙ නෑ.ආච්චි බස් එක නැවැත්තුවම බැහැලා ගියා..
               රත්ගමයා බලන් ඉදියේ කොන්දා පිටිපස්සට එනකල්..ඌ ආවම රත්ගමයා ඇහුවා මොකද අර වයසක මනුස්සයව බැස්සුවේ කියලා.කලුතර ගන්නෙ නෑලු..ඔන්න ඌ දීපු උත්තරේ.රත්ගමය කිව්වා "කලුතර නෙමේ අකුරල බහින්නෙ ඇයි ඇහුනෙ නැද්ද කියලා"..ඌ ඒපාර කියනවා.."ආ ඇත්තද..අකුරලද..මට ඇහුනේ කලුතර කියලලු.".වැරැද්ද කාගෙද කියන්න රත්ගමය දන්නෙ නෑ..ඒත් ඒ සිද්ධිය ගොඩක් හිත රිදුනා.කෝකටත් බස් එකේ අංකය ලියාගත්තා..බලමුකෝ..ඕකුන් රත්ගමින් එපැයි යන්න....ගෙදර ඇවිල්ලත් කල්පනා කරේ ඒ ආච්චි කොහොම ගෙදර යන්න ඇතිද කියලා..එතකොටත් වෙලාව 6ට විතර ඇති.....අනේ මන්දා..
                                        දැන් ලෝකෙ වෙනස් වෙනවා..මනුස්සකම අමතක කරලා සල්ලි පස්සෙම දුවනවා..හිතක් කියල දෙයක් කාටවත් නෑ වගේ...
කමක් නෑ..අඩුගානේ එහෙම හිතක් කියල දෙයක් තියෙන ටික දෙනෙක් හරි ඇති නේ..රත්ගමය ලීයනවා...ඒ ටික දෙනා ආයේ ගොඩ දෙනෙක් වෙනකල්........

29 comments:

  1. මම හිතුවේ නෑ රත්ගමයා ඔච්චර සංවේදී කොල්ලෙක් කියලා..(සමාවෙන්න ඕනෙ හිත රිදුනා නම්..මම ඇත්තටම හිතුවෙනෑ..ඒකයි කිවුවේ..එහෙම හිතුවෙ ඇයි කියලා නම් අහන්න එපා..)
    ඔයාට හොඳ කොන්දක් තියනවා යාළුවා..ඒ වගේ කෙනෙක් අඳුනගන්න ලැබීම ලොකුම ලොකු සතුටක්.. ඔයා ඔයාට පුලුවන්දේ කරලා..ඒ වගේ අයට ජීවිතේ කිසිම පසුතැවිල්ලක් ඉතිරි වෙන්නෑ.. සමහර විට වටේ හිටිය කට්ටියට තාම හිත කියනවා ඇති "අපිත් ටිකක් කෙලින් හිටියා නම් කියලා"
    ඒක නෙවේ දැන් ඔය නොම්මරේ ලියාගෙන මක්කෙයි කරන්න යන්නේ..? ..ගැන්සි දාලා දෙකක් අනින්නද..? කොන්දාට කං බීරි වෙන්න බෑනෙ යාලු..එයාලා කැමති නෑ වයසක් අය නග්ගගන්න.. මමත් ඕක දැකලා තියනවා... ඒ නිසා ඒ හැලපෙන්දා කරලා තියෙන්නේ අමුම අමු බොරුවක්..
    "රත්ගමයා වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ කොල්ලෙක් බව මෙයින් මට හැඟී ගිය කරුණයි.."(මම ලඟ බොරු නෑ..)

    ReplyDelete
  2. කමක් නැ මචං ආච්චි පරිස්සමට යන්න ඇති..සීට් එක දෙන්න තාමත් ඒක ගැන හිතන්න තරං සංවෙදි හිතක් උඹට තියෙන එක ගැන සතුටු වෙයන්..

    ReplyDelete
  3. ප්‍රයිටට් බස්ස් කාරායෝ ඔහොම තමයි බස් එකට නංගගන්නකන් විතරයි "යියේ අක්කේ "කියලා ගන්නේ. ගත්තට පස්සේ ඕයි ! යනවා පස්සට . ඔන්න ඔහොම තමා . හොඳ එවුනුත් ඉන්නවා . උඹ හිත හොඳ කොල්ලෙක් , මේක දැක්කම මම දැන ගත්තේ .

    ReplyDelete
  4. ශික්, ඒ කතාව ඇහුවමනම් මටත් ටිකක් දුක හිතුන,කාගෙත්ගාව මනුස්ස ගති නෑ,කොතනදි උනත් අහිංසකය තැලෙනව.ඒ කොහොම උනත් පව් ඒ ආච්චි

    ReplyDelete
  5. සත්තකින්ම ඔවු මත්ගමයා මහත්තයො
    මොකද සිකුරාදට කොලබ ඉදන් ගාලු මාතර එන බස් වලට නගින්න මිනිස්සු කිදාහක් නම් බලන් ඉන්නවද
    නමුත් එ ඔක්කොටම කොලබ කොටුවට ගිහිල්ල නගින්න බැනෙ
    ඉතින් එ මනුස්සයො නගින්න ඔනෙ නගින්න පුලුවන් තැනක ඉදන්
    එ කියන්නෙ මගින්
    මෙ පහර බස් කාරයො නගින තැන අහනව බැ බැ කියල දාල යනව
    කොලබින් නගින්න ඔනෙ මිනිහ නගින්න ඔනෙ රැ 1/2 උනත් කලුතරින් එහාට ටිකට් අරන්
    මොකද කලුතරට මෙහා කිවුවොත් නග්ග ගන්නෙ නැ දාල යනව...
    එ මනුස්සය දවස් ගානකින් ගෙදර එන්නෙ
    එ එන්නෙත් ඉට පස්සෙන්දත් ලැබුවහම
    ඇයි මෙ මිනිස්සු සල්ලි මත්තෙ නැහිල මනුස්ස කම පයට පැගෙන වෙලි කැටයකටත් වඩා බල්දු තැනකට ඇද දාල තියෙන්නෙ .... ?????

    ReplyDelete
  6. සිරාවට කතාව ඇහුවමනම් මටත් දුක හිතුනා....... සීන් එක මැවිල පේන තරමටම. මාත් හිතුවෙ නැ ඇත්තටම රත්ගමයත් මේවගේ සෙන්සිටිව් ඩයල් එකක් කියලා....... එළ කොල්ලා එළ............ මාත් මේ දැන් හිතන්නෙ අර ආච්චි කොහොම ගෙදර ගියාද කියලා :( අනේ පවු.

    ReplyDelete
  7. @ප්‍රාර්ථනා මම සංවේදී කියල මම හිතන්නෙ නෑ නංගි..අනේ මම දන්නෙ නෑ..ඒ වෙලාවෙ මොනවා උනාද කියලා..සමහර විට ඒ ආච්චිගේ කදුලු නිසා මට හයියක් එන්න ඇති...නැතිනම් මම ගෙදරවත් සද්දෙට කතා කරන්නෙ නෑ

    @පැන්ඩා.. මමත් හිතනවා එහෙම පැන්ඩෝ..හැබැයි බස් වල නම් සෙනග වැඩියි

    @හිස් අහස...උන් ගැන නම් කතා කරල වැඩක් නෑ

    ReplyDelete
  8. @Lsindhu ඒක නම් ඇත්ත සහෝ........

    @Dilon මුන් ගැන කතා කරල වැඩක් නෑ බන්...ජරා යක්කු........

    @ජේ.ඩි අනේ මන්දා ජේ.ඩි අයියා...අද නිවාඩු නිසා ඊයේ බස්වල සෑහෙන්ඩ සෙනග...,...

    ReplyDelete
  9. රත්ගමයෝ හොද වැඩක් කරලා තියෙන්නේ,අර රත්ගමයා කිව්වා වගේ දැන් මිනිස්සුන්ට මනුස්සකම කියන දේ අමතක වීගෙන එනවා.අපිවත් මනුස්සකම රැකගන්න උත්සාහ කරමු උපරිමෙන්

    ReplyDelete
  10. ඔය වගේ තිරිසන්නු ඉන්නව බං....ඔය යක්කුන්ට ඕන සල්ලි විතරයි...මනුස්සකම බල්ල‍ට දාලා...මම හිතන්නෙ ගොඩක් බස් කොන්දොස්තරලයි.....ඩ්‍රයිවර්ලයි.....කියන්නෙ මනුස්ස වේෂයෙන් ඉන්න වල්ම වල් බල්ලො ටිකක් කියල...(මෙහෙම කිව්වෙ බල්ලන්ට අපහාස කරන්න නම් නෙවෙයි...)
    -සමන්/රත්නපුර-

    ReplyDelete
  11. මලේ උඹේ සටහන කියෙව්වහම පපුව කීරි ගැහිල ගියා. මම හිතන්නෙ ඒ රණවිරු අම්ම කෙනෙක් වෙන්න ඇති. ජීවිතේ පූජා කරන්න සැරසිලා ඉන්න රටක් වටින පුතෙක් බිහි කරපු ඒ අම්මා මොහකටවත් නැති කාලකණ්නියෙක්ගෙන් ගැරහුම් ලබලා.

    තමන්ගෙ පුතා ජීවිත පූජාවෙන් රැට රැක ගත්තෙ මේ වගේ අමුණුස්සයන් වෙනුවෙන්ද කියල හිතෙන්න ඇති.

    ReplyDelete
  12. අපේ රටේ හොද ජනගහනය 99% ක් ම අතරේ ඔය වගේ 1% ක් වගේ කට්ටියක් ඉන්නවා මචන්.....මොනවා වුනත් සිද්දිය ගැන කණගා‍ටුයි.... :(

    ReplyDelete
  13. @පුබුදු..අනිවා පුබුදු...ජොබ් එක හොදට කරගෙන පලයන්..සුබ පතනවා උඹට

    @ඇනෝ/saman ඔව් බන්......හැබැයි ඒ අතරේ ටික දෙනෙක් ඉන්නව හොද උන්..අනිත් උන් නම් උඹ කියපු විදිහට බල්ලොම තමා........

    @දුමී ඔව් අයියෙ..ඒක තමා ගොඩක්ම දුක...

    @Thusitha Sampath ඔය 1% නැති උන දවසට මේ ලංකාව ගොඩක් ලස්සන වෙයි

    ReplyDelete
  14. තොට ඔච්චර අමාරුවක් තියෙනවා නං ඇයි ඕකට හොම්බට දෙකක් ඇන්නෙ නැත්තෙ?

    ReplyDelete
  15. @උරාජ් දීමන්ත ...අනේ මහත්තයෝ..ඔබතුමා ඒක කරනවද??හොම්බට දෙකක් ඇන්නම ඒක එහනින් නවතිනවද....එහෙනම් දෙකක් නෙමේ...තව ගොඩක් අනිනවා..පොඩ්ඩක් ඔලුව කල්පනා කරල අදහස් දෙන්න සහෝදරයා.....

    ReplyDelete
  16. Good work brother. good

    ReplyDelete
  17. ඇනෝ...මට ,මුකුත් කරන්න බැරි උනා නේ...

    ReplyDelete
  18. මිත්‍රයා මෙහෙම බ්ලොග් සටහනක් තැබුව එක නම් හොඳයි. ඒත් ඒ වෙලේ කරපු වැඩේ නම් වැරදියි.

    ආච්චි බහින්නේ කළුතර නෙමෙයි අකුරල කියලා ඔයාට ඇහුණා නම් ඒක කොන්දාට කියන්න තිබුණා නේ. ආච්චි අම්මාට බහින්න දීලා ඊට පස්සේ බස් එකේ අංකේ ලියා ගත්තා කියලා තියෙන වැඩේ මොකක්ද ?

    දැන් ඉතින් ගිය දේ ගියා. මින් ඉදිරියට එහෙම දෙයක් වෙනවා නම් ඊට විරුද්ධව හඩක් නඟන්න ඕනෙයි කියලාවත් මේක කියෝන හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්ට හිතෙයිනේ. ඒක නිසායි කිව්වේ හොඳයි කියලා.

    [ඇත්තම කියන්න මට මේක මුලින්ම කියෝපු ගමන් උඹ ගැන මාර කේන්තියක් ආවේ ඒ වෙලේ කටේ කොටියා තියාගෙන ඉදලා දැන් මොන දැන් මොන බම්බුවටද බ්ලොග් එකේ මේ කතා ලියන්නේ කියලා. ඒත් ඒ කේන්තිය අඩුවුණා ඉස්සරහට හරි මෙහෙම දෙයක් වෙද්දී ඒකට විරුද්ධව හඩක් නගන්න ඕනේ කියලා මේක කියෝන අයට හිතෙයි නේ කීයලා]

    ReplyDelete
  19. @hasitha ඇත්තටම එහෙම කරනවා අයියා..ඌ පිටිපස්සෙ ඉදිය නම්..ඌ පා පුවරුවේ ඉදියේ.ඒ ආච්චිව නැගිට්ටවලා අර ඉස්සරහ ඉදපු මිනිහව එතනින් වාඩිකරල ඌ බස් එක නැවැත්තුව ගමන් බැහැල ඉස්සරහට ගියා..මම හිතුවේ වටේ ඉදපු වැඩිහිටියො මේ ගැන මොකක් හරි කරයි කියලා..ඒත් මුකුත් උනේ නැති තැන තමා නැගිට්ලා ආසනේ දෙන්න හැදුවේ...ඒ අච්චිට ඉන්න ඉන්න කිව්වත් බස් එක නැවැත්තුවම බැහැල ගියා.කොන්දා පස්සේ ඉදිය නම් ආච්චි බැහැල යනකල් ඉන්නෙ නෑ කතා කරන්න..බස් එකේ සෑහෙන්න සෙනග..රත්ගමයා පිටිපස්සේ..ඉස්සරහට ගිහින් කොන්දාව ඇදගෙන එන්න පුලුවන් තත්වයක් තිබුනේ නෑ ඒ වෙලාවෙ..සෙනග ඉදියෙ නැති නම් ඒ දේ කරන්න පසුබට වෙන්නෙත් නෑ..මේ වගේ දේවල් වලදි රත්ගමයට කොච්චර කේන්ති යනවද කියලා රත්ගමයගේ යාලුවො දන්නවා..මීට වඩා දේවල් මීට කලින් කරලත් තියෙනවා..දැන් නම් ඒ දේවල් ලියන්න හිතෙනවා..මොකද ඔයාලා රත්ගමය ගැන වැරදියට හිතන් ඉන්න නිසා..බස් එකේ අංකෙ ලියා ගත්තේ මොකද කියල තව ටික දවසකින් පෙනේවි...ගෙදර ආපු ගමන් කරේ සිද්ධිය තාත්තට කියපු එක..

    දැන් නම් හිතෙනවා මේ පෝස්ට් එක දාපු එක මහම මහ මෝඩ වැඩක් කියලා.රත්ගමයත් කට වහගෙන දැක්කෙ නෑ වගේ ඉදියනම් කිසි ප්‍රශ්ණයක් නෑ..දැන් ඉතින් ආයේ මේ ගැන හිතනවා..අනේ ඇයි මට ඔය දේත් කරන්න බැරි උනේ කියලා......සමාවෙන්න අයියා....අයේ එහෙම වෙන්නෙ නෑ
    මිනිහෙක් හොදක් කරාම ඒ මිනිහාට ඔයිට වඩා කරන්න ඕන කියලා කියන්න එපා..මම කරේ පොඩි එකෙක් විදිහට මට කරන්න පුලුවන් දේ..මුකුත් නොකරපු කට්ටියට මොනව හරි කරන්න කියල කීයන්න පුලුවන් නම් ලොකු දෙයක්..හිත නම් ගොඩක් රිදිල ඉන්නෙ..ස්තූති අදහසට

    ReplyDelete
  20. කාරණා කීපයක් තියෙනවා ඔයාට කියන්න මල්ලී

    තමන් පොඩියි කියලා හිතලා පසුබට වෙන්න ඕනේ නැහැ මල්ලී. හුඟාක් වෙලාවට බස් එකක මොකක් හරි නොහොබිනා වැඩක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න එක්කෙනෙක්වත් ඉන්නවා නම් වෙන්නේ හුඟාක් වෙලාවට අනිත් අයත් එයාට එකතුවෙලා කටයුතු කරන එක.

    ඔයා ආච්චි ගාව හිටිය කෙනා හැටියට ඔයා වැඩේ පටන් ගත්තා නම් අනිත් අයත් එකතු වෙන්න තිබ්බා.

    ඒකයි මම ඒක ගැන එහෙම කියලා තිබ්බේ. ඒ වගේම ඔයා ඒ සිද්ධිය අමතක කරලා එන්නේ නැතිව ඔයාගේ කාලය ශ්‍රමය වෙන්කරලා බ්ලොග් එකේ ඒ ගැන සටහනක් දැම්ම එකෙන් ඔයාගේ හිතටත් හොඳයි දැන්.

    ඒ වගේම මින් ඉස්සරහට ඒවගේ දෙයක් වෙනවා නම් ඒවට විරුද්ධ වෙන්න ඕනෙයි කියන එක මේක බලන අයට හිතෙනවානේ. ඒක නිසායි කිව්වේ ඔයා කරපු වැඩේ හොඳයි කියලා. ඒ වගේම

    "මිනිහෙක් හොදක් කරාම ඒ මිනිහාට ඔයිට වඩා කරන්න ඕන කියලා කියන්න එපා..මම කරේ පොඩි එකෙක් විදිහට මට කරන්න පුලුවන් දේ..මුකුත් නොකරපු කට්ටියට මොනව හරි කරන්න කියල කීයන්න පුලුවන් නම් ලොකු දෙයක්."

    කරන හොඳ උපරිමෙන්ම කරන්න ඕනෙයි කියලා තමා මම විශ්වාස කරන්නේ. ඒ වගේම පොඩියි කියලා හිතලා සීමාවෙන්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ.

    කොහොම නමුත් මම කලින් කියපු දේවල්වලින් හරි ඒත් නැත්නම් දැන් කියපු දේවල්වලින් හරි මල්ලීගේ හිත් රිදීමක් වෙලා තියෙනවා නම් හරි හිත් රිදීමක් ඇතිවුණොත් හරි ඒකට මට කණගාටුයි. ඒත් මම කිව්වේ මට හිතෙන දේ.

    ReplyDelete
  21. හරිම සතුටුයි රත්‍ගමයා ගැන'

    ReplyDelete
  22. රත්ගමයා මල්ලියෙ........... අද කාලෙ මිනිස්සු සල්ලි පස්සෙ දුවන්න පුරුදු වෙලා ඉන්නෙ.... ඉතින් දැන් මනුස්සකම් කියන දෙවල් ටිකින් ටික යට යන කාලයක්......... මනුස්සකම් තියෙන අනිත් අයට උදවු කරන මිනිස්සු නැහැ කියල මම කියන්නෙ නැහැ...... මෙ සිද්දියත් මම දකින්නෙ එවගෙ සල්ලි පස්සෙ දුවන උන් අතින් මනුස්සකම් අමතක විමක් විදිහට......

    ReplyDelete
  23. @Hasitha අනිත් දවසේ එහෙම වෙන්නෙ නෑ..ස්තූති අයියා........

    @බුද්ධිනී බොහොම ස්තූති යාලුවා...

    @dinesh ඔව් අයියා..දැන් මිනිස්සුන්ට ඕන සල්ලි.....

    ReplyDelete
  24. umbanam Sira kollek macho... maxxa.. Kiyapan apith ennam...

    ReplyDelete
  25. මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක්.

    අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට රත්ගම ප්‍රදේශයේදී මැර ප්‍රහාරයක් එල්ලවී ඇත. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කොන්දොස්තර බලපිටිය මූලිකරෝහලට ඇතුලත් කරනු ලදුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ඇත.

    සුළු තුවාල ලැබූ රියදුරු පොලීසියට පවසා ඇත්තේ තරුණයෙකු රත්ගම හන්දියේදී මාර්ගය හරස්කොට ප්‍රථමයෙන් කොන්ද්ස්තර වරයාටද දෙවනුව තමාටද පොලු පහර දුන් බවයි.

    සැකකරු නීතියේ ‍රැහැනට හසුකර ගැනීමට පොලීසිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත්කර ඇත.

    ඉකේයිය නේද?

    ReplyDelete
  26. @nawammawatha හිස්....මූ දැන් හොයන්න ඉන්නවද දන්නේ නෑ අයියේ....පරන සීන් එකක් නේ...දෙන්න තිබ්බා හම්බුනා නම්

    ReplyDelete
  27. ගිහාන්7 February 2011 at 07:49

    ෂිට් මට තරහා බස් එකේ ඉන්න එකෙකුට වත් කටක් අරින්න බැරිවුනානේ .දැන් ඉතින් සීන් එක කියලා අර චෝදනා යවන්න තියෙන එකට යවන්න .වැඩක් වෙන එකක් නෑ .ඒත් කරලා බැලුවනම් හරි .

    ReplyDelete
  28. ලෝකෙ වෙනස් වෙනව බං. මිනිස්සු ලඟ තිබුන කරුණාව, මනුස්සකම සල්ලි වලට යට වෙලා. ආයෙත් උඩට එන්න බැරි විදියටම යට වෙලා. දැන් ඒක හදන්න අමාරු වෙයි බං.

    කොහොම උනත් උඹ එල කොල්ලෙක්.

    ReplyDelete
  29. එල කොල්ලෙක්

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)