ආදරණීය අම්මේ,
ගෙදර තත්වේ කොහොමද?මෙහේ නම් තත්වේ ගොඩක්ම දරුනුයි...මේ ලීයුම ලියන කොටත් ආටි බන්කරේ උඩින් යනවා.අම්මා බය වෙන්න එපා..අම්මගේ චූටි පුතාට මුකුත් වෙන්නෙ නෑ..
තාරුට කොහොමද අම්මේ...මගේ චූටියා දැන් ගොඩක් දගයි ලු නේද?දකින්න ආසයි ඔක්කොමලවම..කවද එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ අම්මේ..කොහොම උනත් තව ටික දවසයි..ඉවරයක් කරනව මුන්ව.කාලකන්නි යක්කු..ලොකු පස් බැම්මක් බැදල ඉස්සරහ..මුන් හිතන් ඇත්තෙ අපිව නවත්තන්න..ඒක කවදාවත් වෙන්නේ නෑ අම්මේ..අම්මගෙන් බීපු කිරි වල හයිය තාම මගේ ඇගේ තියෙයි.ඒ කිරි වල ණය පල්ල ඉවර කරන එක කරනවා.කොල්ලෝ ටික නම් මාර ගැම්මෙන් ඉන්නේ..ඒ මොරාල් එක නවත්තන්න කාටවත් බෑ.
සුමනේ බාප්පගේ පුතා ඉස්සර මාර බයගුල්ලෙක් නේ අම්මේ..අම්මට මතකද..ඌ ඉන්නෙත් අපේ එකේ..පෙරේදා ඌ මට කියනවා 'සහන් අයියේ...මම මැරෙන්න බය නෑ ලු..මරනවාලු..එකෙක් වත් තියන්නෙ නෑ ලු.."
හැම එකාම එහෙමයි අම්මේ..මමත් මැරෙන්න බය නෑ...මගේ චූටියට මේ මගේ රටේ බය නැතුව හුස්ම ගන්න පුලුවන් කරනවා..ඒක මේ තාත්තගෙන් මගේ චූටියට පොරොන්දුවක්.
පස් බැම්මට එහා මගේ තාරු වගේ කෙල්ලො මහා ගොඩක් බයෙන් වෙව්ල වෙව්ල ඇත්තෙ අම්මෙ...මගේ චූටියා වෙගේ පොඩි උනුත් ඇති..උන්වත් බේර ගන්න ඕන
..ගිය සතියේ තමා ජගත් අයියට වෙඩි වැදුනේ..කකුල කපලා කියල තමා ආරoචිය.
.මම ගියාට එයාව අල්ලන්නවත් දුන්නෙ නෑ..''උඹ පැත්තකට වෙයන් මල්ලී...මුන්ව බාවනවා..මම තාම මැරුනේ නෑ..එක්කො මැරෙනවා..නැතිනම් මරනවා..මට අම්මා තාත්තා නෑ..මේ පින් පොලව තමා මගේ අම්මා..මගේ අම්මව කාලකන්නිට උදුර ගන්න දෙන්නෙ නෑ..'' ඔහොම කියාගෙන ආයේ නැගිට්ටා......දැන් ඉස්පිරිතාලේ ඉදන් කෑ ගහනවලු මට අම්මාව බේරගන්න යන්න දියව් කියලා....ජගත් අයිය වගේ ගොඩක් කට්ටිය ඉස්පිරිතාලේ අම්මේ.
.මටත් ඉස්පිරිතාලේ නවතින්න වෙයිද නැතිනම්..............අනේ මම දන්නෙ නෑ මගේ අම්මේ.....තව ටිකකින් ඉර පායනවා...ආයේ අලුත් දවසක්..මම නවතින්නම් අම්මේ...වෙලාව ඉවරයි මට හම්බුවුන...මගේ තාරුවයි..චූටියවයි හොදට බලාගන්න...තාරුට කියන්න මම එයාගේ ආදරේ නිතරම මාව පරිස්සම් කරනව කියලා......මුන්ව ඉවර කරපු දවසට අපි හම්බෙමු..අම්මා බය වෙන්න එපා..මම දැන්ම මැරෙන්නෙ නෑ..මට අම්මගේ කිරිවල ණය ගෙවන්න තියෙනවා..
අපි ආයේ හම්බවෙන්නේ මුන්ව ඉවරයක් කරපු දවසට...ඒක අම්මාගේ චූටිපුතා අම්මට දෙන පොරොන්දුවක්.........
ප.ලි --- මේ විදිහට කී දෙනක් ගෙදරට ලියන්න ඇත්ද...කීදෙනෙක් අයේ අම්මව දකින්න ඇතිද...මොනවද මේ යුද්දය අපිට දුන්නෙ..මුකුත්ම නෑ නේද..රත්ගමයාට කවදාවත් අමතක වෙන්නේ නෑ අපේ කොල්ලෝ බන්කර් වල විදපු දුක...උන් රැක්කෙ අපේ ජීවිත..රත්ගමයා මෙහෙම ලීයන්නෙ උන් නිසා..මෙහෙම ලියල මදි අයියේ උඹලා ගැන..සත්තයි..ජීවිතේ තියනකල් අමතක වෙන්නේ නෑ...ඇත්තටම .....අපි උඹලට ණයගැති අයියේ.............
මේ රත්තරන් කොල්ලො කෙල්ලො ටිකට පින් දෙන්න අපේ බ්ලොග් ඉඩ මදි රත්ගමයෝ....... අපේ මිනිස්සු, තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා කිව්වට ඇත්තටම අපිට දෙවිවරු උනේ මෙ රත්තරන් කොල්ලො කෙල්ලො ටික.උන් අපි වෙනුවෙන් හුඟක් දෙවල් කැප කලා. අපේ අතට තුවක්කුවක් ගන්න බැරි උනාට තවම අපේ අත් දෙක ඉස්සරහ කී බෝඩ් එක තියනවා. අපි එක ආයුධයක් කරගෙන අපි රැකපු ඒ වීරයො ටික දැන් අපි රකිමු. මෙන්න එකට චමියගෙ හදවතින්ම සප් එක...........
ReplyDeleteසහතික ඇත්ත.....හුගාක් පින් ඒ විරුවන් ට
ReplyDeleteමෙ රණවිරුවන්ට පින් දෙන්න අපි කොයි තරම් දෙවල් කලත් මදි රත්ගමයො..... අනෙ අපිටත් අපෙ ලක් මව වෙනුවෙන් සටන් කරන්න තිබුනනම්.................
ReplyDeleteආඩම්බර අක්ක ඔන්න ආවා රත්ගමයගේ බ්ලොග් එකට... කාටත් අමතක වෙලා ගිය රණවිරුවන් ගැන මේ ලියන එක වගකීමක් වගේම යුතුකමක්... ඒත් දැන් රණවිරු කතා රණවිරු සිතුවම් පවා අවුට් ඔප් ඩේට් කියලයි සමහරු හිතන්නේ....
ReplyDeleteබොහොම ස්තූති හැමෝටම.......ආඩම්බර අක්කටත් එහෙමයි....
ReplyDeleteවග්කීම ,යුතුකම කියන වචන හරියට රාජ්කාරි වගේ අයියේ..ඒ කියන්නේ "කලයුතුයි"කියලා කරන අණකිරීම්. ඒත් හිතේ තියන කැක්කුම කියන්නේ වෙනම දෙයක්. මට නම් කවදාවත් ඔයා තරම් ලස්සනට වචන ගලපන්න බැරිවෙයි.ඒ නිසා කියන්නේ ..බොහොම පිං අපිත් වෙනුවෙන්(මම එහෙම හිතනවා) මෙහෙම දෙයක් ලිවුවට හෝ "ලියවුනාට"
ReplyDeleteයුද්දෙ ?? ඒ මොකක්ද බොල ඒ.... එහෙම අහන තත්වෙක අපේ උන්දල දැන් ඉන්නේ... ඒ කාලේ ජීවිත පුදපු කොල්ලො කෙල්ලො ගැන මතකයක් කොයිද... හ්ම්ම් උබට මතක් උනු එකත් ලොකු දෙයක්
ReplyDeleteහදවතින් අපි යුධ බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ.............
ReplyDeleteලැජ්ජයි අපි ගැන..... අපිට මතක නැති වෙලා. මේ පපුවෙ ගැඹුරින් ම රිදුනා. සමා වෙන්න අමතක වුණත් පපුවේ ගැඹුරින් ම ඔබව තැම්පත් වෙලා.
ReplyDeleteඅපි වෙනුවෙන් කෙලවගත්ත අපේ උන් ගැන වචනයක් අද TV එකේ ඇහෙනවද බං.කුවෙණිට කෙලවපු විජයගෙ පරපුරින් එනහින්දා අපේ අපතයන්ට පාදඩ වැඩ හොදට හුරුයි.අපි දවසක මේ බලු ගතිගුණ අන්තරස්දාන කරන්න ඕන මචං.නැත්නම් බලාගෙන ඉන්න අපිටත් හෙන ගහනව බං..අවදිවෙයන් යකුනේ.බුදිවැදුන ඇති.මනුස්සකම කකුස්සි වලට යන්න ඉස්සෙල්ල නවත්තගමු.
ReplyDelete