ඉර බැසයමින් තිබේ..හන්තාන කන්ද දෙසින් ඉර බැසයන එන හැටි කියා ඔබව අමුතුම අලුත්ම ලෝකයකට රැගෙන යාමට මට උවමනා නැත.කෙදිනක හෝ ඔබත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිනියහොත් ඒ ලස්සන ඔබගේ දෑසින්ම දැක ගත හැකි වනු ඇත.හැකි පමන ඉක්මනින් මේ කතාව ලියා අවසන් කිරීම මගේ එකම අරමුණ වී තිබේ.විශ්ව විද්‍යාලය තව දින කිහිපයකින් පටන් ගනු ඇත.ඉන් පසු මෙම කතාව ලියාගෙන යෑම ඉතාමත් අපහසු වනු ඇත.
පස්වරු හයත් පසු වී තිබේ.
එන්න...අපි හෙමිහිට කතානායිකාවන්ගේ කාමරයට රිංගමු.සමාවන්න.දැන් මේ කාමරයට හොරෙන් රිංගිය යුතු නැත...අපි කාමරයට ඇතුලු වෙමු..යුවතියන්ගේ කාමරය දැන් අපේ කාමරයකටත් වඩා හුරු පුරුදු වී තිබේ.
කාමරයට ඇතුලු වූ වහාම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් කනේ තබාගෙන කාමරයේ ඒ කොනටත් මේ කොනටත් ඇවිදියි.කලවා යන්තම් වැසෙන සේ ඇද සිටි කොටම කොට කලිසම් පොඩියත් සිහින් පටි සහිත ස්කිනියත් ඇයට ක්‍රීඩාශීලී පෙනුමක් ගෙන දෙයි.
රාත්‍රී ඇදුමට මොන ක්‍රීඩාශීලී පෙනුමක්ද...
ඇය වරෙක නොසන්සුන් ශබ්දයක් මුවෙන් පිටකරයි..ඉන් පසු නැවත ජංගම දුරකතනයේ අංක කලබලයෙන් ඔබයි...
මා කතාව පටන් ගත් දිනයේදීම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් රැගෙන එහේ මෙහේ ඇවිදියි යැයි කියුවා නම් ඔබ එක් වරම
"ආ....ඒ නම් තාරිකා"
යැයි පවසනු ඇත.ඒත් දැන් දැන් කතාව වෙනස් වෙමින් පවතී.ඒ සුන්දර යුවතිය හසිනි බව දෙවරක් නොසිතාම ඔබ පවසනු ඇත.
ජංගම දුරකතනයත් රැගෙන ඇය මේ අමතන්නට උත්සහා කරන්නේ කාටදැයි මා සිතටද සැකයක් දැනේ..
සෑම ප්‍රේම කතාවකම මෙන් කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩයි යන මතය ඇය බිද දමාවිද?
හිතවත් පාඨකය..මගේ සීතටද සියුම් දුකක් දැනේ..නිගමනයකට එලඹීමට පෙර අපි තාරිකා කොහේදැයි සොයා බලමු..කාමරය පුරා සොයා බැලුවද ඇයගේ සලකුණක් වත් නොමැත.
"බාත් රූම් එකේ බැලුවද?"
ඔබ මගෙන් විමසනු ඇත.
ඔබ එය පැවසීමටත් ප්‍රතමයෙන් මා එය පරීක්ෂා කර බැලූයෙමි.කාමරයේ සෑම තැනක්ම යනුවෙන් මා අදහස් කලේ එබැවිනි.
කාමර පරීක්ෂාව අවසන් වෙද්දීම වාගේ දොරට තට්ටු කරනා හඩක් ඇසුනි.අතේ තිබූ ජංගම දුරකතනය ඇද මෙට්ටය මතට අත හැර දැමූ හසිනි , වහ වහා දිව ගොස් දොර විවෘත කලාය.එලවලු පිරවූ මලු දෙකකුත් අත් දෙකේ රදවාගෙන තාරිකා දොර ඉදිරිපිට සිටියාය.
"කොහේද බන් ගියේ..මම දැන් පැය භාගෙක ඉදලා කෝල් කරනවා උඹට..ෆෝන් එකත් ඕෆ් කරගෙන.."
එසේ නම් ඇය කලබලයෙන් මෙන් ඇමතුම් ලබා දී ඇත්තේ තාරිකාටය.දැන් නම් හිතේ සතුටින් කතාව ලියාගෙන යෑමට හැකිය.
එලවලු මලු දෙක වරක් ඔසවා හසිනි ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් තාරිකා කාමරයට ඇතුලු වූවාය.
"යන දේවස්තානෙක කෝල් කරලා යන්න එපැයි හරකියේ.තව ටිකක් බලලා මම වෝඩ්න් මැඩම්ට කියන්න ඉදියේ "
"මම උදේ කිව්වනේ බන් හවස එලවලු ගේන්න යනවා කියලා"
"එලවලුවක් ගැන නම් කිව්වේ නෑ..නිර්මාලයා ගැන නම් උදේ කියලා ගියා වගේ මතකයි"
"අනේ මේ නිකන් ඉදපන් කතා හදන්න නැතිව.උගේ හිතේ ඔහොම මගුල් විකාර නෑ.."
"හ්ම්ම්ම්...කැරට් , ලීක්ස් ....යකෝ මේවා ගන්න වෙච්චර වෙලා යනවද? නුවර ටවුමේ උඹ කැරට් වැව්වද? "
එලවලු මල්ල අවුස්සමින් තාරිකා ඇසුවාය.
"තනියම නෙමේ බන් ගියේ..නිර්මාල් එක්ක ගියේ..ඌටත් මොනාද බඩු වගයක් ගන්න ඕන කිව්වා.උගේ බඩු තෝරන්න ගිහින් තමා මෙච්චරම වෙලා ගියේ.."
"ආයි අෆ්ෆා....මුන් දැන් සවාරිත් යනවනේ..ඔහොම්ම හනිමුන් එකත් පලයන්..අපිට කියන්නවත් එපා.."
"අනේ නිකන් කතා හදන්නේ නැතුව ඉදපන්..හොදටම මහන්සියි බන්..මම යනවා වොශ් එකක් දාගන්න...ඔය ටවල් එක මෙහෙට දාපන්"
තුවාය ඉල්ලා සිටිමින් තාරිකා තම අත දිගු කලාය.
හසිනි මොහොතකට නැවතුනාය..ඉන් පසු තාරිකා දෙසට වේගයෙන් දිව ආවාය...
ඇය දිව එද්දීම තාරිකා දකුණු අත එක් වරෙම පසුපසට කර හංගා ගත්තාය..එම අතේ කුමක් හෝ හොරයක් තිබේ.එය අප දැන ගත යුතුමය.
මම ඔබට නැවත මතක් කරමි.කාමරය තුලට ආවාට යුවතියන්ගේ අතින් ඇල්ලීමට අපට අවසර නැත.ඉතින් හසිනි අත අල්ලාගෙන හොරය කුමක් දැයි බලාගන්නා තුරු අපිට ඉවසා සිටිය යුතුවේ.
"පෙන්නපන්...පෙන්නපන් අත..."
එසේ කෑ ගසමින් හසිනි , තාරිකාව ඇද මත පෙරලා ගත්තාය.ඉන් පසු පිටුපසට කල අත අඹරවා ඉදිරියට ගත්තාය.
ඇයගේ අතේ රෝස පැහැ අත් පලදනාවකි.එහි තැනින් තැන පබලු අල්ලා තිබේ.මට නම් එහි ලස්සනක් නොපෙනේ..නමුත් හසිනිට නම් එය හිතට අල්ලා තිබෙන සෙයකි..
"නිර්මාලයා නේද දුන්නේ..ඇත්ත කියපන්...නැතිනම්.."
අඹරවා අල්වාගත් අත වම් පැත්තට කරකවමින් හසිනි කෑගැසුවාය.
"ආ...ආ....ඔව් ඔව්...අත ඇඇරපන්....කියන්නම්..."
තාරිකා පින් සේන්ඩු වූවාය,
"'හරි දැන් කියපන්..."
අඹරවා තිබූ දෑත නිදහස් කරමින් හසිනි ඇද මත හරි බරි ගැසූ වාඩි වූවාය.
"ඔරලෝසු කනුව යට උමග තියෙන්නේ.."
"ඔව්..ඉතින්.."
ඒකේ තිබුණ කඩේක මේක තිබුනේ..මම එතනින් නිකන් යන ගමන් නිර්මාල්ට කිව්වා මේ බ්‍රේස්ලට් එක ලස්සනයි කියලා..එච්චරමයි කිව්වේ...ඊට පස්සේ.."
"හෝව් හිටහන්....ඉතුරු ටික මම කියන්නම්"
හසිනි මැද්දට පැන්නාය..
මම දැන් ඇයට පන්ඩිත කෙල්ල යැයි නොකියමි.ඒ ඇයගේ හැටිය..මීට පෙර දිනක කවුදෝ කෙනෙක් ඇයට පන්ඩිත කෙල්ල යැයි නොකියන ලෙස ඉල්ලා සිටියාය.ඉතින් පාඨකය, ඇය පණ්ඩිත කෙල්ලක් නොවේ.
"උඹ එලවලු මාකට් එකේ එලවලු තෝරන අතරේ ඌ උඹටත් හොරෙන් ගිහිල්ලා ඔය බ්‍රේස්ලට් එක අරගෙන ඇවිල්ලා උඹේ අතින් අල්ලලා....."
එසේ කියමින් ඇය එක් දණහිසක් නවමින් ඉදගෙන තාරිකාගේ අතින් අල්ලා ගත්තාය.
"තාරි...මාගේ කුලුදුලේ කරනා පස් වෙනි ප්‍රේමය පිලිගන්න ...කියලා බ්‍රේස්ලට් එක උඹේ අතේ බැන්දා"
"අනේ පලයන් යන්න..බැන්දේ නෑ බන්...මට දුන්නා..."
"හරි හරි...දුන්නත් එකයි බැන්දත් එකයි..හැබැයි මගුල මටත් කියපන් හොදේ.."
"අනේ බයිලා නවත්ත ගනින්..මම යනවා නාගන්න"
තුවායත් කරේ දමාගනිමින් තාරිකා නානකාමරය දෙසට හැරුනාය..
"ඒ..මේ පොඩ්ඩක් ඉදපන්..අද මාර වැඩක් උනානේ..."
"මොකක්ද? උඹ අර උදේ කලබලෙන් කෝල් කරලා හවසට කියන්නම් කියපු සීන් එකද?"
"ඔව් ඔව් බන්..ඒක තමා."
"ඉතින් මොකක්ද උනේ?
"පොට්ටයා මගේ පස්සෙන් ඇවිල්ලා උඹේ ෆෝන් නම්බර් එක ඉල්ලුවනේ.."
තාරිකාගේ දෑස් උඩගියාය..නානකාමරය දෙසට තැබූ දෙපය ආපසු ඉබේම හැරුනි.
"ඉතින් උඹ දුන්නද?
"පිස්සුද...මම කිව්වා උඹේ ෆෝන් නම්බර් එක තියෙන්නේ මගේ ෆෝන් එකේ, මම ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කියලා..."
"අම්මෝ.,..ඇති යන්තම් උඹට එහෙම බොරුවක් වත් කියාගන්න මොලේ තිබුනා.."
"මොලේ නෙමේ..හෙට උදේට මම ඉවරයි.."
"ඇයි?"
"මම උඹට කෝල් කරපු වෙලේ , ඌ දැක්කා මගේ අතේ ෆෝන් එක තියෙනවා.."
දහවල් වරුවේ සිදු වූ සියලු සිදුවීම් ඔබත් , මමත් , මලිතුත් , හසිනිත් හොදාකාරවම දනීමු..නොදන්නේ තාරිකා පමනි.ඉතින් හසිනි සියලු විස්තර තාරිකාට පවසන තෙක් අපි පිරිමි නේවාසිකාගාරය වෙත ඉක්මන් ගමනින් ඇවිද යමු..
නිතර නිතර රාමනාදන් ශාලාවේ යුවතියන්ගේ කාමරයේම රැදී සිටි නිසා අක්බාර් ශාලාවත් දැන් නුහුරුය.කෙසේ හෝ නිර්මාල්ගේ කාමරය සොයාගෙන අපි එයට ඇතුලු වෙමු..
අපි කාමරයට ඇතුලු වෙද්දීත් කාමරය ඇතුලත කතාවක් සිදුවෙමින් පවතී.
"රුපියල් 100ක් ඉවරයි එහෙනම්"
කාමරය තුල සිටි මිතුරා නිර්මාල්ගෙන් අසයි..
"100 වගේද බන් මේක ගොඩ ගියොත්"
"දැන් බලපන්..මුලින් ඔය අතේ බදින මල ඉලව්ව..පස්සේ සෙන්ට් බෝතල්..පස්සේ ඇදුම්...දවල් කෑම..කෙල්ලෙක් එක්ක යාලු උනාම ඔය දේවල් වලට බජට් එක වෙන් කරන්න වෙනවා.රුපියල් විසි පහේ කෑම එක කාලා ඉන්න අපිට මොන බ්‍රේස්ලට් ද බන්"
ඇද රෙද්ද ගසමින් මිතුරා පැවසුවේය.
"උඹට ඔය ඉරිසියාව තියෙන්නේ..ඔන්න ඔය ලයිට් එක ඕෆ් කරලා නිදාගනින්..හෙට උදේම යන්න තියෙනවා.."
යුවතියන්ගේ කාමරයේ අපි ගත කල වේලාව හොදටම වැඩිය.පිරිමි ලමුන්ගේ දෙබස් වලින් අපට ඇසුනේ අවසාන දෙබ්ස් කිහිපය පමනි..
"ක්ලික්"
හඩින් පසු කාමරයම අදුරේ වෙලුනි.
දැන් නම් තවත් කොහේ හෝ යන්නට කම්මැලිය.හෙට උදේ වන තෙක් අපිත් කොහේ හෝ වැටී නිදා ගනිමු..
ගැහැනු ලමෝ මෙය කියවයි නම් ඔබට මෙහි නිදා ගැනීමට අවසර නැත.මෙය පිරිමි නේවාසිකාගාරයකි..
පසු දිනයේ සූර්යා අහසේ නැග එද්දීත් පිරිමි ලමෝ දෙදෙන හොදටම නිදිය.තව දුරටත්
මෙහි රැදී සිටීමෙන් පලක් නොමැත.එන්න අපි රාමනාදන් ශාලාව වෙත පිය මනිමු.
අපි ඒ දෙසට ඇවිද යද්දීත් තාරිකා සහ හසිනි හාදු වංගුවත් පසු කර තිබුනාය.හසිනි ඇද සිටියේ සුදු පැහැ කමීසයකි.සුදු පැහැය ඇයට හොදින් ගැලපේ.කලු පැහැයද එසේමය.ඇයට ගැලපෙනා ඇදුම් මොනවා දැයි ඔබටම තේරුම් ගැනීමට හැකි වන ලෙස ඇයගේ ඡායාරූපයක් බ්ලොග් අඩවියේම දැමීමට මට සිත් දෙයි.ඇයගේ Facebook Account එකේ ඇය පමනක් තනිව සිටිනා ඡායාරූප කිසිත් නැත.එබැවින් මම එම අදහස අත් හැර ගතිමි.අනික මෙහි ඡායාරූපයක් දැමුවහොත් හොද නැත්තේ ඇයටය.මටත් නොදැනීම මගේ හිතත් ඇය ගැන වද වෙනවා මට හැගේ.
කතාව ගලායන ආකාරය නිසා තාරිකාගේ ඇදුම් පැලදුම් විස්තර කිරීමෙන් මම වැලකී සිටිමි.
"නංගි"
නැවතත් පෙර තිබූ ගොරෝසුකටහඩම පිටු පසින් ඇසුනි.මෙවර එය සැරපරුශ ලෙස ඇසුනේ නැත..එය විදානයක්ද නොවීය..එබැවින් යුවතියෝ දෙදෙන එක තැනම නතර වූවාය.
"උදේ ලෙක්චර්ද?"
කවදාවත් අසා නොමැති අහිංසක හඩකින් මලිත් ඇසුවේය.
"ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
පිලිතුර හසිනිගෙනි..
පිලිතුර හසිනිගෙනි..
උඹෙන් නෙමේ නංගි ඇහුවේ..මම ඇහුවේ තාරාවගෙන්
"ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
තාරිකාද පිලිතුරු දුන්නාය,
"අනේ මේ..දැන් සාමාන්‍ය කතාවක් යන්නේ...ජ්‍යේෂ්ඨතුමා කෑලි ඕන නෑ..."
"නියපොතු වල පාට මැකුණද?"
"ඔව් ජ්‍යේශ්ඨතුමා.."
"අයියේ කියපන් බන්...සාමාන්‍ය කතාවක් යන්නේ.."
"ඔව් අයියේ..."
"ඒවා මකන් එන්න කිව්වේ උඹලා එක්ක තරහට නෙමේ බන්..මේකට එන්නේ සාමාන්‍ය අම්මා තාත්තගේ එව්වෝ.නිකමට හිතපන්..උඹ මේකප් දාලා මාල දාලා මාර පොශ් විදිහට ආවට පස්සේ මේකප් දාන්න තියා දවල්ට කන්නවත් සල්ලි හොයාගන්න අමාරු අම්මා තාත්තගේ එකාට දුක හිතෙනවා නේද? "
"ඔව් අයියේ.."
"අන්න ඒකයි එහෙම එන්න කිව්වේ...නැතුව තරහකට නෙමේ.."
මලිත් එසේ පවසමින්ම හසිනි දෙස හැරුනේය.
"මම උඹෙන් ෆෝන් නම්බර් එකක් ඉල්ලුවේ මේ ටික කියන්න..මේක උඹලට කිව්වේ නැති නම් හිතයි අපි මහා යක්කු ජාතියක් කියලා"
"දැන් පලයල්ලා"
එම විදානයත් සමගම යුවතියෝ දෙදෙන ආපසු හැරුනෝය.පියවරක් ඉදිරියට තබද්දීම
"ඔහොම නැවතියල්ලා.."
යුවතියෝ නැවතුනෝය.අහිංසක මලිත් ගේ කටහඩ වෙනුවට වෙනත් කටහඩක් ආදේශ වී තිබුනි..
"පෙන්නපන් උඹේ අත"
තාරිකා දෙසට අත දිගු කරමින් මලිත් තර්ජණය කලේය,
තාරිකා බියෙන් අත දිගු කලාය.ඇයගේ අතෙගි තිබූ රෝස පැහැති අත් පලදනාව තම අතින් අල්ලා ගත් මලිත් තාරිකාගේ දෑස දෙස එක එල්ලේ බැලුවාය.උපැස් යුවල නිසා මලිත්ගේ දෑස තාරිකාට එක එල්ලයේ නොපෙනේ..නමුත් උපැස් යුවල පිටුපස ඇති දෑස් කෝපයෙන් දිලිසෙනු ඇතයි ඇයට සිතුනාය.
එක පාරක් නිදහස දුන්නාම තොපි එනවද මේක කෝලම් මඩුවක් කරන්න..ගලවපිය තොගේ අතේ තියන බලු පටිය...
"උඹට හෙන ආතල් ඇති නේ නංගි..උඹලා හෙන පොශ් කෙල්ලෝ නේ.."
අත් පලදනාව තම අතට ගනිමින් මලිත් පැවසුවේය.
තාරිකාගේ දෑසේ පනින්නට ඔන්න මෙන්න පොරකන කදුලු බිදු දෙකකි.මා කතාව ආරම්භයේත් ඔබය යමක් කියූවෙමි..
සත්තකින්ම යුවතියට මේවා හුරුපුරුදු නැත..
"ඉක්මන්ට යන්න ඕන නේ උඹලට..හිටපල්ලකෝ.."
මලිත් කිහිප වරක් වට පිට බැලුවේය.ඉන් පසු නැවත කතා කරන්නට පටන් ගත්තේය.
"මේ පාරේ ඇවිදගෙන එන හැම කොල්ලා ගාවටම ඔලුව පහත් කරගෙන ගිහින් මම මේ කියන හැම අකුරක්ම අඩු කරන්නේ නැතුව කියපන්.ඇහුනද උඹට?"
"ඇහුනා ජ්‍යේශඨතුමා..."
"ගිහින් පද්ද පද්ද කියපන්..මෙහෙම...."
එසේ කියමින් මලිත් තාරිකාගේ දෑස් දෙස බැලුවේය..යුවතිය හඩන්නට ඉකිබිදිමින් මලිත් දෙස බලා සිටී..
"මම ඔයාට ආදරේයි...මාව බදිනවද?"
ඉන් පසු තත්පර තුන හතරක නිශ්ෂබ්දතාවයකි..
"හරි දැන් මට කියපන්.."
යුවතිය ගොලු වී සිටියි.මලිත් ඇය දෙස කන්නට මෙන් බලා සිටියි..කිසිත් කරන්නට නොහැකි තැන ඇය එම වචන කිහිපය කියන්නට තීරණය කලාය.
"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?"
යුවතිය කට පාඩමෙන් මෙන් කියාගෙන ගියාය..
"යකෝ උඹ කවද හරි ආදරේ කරන්නේ පිදුරුතලාගල කන්දටද?..හැගීමෙන් කියපිය"
"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?.."
යුවතිය එවර නම් හැගීමෙන් කියුවාය.කොතරම් හැගීමෙන් කියුවාදැයි කිවහොත් මලිත් ඇය දෙස තත්පර පහකට වැඩි කාලයක් නිසලව බලා සිටියේය..
සිතුවිලි දැහැනෙන් මිදුනු ඔහු ඉන් පසු කතා කලේය..
"ආන්න හරි...දැන් ඕක කිය කිය පලයන්...එකෙක්ට හරි කියන්නේ නැතුව ගිහින් තිබුනොත් බලා ගමු.."
යුවතියෝ දෙවන වරටද ආපසු හැරුනෝය..
"ඒයි උඹ කොහේද හැරෙන්නේ...උඹට යන්න කිව්වේ නෑ.."
ඒ තර්ජනය හසිනිටය....
හසිනි සහ මලිත් තනිකරමින් තාරිකා ගියේය.
ඇය පසුකර යන සියලු පිරිමි ලමෝ සිනහසෙමින් යනු පමනක් ඈතට පෙනුනි..
"උඹ අල්ලගන්න තමා ඉදියේ..උඹ ඊයේ ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කිව්වා නේ.."
හසිනි උඩ ගොස් බිම වැටුනාය..තාරිකාට වඩා යමක් ඇයට සිදුවීමට යන බව ඇයට ඉවෙන් මෙන් වැටහුනාය..
ඇයට සිදුවන්නේ කුමක්ද..මෙම කතාව කියවන ඔබ , මා එය පවසන තෙක් නොයිවසිල්ලෙන් බලා සිටිනවා ඇත..නමුත් සමාවන්න..එය මම සහ හසිනි පමනක් දැන සිටීම ප්‍රමානවත්ය.කතාව කියනවා යැයි ඔබට පොරොන්දු වූවාට කතාවේ හැමදේම ඔබට පවසන බවට මම පොරොන්දු නොවුනෙමි.ඉතින් අද කතාව මම මෙතැනින් නවත්වමි.මේ කතාව ලියන්නේ මමය.ඉතින් මා ලියන්නේ මට වුවමනා කරනා දේවල් පමනි..
-------------------------------------------------------------------------------------
මතකය -
කැම්පස් පටන් ගන්නේ 18 වෙනිදා උනාට ගෙදර ඉදලාම දැන් ඇති වෙලා.හැමදාම ඒකාකාරීව ජීවිතේ ගෙවන්න බෑ.ඕන දෙයක් කියලා හිතලා මම අදම කැම්පස් යනවා කියලා හිතාගෙන අල්මාරිය ඇරලා අදින්න ඇදුම් තුන හතරක් අරන් නවලා ඇද උඩින් තිබ්බා.ඇදුම් දාන්න බෑග් එක හොයනකොටයි තේරුනේ බෑග් එක මේසේ උඩ නෑ.ම්ට හොදට මතකයි ඊයෙත් බෑග් එක මේසේ උඩ තිබුනා කියලා.අම්මා හෝදන්න දාලද දන්නෑ..
ඉක්මනට ඉක්මනට අම්මා ගාවට දුවලා ගියා.බෑග් එක හේදුවට කමක් නෑ බෑග් එකේ පොඩි pocket එකේ shipper එක අම්ම ඇරලා බැලුවොත්.එහෙම උනොත් විනාසයි.
හිතුවා වගේම බෑග් එක රෙදි වැලේ වේලෙන්න දාලා..
දන්න හැම දෙයියෙක්වම සිහි කර කර ගිහින් බෑග් එක වැලෙන් අර ගත්තා..ඉස්සෙල්ලාම අත ගියේ පොඩි pocket එකට..
හුටා...
හිතුවා වගේම මෙච්චර කල් පරිස්සම් කරපු දේ එතන නෑ..
හිතේ සැකේ යන්න දෙපාරක් තුන් පාරක් බෑග් එක එහාට මෙහාට පෙරලා පෙරලා බැලුවා.
"මොකක්ද හොයන්නේ? , මේකද?"
පිටිපස්සෙන් ආපු සද්දයක් නිසා මම හැරිලා බැලුවා...
අයියනායක දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ.. රෝස පාට ඇට ඇට තියෙන බ්‍රේස්ලට් එකත් අතේ තියාගෙන අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා..
"ඔය මොකක්ද?.ඕකක් නෙමේ මම හෙව්වේ...මේක ඇතුලේ මම කරපු Assignment එකක් තිබුනා.ඒක දැන් නෑ...අම්මා හෝදද්දී ඒක අයින් කරාද?"
අතේ පැලවෙන කෙබ්බයක් දෙපාරක් හිතන්නේ නැතුවම මම ඇදලා ඇරියා.
"ඔය පොඩි පොකට් එකේ කොහොමද Assignment එකක් දාන්නේ.."
හුටා..
එතකොට තමා මටත් ඒක මතක් උනේ..දැන් දීපන්කෝ උත්තර..
"නෑ නෑ...Assignment එකක කටු සහහන් වගයක්.."
කටුසටනක් නෑ තිබුනේ නෑ.මේන් මේක නම් තිබුනා..."
බ්‍රේස්ලට් එක මගේ ඇස් ඉස්සරහ එහාට මෙහාට වැනෙනවා...දෛවයත් කොලොප්පම් කරන්නේ මටම නේ..
"ඕක ෆැකල්ටියේ කාගේ හරි කෙල්ලෙක්ගේ වෙන්න ඇති.ට්‍රිප් යද්දී බෑග් මාරු කරගන්නව නේ..එතකොට අමතක වෙන්න ඇති."
මුලින් කියපු බොරුත් බොරු වෙන විදිහේ බොරු ටිකක් ඇදලා බාලා වැඩේ හොදටම නෝන්ඩි වේගෙන එනකොට බ්‍රේස්ලට් එකත් අරගෙන මම පැනගත්තා.
බඩු ටිකත් ලෑස්ති කරගෙන එලියට අඩිය තියද්දිම චූටි මල්ලී පන්ති ඇරිලා ගෙදර එනවා..
"කොහේද යන්නේ?"
"මම යන යන තැන තොට කියන්න තෝ ජනාඪිපතිතුමාද?"
"ඔව් ඒ වගේ...කැම්පස් එකට නේ යන්නේ?"
"ඔව් කැම්පස් එකට තමා "
"ඉතින් අයියේ 18 නේ කැම්පස් පටන් ගන්නේ...දැන්ම යන්නේ මොකො? "
"තොට නෑනා කෙනෙක් ගේන්න යන්නේ"
එහෙම කියාගෙනම මම ඉස්සරහට ගියා...
ඇයි වදේ..අපි යන තැන් දැන් අම්මට , තාත්තට අමතරව මල්ලිලාටත් කියන්න වෙලානේ.
"මේ...ලොකු අයියේ..."
මම හැරිලා චූටි මල්ලි දිහා බැලුවා..
"කවුද නෑනා..? හසිනි අක්කද? තාරිකා අක්කද? "
"හසිනි අක්කා"
මම එහෙම කියන්න හිතලත් කට වහගෙන එතනින් මාරු උනා.කොච්චර කරත් චූටි මල්ලිට නෝන්ඩි වෙන්න බෑ නේ..ඕක තමා කියන්නේ බ්ලොග් එකක කතාවක් ලිව්වත් ඒක මල්ලිලට අහු වෙන්න ලියන්න එපා කියලා..
කොච්චියෙන්ම කොළඹට ගිහිල්ලා වෙනදා වගේම බදුල්ලේ කෝච්චියේ එල්ලුනා..බදුල්ල කෝච්චිය කියන්නේ මතක ගොඩක්.ඔව්..මේක තමයි ඒ කොච්චි පෙට්ටිය..
Welcome එක , එහෙමත් නැත්නම් Social එක ජූනියර් බැජ් එකට දීලා හරියටම සතියකට විතර පස්සේ , ඒ කියන්නේ එයා මට ආදරෙයි කියලා සතියකට පස්සේ දවසක් වෙනකල් මගේ මතකය දුවලා ගියා..
" මේක මතකද? "
සාක්කුවේ තිබුන බ්‍රේස්ලට් එක අතින් අරගෙන මම ඉශාරගෙන් ඇහුවා..
එයාගේ තිබුනේ හිස් බැල්මක්..ඒ බැල්ම දිහා එක එල්ලේ බැලුව නම් මට තේරුම් ගන්න තිබුනා එයා මට කරන්නේ ආදරයක් නෙමේ කියලා..ඒත් ඒ ඇස් දිහා බලන්න තරම් හයියක් මට තිබුනේ නෑ.ඇස් දිහා බැලුවහම මතක් උනේ සජිනිව..ඉතින් මම බ්‍රේස්ලට් එක දිහාම බලාගෙන ඉදියා..
"මතකයි අයියේ.."
"දැන් ඉතින් මේක මගේ ලග තියාගෙන ඉදලා වැඩක් නෑ නේ..ඕන්න දැන් ඒක නියම අයිතිකාරි ලගටම ගියදෙන්..කෝ දෙන්න අත...ගලව ගත්තේ මම නේ..මමම ඒක දාන්නම්.."
එහෙම කියලා බ්‍රේස්ලට් එකත් එක්ක මම එයාගේ අත දිහාවට මගේ අත දික් කරා..
"නෑ අයියේ..."
අත පැත්තකට අරගෙන එයා කතා කරන්න ගත්තා..ඒක පැත්තකට ගත්තා නෙමේ මගේ අත ගසලා දැම්මා කියලා එදා මට තේරුම් ගන්න බැරි උනා...ඇත්තටම ආදරේ කරද්දී මොන පිරිමිය උනත් සෑහෙන්න බොලද වෙනවලු..ඒ කතාව නම් සහතික ඇත්ත..
"අයියා ඕක තියාගන්න..මාව මතක් වෙන්න හැමදාම ඕක තියාගන්න"
"අනේ පිස්සී...මට ඔයාව අමුතුවෙන් මතක් වෙන්නේ නෑ...මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්වනේ..ඔයා එක මොහොතක් වත් මට අමතක වෙන්නේ නෑ..ඉතින් ඒක නිසා අමුතුවෙන් ඔයාව මතක් කරන්න ඕන නෑ.."
මම හෙන රොමෑන්ටික් ටෝකක් දුන්නා..
"කමක් නෑ අයියා ඕක තියාගන්න..මම වෙන එකක් ගන්නම්.."
"ආ...නියමයි අදහස...මම මේක තියාගන්නම්...ඊට පස්සේ ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්..එතකොට හරි නේ වැඩේ..."
"හ්ම්ම්ම්ම්..හරි.."
එයා එච්චරමයි ඒ ගැන කිව්වේ...
කෝච්ච්චිය ගැස්සෙද්දී ආයේමත් මම පියවි ලෝකෙට ආවා.නුවර යන්න තව පැය දෙකක් විතර යනවා..බෑග් එක ඇරලා laptop එක අරගෙන අද කතාවේ මතකය කියන කොටස ලිව්වා..පැය දෙක ඇතුලතම ඒ කොටස ලිව්වා.ඔයාලා බලනවා ඇති මේ පොඩි කොටස ලියන්න පැය දෙකක් යන්නේ කොහොමද කියලා.
ඒත් මේ පොඩි කොටස මට මතක කන්දක්...මේ ලියපු හැම වචනයකම තියෙන්නේ ඒ මතකය..
ගෙදර ඉදිය නම් එක පාරක් අඩලා විනාඩි ගානකින් ලියලා දාන්න තිබුනා..ඒත් මේක කොච්චිය..ඒකෙත් තුන් වෙනි පන්තිය.මගේ ඉස්සරහා ශීට් එකේ තව තුන් දෙකෙන් මූනට මූන බලන් ඉන්නවා..මම කතාව ලියන්නත් ඕන..හැගීම් හංග ගන්නත් ඕන..මේක මහා ගින්දරක්...

