Sunday, 31 July 2011

සුභා අක්කා... ...


,මේ පෝස්ට් එක සංවේදී කරන්න පුල්වන්....ගොඩා...ක් සංවේදි වෙන්න ලියන්න පුල්වන්.ඒත් එහෙම කරලා තව තවත් අඩන්න දුක් වෙන්න මට බෑ.මොකද එයා වෙනුවෙන් හෙලන්න තවත් කදුලු මට නැති නිසා.
සුභා අක්කා....කවුද මේ....
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව බලා ගත්තු කෙනා තමයි එයා..
ගොඩක් වෙලාවට පොඩි කාලේ මමයි අපේ මල්ලියි ගහ ගන්නවා..ඒ වෙලාවට දුවගෙන ඇවිල්ලා අපේ රන්ඩුව මැද්දට පැනලා ඒ රන්ඩු නවත්තන්නේ සුභා අක්කා..


             එයා හරියට මට සහෝදරියක් වගේ..මමත් එයාට ගොඩක් ආදරේ කරා..එයත් එහෙමයි.. මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ වෑන් එක ලගටම ගෙනල්ලා ඇරලවනවා..ඊට පස්සේ තමා එයා ඉස්කෝලේ යන්න ඇදගන්නේ..මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන එන්නේ සුභා අක්කත් එක්ක සෙල්ලම් කරන්න...ඒක මහා පුදුම බැදීමක්


           මේ සිදුවීම උනේ මට වයස අවුරුදු 6 ක් විතර උනාම මම හිතන්නේ..එදා පුරුදු විදිහටම අපි වත්තේ සෙල්ලම් කර කර ඉදියා..
එතකොටම කොහේද ඉදලා දුවගෙන ආපු තඩි බල්ලෙක් බුරාගෙන අපේ දිහාවට එනවා..සුභා අක්ක්යි මමයි විතරයි මිදුලේ..අපි දෙන්නටම කර ගන්න දෙයක් නෑ..බල්ල කඩාගෙන ආවේ මගේ දිහාවට..සුභා අක්කට හොදටම පුලුවන් කම තිබුනා දුවලා බේරෙන්න..ඒත් එයා එහෙම කරේ නෑ..


              එයා කෙලින්ම දුවගෙන ආවේ මගේ දිහාට..ඇවිල්ලා මාව වඩා ගත්තා.වඩාගෙන අඩි දෙකක් තියෙන්න උනේ නෑ අර බල්ල අක්කව හැපුවා..මට හොදට මතකයි..මම අක්කගේ අතේ ඉදගෙන කෑ ගහනවා..අක්ක එක අතකින් මාව වඩාගෙන අනිත් අතින් බල්ලව එලවන්න මහන්සි ගන්නවා..ඒ මදිවට අක්කගේ කකුලෙන් ලේ ගලනවා..ඒත් අක්ක කොයිම මොහොතකවත් මාව අත ඇරියේ නෑ..
 අපේ කෑ ගැහිල්ල ඇහිලා අම්මලා දුවගෙන ඇවිල්ලා බල්ලව එලවලා දැම්මා.. ඌ පිස්සු බල්ලෙක් කියලා පස්සේ තමා දැන ගත්තේ..ලේ ගලන අස්සේ සුහා අක්කා අහනවා 'මල්ලිට කරදරයක් නෑ නේද ' කියලා..ඒක මට තාමත් මතක් වෙනවා අක්කේ..
කොහොම හරි අක්කට ගොඩක් අමාරු උනා..අක්කව කෙලින්ම ගෙනිච්චේ කරාපිටිය ඉස්පිරිතාලෙට..අවාසනාවට මට යන්න උනේ නෑ..
            ගෙදරට වෙලා මම හිටියේ ගොඩක් බයෙන්..අනේ සුභා අක්කට කරදරයක් වේවිද....මගේ හිතට ගොඩක් බයයි...
ටික වෙලාවකින් ආයේ අක්කව ගෙනාවා..අක්කගේ ඇස් වල කදුලු..මම ගොඩක් බය වෙලා...අඩනවා...අක්ක මගේ ලගට ආපහු ආවා..ඇවිල්ලා ඇහුවේ ආයෙමත් පරන ප්‍රශ්නෙමයි..."මල්ලිට තුවාල නෑ නේද"


          ඊට මාස තුනකට විතර පස්සේ අක්කායි කමලා නැන්දයි අපේ ගෙදරින් ගියා..ඒ යන දවසේ අපි ගොඩක් වෙලා ඇඩුවා...
තවත් අවුරුද්දකට ව්තර පස්සේ තමා අපිට ආරන්චි උනේ අක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා කියලා...එදා අපි ගියා මල ගෙදර...අක්කගේ ලස්සන මූන බැන්ඩේජ් පටි වලින් ඔතලා..ඒ අක්කද කියලා අදුර ගන්න බෑ..මම එතනත් කෑ ගගහා ඇඩුවා මේ ඉන්නේ මගේ අක්ක නෙමේ කියලා...
අදටත් මම ආදරේ සුභා අක්කට..මට ආදරේ කියලා ඔප්පු කරපු එක්කෙනෙක් තමා එයා....


      එයා අපිත් එක්ක හිටිය නම් සමහර විට එයාගේ ජීවිතේ විතරක් නෙමේ අපේ ජීවිතත් වෙනස් වෙන්න තිබුනා
එදා අර බල්ල මාව හැපුව නම් සමහර විට අද මම මෙතන නෑ....ඒත් අද ඒකේ අනිත් පැත්ත වෙලා ත්යෙන්නේ...මම මෙතන ඉන්නවා..මගේ අක්කා මෙතන නෑ...

                                                                         (අක්ෂරයට ලියූ ලිපියකි )

Thursday, 28 July 2011

Twitter සිංහල - ඉංග්‍රීසි පන්තිය..........................



                  මේක Twitter එකේ රස කතාවක්.. සමහර ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කරාම මරු මරු සීන් තමා වෙන්නේ.පහුගිය දවසක ටුවිටර් එකේ පටන් ගත්තු මේ සෙල්ලම සෑහෙන්ඩ ජනප්‍රිය උනා.ඒකේදී සිංහලට පෙරලිච්ච වචන ටිකක් දාන්න ඕන කියලා හිතුවා..මහජන සේවය පිනිසයි

  • cow girl = ගොං කෙල්ල
  • Food City = කෑම නගරය
  • Crysis = අඩන සහෝදරිය
  • wordpress = අකුරු මිරිකනවා
  • Call of Duty = වැඩට කතා කරන්න
  • Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
  • GoDaddy = පලයං තාත්තේ
  • Iron man = මැදපන් මිනිහෝ
  • Werewolf = වෘකයා කෝ?
  • How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
  • Naughty America = වනචර ඇමරිකාව
  • x men = ලිංගික මිනිස්සු 
  • she is pretty = එයා හෙන කෑල්ල
  • Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
  • Son of a Bitch = බලු පැටියා
  • 64bit = හැටහතර මායම්
  •  What a wedding? = මොන මගුලක්ද?
  • Bat man - පිති මිනිහා
  • the Devil's Double - යකාගේ දෙක
  • Forest Gump = අනර්කලී  
  • Arsenic = නාථ දෙයියො 
  • I am number four = අද පෝලිම එච්චර දිග නෑ  
  • Java = ජරාව
  • Sourcerer's Stone = මායාකාරයාගේ ගල
  • motherboard = අම්මා පුවරුව
  • Cars 2 = කාර් දෙක
  • Android = අන්දරේ 
  • Roger that = රොජර් සෙනෙවිරත්න
  • prisoner of azkaban = සරත් ෆොන්සේකා
  •  Inception = හම්බන්තොට වරාය
  •  Microsoft = මාර සිනිදුයි
  • Attack of the Killer Tomatoes (1978) =පට්ට තක්කාලි වලට ගේම දියන්
  • Catch me If you can (movie) = සක්විති රණසිංහ 
  • Mission Impossible 4 = හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි..!  
  • Coca-Cola = කොකා කොල පාටයි
  • LMAO = මේවට මට පු*නුත් හිනා
  • IPhone = මම ෆෝන් එකක්
  • Electricity = පාඨලී  
  • Anonymous = අවලමා
  • Blow Job = පිඹින රස්සාව 
  • The Mist = බොඳ මීදුම්
  • The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
  • Gay = ගේ කුරුල්ලෙක්
  • My friends hot mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා 
  • Son of a Bitch = එස්.බී
  • Pirates Of The Caribbean = මහ රජතුමා හා සේනාව 
  • no country for old men = නාකින්ට රටක් නෑ  
  • Mother Fu*ker = තාත්තා
  • shemale = ධනුක  
  • piss = හුරිජ්ජ
  • 3idiots = මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින්  
  • Arpico = ආපි කෝ...... ආවදෙන්කෝ
  • Fuck you= හු*පිය! :P

    අම්මෝ....තව මහා ගොඩක් තියෙනවා...ඒ ටික බලන්න ඕන නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න
    තව වචන හිතට එනව නම් කමෙන්ට් එක විදිහට දැම්මත් අවුලක් නෑ... :)




    Saturday, 23 July 2011

    මඤ්ඤන් කවි.....................


    අම්මේ හද පායලා
    ඊයේ හවස වහින්න ලගයි
    නුබේ හිත් අහස මගේ නේද
    දැන්වීම් ඇලවීම තහනම්

    එක එක විදිහේ දුරකතන
    සීයක් දෙසීය පහනයි
    මුකුත් නෑ කවුද බන් ඒ ආවේ
    දැන් පෙන්නනවා ෆිල්ම් එක

    මිස්කෝල් දහයක් එක දිගට
    පාන්දර නැගිටින්න
    පාපිස්ස හේදුවද
    චූ බරෙන් මම ඉන්නේ

    නිදි මතට කවි කියලා
    ආදරේ අහස තරම්
    මුහුදේ රැල්ල ගහනවලු
    දැන් වෙලාව කීයද

    කඩුවෙ කැපෙන්නේ නෑ
    නායකයෙක් වෙන්න ඕනා
    යෝගට් එකක් කනවද
    බිම ටයිල් අල්ලලා