Saturday, 4 August 2012

බස් රේඩියෝ එකට සම්මුඛ මෙව්වා එකක්.......


පසුගිය දිනක බලෙන්ම වගේ බස් රේඩියෝ එක මගේ කාමරේට කඩාගෙන පැන්නේය.ජේඩී අයියාගේ තර්ජනය කිරීම් හා අයේශා අක්කාගේ සුකුමාල අප්සට් වොයිස් එකෙන් කුජීතව ගොස්, හොස්ටල් එකේ කාමරය කඩාගෙන කවුරුන් හෝ කුණුහර්පයක් කියාගෙන ඒවි‍යැයි බියෙන් ලබා දුන් ජුගුප්සාජනක සම්මුඛ මෙව්වා එක පහතින් දක්වමි...ඩොන්ගල් එකට හෙන ගසා ඇති නිසා සිග්නල් අබිලික්ය.හොද වෙලාවට සමහර පුද්ගල නාම කැපී ගොස් ඇත..

හිරු හිමාවීගේ සහ ගැමියාගේද සංසුන් කතා අන්තර්ගතය..මෙම විශේෂ පැකේජය තොග අවසන් වන තුරු පමනයි :ඩී

මොකක්ද මේ #TPLSL කියන්නේ..


කාලෙන් කාලේ Twitter එක පැත්තේ එක එක වැඩ සිද්ද වෙනවනේ.මීට කලින් Twitter එක ගැන දාපු පෝස්ට් එකටත් සෑහෙන්න ප්‍රතිචාර තිබ්බා.ඒක ගෙඩි පිටින් කොපි කරලා facebook එකේ එක එක ලෝක වල එක එක වත්ත වල ක්‍රිකට් සමාජත් share කරන්න කිය කිය ගියා.
මේ දවස් වල නම් twitter එකේ ජනප්‍රිය අංග දෙකක් තියෙනවා.එකක් #TweetUpSL 3 .ඒක ගැන ඉස්සරහට විස්තර දාන්නම්කෝ..අනිත් එක තමා හෙට පැවැත්වෙන #TPLSL එක..හැබෑට ඒ මොකක්ද බොලේ...
ඒක ඇවිල්ලා ක්‍රිකට් තරගාවලියක්..හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ Twitter සමාජ ජාල වෙබ් අඩවිය අස්සේ ඉදන් එක එකාව හම්බෙන කට්ටිය විතරක් සහභාගී වෙන එක.මේ ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන්නේ Etisalat ආයතනය.ඕන්න හෙට දවසේ CH & FC ක්‍රීඩාංගනයට ආවොත් රත්ගමයත් ක්‍රිරිකට් සෙල්ලම් කොරනවා බලාගන්න පුලුවන් :ඩී
මේකට සහභාගී වෙන කණ්ඩායම් ගණන 12.ඕන්න එහෙනම් ටීම් ටික බලාගන්නකෝ


Team 1: 
 

Team 2
Team Hashtag

Team 3 

  4th team 

5th team  

Team 6

7th team in  

8th team   

Team9


මෙන්න මේක තමා කුසලානය දිනන ටීම් එක...

The 10th team   
 

  12th team

 

Wednesday, 25 July 2012

"ආත්මගරුත්වය" - (කෙටිකතාව)


"නම"
"සිරිසේන"
"වයස"
"අවුරුදු 56යි මහත්තයෝ" 
 "මොනවා කරන්න ගිහින්ද කවව්ව ගත්තේ"
"අනේ මුකුත් කරන්න ගියේ නෑ මහත්තයෝ.අපේ ග්‍රාමසේවක මහත්තයගේ බල්ලා.මම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දුවගෙන ඇවිල්ලා හැපුවේ.මට හෙල්ලෙන්න වත් වෙලාවක් තිබුනේ නෑ"
"හ්ම්ම්ම්.."

දොස්තර මහතා කුඩා සටහන් පොතේ  මොන මොනවාදෝ කුරුටුගානවා සිරිසේන බලාගෙන සිටියේය.කකුල රිදුම් දෙනවාට වඩා හිතේ ඇතිවෙන වේදනාව උහුලා ගත නොහැකිව සිරිසේන සුසුමක් හෙලුවේය.එක් අතකින් රුවන්ත හරිය.

කුඩා කල සිටම මුරණ්ඩු දරුවෙකු වූ රුවන්තව අසීරුවෙන් උස් මහත් කල හැටි සිරිසේනට සිහිවේ.

"මම කැමති නෑ තාත්තා එක එකා ලග හෑල්ලු වෙනවට.තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනව නේ තාත්තේ.ඇ‍යි මිනිස්සු ඉස්සරහ බාල්දු වෙන්නේ."
"එදා වේල බඩට දාගන්න නැති අපිට කොහෙන්ද පුතේ  ආත්ම ගරුත්වයක්"

 ඉන් පසු තව මොන මොනවාදෝ බර දේශපාලන වේදිකා වල ඇහෙන වචන කිහිපයක් රුවන්තගේ මුවින් පිට වූ බව සිරිසේනට යාන්තමට මෙන් මතකය. 

"තමුසෙලා තැන් තැන් වල ගිහිල්ලා බල්ලන්ට කියලා කව්වගෙන එනවා.ඒක ඉතින් ප්‍රශ්නයක් නෙමේ නේ.හැමදේම රජයෙන් නොමිලේම දෙන නිසා තමුසෙලට හොදයි.දන්නවද මේ ඉන්ජෙක්ශන් එකකට රජයෙන් කීයක් වියදම් කරනවද කියලා"

පියවි සිහියට ආ සිරිසේන,දොස්තර මහතාගේ පැනයට සිනා සීම පමනක් සිදු කලේය.
 
"හිනා වෙනවා ඉතින්..දන්නවනම් බල්ලෙක් ඉන්න පැත්තකින් වත් යන එකක් නෑ."

මෙතක් වේලා කුරුටු ගෑ සටහන් කොලය සිරිසේනගේ අතට දෙමින් දොස්තර මහතා පැවසීය.

"හතරේ කාමරේ මිසීට මේ තුන්ඩුව දෙනවා.එතනින් අද ඉන්ජෙක්ශන් එක විද්දට පස්සේ මේ තුන්ඩුවේ තියෙන දවසට වරද්දව ගන්නේ නැතුව ඇවිත් බෙහෙත් ටික විදගන්නවා."

දොස්තර මහතාගේ පිලිකුල් සහගත බැල්මට යටහත් ලෙස හිස කසමින් සිනහවකින් සංග්‍රහ කල සිරිසේන කාමරයෙන් එලියට ආවේය..

"ආත්මගරුවය"

සිරිසේනගේ දෙසවන් පිරවෙමින් සුලං රැල්ලක් කෑ ගැසුවේය.
 හතරවන කාමරයේ දොර අසලට ගිය සිරිසේන ඇතුලත දෙස විමසිලිමත් බැල්මක් හෙලීය.කුඩා පුටුවක පශ්චාත්භාගය අමාරුවෙන් රදවාගත් හෙදියක් බලමින් සිටි පුවත්පත පැත්තකට කර ඔහු දෙස බලනවා දුටු සිරිසේන සිනාසුනේය.

"මොකද"
"බෙහෙත් එකක් විදින්න මිසී"
අපහසුවෙන් පුටුවෙන් නැගිටගත් හෙදිය සිරිසේන අත තිබු තුන්ඩුකෑල්ල ඉල්ලා ගත්තේය.සමාවන්න..එය උදුරා ගත්තේය..
"කවද්ද කෑවේ?"
"අද,දැන් ටිකකට කලින් මිසී"
"තමුසෙලා ඉන්නකල් ඉතින් අපිට වැඩ නැතුවට වැඩ" 

සිරිසේනගේ මුවේ සුපුරුදු බයාදු සිනහව මතුවී නැතිවී යයි.
 
එන්නත විද ගැනීමෙන් අනතුරුව පාරට ආ සිරිසේන බස් නැවතුමට ඉබි ගමනින් ඇවිද ගීයේය.තමා බයගුල්ලෙක්ද..සිත ඔහුගෙන්ම විමසයි.

"වැඩක් කර ගන්න ඕන නම් ඒ ඕන දෙයක් විදගෙන ඔලුව පහත් කරගෙන ඉන්න වෙනවා සිරිසේනයෝ"
පියදාස මාමා වරෙක කිව් කතාවක් සිරිසේනගේ මතකයට නැගුනේය.
වේගයෙන් පැමිනි බස් රථයකට අත පෑ ඔහු හෙමි හෙමින් පාපුවරුවට ගොඩ වූයේය.

"අංකල්,ඉක්මනට නගින්න බැරිනම් කරුණාකරලා බහිනවද"

"ආත්මගරුත්වය"
කොන්දොස්තර කොලුවාගේ විදානයත් කකුල රිදුම් දෙන වේදනාවත් අතරින් සිරිසේනගේ දෙසවන් වලට කොහේදෝ සිට පැමිනි සුලගක් කෙදුරුවේය.බස් රථයේ රේඩියෝ හඩ අඩුවෙන් ඇසෙනා ඉසව්වක හිස්ව තිබූ ආසනයක් බලා වාඩි වූ සිරිසේන නැවත සිතුවිලි සයුරේ කිමිදෙන්නට විය

"කුඹුක්ගහ හන්දියේ රැස්වීමක් තියෙනවා පක්ෂේ ඉදිරි ගමන වෙනුවෙන්.අද කොඩි වැල් අදිද්දි මැම්බර් මහත්තයත් ආවා.තාත්තටත් එන්න කියලා උන්නැහේ කිව්වා" 
"මට උඹලගේ දේශපාලන හරුප තේරෙන්නේ නෑ පුතේ.මැම්බර් මහත්තයට කියපන් මේ පාර මට ඡන්දේ දාන්න වෙන්නේ නෑ කියලා"
"ඒ මොක්ද ඒ"
"තාම නැති වෙච්ච හැදුනුම්පත ලැබුනේ නෑ නේ පුතේ"
"වල් බල්ලා..ග්‍රාමසේවකයා දන්නවා තාත්තාගේ ඡන්දේ වැටෙන්නේ මැම්බර් මහත්තයට කියලා.තාත්තගේ හැදුනුම්පත හදන එක පරක්කු කරාම උගේ එකාට එක ඡන්දයක් හරි උඩට එන්න පුලුවන් නේ"
"ග්‍රාම සේවක මහත්තයටත් වැඩ වැඩියි පුතේ.ඡන්දෙට කලින් කොහොම හරි දෙන්න පොරොන්දු උනා"
"කටු කන බල්ලා.කොහේද..තාත්තා කොන්ද පහත් කරගෙන ඉන්නකල් ඕකුන් රජකරයි.තාත්තට කිව්වට වැඩක් නෑ නේ.මම දැන්ම ගිහින් උගෙන් අහගෙන එන්නම්කෝ හැදුනුම් පත නැත්තේ මොකද කියලා"
 "නෑ නෑ..පුතා යන්න ඕන නෑ..මමම ගිහින් එකලාසයක් කරගෙන එන්නම්"

"හිනැටිගල හන්දිය බහිනවා"

කොන්දොස්තර කොලුවා පිටුපස සිට කෑගසන හඩ කන වැකුනු සිරිසේන කල්පනාවෙන් මිදුනේය.

"දෙයියනේ..බහින තැනත් පහුවෙලා."

තමාටම දොස් නගා ගනිමින් ඔහු හනි හනිකට බස් රථයේ සීනුව නාද කරන්නට විය.

"ඕයි...තමුසේ ඕක කඩන්නද මිනිහෝ හදන්නේ..ඉන්නවා බස් එක හෝල්ට් එකේ නවත්තනකල්"

කොන්දොස්තර කොලුවාගේ ගෝරනාඩු හඩට සිරිසේන යටපත් විය.බස් රථය නැවැත්වූ පසු රිදුම් දෙන කකුලත් අද්දමින් සිරිසෙන බස් රථයෙන් බසින්නට විය.

"ඉක්මන් කරනවකෝ අංකල්...හරේ යං"

අවසාන අඩිය තියනවාත් සමගම බස් රථය පිටත් වීම නිසා සමබරතාවය බිද වැටුනු සිරිසේන ඇද වැටුනේය..බස් රථයෙන් නැගුනු දුහුවිලි වලින් සිරිර වැසෙද්දී,නැවත කොහේදෝ සිට පැමිනි සුලං රැල්ලක් සිරිසේනගේ දෙසවනට කෙදුරුවේය..
"ආත්මගරුත්වය"