ඒ 2010 ලෝක කුසලාන පාපන්දු තරගයයි.ස්පාඤ්ඤ්ය සහ නෙදර්ලන්තය තරග බිමේය.දින්නේ කවුරුන්දැයි සැවොම ඇස් නොපියා බලා හිදී.
නමුත් තරගයේ ප්‍රතිඵලය කලින්ම දැනගෙන සිටි අයෙකු විය.සුමිතුරු බූවල්ලා
නමින් පෝල් විය..ස්පාඤ්ඤය දිනනවා..ඒ පෝල් ගේ අනාවැකිය විය.
ලොව පුරා සියලු දෙනා පුදුමයට පත්කරමින් ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනා ගත්තේය.
එය පෝල්ගේ පලමු අනාවැකිය නොවුනි.එයට පොර පැවති තරග සියල්ලකම ප්‍රතිඵල තරගයට පෙර නිවැරදිව පැවසීමට මේ අනාවැකි කරුවාට හැකි වී තිබුනි.අද වන විට මුහුණු පොතේ පෝල් ගේ නමින් මිතුරු අඩවි රැසකි.පෝල්ගේ ජනප්‍රිය බව කියා පෑමට අතවත් ඕනෑ තරම් කරුනු ඇත.
අවසන් තරගය අවසානයේ පෝල් ජීවත් වන මින් මැදුර වෙත තර්ජනාත්මක ඊමේක් රැසක් ලැබුනි.ඒවා බොහොමයකින් කිය වුනේ පෝල්ව මරා දමන බවයි.පාපන්දුලෝලීන්ගේ විශ්වාසය වූයේ අවසන් තරගය නෙදර්ලන්තය පරාජයට පත්වූයේ පෝල්ගේ අනාවැකිය නිසා බවයි.තරගයෙන් අනතුරුව ඔවුන් බූවලු විරෝධී ගීතිකා ගයමින් විරෝධය පලකල බව සදහන් වුනි.
තරගෙයෙන් අනතුරුව පෝල්ගේ ආරක්ශාව පිලිබදව සලකා බැලූ නිලධාරීන් පෝල් ජීවත් වන මින් මැදුර අවට විශේෂ ආරක්ශාවක් ලබා දුනි..මේ බූවලු මිතුරා පසුගිය දා ජීවිතයෙන් සමුගත්තේය.ඒ කිසිවෙකුගේ ප්‍රහාරයක් නිසා නොවේ.බූවල්ලෙකු ජීවත් වන අවුරුදු 3ක කෙටි ජීවිට කාලය සම්පූර්ණ කර අවසන් වීමෙන් පසුවය..පෝල්ගේ වියෝවෙන් කදුලු සලනා විදේශිකයන් රැසක් වේ.ඒ අතර ස්පාඤ්ඤයන් විශේෂ වේ.ඔවුන් පෝල්ව තම ජාතික වස්තුවක් ලෙස සැලකනු ලැබුනි.
කෙසේ හෝ පෝල් දැන් මිය ගොස් ඇත...
"තවත් අනාවැකි නොකියනු ලැබේ..සතුටින් ජීවත් වන්න"
මුහුනු පොතේ පෝල්ගේ මිතුරු අඩවියක එසේ සටහන්ව තිබුනි




