Tuesday, 4 January 2011

ආදරේ අහස තරම්...............

                      .
                                         මතකද...ඉස්සර අපි පන්ති යන දවස්....සතියකට දවස් 4ක් වත් අපි හම්බෙනවා....මගේ උනුහුමට තුරුලු වෙලා..ඇස් 2ක දිහා බලාන හිටිය හැටි..ඒ ලස්සන දවස්...හරියට පරන ආදර කතාවක් වගේ....එකින් එක එකින් එක මතක් වෙනවා....පිස්සු කෙල්ල..දැන් මේක කියවලා හිනා වෙනවා ඇති...හ්ම්ම්..මට මැවිලා පේනවා....එක දවසක් අපි මාතර ගිහින් වෙරලට ගිහින් රැලි පාගනකොට මගේ කකුලට පෑගිලා ඔයාගේ සෙරෙප්පුව කැඩුනා....අනේ මගේ පිස්සු කෙල්ල...අඩපු හැටි....දැන් යන්නේ කොහොමද කියලා...අඩලා අඩලා මගේ සෙරප්පු 2 අරගෙන දාගත්තා...
                                          කලුතර බෝධිය වදින්න ගිහින්...මට මල්,පොල් තෙල්,හදුන්කූරු ගේන්න අමතක වෙලා..මම කඩෙන් ගන්න යනකොට මගේ දිහා බලලා හිනාවෙලා..''වස්තු ,මම මල්,හදුන්කූරු,පොල්තෙල් ගෙනාවා'' කියපු හැටි.උදේ පාන්දර 4ට නැගිටලා මල් කඩලා..ඔයා දන්නවද වස්තු..ඒ වගේ පුන්චි දේවල් වලින් ආදරේ කොච්චර වැඩි වෙනවද කියලා...ආ....මට වස්තු කියන්න පුරුදු කරේ ඔයා තමයි...ඔයාට මම වස්තු..මට ඔයා වස්තු.....බෝධිය වදිනකොට ඇස් 2ක පියාගෙනම කොචර වෙලාවක් වැන්දද...මතකයිද...

මමත් බලාගෙනම ඉදියා ලස්සන.ඇස් වහගෙන මොන මොනවද මුමුනනවා..වැදලා ඉවර වෙලා ඇහුවම කිව්වා හිතන දේවල් කාටවත් කියන්න හොද නෑ ..එතකොට ඒවා ඉටු වෙන්නෙ නෑ ලු..එත් මම දන්නවා ඔයා අපේ අනාගතේ ලස්සන වෙන්න පැතුව කියලා....
           මගේ වස්තු ගොඩක් අහිoසකයි.මට කේන්ති ගියාම බැනගෙන බැනගෙන යනවා..එත් ඔයා කවදාවත් මට එහෙම බැනලා කතා කාරල නෑ..මම සැර කරාම ඉකි ගගහා අඩනවා.ඉතින් මම කොහොමද බනින්නෙ ඔය ඇස් දිහා බලගෙන....වස්තු මට සමාවෙන්න කිව්වම හිනාවෙනවා අඩ අඩ...මට දැන් මැවෙනව රත්තරන් ඒ දේවල්...
    
                               මට ගැලපෙනම කෙනා තමා ඔයා..මට මේ තරමට ආදරේ කරන්නඑපා ..මට ණයකාරයෙක් වෙන්න වෙයි ඔය ආදරේ ආපහු දෙන්න බැරි උනොත්.........මගේ නියපොතු කන පුරුද්ද නැවැත්තුවෙත් ඔයා..ඇගිල්ල කටේ දාගෙන නියපොතු හපනවා දැක්ක ගමන් මගේ අතට හයියෙන් ගහනවා.ඊට පස්සෙ ඔරවලා බලනවා..'අයේ නියපොතු කෑවොත් ඇත්තමයි මම යන්නම යනවා'.එහෙම කී පාරක් කියල ඇද්ද..කෝ ගියාද ඉතින්..හු හු හු....මාව දාල යන්න බෑ නේ...මට ඔයාව කිසිම වෙලාවක මතක් වෙන්නේ නෑ නේ වස්තු..බය උනා නේද?ඇත්ත කිව්වේ.මතක් වෙන්නේ අමතක උන කෙනෙක්ව..ඔයාව කොයිම වෙලාවකවත් මට අමතක වෙන්නෙ නෑ..නිතරම මගේ මතකෙ ඔයා ඉන්නවා.
                                 ඔයා ගොඩක් ආසයි නේද රෝස මල් වලට.අද උදේ මම නැගිටල බලනකොට ලස්සන රෝස මලක් පිපිලා අපේ වත්තෙ..ඒ ලස්සන ඔයාට පෙන්නන්න විදිහක් නෑ..කමක් නෑ..ආයේ තව දවසක ලස්සනම ලස්සන රෝස මලක් පිපෙවි..එදාට දෙන්නත් එක්කම ඒ ලස්සන බලමු....
                               ආදරේ අහස තරම්...............

(මේක පරිප්පු 500 ක් ගෙනාපු ගොට්ටෙ ලියාල තිබ්බ කතාවක්....අනේ මම දන්නෙ නෑ ඕන්..හිතට වැදුන නිසා දැම්මේ....ඔයාලත් බලන්නකෝ කඩෙ ගියාම පරිප්පු ගේන කොල වල මේ වගේ දේවල් තියෙනවද කියාලා,....මේක පට්ට ආතල් ලොකයක් නෙව...........)

Monday, 3 January 2011

මට ඉරිසියයි අපේ ආදරේ ගැන.................

                                                                                                                                                                                                                                                                              
ආදරණීය වස්තු.......


මම ඔහේ ලියාගෙන යන්නම්..මොන වගේ දේවල් ලිය වේවිද දන්නේ නෑ..
ආදරේ කරන හැමෝමලා මම වගේ ද දන්නේ නෑ..මට අපේ ආදරේ ගැන ඉරිසියයි වස්තු.මට ලෝබයි ඔයා ගැන.ඒක කියා ගන්න බැරි බොලද හැගීමක්.මම ඔයාව ගොඩාක් විශ්වාස කරනවා.මම දන්නවා ඔයා ඒ විශ්වාසේ ගොඩාක් රකිනවා කියලා.මමත් ඔයාගේ විශ්වාසේ හැමදාම රකිනවා..අනේ රත්තරන්...ඒත් මට ගොඩාක් ලොබයි නේ ඔයා ගැන......
 ඔයාට මතකද ඊයේ දවල් මම ඔයාට කෝල් එකක් ගත්තා...ඒත් ඔයා ආන්සර් කරේ නෑ නේ...මම පිච්චි පිච්චි ඉදියේ...ගොඩාක් දුක හිතුනා..ඇයි කියන්න මම දන්නෑ නෑ..
ඊට කලින් සතියේ කෝල් එකක් ගන්නකොට waiting කියලා වැටෙනවා...ඒ වෙලාවේ නම් දරා ගන්න බැරි තරම් දුකක් දැනුනේ...ඔයා ආයේ කෝල් කරනකල් මම කොට්ටෙට ඔලුව තද කරන් ඇඩුවා..මම දන්නවා ඒ කතා කරන්නේ ඔයාගේ යාලුවෙක් තමා කියලා..ඒත් රත්තරනේ මට ඒක දරා ගන්න බෑ...අනේ ඇයි මට මෙහෙම වෙන්නේ... මතකද තව දවසක් ඔයා අර ලස්සන නලුවෙක් ඉන්නේ....මට නම වත් හරියට මතක නෑ...අන්න එයා ගැන කිය කිය අගේ කරපු හැටි..එයාගේ රගපෑම් ගැන කියපු හැටි....මමත් ඔහේ අහගෙන ඉදියා විතරයි....මම ඔයාට කවියක් ලියල දුන්නම ඔයා ඒක කියවලා මාවත් ඒ වගේම අගේ කරනවා....ඒත් මට අනිත් අය ගැන කියනව අහන් ඉන්න බෑ වස්තු...දෙවියනේ...!!! මට ඔයා ගැන ඉරිසියයි රත්තරනේ..;ඔයා මගේ...මගෙම විතරයි......
මතකද ඔයා ලග තිබුන අර නිල්පාර ඉරි ඉරි තිබුන ගවුම..ඒක ටිකක් විතරකොටයි කියලා එකම එක දවසයි මම ඔයාට කිව්වේ..ඊට පස්සේ දවසෙම ඒ ගවුම තව දික් කරන් ඇදන් ඇවිල්ලා "දැන් මේ ගාන ඇතිද පැටියෝ" කියලා ඇහුවේ....මතකද......පිස්සු මැන්ටලේ.....මම දන්නවා ඔයා මම කියන දේවල කරනවා කියලා....මම ආස නෑ කවුරුවත් ඔයා දිහා බලනවට...මට ඉරිසියයි පැටියෝ ගොඩාක්....


 වෙලාවකට මට හිතෙනවා ඔයා වගේ ලස්සනම ලස්සන කෙල්ලෙක් මම වගේ කැතම කැත කොල්ලෙක්ව තෝර ගත්තේ මොකටද කියලා...මම ඔයා ව තෝර ගත්තේ ඔයා ලස්සනම නිසා විතරක් නෙමේ කියලා ඔයාට මම අනන්තවත් කියලා තියෙනවා නේ....ඔයා ලස්සන නිසා මට ඒකටත් ඉරිසියයි....මට පිස්සුද මම දන්නේ නෑ...එත් මට ඉරිසියයි නේ....මට මේක නැති කරගන්න විදිහක් කියලා දෙන්න කෝ රත්තරනේ...මම ඔයාට ආදරේ.....ඔයා ඊටත් වඩා මට ආදරේ...අනේ....ඒ වගේ ආදරයක් මට කවදාවත් ලැබෙන එකක් නෑ...
දන්නවද වස්තු...ඔයාගේ ආදරේ...අපේ ආදරේ ගැන...අනිත් අයටත් ගොඩාක් ඉරිසියා ඇති නේද.....ඒ ගැන නම් මට පොඩ්ඩක් වත් ඉරිසියා නෑ..
                                    ආදරේ අහස තරම්
                                                                                                            
                                                                                                           ඔයාගෙ පිස්සු කොල්ලා

                                      (කඩල 250ක් ගෙනා ගොට්ටේ තිබූ කතාවකි )

Saturday, 1 January 2011

ආදරේ කාටද?????


වෙලාව රෑ 7ට විතර ඇති..ජන්ගම දුරකථනය නාද උනේ කෙටි පනිවිඩයක් ලැබුන නිසා..කාගෙන්ද කියල දැන දැනත් මම බැලුවා...ආහ්.....මගේ යාලුවෙකුගෙන්..හොද යාලුවෙකුගෙන්.එයාගෙන් ලොකුම ලොකු ප්‍රශ්නයක්..

ඉරුට වඩා අපි සදුට ආදරේ කරන්නේ මොකද අහනවා..අනේ මන්දා මොනවා කියන්නද කියලා.ඇත්ත්ටම අපි ආදරේ ඉරුටද,සදුටද?

ගොඩක් අය කියයි සදුට කියලා.සදු ලස්සනයි..හැඩයි...ඉරුට වගේ නෙමේ සදුට ගොඩාක් ලන්වෙන්න පුලුවන්.

තරු ගොඩාක් වට කරන් පුන්චි එලියක් විහිදගෙන කොච්චර ලස්සනට අහසේ පායනවද,,,ඒ ලස්සන කියලා නිම කරන්න බෑ...අපේ බ්ලොග් ලියන කට්ටියත් කොච්චර දෙනෙක් සදු ගැන නිසැදැස් ලියල තියෙනවද?

හැමෝමලා සදුට ආදරේ කරන්නෙත් ඉරුට නපුරුකම් කරන්නෙත් ඇයි?

මෙන්න තව ටිකකින් ආයෙත් මැසේජ් එකක්.. ඒත් සදු ගැනමයි....සදුට ආදරේ හිතිලද කොහේද...

මම ඉරු...මම සදුට වඩා ඉරුට ගොඩක් ආදරේ...එයාට මම ඒක කිව්වා...මම ආදරේ කරන්නේ ඉරුට කියලා...මට ඒකට හේතු කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ....සල්ලි ඉවරටම ඉවර වෙලානේ අප්පා ෆෝන් එකේ....

ඊට පස්සේ එයා එක දිගට මැසේජ් එව්වා..මම අසරණ වෙලා බලන් ඉදියා...සදු ගැන ගොඩක් අගේ කරලා...මේක ඔයා කියවනවා..මම දන්නවා ඒ බව......මේ ඉරු...ඇත්තම ඉරුට ආදරේ කරන්නේ මොකද කියලා කියන්නම්...

ඔව්..ඔයා කියනවා සදු ලස්සනයි..ගොඩාක් ලස්සනයි..සදුට ලන් වෙන්න පුලුවන්..ඔව්..ගොඩාක් ලන්වෙන්න පුලුවන්..සදේ එලිය ගොඩාක් අඩුයි...ඔව්..සදු ලස්සනයි...සදුගේ එලිය අයිති කාටද කියලා ටිකක් හිතුවද...අනුන්ගේ එලියෙන් බැබලි බැබලි ඉන්න සදු ඔච්චරම වටිනවද? ඉරුට ලන් වෙන්න බැරුව ඇති..ඒත් ඉරු නිසා ඔයා..මම..අපි හැමෝමලා හුසම ගන්නවා..ජීවත් වෙනවා...ලස්සන කියන දේ අපි හැමෝම කොච්චර ලේසියෙන් රවට්ටනවද? ලස්සනට රැවටෙන්නේ නැතුව වටිනාකමෙන් කෙනෙක්ව මනින්න...

ඒක තමා මේ ඉරුට..මේ රත්ගමයට කියන්න ඕන....හිතන්න...තාමත් ආදරේ සදුටද?

(මේක ඉරුයි...සදුයි ගැන ලිව්ව උනාට හැබෑ ජීවිතේටත් අදාල වෙනවා කියලා අමතක කරන්න එපා....)