Sunday, 6 February 2011

අම්මාගේ ආදරය....... (50 වෙනි ලිපිය)



මේ මගේ 50 වෙනි බ්ලොග් පෝස්ට් එක..කලින් ලියපු රත්ගමයා බ්ලොග් එකෙත් පෝස්ට් මම මේකට එකතු කරා.අද උදේ තමයි දැක්කේ කලින් ලිව්වේ 49 වෙනි එක කියලා...මාව බ්ලොග් ලියන්න ගෙනාවේ අද මේකිත් 50 වෙනි පෝස්ට් එක ලියලා......උඹටත් ජය පැට්ටෝ......(අඩන්නේ නැතුව ලියපන්.....)

                            50 එනි පෝස්ට් එක විදිහට මොකක් දාන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි මට මතකෙට ආවේ මීට මාසෙකට විතර කලින් මම දැකපු සිද්ධියක්.
   වෙලාව දවල් දෙකට විතර ඇති.තාත්තගේ පොඩි වැඩ වගයකට බැන්කුවට යන්න වෙලා තිබුනා.ගාලු යනවට වැඩිය හික්කඩුවට යන එක අඩු වෙලාවකින් කරන්න පුලුවන්.ඉතින් රත්ගම හන්දියේ ඉදලා බලන් ඉදියා බස් එකක් එනකල්..එතකොටම ආවා මාතර කොලඹ බස් එකක්..කොහොම හරි ඒකේ එල්ලුනා කියමුකෝ...ඔන්න දැන් කොන්දා කෑ ගහනවා..ඉස්සරහට යන්න..ඉස්සරහට යන්න...
    මමත් ඉස්සරහට ගිහින් තැනක නැවතුනා..එතන ශීට් එකේ ඉදියේ ටිකක් තරුන අම්ම කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි චූටි පුතයි.පුතා ඉදියේ තාත්තගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන අම්මගේ පැත්තට කකුල් දාගෙන..ඔක්කොම නිදි..ඔය අතරේ ටික දුරක් යනකොට පුතාට ඇහැරුනා.වටපිට බැලුවම අම්මයි තාත්තයි දෙන්නම නිදි..
             කකුල් තිබුනේ අම්මගේ පැත්තෙනේ..කොල්ලා පුලුවන් තරම් වෙර දාලා අම්මට ගැහුවා කකුල් පාරක්..ඒත් අම්ම හොදටම නිදි ගමන් මහන්සිය නිසා..ආයේ දුන්නා තව පාරක්..ඒ පාර නම් ඇහැරුනා අම්මා...පොඩි එකා දිහා බලලා හිනා උනා..ඊට පස්සේ ඔලුව අත ගාලා මොනවද කිව්වා...පොඩි එකාට දැන් කකුල් පාර දෙන එක විනෝදයක් වෙලා..ඌ දිගටම ගහනවා..අම්මට රිදෙනවා..ඒත් අම්ම කරන්නේ කකුල් අල්ලලා ඉබින එක විතරයි...ඇත්තටම මම හිතුවා පොඩ්ඩක් හරි සැර කරයි කියලා..ඒත් එහෙම දෙයක් උනේ නම් නෑ මම බහිනකල්ම..සමහර විට මම මේ ලියපු විදිහට ඒක තවත් එක සාමාන්‍ය සිද්ධියක් කියලා හිතේවි...ඒත් ඒ වෙලාවේ එතන හිටිය නම් දැනෙන්නේ අමුතුම හැගීමක්...
      සමහර අම්මලා දරුවන්ව ගගවල් වලට එහෙම නැති නම් කකුස්සි වලවල් වලට විසි කරලා යනවා...තවත් සමහරු තමන්ගේ ඇස්,වකුගඩු දීලා දරුවන්ව බේර ගන්නවා..මේ ලෝකේ හරිම පුදුමයි කියලා වෙලාවකට හිතේනවා...
                    ඒ වගේම කවදාවත් දැකලා නැති,හම්බෙලා නැති අයට උදව් කරන්න දිවා රෑ බලන්නේ නැතුව වෙහෙසෙනවා..බ්ලොග් ලියලා අපි හම්බ කරන්නේ සල්ලි නෙමේ....මනුස්සකම...කවද හරි ජීවිතේ සතුටු වෙන්න පුලුවන් අපි ලියපුව කියවලා...
                       හැමෝම දැන් ඉලන්දාරි අයියට උන දේ දන්නවා...ඉලන්දාරියා බ්ලොග් ලියලා හම්බ කර ගත්තේ මනුස්ස කම...ඒක කවදත් ඉලන්දාරියට පිහිට වෙනවා....
                    උඹට අපි ඉන්නවා අයියේ...උඹ බය නොවී ඉදපන්...අපි උඹව ගොඩ දානවා..

Wednesday, 2 February 2011

පියඹා.... යනවා මා ආකාසයේ.....




පුරුදු විදිහටම මම විහාර මහා දේවී එක ඉස්සරහ පාරෙන් ඇවිදගෙන ගියේ කිසිම අරමුනක් නැතිව..ඉස්සර ඉදලම මේ පාර දිගේ ඇවිදගෙන යන එක මගේ පුරුද්දක් වෙලා තිබුනා.පාර දෙපැත්තේ අදින චිත්‍ර බලන්න මගේ හිත කොච්චර ආස කරාද කියලා මම වත් දන්නේ නෑ..එතන චිත්‍ර අදින අය ගොඩක් මාත් එක්ක හිතවත්.එතන ඉන්න ගොඩක් අය බලන් ඉදියේ මම ඒ පාරෙන් කොයි වෙලාවේ ද එන්නේ කියලා.අදින චිත්‍ර ගැන මගේ තේරුමක් නැති හිනා යන විචාර එයාලගේ හිත් වලට සතුටක් ගෙන දුන්න කියලයි මට හිතෙන්නේ..
         වෙනදා දැකලා නැති අලුත්ම කෙනෙක් චිත්‍රයක් දිහා ඔහේ බලාගෙන ඉදියා..එයා ලස්සනයි..ඔව් ගොඩාක් ලස්සනයි..මමත් පොඩ්ඩ පොඩ්ඩ එතනට කිට්ටු උනා..
 'ඔයාගෙද මේ චිත්‍ර... ''
 එයා මගේ දිහා බලලා අහින්සකව හිනා උනා
වෙනසක් තියෙනව අනිත් චිත්‍ර එක්ක බලද්දි..ගොඩාක් ලොකු වෙනසක්..අනිත් අය ගහක් ඇන්දොත් ඒක ගහක් කියලා කියන්න පුලුවන්..ඒත් ඔයාගේ චිත්‍ර වල ගහක් ඇන්දොත් ඒක ගහක් කියලා බෝඩ් කෑල්ලක් එල්ලන්න වෙනවා..''
පුරුදු විදිහටම මගේ විකාර කතා පෙට්ටිය පටන් ගත්තා.
එයා ටිකක් සද්දෙට හිනා උනා...
'අම්මෝ හිනා වෙනකොට තියෙන කැත..ඔහොම හිනා වෙන්න එපා..."
ඒපාර නම් මගේ පැත්තට හැරිනේ කේන්තියෙන්
'හෝව්....මාව කන්න එපා..මම අහින්සක හා පැටියෙක්...ඔය දත් වලින් මාව කීතු කීතු කරලා දාන්න හදන්න එපා''
හ්ම්ම්...දැන් නම් කතා කරන්න ලෑස්තියි වගෙ
"මේ....ඒක නෙමේ ලිහිණි...ඔයා අද නේද පලවෙනි පාරට මෙතනට ආවේ"
  කෙල්ලගේ කට ඇරැනා.... 
"කොහොමද මගේ නම දැන ගත්තේ"
"මම සාස්තර කියනවා..දන්නේ නැද්ද"
''අනේ විහිලු නෙමේ...කියන්න...''
      මම ඔයාගේ චිත්‍ර වල යටින් තියෙන නම බැලුවා..ලිහිණි ඉරුගල්බණ්ඩාර...ලස්සන නමක්"
'අම්මෝ....මම බය උන තරමක්‍..මම හිතුවා අපේ තාත්ති ඔත්තු කාරයෙක් වත් එවලද කියලා...:'
මම කොත්තු කාරයෙක් නෙමේ...ජොබ් එකක් හොයනවා..කොහොමත් කොත්තු දාන්න නම් බෑ"
'අපෝ...ඔයා එක්ක නම් වචනයක් කතා කරන්න බෑ...ඔහොම විහිලු කරන්න එපා..........."
'ඔයාට චිත්‍ර අදින්න පුලුවන්ද" ලිහිණි මගෙන් අහනවා..
මට තේරෙන්නේ නෑ අප්ප...හැබැයි කවුරු හරි අදින චිත්‍ර බලන් ඉන්න..ඒවට මොකක් හරි අප්සට් කතාවක් කියන්න නම් හොදට පුලුවන්"
'ඔව් ඔව්...ඒ බව පේනවා....."
  එදා අපි ගොඩක් වෙලා කතා කරා..ලස්සන හැන්දෑවක්..ඉක්මනට ගෙවිලා ගියා...
'ඔයා හෙටත් එනවද ලිහිණි'
 "ඇයි මගෙ චිත්‍ර වලට විකාර කියවන්නද..."
"ඔය ඉතින්..මම විහිලු කරන්නේ නැති උනාම ඔයාට විහිලු..."


"හි හි.....එනවා එනවා...මේ චිත්‍ර ටික ඉවර වෙනකල්ම එනවා....."
"ඔන්න මම හෙටත් බලන් ඉන්නවා මගේ විචාර පෙට්ටියත් අරන් ඔයා එනකල්"
 හරි හරි මැන්ටලේ......මම දැන් යන්න ඕන.."
"පරිස්සමෙන් යන්න ලිහිණි...ඔයාට බුදු සරණයි...."
ඒ අන්තිමට කියපු වචනේ එයාට ඇහුනේ නෑ....ඒක ආයේ කවදාවත් කියන්න වෙන එකකුත් නෑ...එදා ඉදලා අද වෙන කල් මේ විහාරමහා දේවි එකේ පුන්චි බන්කුව උඩට වේලා මම එයා එනකල් බලන් ඉන්නවා..ඔයා කොහේද ලිහිණි..ඉන්න තැනකින් මෙතනට පියාඹලා ඉන්න...මම තාම මෙතන බලන් ඉන්නවා............

Tuesday, 1 February 2011

ගොඩක් ස්තූතියි හැමෝටම.........

මීට මාසෙකට කලින් රත්ගමයා බ්ලොග් එක එක පාරටම නැවැත්තුවා නේ..ගොඩක් අය රත්ගමයා ගැන හෙව්වා...මම ඒ තරම් වටින එකෙක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ..එහෙම හොයපු අය මහා ගොඩක් ඉදියා..සමහරු ඊමේල් එව්වා...සකයිප් එකේදි ඇහුවා...මුහුනු පොතේ නම් අහන්න උනේ නෑ මොක්ද මම ඒක ඩිඇක්ටිවේට් කරපු නිසා...
         අද උදේ මම නිකමට වගේ ගූගල් එකේ සර්ච් එකක් දැම්මා රත්ගමයා කියලා ගහලා...කලින් ලියපු පෝස්ට් ටිඅක ගූගල් මාමා පෙන්නුවා...ඔය අතරේ මට හම්බුනා මෙන්න මේ පල්ලෙහා දාලා තියෙන මැසේජ් එක..ඒක දාලා තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ...... පැන්ඩා අයියා තමා දාලා තිබ්බේ....











ඇත්තටම මේවා කියෙව්වහම මට පුදුම සතුටක් දැනුනා...මෙච්චර මගේ ගැන හොයන්නේ මොකටද කියලා මට හිතා ගන්න බැරි උනා...ඔයාට ගොඩාක් ස්තූති පැන්ඩා අයියේ... ඒ වගේම මගේ ගැන හොයාපු අනිත් හැමෝටමත් ගොඩක් පින්.... ජීවිතේ සතුටු වෙන්න පුලුවන් අවස්ථා ටිකයි තියෙන්නේ...මේ ඒ වගේ අවස්ථාවක්....