skip to main |
skip to sidebar
මුහුනු පොතේ කැරකි කැරකි ඉන්නකොට ඉන්බොක්ස් එකට මැසේජ් එකක් ආවා..ඉස්කෝලේ එකෙක්ගෙන් තමා මැසේජ් එක..මෑන්ට ආදරේට කියන්නේ ටුන්නා කියලා...මෙන්න මේකයි මැසේජ් එක "මචන් මාර වැඩේ...මොරටුවේ Aptitude Test තියෙන දවස් වලම තමා ඌව වෙල්ලස්සෙත් Aptitude Test තියෙන්නේ...මොකද කරන්නේ..." කිරි අප්පට විදුලි කොටපි කිව්වලු...මට නම් මොරටුවෙන් ලියුම ආවා..ඒත් ඌවේන් ලියුම ආවේ නෑ...බලන් ඉදලා බෑ...කෙලින්ම ඇමතුවා ටුන්නාටමම - මොකක්ද සීන් එක?ටුන්නා - යකෝ එකම දවසේ Aptitude Test තියෙන්නේ ..මාර්තු 5යි 6 යි මම - මල කෙලියයි..උඹට ලියුම ආවද? මට තාම ආවේ නෑ නේ..සදුදට ඒවි සමහර විටටූන්නා - ආවා යකෝ... එකම දවසේ තමා තියෙන්නේ මම - උඹ චිනාගෙන් ඇහුවද? ඌත් දැම්ම නේ..ඌටත් ඒ දවස් මද?ටුන්නා - ඔව් ඔව්... මම - මම ඌටත් කෝල් එකක් ගන්නම් බලන්නඊට පස්සේ දුන්නා චිනාට කෝල් එකක් බලනකොට වැඩේ ඇත්ත...ටෙස්ට් දෙකම එකම දවසේ... අම්මා දැන ගත්තොත් මෙතන ගිනි ගන්නවා..ගිනි අරන් අරෙහෙට මෙහෙට කෑ ගහනවා...හෙහෙ..එහෙම තමා අපේ අම්මා...ඊට කලින් මම ගත්තා ඌව වෙල්ලස්ස කැම්පස් එකට කෝල් එකක් පුද්ගලිය - හෙලෝමම - හෙලෝ..ඌව වෙල්ලස්සේ Aptitude Test තියෙන දවසේම............පුද්ගලිය - ආ...මේ අංකටය කතා කරන්නඒ පාර ගත්තා ඒ අංකයට මම - හෙලෝ ..මේ ඌව වෙල්ලස්සයි මොරටුවයි Aptitude Test දාලා තියෙන්නේ එකම දවසේ..මොකක්ද මේකට කරන්නේපුද්ගලිය - ආ....ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනව තමයි..ගොඩක් දුරට ඒ දිනය මොරටුව විශ්ව විද්‍යාලයෙන් වෙනස් කරාවි... මම - අපිට දැනුම් දේවිද ඒ ගැනපුද්ගලිය- ඔව් දැනුම් දේවි....
ඇමතුම විසන්දි උනා.....ඒ පාර ගත්තා මොරටුවට මම - හෙලෝ..මේ ඌව වෙල්ලස්සෙයි මොරටුවෙයි Aptitude Test......පුද්ගලයා - ආ...අද ඔෆිස් එකේ කවුරුවත් නෑ...හෙට කතා කරන්න..... ඇමතුම ආයේ විසන්දි උනාහීක්..මක් කොරන්නද අප්පා..මේ සිරි ලංකාව නේ....විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ජය වේවා!!! මේ පෙන්නන්නේ ආණ්ඩුවේ කන්තොරු වලයි අපේ විශ්ව විද්‍යාල කන්තොරු වලයි තියන සමාන කම්....
සිරි ලන්කාව වූ කලී කියා නිම කල නොහැකි සිදුවීම් වලි පිරි රටකි.මෙහි වන්නේ අමුතුම දේවල්ය..එව්වා අපි ප්රවෘත්ති ලෙසින් විවිධ නාලිකා ඔස්සේ දකිමු.මෑතක සිට මා සහ අපේ නිවැසියෝ බලන්නේ පුවත් නොවේය..කතායගැහැනු ලමුන් අතවරයට පත් වන ආකාරය කතාවක් ලෙසින් හරි අපූරුවට ගලාගෙන යයි.බලන්නට ආසා හිතේ..වාහනයක් අනතුරට පත් වී මිනිසුන් විලාප දෙන ආකාරය කතාවක් ලෙස යයි..අපූරුය.ඔරුවක් පෙරලී මිනිසුන් මිය ගිය අයුරු යන්නේද ඉතා රසවත් කතාවක් ලෙසය...එයද කියා නිම කල නොහැකි සුන්දරත්වයලින් යුක්තයමේ නාලිකාව අප්පිරිය වී ඇත..අතීතයේ හේම නලීන් ලා,ජැක්සන් ලා සිටි කාලයේ මෙම නාලිකාව කොතරම් හරබරව වැඩසටහන් ඉදිරිපත් කරාදැයි ඔබටම මතක ඇතැයි සිතමි ලගදී සිට ජරා ජීරන ලෙස කොපි කිරීමේ කලාවේ හරි පූරුවට නිරත වෙයි.කොටින්ම මුන්ට කොපියක් වත් හරියට කිරීමට නොහැකිය..වැඩසටහන් ජනප්‍රිය කර ගැනීමට උත්සහා දරන්නේ දේශපාලනය උලා ගනිමිනි.කැලනියේ මැරයා දමා සිදු කල වැඩ සටහනක් කුජීතම වී ගිය අයුරු ඔබට මතක ඇතැයි සිතමි.දැයට කිරුල සදහා ඔබ සහභාගී වන්නේ නම් අකමැති මතක නාට්ටයේ රගපෑමේ වරම සදහා එකතු වන්න ලෙස පසු ගිය දිනක දැන්වීමක් මහා ලොකුවට දැම්මේ හෙන උජාරුවෙනි.. මේ අසික්කිත නාලිකාව විකුනන්නේ මිනිසුන්ගේ දුකය..හරිම සන්වේදී ලෙස අපට නොදැනෙන්න විකුනන්නේ මිනිසුන්ගේ කදුලුය.අපි අඩනාවිට මුන්ට එව්වා පුවත්ය..ඊයේ මම කාලය ගනන් බැලුවෙමිවිනාඩි 30 ක ප්රවෘත්ති විකාශයෙන් විනාඩි 10ක් වෙලද දැන්වීම්ය.විනාඩි 10ක් ක්‍රීඩා පුවත් සහ විදෙස් පුවත් වලට වැය වේ.ඉතුරු විනාඩි 10න් විනාඩි 7ක් පමන විකාෂය වූයේ මිනිසුන්ගේ දුකය..තොපේ පුවත් බලනවට අපිට පවුය. ක්‍රීඩා පුවත් ද මරුය."ලෝක කුසලාන තරගයට සුබ පතා රට වටා යන පන්දුවට ඔබේ අත්සන තබන්න"..ක්‍රීඩා පුවත් අවසන්ය.ඔන්න මුන්ගේ ක්‍රීඩා පුවත්..සරත් ෆොන්සේකා මහතා හිරේය..ඔහුගේ නඩුවක් මෙම නාලිකාවට ප්‍රධාන පුවතක් නොවේ.එව්ව රටම කෙටියෙන් ය. විලි ලැජ්ජා නැති බඩගෝස්තරවාදී දෙශපාලනයක දැන් දැන් නිරත වන්නේ එලිපිටය..එම පුවත් යන්නේ අනේ සෑර් කියාගෙන දෙකට තුනට නැමීගෙනයඉදින්.....ඔබත් කතා නරඹන්නට කැනතිද?එසේ නම් පුවත් බලන්න...හර බර පුවත් විකාශය...ඉලව් ඇට් එයිට්,...
අද මේ බ්ලොග් එක ලියන්නේ මම...මම රත්ගමයගේ මල්ලිකාරය...පොඩි රත්තා..මහ එකාට ලොග් අවුට් වෙන්න බැරි වෙලා නේ...මම කියන්නම් මගේ ඇසින් මම මේ ගොන් හාල් පාරුවාව දකිනා ආකාරය..... අපේ අයියා ඌ කලී එක වචනයෙන් නිර්වචනය කල හැකිය... ඒ නම් 'කුප්ප' ලෙසය...මාගේ ජීවිතයේ මට හමු වූ කුප්පම කුජීතම චරිතය අපේ අයියාය..මම ඒ ගැන ආඩම්බර වෙමි... මූ හෙන පොරය..ඒ මූ හිතාගෙන සිටිනා ආකාරයයි...පෙරේදා මා කාමරයට වී පාඩම් කොරමින් සිටියෙමි... මූ ''මල්ලි....මල්ලි '' යැයි බෙරිහන් දුන්නෝය..මම ගනන් නොගත්තෙමි....''අඩෝ..ගස් බල්ලා...ඉන්න තැනකින් ඕ...කියාපන් ගොන් වස්සෝ'' යැයි මහත්මා ලෙසද අඩ ගැසුවාය..මම ගනන් ගත්තේම නැත...මා තියා වෙන මොකෙක්වත් මූව ගොම් බෙට්ටකට ගනන් ගන්නේ නැත...ඉතින් මා කොහෙත්ම ගනන් ගන්නේ නැත...මූට මල පැන්නේය.... ''අඩෝ...තොගේ කන් ඇහෙන්නේ නැද්ද...ඇරපිය දොර'' යැයි කියා වේගවත් පාරක් දොරට එල්ල කලාහුය......ඉන් පසු මට අයියා හමුවූයේ කකුලට සිද්ධාලේප ආලේප කරනා අතර වාරයේ ය...එවිට නම් කුප්පකම මූනෙන් බේරෙනා හිනාවක් දමා....''ආ....මල්ලි'' යැයි කට පුරා පැවසුවාහුය....තොට හෙනම ගහපන් යැයි සිතින් සිතන්නට ඇති බව මට පසුව පසක් විය.....මූ කුනු හොරාය..අපේ ගෙදර තිබෙනා පෑන් සියල්ලම මුගේය...මට තියා අපේ පොඩිම මලයාටවත් පෑනක් තියා ගන්නට නැත..මූ ඒවාට අයිතිවාසිකම් කියයි...හැබැයි මූ අපිට හෙන ආදරේය..ඒ මක්කා හෝ අලුගුත්තේරු වැඩක් කොර අම්මාට අසු වූ විට හා තුවාය අමතක වි නානකාමරයට රින්ගා ගත් විට පමනි...තුවාය ඉල්ලා අනේ මල්ලියේ යැයි අඩා වැලපෙයි..මූත්‍රා කොර ගනී....ඉතින් අපිටත් ලැජ්ජය....මුගේ තුවාය ගැන තිබෙනා පුරාවෘත කතා එමටය..සමහරක් එව්වා හෙන භයානකය...කොටින්ම මුගේ තුවාය අපේ පවුලේ කිසිවෙකුත් අතින් අල්ලන්නේ නැත....ඇල්ලුවහොත් පලු දානවාය...කොටින්ම එය පාපිස්සකට වත් ගනේ නැත...අපේ ගෙදර මූටම කියා දත් බුරුසුවක් නැති කල තවත් කුමන කතාද.......මූ වූ කලී පොල් ගස් නැගීමේ කෙල පැමිනියෙක්ය...කොටින්ම මූ නිසා අල්ලපු වත්තේ මිනිස්සුත් අපිත් එක්ක තරහ වී ඇත...පෙරේදා එම පොල් වත්ත හිමි මාටින් මාමා ''මෙම පොල් වත්තට බුදු සරණයි"' යනුවෙන් බෝඩ් කෑල්ලක් ද එල්ලුවා මතකය....තවද පූජා වට්ටි සහ පඩුරු කීපයක්ද අහල පහල පන්සල් වලට භාර වී ඇති බවට කට කතාද වේ......කෙල්ලන් සම්භන්දව ද විවිද නොහොබිනා කුප්ප කතා ඇත...කොටින්ම කිසිම කෙල්ලෙක් අපේ ගේ පෙනෙන මානයෙන් ඉගිල්ලෙන්නේ නැත..ඒ මුගේ කුප්ප කමේ ඌෂ්නය වදිනා නිසාය..අපේ අම්මාද අගුරු කෑල්ලකින් ගේටුවේ ''කොල්ලාගෙන් ප්‍රවේශම් වන්න(ලොකු එකාගෙන්)'' යනුවෙන් ලියා ඇත්තේ කෙල්ලන් ගැන ඇති වූ නිමල සෙනෙහස නිසාය.... ''ඉකේයියා'' යනු මුගේ ආදර්ශ පාඨයයි.. මූ යන යන තැන ඔය බෝඩ් කෑල්ල ගසන්නේ හරියට සුපිරි වීරයෙක් යැයි සිතාය...ඔය ඉකේයියා පිස්සුව ආවේ මූ සෝරෝ චිත්‍රපටයක් බැලූ පසුවය..සෝරො යන යන තැන z අකුර ගසා යනවා මෙන් මූ යන යන තැන ඉකේයියා ගසා යයි..එමගින් මුගේ නැහැදිච්ච් කම පෙන්නුම් කොරයි.....කොටින්ම දන්නා කිසිවෙක් මූ බ්ලොගයකට වත් වද්දා ගන්නේ නැත...මූ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කුප්පයෙකි.... මේවා ම බ්ලොග් එකක ලියන්නට සුදුසු කතා නොවේය...මෙව්වා රට්ටු හිනස්සන වැඩය....නමුත් ඔබ තමුන්නාන්සේලාගේ දැන ගැනීමට මම මෙය ලියා පල කරමි....මම මුගේ පාස්වර්ඩ් එක ඉස්සුවෙමි.....දැන් මට මූට හොරෙන් බ්ලොගයට ලොග් විය හැකිය....පෝස්ට් දැමිය හැකිය...මු කිසියම් කුප්ප කුජීත වැඩක් කොර විට මා මෙහෙ සටහනක් දැමීමට හිතා ගත්තෙමි...... මූ මීට කලින් මූ ගැනම ලියූ ආත්ම පාපොච්චාරණය බලන්න මෙතනින් යන්නප.ලි - ඉකේයියා......... බී කෙයාර් ෆුල්........රත්ගමයා විල් බී බැක් සූන්...හී ඉස් එව්රි වෙයාර්