Tuesday, 15 March 2011

කුප්පභිෂේකයේ අවසාන කුප්පයා...............




හතර වටේම ලයිට් පත්තු වෙනවා..මම ඉදියේ ඇස් ඇර ගන්නවත් බැරුව..
කිරි අප්පට විදුලි කොටාපි...මෙන්න කමල් මාමා මට පිටිපස්සෙ ඉදලා කෑගහගෙන දුවගෙන එනවා...

''මෙන්න අදත් ඔබ පුල පුලා බලා සිටි සිරිලාංකීය කුප්පාභිශේකයේ මෞලි මංගල්ලය''


ඉකේයියා....මේ මොන කුජීත වැඩක් ද බොල මට වෙන්න යන්නේ....

 " අවසාන සුපිරි තරු බබලන රාත්‍රිය..හතලිස් දහසක් කුප්පයන් අතරින් අවසන් 12 තෙක් පැමින ඔබ කුල්මත් කර..හිරි කිත වදනින් හිරි ඔතප් බිදි කුප්පයා....පිලිගන්න රත්ගමයා මහතා"

එහෙම කියාපු කමල් අයියා දැම්මේ නැතෑ මගේ කරට අත..
එහෙමනම් අපි විලි+ශ්ච මංඩලය හදුනා ගනිමු..හෙලයේ රිදී සීනුව..බෙන්තර ඇල්පිටියේ සුරූපිනිය.... නීතා සුමාරසිංහ මැතිනිය සාදරයෙන් පිලිගන්නවා...."

එහෙම කිව්වා විතරයි ලයිට් එලියක් වැට්ටා මල නාකි හෝන්තුවකගේ මූනට...දත් 32කම පෙන්නලා වැන්දා ප්‍රේක්ෂකාගාරෙට..මේ මොනවද යකෝ වෙන්නේ...මට හිතා ගන්න බෑ...

ඊලගට අසුන් ගෙන සිටින්නේ හෙලයේ කැලනි කුප්පයා...කාවන්තිස්ස රජ පරපුරෙන් පැවත ගෙන ආ.......මැරවින් සිල්වා"

ඒ පාර ලයිට් එලිය වැට්ටේ හරිම සිල්වත් මාමා කෙනෙක් ගේ මූනට...එතුමා හරිම වැදගත් විදිහටයි ඉදියේ..මගේ බය ටිකක් අඩු උනා එතුමාව දැක්කම...

"අවසාන වශයෙන් අපේ ආරාධනය පිලිගෙන පැමිනි...අරවින්ද යායේ කුමාරයා....සුදු මාධව නරවින්ද......."

ඒ පාර ලයිට් එලිය තට්ටයක් උඩට වැටුනා..තට්ටේ දිලිසෙනවා හිරි කිතේ බෑ...ඒ අස්සේ ඒ මාමා මනමාල හිනාවක් දාලා හිනාවෙනවා....
කමල් මාමා මගේ දිහාට හැරුනා... 
"කුප්පයන් හතලිස් දහසක් අතරින් අවසාන කුප්පයන් දෙදෙනා අතරට පැමිනීම ගැන මොකද හිතන්නේ"

මම පොඩි වැදගත් පෙනුමක් මවා ගත්තා ඕන්...කැමරා තීයෙනව නේ හැම පැත්තෙම.. 
"හ්ම්ම්ම්...හිරිකිතක් දැනෙනවා..." 

"ඒකත් ඉතින් කුප්ප කම තාමා.මට මතකයි මම පොඩි කාලේ ඉදලා කරන තරමක් කරේ කුප්ප වැඩ..අපේ අම්මා ඉදියප්පන් හැදුවා මටමතකයි...ගොඩක් දුක්බර අතීතයක් අපි ගත කරේ...මේ තරගෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා...අම්ම දැන් ඉදි ආප්ප හදන්නේ නෑ....දැන් රුලන් විස්කෝත්තු විකුනනවා.."
 
පිටිපස්සෙන් ලාවට සංගීත සද්දයක් එනවා...හොදයි අපි තරගය පටන් ගමු,,,,

"ලෙස්ට් ප්ලේ ද කුප්පනයර්,,,,,"

"එහෙනම් යමු පලවෙනි ප්‍රශ්නයට..මෙන්න මේකයි ප්‍රශ්නය....
සිරි ලංකාවේ පවතින වැසිකිලි වර්ග කීයද? ඒ මොනවාද...."

"අපෝ....හරිම ලේසි ප්‍රශ්නයක් නේ..පොඩි කාලේ සමාජ අධ්‍යනයට අපි මෙව්ව කොච්චර නම් පාඩම් කොරාද.....පිලිතුර වැසිකිලි වර්ග තුනයි"

1.වල කකුස්සි
2.කොමඩ්
3.වැල්ල
 
 ඔව්.....
ඔබ රුපියල් දස දහසක් දිනා ගන්නවා..මෙන්න ඔබට හිමි චෙක් පත...මම මේක තියා ගත්තට කමක් නෑ නේ....

"අනේ කමක් නෑ...තිය ගන්න"

:අපි යමු ඔබට තියෙන ඊලග ප්‍රශ්නයට...මේක බහුවරන ප්‍රශ්නයක්..කොළඹ මැජෙක්ටික් සිටි වෙලද සංකීර්ණය තෙවෙනි මහලේ දකුනු අත පැත්තට හැරුනු පසු තිබෙනා වැසිකිලි පද්දතියට ඇතුලත් වීමේ ගාස්තුව කීයද?"

 a.රුපියල් 5 යි
b.රුපියල් 10යි 
c.රුපියල් 8යි සත 25යි
d.රුපියල් 9යි

අම්මෝ...හරිම ලේසි නේ...මට පෑනක් දෙන්න පුලුවන්ද....

කියපු හැටියේ පෑනක් හම්බුනා...මම හදුන්වා දීපු සමීකරනෙට ආදේශ කොරලා බලමු කීයද කියලා...

                       මුත්‍රා බර 7ක් = පොල් ගෙඩියක්
                      පොල් ගෙඩියක් = රුපියල් 70යි
      එම නිසා : මුත්‍රා බර 7ක් = රුපියල් 70යි
     දෙපැත්තම 7න් බෙදමු
                     මුත්‍රා බර 1ක් = රුපියල් 10 

හික්...ඒවත් ප්‍රශ්නද අයියේ අපි වගේ කුප්පයන්ට...පිලිතුර b රුපියල් 10යි

"ඔබට හොදටම විශ්වාසයි නේද පිලිතුර..එහෙනම් මම කොම්පුටරේට භාර දෙනවා...කොම්පුටර් ලොක් ආන්සර් බී රුපියල් දහයයි"

එතකොටම ලයිට් ඩිම් වෙලා ගියා බී උත්තරේ ලොක් උනා කොම්පුටරේ...ටික වෙලාවක් තටම තටම ඉදපු කමල් මාමා හයියෙන් කෑ ගැහුවා 

''ඔව්...ඔව් රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා පිලිතුර රුපියල් 10ක් තමා"

ඊලග සහ අවසාන ප්‍රශ්නේ දිනා ගත්තොත් ඔබට රුපියල් මිලියනක් හම්බෙනවා..ඔබ මොකක්ද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...

මම හිතන් ඉන්නේ මේ ඔක්කොම සල්ලි කොටස් වෙලද පොලේ ආයෝජනය කරන්න"

"ඉතාමත්ම හොද අදහසක්..මොන වගේ ව්‍යාපාර වලද ආයෝජනය කරන්න හිතන් ඉන්නේ.."

"වැසිකිලි ව්‍යාපාර වල තමා..පොඩි කාලේ අපිට යන උනේ වැල්ලට...එහා ගෙදර සෝමේ මාමලට අපේ වැසිකිලිය සින්න වෙලා තිබ්බේ..ඉතින් ඒ වැසිකිලිය බේර ගන්නවා මේ මුදල ලැබුනොත්"

"හොදයි මගේ බලාපොරොත්තුවත් ඒක තමා...එහෙනම් ඊලග ප්‍රශ්නයට යමු...මෙන්න මේකයි ප්‍රශ්නය..හොදට හිතලා පිලිතුරු දෙන්න"

"හෙට තරගය පාවා දෙන්නේ කවුද?"

ඈ යකෝ...මේක හරි කෙලියක් නේ...දැන් තරගේ පටන් ගන්න කලින් තරගේ පාවා දෙන එකා කවුද අහනවා....නොදකින් මෙහෙම රටක්

"හ්ම්ම්ම්ම්ම්ම්........යනවා කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකයට....මට අරන් දෙන්න මහින්ද අසුන්දර අයියාව"

ඔව්..අපි දැන් මලාටෙල් දුරකතනයකින් ඇමතුම ගන්නවා...

"හෙලෝ...මහින්ද අයිය..ඔබේ මිතුරෙක් අපිත් එක්ක ඉන්නවා ප්‍රශ්නයකට උත්තරයක් අහගන්න..ඔව් අහන්න ප්‍රශ්නය ඔබට තත්පර 30ක් හිමි වෙනවා."

 "මහින්ද අයියේ....මේකයි ප්‍රශ්නේ...හෙට තරගය පාවා දෙන්නේ කවුද..."

අයියෝ...සිම්පල් ක්වෙශ්චන් නේ මල්ලි.....පොඩ්ඩක් ඉන්න පිටපත පෙරලලා බලනකල්.....හ්ම්ම්ම්....හෙට 2011.03.18...අහ්...මේ තියෙන්නේ...හෙට පාවා දෙන්න තියෙන්නේ ***** ක්‍රීඩකයට (දුම්කොල හා මධ්‍යසාර පනත නිසා කොටු කොටු දමමි )

"බොහොම ස්තූති මහින්ද අයියා...මම ඒ පිලිතුර භාරගන්නවා,,,,"
ඔව්....ඔබ මිලියනයක් ජයග්‍රහනය කරනවා.පිලිතුර නිවැරදියි..දැන් ඔබට අර වැසිකිලිය බේරා ගන්න පුලුවන්...අපි මේ ගැන විද්වත් විලි+ශ්ච මංඩලෙන් අදහස දැනගමු.....

නීතා නංගි මොකද හිතන්නේ රත්ගමයගේ හැකියාව ගැන..
මට කියාගන්න බැරි තරම් සතුටුයි...අල්ලගෙන කුචි කවන්න හිතෙනවා අනේ....අපේ පැත්තේ හැම පාරකටම කොන්ක්‍රීට් දාලා...මේක කරන්නේ තනි මගේ........."

ඇති ඇති ඔබ තුමියගේ අදහස,,,,,ඊලගට අපි යොමු වෙන්නේ කාවන්තිස්ස මහතා ලගට....

"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්"
මෙතන ඉන්න හැම එකාලම පිලි ගන්න ඕන විවාදෙකින් තොරව..මූ තමා මිනිහා..අඩෝ...උඹේ කුප්ප කම් රත්ගම තියා ගනින්..මගේ ආසනේට එක කොඩියක් දාන්න එන්න එපා උඹ...."

බොහොම ස්තූති....ඊලගටස සුදු මාධව අරවින්ද මහතා වෙත යොමු වෙමු..


මොනවා කියන්නද...ඔබ තාම පුංචි දළඹුවෙක්....මම දළඹුවෝ අල්ලන්නේ නෑ..කල් ගිහිල්ලා පිහාටු ආවම ඔබ සමනලයෙක්...අන්න එදාට මගෙන් පරිස්සම් වෙන්න..මම ඔබව අල්ලනවාමයි...අරවින්ද යායේ මල් පිපේවි එදාට..ස්තූතියි පැමිනියාට"

ඉකේයිය ...මේ මොන වලත්තයෙක් ද...මාව අල්ල ගන්න එනවා...මම අනුන්ගේ සමනලයෝ..වෙන එකෙක් අල්ල ගනින්...මගේ අල්ලන්න එන්නේ...වනචරයා...නරක සමනලයා.."

 මම ඒක කිව්ව විතරයි කැලනි සිරා විලි+ශ්ච මණ්ඩලයෙන් පැනගෙන ආවා...කවුද යකෝ සද්දෙ දාන්නේ...කුඩු කරනවා ඩෝ.....අඩෝ....කුඩු ලාල්...වරෙන්...ගල් ගහපාන්......"

ඒ අස්සේ කොහේ දෝ ඉදලා ආපු තඩි ගලක් මගේ ඔලුවට වැදුනා...බුදු අම්මෝ...මම එතනම දිගා උනා..


"තෝ තාම නිදිද..නැගිටපිය ගොන් හිවලා...වෙලාව බලපන් කීයද කියලා..."
සිහිනෙන් වගේ අපේ මල්ලිගේ කට හඩ ඇහුනා...ඇස් දෙක ඇරියම ඌ ඉන්නවා කොස්සකුත් අතින් අරන් මගේ ඉස්සරහ......

Saturday, 12 March 2011

මොනවද ගෑනියේ බලන්නේ..............



ටික දවසක ඉදලා ඉල්ලීම් එනවා..කුප්පයෝ ලියන්නේ නැද්ද යකෝ කියලා..
ඒ අස්සේ එකෙක් අපේ ගෙදරට කෝල් කොරලා රත්ගමයා ඉන්නවද කියලත් අහලා...ගන්නම දෙයක් නැති සතියක්..අම්මා අහනවා රත්ගමයා කියන්නේ කවුද කියලා..චූටි එකා  කියාපි ලොකු අයියා කියලා...ඒපාර අහනවා ඒ මොකද එහෙම කියන්නේ කියලා...මමත් ඉතින් කුප්ප හිනාවක් දාලා ශේප් උනා..මේකේ ලියන එව්ව දැක්ක නම් දැන්ම ගෙදරින් දොට්ට දානවා..
මෙච්චර දවස් නිෂ්ශබ්දව ඉදියේ වාර්ථා කොරන්න තරම් කුජීත සිදුවීමක් උනේ නැති නිසා...ඔන්න දෙවියනේ කියලා අද එකක් උනා..ඊයෙත් එකක් උනා.ඊයේ සිදුවීමට ඕන කරන දත්ත තාම විශ්ලේශනය කොරලා ඉවර නෑ..ඒක නිසා අද උන එක ඉස්සෙල්ලා දානවා...ඔන්න කතාව
අද ඌව වෙල්ලස්සේ ඇපිටුඩ් ටෙස්ට් එකේ අන්තිම දවස ..තියෙන්නේ ගාල්ලේ අප්‍රසිද්ද පාසලක.උදේම නැගිටලා වෙනදට හෝදන්නේ නැති මූන සෝදන් ලෑස්ති උනා..
රත්ගම හන්දියට වෙලා ඉදියේ බස් එකක් එනකල්..ඔන්න එනවා කතරගම කොලඹ බස් රාජයෙක්...අම්මෝ....විනාඩි 15න් ගාලු යන්න පුලුවන්...
         බස් එක නැවැත්තුවා මම ඉන්නවා දැකලා (නවත්තන්නේ නැතුව ගිය්ත් ඊලග දවසේ ඉදලා ඒ බස් එක රත්ගම ගහන්දියෙන් යන්නේ නෑ )
බස් එකට නැගල හිස් වෙලා තිබුනු ආසනයක වාඩි උනා..මගේ පැත්තේ ශිට් එකේ ඉන්නවා කපල් එකක්..මම හිතන්නේ ගොඩක් අඩු වයසේ දෙන්නෙක්..වයස 20 ක් 22ක් විතර ඇති...ඒ දෙන්නගේ ඔඩොක්කුවේ වයස අවුරුදු 2ක විතර පොඩි එකෙක්..
කොල්ලගේ අතේ බැලුම් බෝලයක් තියෙනවා...ටික දුරක් යනකොට බැලුම් බෝලේ පොඩී එකාගේ අතින් අත ඇරුනා...ඒක පාවේලා ගිහින් ජනේලෙකින් එලියට වැටුනා....ඔන්න දැන් මෑන්ගේ මූන බෙරි වෙලා..අම්මා දිහා බලනවා තාත්තා දිහා බලනවා...
කොලුවා- තාත්තේ බැලුමක් ඕනේ මට
තාත්තා -බැස්සම එකක් අරන් දෙන්නම්
කොලු - මට ඒක ඕනේ.....ඒකම ඕනෑ
ඔන්න අඩනවා..කන් අඩි පැලෙන සද්දෙට අඩනවා....කෑ ගහනවා...තාත්තා අහක බලාගෙන...ගානක් වත් නෑ පොරට නම්
අම්මා ඇඹරෙනවා...කරගන්නම දෙයක් නැති තැන අම්මා කරේ කොල්ලගේ කට තද කරා අතින්...
කෑ ගැහිල්ල දෙගුන කොරපු පොඩි එකා සුන්දර වදනින් අම්මව අමතනවා මෙන්න මෙහෙම..
''කට අත ඇරපන් යකෝ....මට හුස්ම ගන්න බෑ....මගේ බැලුම් බෝලේ හොයලා දියන්.....""
ඒ අස්සේ ඉස්සර ශීට් එකේ චූටි නංගා කෙනෙක් ඉන්නවා..වයස අවුරුද්දක් විතර ඇති..එයා මේ පොඩි එකා දිහා බල බල හිනා වෙනවා..මූට හෙන ලැජ්ජයි...
"මොනවද ගෑනියේ බලන්නේ...තොට හිනාද.තොගේ බෝලයක් නෙමේ නේ යකෝ..හැරියන් ඉස්සරහට..මගේ බොලේ හොයලා දියන් අම්මේ.....''
බස් එක බහිනකල්ම මුගේ කෑ ගැහිල්ල අඩු උනේ නෑ...අම්මට කර ගන්න දෙයක් නෑ..තාත්තා ඌට නෙමේ වගේ ඉන්නවා....අනේ මෙහෙමත් පොඩි උන් කියලා හිතුනා
                           මේකයි කියන්න ඕනෑ උනේ මට...අඩු වයසෙන් බැන්දම වගකීම් දරන්න ගොඩක් අපහසුයි... මේ ජෝඩුව දිහා බැලුවම ඒ බව හොදටම තේරුම් ගත්තා...


ඔන්න තොපි බදිනව නම් මාරයා  වගේ කල වයස එනකල් ඉදලා බැදපියව්...මෑන් ඔය ඉන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි...කොහොමද කුප්ප කම,..


                              මේ කතාවත් බලමු  

Wednesday, 2 March 2011

පුංචි ඡන්දයයි , පොලීසියයි , ලෝක කුසලානයයි......



මේ දවස් වල අපි බිසී වෙමු..එක අතකින් ලෝක කුසලානය පැවැත්වේ..තවත් අතකින් පුංචි ඡන්දයට පොරකති..ලෝක කුසලාන උනුසුම හමුවේ ඡන්දය කාගේ කාගේත් බයිට් එක වී ඇත..
 පාර්ලිමේන්තු මැතිවරනයකදී වියදම් කරන්නේ කෝටි ප්‍රකෝටි ගනන් ය..අත යටින් තවත් එවැනිම මුදල් කන්දරාවක් ගලාගෙන යයි..එසේ වියදම් කරාට පාර්ලිමේන්තුවට පැනගත්තාට කාටවත් පාඩු වන්නේද නැත..එය දියවන්නාව මැද නිවසට රින්ගාගත් හැම එකාම සහ රින්ගා ගැනීමට පොර කන හැම එකාම පාහේ දනී..කොටින්ම අපිද දනිමු..
පුංචි ඡන්දයට වියදම් කරන්නේ දාහේ ,සීයේ කොලය...ලගදී කරලියට ආ පන්දාහේ කොලයද විදුලි වේගයන් අතින් අතට මාරු වෙයි..
කොපමන මුදල් වියදම් කරද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රු 5000 කි.මාසයක් සදහා ලැබෙන මෙම රුපියල් 5000 ක මුදලට දිනපතා 5000 කොල විසි කරන්නේ ඒ ලැබෙනා මුදලට වඩා ගසා කෑමට දත මැදගෙනය..සිරාවටම ප්‍රාදේසීය සභා මන්ත්‍රීවරයෙකුට ගසා කෑ හැක..මුලින්ම ඇමතියෝ ගසා කති..ඉන් පසුව ඇමතියන්ගේ ගෝලයෝ ගසා කති.තවත් අතර මැදියෝ ගසා කති..
අවසානයේ ප්‍රාදේශීය සභාවෙන් ගසා කති..එතින් ඉතුරු වන සොච්චම් මුදල ඔබ අපට මහත් බැති සිතෙන් ලැබේ..
ඉතින් පුංචි ඡන්දයද බයිට් එකට ගැනීමේ වරදක් නැත..මර්වින් සිල්වා ගේ පටන් මහින්ද රාජපක්ෂ දක්වා ගමන් පටන් ගන්නේ මේ පුංචි ඡන්දයෙන් ය..
ලෝක කුසලානයද ඔහේ ගලාගෙන යයි.ලෝක කුසලානය අස්සේ අපේ පොලිස් පති තුමා මාර පොර ටෝක් වගයක් දුන්නේ ය..ඒ තරගාවලිය ආරම්භවිමට පෙරය..
  • .sks wú
  • r;s[a[d ÿï fndaïn
  • msyshd ;shqKq wdhqO
  • ùÿre fnda;,a" lEka
  • u;ameka /f.k tau fyda î meñKSu
  • cd;sl fldäh fkdjk fjk;a fldä
  • fldä i|yd fmd¨
  • lsisu wdldrhl igka mdG ,shQ fldä nek¾ í,elald¾Ü
  • wmydijk f,i ,shQ jdlH iys; fld<
  • ix.S; NdKav
  • f,ai¾ fmdhskaÜia o¾mK
  • jD;a;Sh ùäfhda leurd

 එතුමාට අනුව ලෝක කුසලාන තරග නැරඹීමට යන විට පුවරු රැගෙන යාමට බැරිය..බෝතල් ද බැරිය..කොටින්ම පපරයක් වත ගෙන යාමට බැරිය..
පපර බෑන්ඩ් සංගීතය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එකට යන එකකි..කොටින්ම ප්‍රේක්ෂකාගාරයෙන් ඇසෙනා පපර සද්දය යනු අපේ රටේ සංකේතයක් බදු විය. නමුත් අති ගරු පොලිස්පති තුමාට අනුව පපර හොද නැත..එව්වා ඔට්ටු නැත...හෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා පොර ටෝක් දුන් හැටි හොදට මතකය.. පකිස්තානය සමග පැවති තරගයේදී පපර පමනක් නොව දැන්වීම් පුවරුද ඕනෑ තරම් පෙනෙන්නට තිබුනි..එව්වා දකින විට සහ අසන විට අපේ රටේ පොලීසියේ ලොක්කාගේ කීම කොයිතරම් දුරට වලන්ගු වනවා දැයි ඔබට මට සිතා ගත හැකිය..
පොලීසිය ගැන මෙයට වඩා කතා නොකරමි..මාගේ බ්ලොගය කුජීත බව සැබැවි..නමුත් පොලීසිය ගැන දමා මෙය කුජීත තුප්පහි කර දැමීමට මගේ තුන් හිතේ වත් බලා පොරොත්තුවක් නොමැත...
බලාගෙන ගියාම මේ රට මාරය...කියා වැඩක් නැත...පාසල් වල ක්‍රීඩා උත්සව වලට ආරාධිත අමුත්තා ලෙස දැන් දැන් සහභාගී වන්නේ ඇමැති වරුන්ය..ඊට වඩා උපාධියක් ඇති ගුරුවරයෙක් සහභාගී කර ගන්නේ නම් හොද යැයි අපේ මුල් පුටු වල ගොන් නැටි වලට නොවැටහෙන්නේ මේ දේශපාලනය වටා ඇති බලය නිසාය..
ඔබද මමද බලයට ආසා වෙමු..ඒ අප ද සාමාන්‍ය මිනිසුන් වන බැවිනි...බලය ලැබුනු විට ඔබද මමද ක්‍රියා කරනුයේ එක එක ආකාරයටය...
ඒ ගැන තවත් කතා නොකරමි...මම රටට ආදරය කරමි...
මා දන්නේ එපමනකි....
බිකෝස් අයි ඈම් ශ්‍රී ලංකාය....