Saturday, 7 May 2011

රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන (පලමු කොටස)..

ඔන්න කාලෙකට පස්සේ ආවා රත්ගමයා මහතා...

කට්ටිය දන්නේ නැති උනාට රත්ගමයටත් ලෝක කුසලාන අවසාන මහා තරගේ බලන්න යන්න චාන්ස් එකක් ලැබුනා..මෙච්චර කල් කියන්න කියලා හිත හිත ඉදියට කියන්න බැරි උනා නේ...අද කියන්න යන්නේ ඒ කතාව.

කුප්පාභිෂේකයේ පලවෙනියා උනයින් පස්සේ හිතපු නැති විදිහට ජන අප්‍රිය උන රත්ගමයගේ ජංගම දුරකතනයට නම් නිවනක් තිබ්බේ නෑ..

ඔන්න දවසක් එකපාරටම දුරකතනය නාද වෙන්න ගත්තා,

'හෙලෝ....රත්ගමයා කතා කොරන්නේ..ඔය කවුද?'

'ආ...පුතේ....මම මේ මංමෝහන් සිං තුමා කතා කොරන්නේ..උඹ සිරිලංකාවේ හෙන ප්‍රසිද්ධයි නෙව..මමයි අපේ සහෝලා සැට් එකයි හිතුවා උඹවත් ඉන්දියා එකගෙන එන්න මැච් එක බලන්න..මොකද කියන්නේ..'

'අප්පට සිරි අංකල්..මම ඕන වෙලාවක ඔට්ටුයි..ශාරුක් අයියත් එනව නම් බැට් එකයි බෝලෙයි අරගෙන එන්න කියන්න...අපිට ප්ලේන් එකේ යන ගමන් බෝල ගාන්න ඇහැකි..'

'හරි හරි කොල්ලෝ...දැන් 235ක නැගලා කටුනායක හන්දියෙන් බැහපන්...උඹලගේ ලොක්කයි...දියවන්නවේ සැට් එකයි එතන ඇත්තේ

ඔන්න ඔහොම මට ආරාධනාවක් කොරපු එතුමා දු.ක තිබ්බා..

මම දැන් එයාර් පෝට් එකට යනවා..පාර දෙපැත්තේ අම්බානෙක සෙනග.යකෝ...මේ ඉක්මනට මම ඉන්දියාවේ යන සීන් එක ලීක් වෙලා ද...අද කාලේ කොල්ලෙකුට පාරේ බැහැලා යන්න නෑ නේ..ප්‍රේක්ෂක ජනයා මගේ අත්සන ගන්න පොරකනවා..මරා ගන්නවා උන් එතන..

පාර දෙපැත්තේ අනිත් මිනිස්සු කෑ ගහනවා..එක එකා බෝඩ් උස්සගෙන පාර දෙපැත්තේ....මේක හරියට උත්සවයක් වගේ නේ...

" කප් එක අපි ආයෙම ගේමු , රත්ගමයාට ජය වේවා , සයිබර් සැනකෙලියට මෙතනින් යන්න , අපි වවමු රට හදමු , අඩෝ..ලිබියවට අත නොතබනු , සුදු මුහුන දැක ගන්න ඉන්නේ බලා..." වගේ එව්වා තමා ඒ බෝඩ් කෑලි වල ගහලා තිබ්බේ...

කොහොමි කොහොම හරි සෙනග පීරගෙන එයාර්පෝට් එකට යන්න හම්බ උනා..මල කෙලියයි..මම යනකොට නාමල් අයියලා කලින් මෙව්වා එකේ ගිහිල්ලා..ඊලග එක එනකල් මට ටිකක් වෙලා ඉදියා..ඔන්න ප්ලේන් එක ඇවිල්ලා එයාපෝර්ට් එකේ නැවැත්තුවා..කට්ටිය දුවලා ගිහිල්ලා යන්තම් ඒකේ නැග ගත්තා..

පැය දෙකක විතර ගුවන් ගමනකින් පස්සේ අපි ඉන්දියාවට ගොඩ බැස්සා..

එයාර් පෝට් එකෙන් එලියට එනකොට ටිකක් විතර කොට සුදු ඩයල් එකක් පිට්ටුවක් වගේ ගෑනියෙකුත් එක අතක එල්ලගෙන අනිත් අතේ තඩි බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා...

බෝඩ් එකේ සිංහලෙන් ගහලා තිබ්බා "රත්ගමයා මහතා" කියලා...අප්පටසිරි..මේ මගේ නම නේ ඕයි..මම අඩිය තියෙනකොටම මෙහේ කුප්ප කුජීතම වෙලා ගිහිල්ලා..

මමත් පනාව දාගෙන එතැනට් කිට්ටු උනා..ලගට ගියාමනේ දැක්කේ..

සීවර්ම් දෙයියනේ...මේ මිහිර් අංකලුයි තුල්සි ඇන්ටියයි නේ...

අනේ...ආන්ටි තුල්සි...ඔයා තාම ජීවත් වෙනවද..ආච්චි අම්මට තාම පණ තියනවද..."

"අනේ....සුදු පුතා එනකල් මහ ගෙදර අපි හැමෝමලා බලන් ඉදියේ.ආච්චි අම්මා තමා ගහක් ගලක් වගේ ඉන්නේ..දැන් උන්දැට 200ත් පැනලා..කතාවේ තව කොටස් 2000ක් විතර තියේ නේ..එතකල් උන්දැ ඉන්නවා යහතින්..කෝ දෙන්න අනේ ඔය මලු ටික..ඒයි කරන්...මෙන්න මේ මෙව්වා ටික මෙයාගෙ අතින් ගන්න පුතේ.."

එහෙම කිව්ව විතරයි කොට කෙට්ටු ඩයල් එකක් මගේ අතේ තිබ්බ බෑග් එක ගත්තා..

එහෙනම් අපි යමු නේද පුතා..මේ තියෙන්නේ කාර් ගොඩ..ඔයා කැමති පාටක් කියන්න..ඒ කාර් එකේ අපි යමු..

ඈ බොලේ...හරි...අංකල් එහෙනම් පටන් ගන්න....නෑ එක්කෝ මම පටන් ගන්නම්...

ටක් ටක් ටක්......

කවුද ආවේ...

රාස්සයෙක්...

මක්කටද ආවේ...

පාටක් සොයන්න..

මොන පාටද....

"අඩේ....අංකල්..මම ඉස්සර ඉදලාම ආස ලා වම්බොටු ගෙඩිය පීදීගෙන එනකොට එන පාටට..මෙතන එහෙම එකක් නෑ නේ..ඒක නිසා ඔන්න ඔය කැමති එකක යමු අනේ.."

එහෙම කියාගෙනම අපි එතන තිබ්බ කාර් එකට නැග්ගා.. තඩි තුල්සියයි කෙට්ටු මිහිරයි මැද්දේ අහිංසක මම..හිතා ගන්න ඇහැකි නේ වැඩේ...

ඔන්න ඔහොමයි කතාවේ මුල් කොටස ඉවර වෙන්නේ....

ත්ගමයා මහගෙදර ගිය හැටි...ක්‍රිකට තරගය නැරඹූ හැටි වැනි අතිශය ජුගුප්සාජනක සිදුවීම් රැසක් ඊලග පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න,..එතකල් ඉවසලා හිටපියෝ....

Friday, 6 May 2011

හිස් අහසෙන් රත්ගමයාට උදව්!!


කට්ටිය බලන්න ඇති එක එක පෝස්ට් විනාඩියෙන් විනාඩිය වැට්ටේ මොකද කියලා..සිංඩි වලත් ටෙස්ටින්ග් පෝස්ට් අම්බානෙක වැටිලා තිබ්බා..මුලින්ම ඒ වැඩෙන් අපහසුතාවයට පත් උන කට්ටිය ඉන්නව නම් එයාලගෙන් සමාව ඉල්ලන්න ඕන..
එක පාරටම දාන දාන පෝස්ට් වැටෙන්නේ නැති ලෙඩක් තිබ්බ නේ බ්ලොග් එකට.පෝස්ට් දැම්මට ඒවා අර කොහේටද වැටෙන්නේ නෑ..කොහොම හරි මේ ලෙඩේට බෙහෙතක් හොයන්න කියලා හිතාගෙන ඉන්නකොට අද හවස් වරුවේ හිස් අහස පැත්තෙන් කෙදිරියක් ඇහුනා...
"ගමයෝ"
මෙහෙ වරෙන් කොලු පැන්චෝ..
මගේත් ඔය වගේ ලෙඩක් තිබ්බ නේ..මම ඕක හදා ගත්තේ මගේම හයියෙන්..උඹට ඒ වගේ හයියක් නෑ නේ සුදු පුතේ..ඉදින් මම හදලා දෙන්න..ඔන්න ඔහොමයි මගේ මේ ප්‍රේමනීය බ්ලොග් කතාවට ටියුෂන් සර් කෙනෙක් එන්නේ. හැබැයි මට කතා කරපු විදිහ නම් ඇල්ලුවේ නෑ ඕන්න
"රත්ගම මලේ..මෙහෙම කරහන්..ඔය ටෙම්ප්ලේට් එක වෙනස් කරලා බලපන්.."
හරි ඔන්න මම ඒක කරා..ඒත් හරි ගියේ නෑ නේ සදරු අයියා...ඔන්න ටෙස්ටින්ග් පෝස්ට් එකක් පබ්ලිශ් උනා..
"හරි ගියේ නෑ නේද මලේ..එහෙනම් අර පබ්ලිශින්ග් කරන එක එවුරිවන් දාපන්න්"
හරි මම ඒකත් කරා..දැන් ටෙස්ටින්ග් පෝස්ට් දෙකයි...
ඔන්න ඔය විදිහටම පෝස්ට් පහක් හයක් වෙනකල් සදරු සර්ගේ එක එක උපක්‍රම පාවිචි කරා..ඒත් බ්ලොග් එක ගොඩ යන පාටක් නෑ...
වැඩක් නෑ සදරු අයියේ..මේක අත ඇරලා දාමු
එහෙම අත අරින්න පුලුවන් ද මලේ...යකඩ බජාර් එකකට නෙලලා ඉන්න මම වගේ කොල්ලෙක් ඉන්නකල්.උඹ මට පාස් වර්ඩ් එක දියන්..මම වැඩේ පටස් ගාල ගොඩ දාල දෙන්නම්"
ඔන්න ඉතින් අන්තිම තුරුම්පුවත් ගැහුවා..පාස් වර්ඩ් එක වෙනස් කරා..වෙනස් කරලා දුන්නා සදරු සර්ට..
මම පැය භාගෙකින් එන්නම්..මට 5.30ට ක්ලාස් එකක් තියෙනවා.ඊට කලින් වැඩේ ගොඩ දාල දෙන්නම්..
එහෙම කියපු සර් තුමා නොපෙනී ගියා..
මමත් ඉතින් සියලු බලාපොරොත්තු සුන් කරගෙන පැත්තකට වෙලා ඉදියා..පැය භාගයක් යන්න හම්බුනේ නෑ ජංගමේට කෝල් එකක්..
"හලෝ"
"හලෝ මලේ"
"ඔව් සදරු අයියා"
"වැඩේ හරි..උඹ ලොග් වෙයන්..මම ලොග් අවුට් වෙන්නම්"
"මොකක්ද සදරු අයියා තිබ්බ අවුල"
"ආ..මේ ෆීඩ් එකක පොඩි අවුලක්"
ඔහොම කිව්වට අපිට ඉතින් තේරෙන එකක් යැ
ඔන්න ඉතින් සතුටු සිතින් මම ලොග් උනා බ්ලොග් එකට..හප්පොච්චියේ...බ්ලොගේ වනසලා පෝස්ට් දාලා නේ..
කමක් නෑ ඉතින් කොහොම හරි ලෙඩේ හදලා නේ..මම ආයෙත් කෝකටත් කියලා ටෙස්ටින්ග් පෝස්ට් එකක් දාලා බැලුවා..අම්මේ....නියමෙට වැඩ..
කොහොම හරි සදරු අයියගේ පැය දෙකක් විතර මේ වැඩේට නාස්ති වෙන්න ඇති..ඔන්න ඉතින් ඒකට ගොඩක් ස්තුති කිව්ව..
ඔය අනිත් බ්ලොග් වල ලෙඩ තියෙනව නම් සදරු අයියටම කියන්න..ඕන ලෙඩකට බෙහෙත් කරනවා..
එහෙනම් මේක මෙතනින් ඉවරයි.ආයේ හිත හිරි වට්ටන කතා රැසකින් ඉස්සරහටත් හමුවෙමු..එතක් සමුගන්නා මා.....
රත්ගමයා මහතා...

රත්ගමයා ගේ නැවත ඉපදීම ...

අදින් පසු මාගේ බ්ලොග් මිතුරු මිතුරියන් සහ මාගේ පාඨකයන්ව කිසිම දිනෙක අත හැර නොයන බවට දිවුරා පොරොන්දු වෙමි ..

මේක දැම්මේ රත්ගමයාගේ අකවුන්ට් එකට ඇතුලු වූ හිස් අහසේ සදරු බව සලකන්න