Sunday, 5 June 2011

නුඹ රහසින් ඇවිත්..... ( 3 වන කොටස )


නුඹ රහසින් ඇවිත් (1 වන කොටස)

නුඹ රහසින් ඇවිත් (2 වන කොටස)

දොරටද පයින් පාරක් දී දොර ඇරගත් ඉලංදාරියා ගේ තුලට වැදුනේය.කුස්සියේද කන්නට කිසිවක් නැත.අම්මා වැඩට ගොස් එන්නටද තවත් පැය තුනක් පමන තිබේ.
ඇද සිටි ඇදුම පිටින්ම ඇදට වැටුන තරූශ දෑස් අඩවන් කරගත්තේය.

එන්න..අපි ඔහුගේ සිතුවිලි තුලට රිංගමු.
 එහි ඔබ සිතනා ආකාරයට කෙලෙසකවත් අනුත්තරා සිටියේ නැත.බිම වැටී බයාදු මුහුනෙන් බලා සිටිනා සකුන්තල පමනක් සිටියේය..

"ඇති වෙන්න නෙලුවා ගෑනු පෙරේතයට"

කට කොනකින් සිනාසුන තරූශ තමාටම මුමුනා ගත්තේය.
 තරූශගේ දෑස් පිය වෙන්නට වැඩි වෙලාවක් ගත නොවුනේය.

දහවල් කාලයේ නිදාගන්නේ කාලකන්නි ඉලන්දාරීන් පමනක් නොවේ.ඉලංදාරියාගේ නිවසට කිලෝ මීටර් ගනනාවක් ඈතින් වූ නිවසක සුන්දර දැරිවියක්ද නිදාගෙන හුන්නාය.

"දුවා..අනු...නැගිටින්න දුව..පන්ති ගිහිල්ලා ආපු ගමන් නිදාගන්න එක නෙමේ නේ කරන්න ඕන"
"හ්ම්ම්ම්ම්ම්...නිදිමතයි තාත්තා.මට මහන්සියි නේ."

 එක වරක් දෑස් හැර බැලූ යුවතිය දිසානායක මහතාටද නොඇසෙන ලෙස කෙදිරුවාය.
මද සිනාවක් පෑ දිසානායක මහතා සුපුරුදු සෙල්ලමටම වැටුනේය.යුවතියගේ කකුල් දෙකෙන් ඇද ඇද මිට්ටම අසලටම ගත්තේය.

අනේ අනේ....අවුරුදු 18 ක කෙල්ලක් නැගිට්ටව ගන්න තියන අමාරුව.ඒක නෙමේ දුවා...මොකද අද අලුත් පන්තිය.

අපෝ...මහ රස්තියාදුකාරයෝ ඉන්න තැනක් නේ ඒක.අද පන්ති ඇරිලා එද්දි එක කොල්ලෙක් තව කෙනෙක්ට බිම දාගෙන ගහනවා.පව් අර බිම වැටුන කෙනා.හොදටම ගුටි කෑවා තාත්තා.ඒ ගහපු කොල්ලා නම් හරිම රස්තියාදුකාරයෙක් කියලා ඉරේශා කිව්වා"

අහ්.ඔය ගියපු ටිකට යාලුවෙකුත් හදාගෙන ඉන්නේ..ඔහොම තමා දුව කොල්ලො.කෙල්ලෙකුට ගහගන්න ඇති.මගේ සුදු දුවා පරිස්සම් වෙන්න.ඊලග දවසේ උන් ගහ ගන්නේ මේ ලස්සන මූනට වෙන්න බැරි නෑ."

දිසානායක සිනහසෙමින් කී දෙය කිසියම් හෝ ආකාරයකට සත්‍ය වීමට ඉඩ තිබේ.අනුත්තරා එතරම් සුන්දර වූවාය.

 --------------------------------------------------------------------------------

මම ඔබව සතියක් ඉදිරියට කැදවාගෙන යමි.මක් නිසාද යත් අපගේ කතාව ගලාගෙන යන්නේ සිකුරාදා ජීව විද්‍යා පන්ති දිනයන් හී දී පමනක් බැවිනි.

පලමු දිනයේ ගාල්ල බස් නැවතුම් පලේ බසයක් එනතුරු මග බලා සිටියේ අප කතාවේ චරිත අතරින් අනුත්තරා පමනි.ඒත් අද දින සකුන්තල සූරියබන්ඩාරද බලා සිටියේය.ඒ බසයක් එනතුරුමදැයි මම නොදනිමි.

සකුන්තලව ඈතදීම දුටු අනුත්තරා සිනහ වූවාය.සකුන්තලගේ මුහුනේද සිනහවක් ඇදුනේය.එය හිතවත් කම පෙන්වන සිනහවක් ද මනමාල සිනහවක් දැයි තීරණය කිරීමට අපහසුය.

"කොහොමද? මම දැන් ගොඩක් වෙලාවක ඉදලා මෙතන.තාම බස් එකක් නෑ.බස් ස්ට්‍රයික් ද දන්නෙ නෑ."
 එසැනින් කොළඹ බසයක් පැමිනියේය.

"මේ තියෙන්නේ බස්.ඔන්න මමම එන්න ඕන බස් එකක් එන්න"
අනුත්තරාද මුකුලු වෙමින් කීවාය.

යුවතිය බස් රථයට නැගි පසු ඊට පිටු පසින් සකුන්තල බසයට ගොඩ විය.
ඔවුන්ගේ සුන්දර කතාව විනාඩි පහලවක් හෝ විස්සක් නිදහසේ ගලා යන්නට ඇත.එත් ඊට වඩා ඔවුන්ට තොදොල් වීමට අපේ කතා නායකයා ඉඩ තැබුවේ නැත.

හික්කඩුව නගරයේ බස් රථය නවත්වනවාත් සමගම තරූශ බසයට ගොඩවිය.
සකුන්තල දුටු තරූශට සිනහවක් ගියේය.
ඔබට මට තරම් ඔහුට සකුන්තල සහ අනුත්තරා එකට සිටිනු ගානකට වත් නැති සේය.

"අඩෝ...ගෑනු පීටර්..ඒ පාර මේ අලුතෙන් ආපු කෑල්ල අල්ල ගත්තද...උඹ තමයි මිනිහා නේ.."

ඔහු කොතරම් හඩින් එය කියුවේද කියතොත් මුලු බසයේ සිටි පිරිසම තරුශ දෙසත් සකුන්තල දෙසත් අනුත්තරා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෝය.යුවතිය ලැජ්ජාවෙන් රතු වූවාය.සකුන්තල ඔරවමින් අහක බලා ගත්තේය.ඔහු ඊට වඩා දෙයක් නොකරන තරමට පෙර දිනයේ තරූශ මුහුනට එල්ල කල පහරවල් සැරය.

මහ රස්තියාදුකාරයෙක්.මුන් වගේ කාලකන්නි මොකට ඉපදෙනවද දන්නේ නෑ..ඕක කියලා තමයි මම එදා ගුටි කෑවෙත්.ඒ පාරවල් තාම රිදෙනවා.ඔයත් පරිස්සම් වෙන්න අනු..මූට කෙල්ලොත් පේන්න බෑ.."
අනුත්තරාද අප්පිරියාවෙන් යුතුව තරූශ දෙස බැලුවේය.

බසය අම්බලන්ගොඩ නගරයට එනතෙක්ම ඔබට පැවසීමට තරම් විශේෂ දෙයක් සිදු නොවිනි... 
--------------------------------------------------------------------------------------------------------------------------

ආයෙත් බ්ලොග් එක ලෙඩ දෙන්න ගත්තා.අර පෝස්ට් අප්ඩේට් නොවීමේ ලෙඩේ..මේක කොයි වෙලාවේ පබ්ලිශ් වේවිද දන්නේ නෑ..සදරු අයියත් උත්සහා කරා මේක හදන්න..ඒත් බැරි උනා තාම.....ඊයේ මම ඩොමේන් එකක් ගත්තා..ඒක බ්ලොගේට දැම්මයින් පස්සේ තමා මේ අවුල ආයේ ආවේ...

නුඹ රහසින් ඇවිත්...... (2 වන කොටස)




අනුත්තරාත් ඉරේශාත් පන්තිය අවසානයේ අම්බලන්ගොඩ බස් නැවතුම් පල වෙත සෙමෙන් සෙමෙන් පියනැගුවෝය.බස් රථවල නොනවතින හෝන් හඩත් මිදුමක් මෙන් නැගෙන දුහුවිල්ලත් අනුත්තරාගේ ඇස් දවාලයි.

මෙතක් කතාව මම කියුවේ අනුත්තරා දිසානායකට වාසි සහගත ලෙස යැයි ඔබට සිතෙනු ඇත.ගැහැනු ලමුන්ගේ කතා වලට මැදිහත් වීම අපට සුදුසු නැත.ඉදින් අපි තරුන ඉලන්දාරියා දෙසට හැරෙමු.මේ අවස්ථාව ඊට සුදුසුද නැද්ද මම නොදනිමි.නමුත් දැන් කරන්නට දෙයක් නැත..

තරූශ දිසානායක සිරුරේ වූ වැලි පිස දමමින් ජයග්‍රාහී ලෙස නැගිට්ටේය.බයාදු මුහුනින් ඔහුගේ සිරුරට යට වුනු සකුන්තල මොන මොනවදෝ මුමුනයි..

"තොට දැන ගන්න තිබ්බා ඔහොම කතාවක් කියන්න්න කලින්.තාත්තා නැති උනාට අම්මා ඉන්නවා යකෝ මාව හදාගන්න.තොපි මාව හදන්න ඕන නෑ.අනික තෝ මතක තියාගනින්.හැමදාම පන්තියේ වැඩිම ලකුනු අරගෙන පලවෙනිය වෙලා ගෑනු ගොඩේ සෙවලය වගේ ඉදියට අපේ කොල්ලෝ පාඩම් කරන්න ගත්ත දවසට තොට යන එනමං නැති වේවි."

සකුන්තලගේ මුහුනට තවත් දෙකක් අත ගුලිකර දුන් තරූශ බස් නැවතුමේ මුල්ලකට ඇවිද ගියේය.

සකුන්තල අමාරුවෙන් වාරුගෙන නැගිට්ටේය.
එසැනින් තරුන ගැහැහු ලමෝ කීප දෙනෙකු ඔහු වටකර ගත්තේය.එතන අනුත්තරාගේ අතින් ඇදගෙන දිව ආ ඉරේශා ද සිටිය බව අකමැත්තෙන් වුවද ඔබට මම කියමි.

"මොකක්ද මෝඩයෝ කරගත්තේ.ඔය කාලකන්නිය එක්ක රංඩුවට යන්න එපා කියලා අපි කොච්චර කියනවද.ඌ හිතක් පපුවක් තියන එකෙක් ද.දැන් තමුසේ එක්ක ගිහින් නැන්දටයි මාමටයි මම මොකක්ද කියන්නේ.මෙන්න මේ ලේන්සුවෙන් ඔය අත බැදගන්නවා.අත් දෙකම තුවාල වෙලා..අනූ...ඔයාගේ ලේන්සුවත් දෙන්න ඩියර්.මූ කරගන්න ඒවට මට තමා වගකියන්න වෙන්නේ"

ඉරේශාගේ සහ අනුත්තරාගේ ලේන්සුවලින් දෑතම බැදගත් සකුන්තල අනුත්තරාට සිනහවකින් සංග්‍රහ කලාය.

ඔබද මමද තරූශට අකමැති බව සැබැවි.ඒත් සකුන්තලට අනුත්තරා පෙරලා සිනහවක් පෑම ඔබටවත් මටවත් නොරුස්සයි.එය අද කාලයේ ආදර කතාවල ලක්ෂනයකි.

 මේ සියලු සිදුවීම් දෙස කාලකන්නි ඉලන්දාරියා උපහාසයෙන් යුතුව බලා සිටියේය.අනුත්තරා සකුන්තලට සිනහව පෑම අපට තරම් ඔහුට ප්‍රශ්නයක් නොවීය.පන්තියේ අන් පිරිමි ළමුන්ගේ සිත් පිනවන රූසපුවක් අනුත්තරාට තිබුනත් එය ඉලංදාරි කොලු ගැටයාය කිසිම ආකරයක ප්‍රශ්නයක් නොවේ.
අනුත්තරා යනු ඔහුට තවත් එක කෙල්ලෙක්ම පමනි....

කොළඹ සිට ගාල්ල බලා යන බස් රථයට අප කතාවේ දැනට හමූ වූ චරිත හතරම නැග ගත්තේය.තරූශගේ රවා බැලීම් හමුවේ සකුන්තල තව තවත් කෙල්ලන් දෙදෙනාට මුකුලු වූවේය.

  ටිකට් එකක් වත් නොගෙන බස් රථයේ පාපුවරුවේ එල්ලීගෙන යන තරූශ දෙස ඔබගේ මගේ දෑස් වලට අමතරව අනුත්තරා දිසානායකයේ දෑසද ඉද හිට යොමූ වූ බව පමනක් අද කතාවේ අවසානයට කියමි.

සෑම ආදර කතාවකම ලෙස මේ ආදර කතාවටද පෙම්වතුන් යුවලක් ඕනෑමය.ඔබගේත් මගේත් හිත් ඉල්ලන පරිදි සිත්පිත් නැති රස්තියාදුකාර ඉලන්දාරියාට මේ සුන්දර යුවතියව අයිතිකර දිය හැකිද.කතාව ඔබටවත් මටවත් වෙනස් කල නොහැක.එය සිදු වූ ආකාරය පමනක් මම ඔබට කියාගෙන යන්නෙමි....

Saturday, 4 June 2011

නුඹ රහසින් ඇවිත්...... (1 කොටස)


වේගයෙන් පැමිනි මාතර කොළඹ බස් රථය ගාල්ල බස් නැවතුම් වෙත ලගා විය.ගිනි ගහන අව්වත් බස් රථයෙන් ඇවිස්සුනු දුහුවිල්ලත් නිසා ලේන්සුවකින් මුහුන වසා ගත් ඇය හනි හනිකට බසයට ගොඩ වූවාය.ඇයට මේ කිසිවක් හුරු පුරුදු දේවල් නොවේ.ගාල්ලට පැමින තවම සති දෙකක් වත් නැත.ඒ නමුදු ටියුෂන් ක්ලාස් යැවීමට තාත්තාට තිබූ තදියම ගැන ඇය සිතෙන් බැන වැදුනාය.

ඔබට ඇයගේ මුහුනේ ඉරියව් බලා සිටින්නට අවස්ථාවක් ලබා දුන්නා නම් ඔබ සිනාසෙනු ඇත.

ඇය සැබැවින්ම තම පියාට ආදරය කලාය.අම්මාගේ වියෝවත්,තාත්තාගේ ස්ථානමාරුවත් නිසා අලුත් ජීවිතය ඇයට අලුත්ම අත්දැකීමක් විය.

ඇය කවුදැයි මම තවම ඔබට නොකීවෙමි.ඇය අනුත්තරා දිසානායක වූවාය.

ඉතින් අපි කතාවට යමු.

අනුත්තරා පන්තියට යන විටත් පන්තිය පටන් ගෙන අවසන්ය.....

"සු....................................................."

 පන්තියේ කොනකින් පටන් ගත් සූ.... හඩ පන්තිය පුරා පැතිරීමට ඇසිපිල්ලමක් සලන තරම් වත් වෙලාවක් ගත වූයේ නැතැයි මම සිතමි.

  "ඕක නවත්තනවා....අන්තිම පේලියේ නිල් පාට ඉරි ඉරි ටී ශර්ට් එක..
.....ගේනව බලන්න තමුසෙගේ පොත." ටියුශන් ගුරුවරයාගේ හඩ පන්තියේ එල්ලා තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැඩිව ඇසුනි.නැවතත් පන්තිය සංසුන් විය.ඒ සිදුවීම් අතර තුර අනුත්තරා බන්කුවකට බර දී ඉදගත්තාය.

 කොන්ඩය අවුල් වූ කමීසයේ බොත්තම් ඇරගත් තරූශ පෙරේරා නොහොත් අපගේ රස්තියාදුකාර කතානායකයා
(එම වචනය කොතෙක් දුරට සාධාරන දැයි නොදනිමි ) පිටු 40 ක කොපි පොතක් ගෙන ගුරුවරයා ඉදිරියට පැමිනියේය.

"ගන්නවා බලන්න පොත.මේ මොකක්ද ඕයි..තමුසේ හදන්නේ මුලු බයෝ සිලබස් එකම මේ පිටු හතලිහේ පොතේ ලියන්නද? "

තරූශගේ සිනහමුසු මුහුනත් පන්තියේ මුනු මුනු සද්දයත් ස්වල්පවෙලාවක් පැවතුනි.

"පන්තිය පටන් ගත්තු දවසේ ඉදලා කරේ මේ පිටු දෙකේ තියන ඒවා විතරද.කවදා හැදන්නද දරුවො.මේක සෙල්ලමක් නෙමේ.අම්මා තාත්තා මහන්සියෙන් හම්බකරන සල්ලි තමයි ඔයා මේ නාස්ති කරන්න්නේ."

"ඉතින් සර් සල්ලි නාස්ති වෙන නිසා නේ මම පිටු හතලිහේ පොතක් ගත්තේ"

 කොල්ලන් සිටි පැත්ත සිනහ හඩින් පිරුනද කෙල්ලන්ගේ පැත්ත දෙස ඔබ මා නොබලන තරමට නුවණට හුරුය.

සල්ලී දී උගන්වන පන්තියක් නිසාදෝ ගුරුවරයා සිසුවාට අත ඉස්සුවේ නැත.

යනවා පන්තියේ පිටිපස්සෙම පේලියට.ගිහින් නගිනවා ඩෙස්ක් එක උඩට"

ගුරුවරයාගේ විධානය ඔහුට ගානක් වත් නැත.කටේ තිබූ චුවින්ගම් හපය බිමට දැමු ඉලන්දාරියා සංසුන් ගමනින් පසුපසට ගමන් කලේය..

මේ සියල්ල දෙස අනුත්තරා සන්සුන්ව බලා සිටියාය.

"හොද වැඩේ අසමජ්ජාතියට.ඕකා තමා ඔයා එනකොටත් සු...ගාන්න පටන් ගන්න ඇත්තේ.ඕකටම හරියන යාලුවෝ ටිකක් ඉන්නව නේ.කොහොම ගෙවල් වල හැදුන උන්ද දන්නේ නෑ.ගිය සතියේ බස් එකේ යනකොට මගේ ගවුමේ චුවින්ගම් එකක් අලවලා තිබ්බා.අපරාදේ අලුත්ම ගවුම."

 අනුත්තරාට අනෙක් පසෙන් සිටි තරුණිය කියාගෙන කියාගෙන ගියාය.

"මීට කලින් ක්ලාස් ආවද.මම අදයි ඔයාව දැක්කේ."

"නෑ.අද තමා ආවේ.මම අනුත්තරා"

"මම ඉරේශා ""

එතනින් පටන් ගත් ඔවුන්ගේ කයිවාරුව කොතනින් නැවතුනා දැයි මම නොදනිමි.තරුණ ගැහැණු ළමුන් දෙදෙනෙකුට කතා කරන්නට මොන තරම් දේවල් තිබේද..ඔවුන්ගේ කතා සොයන්නට යාමට තරම් මම ඕපාදූප කාරයෙකු නොවෙමි.

 තමාගේ පියා ගාල්ලේ තැපැල් ස්ථානාධිපති බව , ගමේ ගත කල ජීවිතය ගැන , තමන්ගේ අලුත් ජීවිතය ගැන අනුත්තරා දිසානායක කියන්නට ඇත.ඉරේශාදා ඊට නොදෙවනි වන ලෙස තම ජීවිත කතාවම කියන්නට ඇත.

පන්ති නිම වන තුරුම ඔවුන්ගේ මුකුලුව,සිනහව මෙන්ම තරූශ දිසානායකගේ බන්කුව උඩ සිට කරන ඉලන්දාරි විහිලු වලින්ද පන්තිය පිරී පැවතුනි.

 ------------------------------------------------------------------------------------------

පලවෙනි පාරට තමා කෙටි කතාවක් නොවන කතාවක් වගේ දෙයක් ලියන්න ගත්තේ.මේක ඉවර කරන්න පුලුවන් වේවිද බැරි වේවිද කියන්න මම දන්නේ නෑ.ඒත් ලියනවා. කොටස් දහයකට අඩු වෙන් ඉක්මනට ලියලා දාන්න ඕන.අර නායකත්ව පුහුනුවත් ලග ලගම එන නිසා ලියන එක නම් ඉක්මන් වේවි..හිතෙන දේ වචනයකින් හරි කියලා යන්න..මොකද මේ බ්ලොග් එකේ පලවෙනිපාරට තමා මම මේ වගේ දෙයක් ලියන්නේ..කුප්ප නැති කතාවක්....