නුඹ රහසින් ඇවිත් (1 වන කොටස)
නුඹ රහසින් ඇවිත් (2 වන කොටස)
දොරටද පයින් පාරක් දී දොර ඇරගත් ඉලංදාරියා ගේ තුලට වැදුනේය.කුස්සියේද කන්නට කිසිවක් නැත.අම්මා වැඩට ගොස් එන්නටද තවත් පැය තුනක් පමන තිබේ.
ඇද සිටි ඇදුම පිටින්ම ඇදට වැටුන තරූශ දෑස් අඩවන් කරගත්තේය.
එන්න..අපි ඔහුගේ සිතුවිලි තුලට රිංගමු.
එහි ඔබ සිතනා ආකාරයට කෙලෙසකවත් අනුත්තරා සිටියේ නැත.බිම වැටී බයාදු මුහුනෙන් බලා සිටිනා සකුන්තල පමනක් සිටියේය..
"ඇති වෙන්න නෙලුවා ගෑනු පෙරේතයට"
කට කොනකින් සිනාසුන තරූශ තමාටම මුමුනා ගත්තේය.
තරූශගේ දෑස් පිය වෙන්නට වැඩි වෙලාවක් ගත නොවුනේය.
දහවල් කාලයේ නිදාගන්නේ කාලකන්නි ඉලන්දාරීන් පමනක් නොවේ.ඉලංදාරියාගේ නිවසට කිලෝ මීටර් ගනනාවක් ඈතින් වූ නිවසක සුන්දර දැරිවියක්ද නිදාගෙන හුන්නාය.
"දුවා..අනු...නැගිටින්න දුව..පන්ති ගිහිල්ලා ආපු ගමන් නිදාගන්න එක නෙමේ නේ කරන්න ඕන"
"හ්ම්ම්ම්ම්ම්...නිදිමතයි තාත්තා.මට මහන්සියි නේ."
එක වරක් දෑස් හැර බැලූ යුවතිය දිසානායක මහතාටද නොඇසෙන ලෙස කෙදිරුවාය.
මද සිනාවක් පෑ දිසානායක මහතා සුපුරුදු සෙල්ලමටම වැටුනේය.යුවතියගේ කකුල් දෙකෙන් ඇද ඇද මිට්ටම අසලටම ගත්තේය.
අනේ අනේ....අවුරුදු 18 ක කෙල්ලක් නැගිට්ටව ගන්න තියන අමාරුව.ඒක නෙමේ දුවා...මොකද අද අලුත් පන්තිය.
අපෝ...මහ රස්තියාදුකාරයෝ ඉන්න තැනක් නේ ඒක.අද පන්ති ඇරිලා එද්දි එක කොල්ලෙක් තව කෙනෙක්ට බිම දාගෙන ගහනවා.පව් අර බිම වැටුන කෙනා.හොදටම ගුටි කෑවා තාත්තා.ඒ ගහපු කොල්ලා නම් හරිම රස්තියාදුකාරයෙක් කියලා ඉරේශා කිව්වා"
අහ්.ඔය ගියපු ටිකට යාලුවෙකුත් හදාගෙන ඉන්නේ..ඔහොම තමා දුව කොල්ලො.කෙල්ලෙකුට ගහගන්න ඇති.මගේ සුදු දුවා පරිස්සම් වෙන්න.ඊලග දවසේ උන් ගහ ගන්නේ මේ ලස්සන මූනට වෙන්න බැරි නෑ."
දිසානායක සිනහසෙමින් කී දෙය කිසියම් හෝ ආකාරයකට සත්‍ය වීමට ඉඩ තිබේ.අනුත්තරා එතරම් සුන්දර වූවාය.
--------------------------------------------------------------------------------
මම ඔබව සතියක් ඉදිරියට කැදවාගෙන යමි.මක් නිසාද යත් අපගේ කතාව ගලාගෙන යන්නේ සිකුරාදා ජීව විද්‍යා පන්ති දිනයන් හී දී පමනක් බැවිනි.
පලමු දිනයේ ගාල්ල බස් නැවතුම් පලේ බසයක් එනතුරු මග බලා සිටියේ අප කතාවේ චරිත අතරින් අනුත්තරා පමනි.ඒත් අද දින සකුන්තල සූරියබන්ඩාරද බලා සිටියේය.ඒ බසයක් එනතුරුමදැයි මම නොදනිමි.
සකුන්තලව ඈතදීම දුටු අනුත්තරා සිනහ වූවාය.සකුන්තලගේ මුහුනේද සිනහවක් ඇදුනේය.එය හිතවත් කම පෙන්වන සිනහවක් ද මනමාල සිනහවක් දැයි තීරණය කිරීමට අපහසුය.
"කොහොමද? මම දැන් ගොඩක් වෙලාවක ඉදලා මෙතන.තාම බස් එකක් නෑ.බස් ස්ට්‍රයික් ද දන්නෙ නෑ."
එසැනින් කොළඹ බසයක් පැමිනියේය.
"මේ තියෙන්නේ බස්.ඔන්න මමම එන්න ඕන බස් එකක් එන්න"
අනුත්තරාද මුකුලු වෙමින් කීවාය.
යුවතිය බස් රථයට නැගි පසු ඊට පිටු පසින් සකුන්තල බසයට ගොඩ විය.
ඔවුන්ගේ සුන්දර කතාව විනාඩි පහලවක් හෝ විස්සක් නිදහසේ ගලා යන්නට ඇත.එත් ඊට වඩා ඔවුන්ට තොදොල් වීමට අපේ කතා නායකයා ඉඩ තැබුවේ නැත.
හික්කඩුව නගරයේ බස් රථය නවත්වනවාත් සමගම තරූශ බසයට ගොඩවිය.
සකුන්තල දුටු තරූශට සිනහවක් ගියේය.
ඔබට මට තරම් ඔහුට සකුන්තල සහ අනුත්තරා එකට සිටිනු ගානකට වත් නැති සේය.
"අඩෝ...ගෑනු පීටර්..ඒ පාර මේ අලුතෙන් ආපු කෑල්ල අල්ල ගත්තද...උඹ තමයි මිනිහා නේ.."
ඔහු කොතරම් හඩින් එය කියුවේද කියතොත් මුලු බසයේ සිටි පිරිසම තරුශ දෙසත් සකුන්තල දෙසත් අනුත්තරා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෝය.යුවතිය ලැජ්ජාවෙන් රතු වූවාය.සකුන්තල ඔරවමින් අහක බලා ගත්තේය.ඔහු ඊට වඩා දෙයක් නොකරන තරමට පෙර දිනයේ තරූශ මුහුනට එල්ල කල පහරවල් සැරය.
මහ රස්තියාදුකාරයෙක්.මුන් වගේ කාලකන්නි මොකට ඉපදෙනවද දන්නේ නෑ..ඕක කියලා තමයි මම එදා ගුටි කෑවෙත්.ඒ පාරවල් තාම රිදෙනවා.ඔයත් පරිස්සම් වෙන්න අනු..මූට කෙල්ලොත් පේන්න බෑ.."
අනුත්තරාද අප්පිරියාවෙන් යුතුව තරූශ දෙස බැලුවේය.
බසය අම්බලන්ගොඩ නගරයට එනතෙක්ම ඔබට පැවසීමට තරම් විශේෂ දෙයක් සිදු නොවිනි...
--------------------------------------------------------------------------------------------------------------------------
ආයෙත් බ්ලොග් එක ලෙඩ දෙන්න ගත්තා.අර පෝස්ට් අප්ඩේට් නොවීමේ ලෙඩේ..මේක කොයි වෙලාවේ පබ්ලිශ් වේවිද දන්නේ නෑ..සදරු අයියත් උත්සහා කරා මේක හදන්න..ඒත් බැරි උනා තාම.....ඊයේ මම ඩොමේන් එකක් ගත්තා..ඒක බ්ලොගේට දැම්මයින් පස්සේ තමා මේ අවුල ආයේ ආවේ...
ආයෙත් බ්ලොග් එක ලෙඩ දෙන්න ගත්තා.අර පෝස්ට් අප්ඩේට් නොවීමේ ලෙඩේ..මේක කොයි වෙලාවේ පබ්ලිශ් වේවිද දන්නේ නෑ..සදරු අයියත් උත්සහා කරා මේක හදන්න..ඒත් බැරි උනා තාම.....ඊයේ මම ඩොමේන් එකක් ගත්තා..ඒක බ්ලොගේට දැම්මයින් පස්සේ තමා මේ අවුල ආයේ ආවේ...

