Tuesday, 17 July 2012

චීනෙන් ආ යාලුවා - " අඩෝ,.මට අමතක උනා බං xxx "


මේක මේ ඊයේ සිද්ද උන කතාවක්.කාලෙකට පස්සේ ඉස්කෝලේ අපේ Batch එකේ උන්ට සුහදව හම්බෙවන්න ඕන කරලා තිබුනා.ඉතින් එක දවසින් සංවිධානය කරගෙන උණවටුනේ Beach එකේ සුලුවෙන් set වෙන්න කියලා කට්ටිය Plan කරගෙන හිටියේ.

අපිටත් ඉන්නව නේ එක එක ජාතියේ යාලුවෝ.ඔය අතරේ ඉදියා පොරක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් චීනෙට ගියපු.අවුරුදු තුනකට පස්සේ ලංකාවට ගොඩ ගහපු මෑන්ස්ටත් මේ get එකට එන්ඩ සෑහෙන්න ඕන වෙලා තිබුනේ.අපේ කොල්ලො ටිකටත් ගෙන fit.මොකද චීනේ ඉදලා ආව නම් හොද හොද Brand ගෙනල්ලා ඇති කියලා තමා කට්ටිය කතා උනේ.

ඔන්න ඉතින් අදාල දවසේ පොර තව යාලුවෙකුට කෝල් එකක් දෙනවලු මෙන්න මෙහෙම.

"මචන් ඔසා,උඹලා අද get එකට යනව නම් අපේ ගෙවල් පැත්තේ ඇවිත් මාවත් දාගෙනම පලයන්.මගේ ගාව එනකොට ගෙනාපු බඩු වගයක් තියේ."

"අඩෝ..මරු නේ..එල එල..අපි ඔය පැත්තෙන් එන්නම්."

ඔන්න ඉතින් යාලුවෝ හතර දෙනෙක් නග්ග ගත්තු කාර් එක අදාල චීනේ යාලුවගේ ගෙදර ඉස්සරහා නැවැත්තුවලු.එක පාරක් හෝන් එක ගැහුවම පොර දොරත් ඇරගෙන එලියට එනවලු.පොරගේ අතේ බෝතල් දාපු පෙට්ටියක්.අපේ උන්ටත් දැන් හෙන සැටිස්ලු..

පෙට්ටිය අමාරුවෙන් උස්සගෙන ආපු මෑන්ස්  සහ කාර් එකේ යාලුවෝ අතර ඇති උනේ මෙහෙම සංවාදයක්.

"මචං ඔසා,ඩිකිය ඇරපන්.බෝතල් ටික ඩිකියට දාමු."
 
"අඩෝ ඩිකියට දාන්න එපා.කාර් එක වලක වැටුනොත් බෝතල් ටික කුඩු වෙන්න පුලුවන්.ඇතුල්ට ගනින්"

ඊට පස්සේ අපේ චීනෙන් ආපු යාලුවා මෙන්න මෙහෙම සීරියට් උත්තරයක් දුන්නලු.

"පිස්සුද බන්.ප්ලාස්ටික් කොකාකෝලා බෝතල් එහෙම කුඩු වෙනවද..ඔන්න ඔය ඩිකිය ඇරපන්"

එතනින් ඒ කොටස ඉවරයි..දැන් ඊලග කොටස.

ඔන්න කට්ටිය දාගත්තු කාර් එක උණවටුන බීච් එකට එන්න කලින් තියෙන ශෙඩ් එකේ නැවැත්තුව තෙල් ගහන්න.
පොර වගේ කාර් එකෙන් එලියට බැස්සේ අපේ චීනෙ ඉදලා ආපු යාලුවා.තෙල් ටැංකියේ පියන ලගට ගිහින් පොර හෙන ගේමක් දුන්නලු මූඩිය ඇරගන්න.විනාඩියක් විතර ට්‍රයි එක දුන්නත් මූඩිය ඇරගන්න තේරෙන්නේ නෑලු.බලන් ඉදලා බැරිම තැන පොර කාර් එකේ ඉන්න අනිත් යාලුවොන්ගෙන් උදව්වක් ගන්න හිතුවලු.

"අඩෝ..ඔසා..මේ  හු**  මූඩිය ඇරෙන්නේ නෑ නේ.මෙන්න මේ ප** ඇරපන්.."

කාර් එකේ උන්ට විතරක් නෙමේ මහපාරේ යන උන්ටත් ඇහෙන මහා සද්දෙන් අසභ්‍ය වචනෙ උදව් ඉල්ලීම ගැන අපේ සෙට් එක විතරක් නෙමේ ශෙඩ් එකේ උන්ටත් හෙන අවුල්ලු.වෙන වාහන වල ඉදපු අම්මලා පොඩි උන්ගේ කන් වහනවලු මූට බැන බැන.

ටිකක් වෙලා බලන් ඉදපු චීනෙන් ආපු යාලුවා කාර් එක ලගට ඇවිත් දොරත් ඇරලා මෙන්න මෙහෙම කිව්වලු..

"අඩෝ..මට අමතක උනා බං ලංකාවේ උන්ට සිංහල පුලුවන් කියලා." :)


(තවත් යාලුවෙකුගේ කතාවක් බලන්න මෙතන කොටන්න )

ප.ලි - මම කවදාවත් ඇවිල්ලා කමෙන්ට් එකක් වත් දාලා නැති බ්ලොග් තිබේ නම් කමෙන්ට් එකක් දාද්දි බ්ලොග් එකේ ලින්ක් එකත් එක්ක දාන්ඩ හොදේ!! ඒ පැත්තේ ඇවිල්ලා යන්න :ඩී )

Tuesday, 10 July 2012

බ්ලොග් අවකාශයේ කුජීතම බ්ලොගය - "100ක් ඩවුන්"


මීට අවුරුදු තුනකට විතරක කලින් කවියක් තියා වචන ටිකක් වත් ගැටගහගන්න බැරි සමනලයෙක් ඉදියා.එක දවසක් ඒ සමනලයා නිකමට වගේ වචන ටිකක් එකතු කරලා කවියක් වගේ එකක් ලිව්වා.ඊට පස්සේ ඒ ලියපු එක කෙලින්ම දුන්නේ ලස්සනම ලස්සන රෝසමලකට.අන්න එදා ඉදලා සමනලයා ලියනවා.ගොඩා...රියක් දේවල් ලියනවා.වෙලාවකට හිනා යන දේවලුත් ලියනවා.ඒත් අද රෝසමල සමනලයා ලග නෑ.ඒත් සමනලයා ලියනවා..සමනලයට ලියන්න කියලා දීලා රෝසමල යන්නම ගිහින්...

 මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් එක නම් වලින් බ්ලොග් මහා ගොඩක් ලියලා කාගේවත් සැලකිල්ලක් නැතුව ඉදපු එකෙක් ගමේ නමින් බ්ලොග් එකක් පටන් ගත්තා.බැලූ බැල්ලමට විකාර නමක් උනත් ලියන විකාර දේවල් එක්ක නමේ නොගැලපීමක් පේන්න නැතුවම ගිහින්..රත්ගමයා කියන නමින් පටන් ගත්තු ඒ බ්ලොග් එක අර කලින් කිව්ව රෝස මල නිසාම නවත්තලා දාපු කාලෙකුත් තිබුනා.ඒ නවත්තපු මාස කිහිපයට ගොඩක් අය රත්ගමයා ගැන හෙව්වා.ඉතින් ආයේ රත්ගමයා බ්ලොග් එක පටන් ගත්තා.ඒ රත්ගමයා කියන නමින් නෙමේ..වෙන මොකක්ද කසිකබල් කවුරුවත් දන්නෙවත් නැති ඉරූ කියන නමින්.

"අපිට ඉරුවෙක්ගෙන් වැඩක් නෑ.අපිට රත්ගමයා ඕන.."

බ්ලොග් එක කියපු කට්ටිය කිව්වා..ඉතින් දැන් මොනවා කරන්නද...ඉරූ ගේ ලෝකය බ්ලොග් එක ආයේ රත්ගමයාම උනා..
අන්න ඒකයි දැන් තියෙන රත්ගමයා බ්ලොග් එකේ සබැදි ලිපිනය www.rathgamaya.blogspot.com වෙන්නේ නැතුව http://www.sun-ge-lookaya.blogspot.com/ උනේ.

කොහොම කොහොම හරි කියන්න ආපු කාරනාව කියන්න අමතක උනානේ.අද දාන මේ බ්ලොග් සටහනත් එක්ක ඔක්කොම බ්ලොග් සටහන් 100ක් ලියලා තියෙනවා මේ බ්ලොග් එකේ.අවුරුදු දෙකට ඒ ගාන හොදටම මදි වෙන්න ඇති.ඒත් ඉතින් මොනවා කරන්නද.. :ඩී . 
අපේ මල්ලිලා දෙන්න උනත් අලුගුත්තේරු වැඩක් කරන්නේ ඉදලා හිටලනේ.ඉතින් උන් දෙන්නා ගැන ලියන්න වෙන්නේ කලාතුරකින් තමා.මල්ලිලා දෙන්නා ගැන මොනවා ලිව්වත් උන් දෙන්නා හරි හොදයි..හා පැටව් වගේ සුකුමාලයි.

ලියන හැම බ්ලොග් පෝස්ට් එකක්ම බ්ලොග් එකේ දාන්න කලින් මම පෙන්නන්නේ චූටි මල්ලිට.එයාට පෙන්නලා ඊට පස්සේ තමා බ්ලොග් එකේ දාන්නේ. ( චූටි මල්ලිට - මේක තොට පෙන්නන්නේ නෑ..දැම්මට පස්සේ බලපන් හොදේ!! ).ඒ අතින් නම් අපේ චූටි මල්ලි හරි හොදයි.හිනාව තද කරගෙන කියවද්දි මාර මෙව්වා එකක් එනවා.
මොනා කරන්නද ඉතින් ලියාගෙන යනවා මිසක්.සමහරවිට මට ඩිංගක් හරි ලියන්න පුලුවන් වෙන්න ඇත්තේ අපේ මහතාත්තා නිසා ( තාත්තාගේ තාත්තා ). 1970 ගනන් වල ලංකාවේ කවියන්ගේ සංගමේ සභාපති වෙලා ඉදලා තියෙන්නේ මහතාත්තා තමා. රත්ගම ටී.ලියනගේ කිව්වොත් සමහර විට ගොඩක් අය දන්නවා ඇති. මහතාත්තා දකින්නවත් වාසනාවක් නැති උනේ 89 කලබල දවස්වලම මහතාත්තව පැහැරගෙන ගිහින් තිබුන නිසා.

ඒ මොනවා උනත් ආයේ බ්ලොග් එකට එමුකෝ..ඉතින් අද බ්ලොග් පෝස්ට් 100ක් ඉවරයි...තව ඉස්සරහට 200,300 ඊට පස්සේ එන ඉලක්කම් අකුරුවලින් පහු කරනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්ඩ ඕන.
බ්ලොග් එකක් ලියන්න කියලා දීපූ කලුමල්ලි සහ ඒ දවස්වල ඉදපු නිරහංකාර අහිංසකාවි (සිරෝසිස් නගා ) වත් අප්ප්පිරියාවෙන් යුතුව මතක් කරනවා.

ඉතින් සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතමින් අදට නවතිනවා..

                                 මම ඇච්.රත්ගමයා (ඇච් ස්ටෑන්ඩ් ෆෝර් හන්දියේ )
 

Sunday, 8 July 2012

නොලියවුන මතකය....


ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ

පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා

කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා