Monday, 29 November 2010

වැලි ගොඩ දාපු පොලිස් මාමාගේ තවත් වැඩක්


අද උසාවි ගියා නඩුවකට.........මට නම් නෙමේ හැබැයි....සිද්ධිය මේකයි...
ගිය බ්‍රහස්පතින්දා හවස් ජාමේ පොලිස් මහත්තරු වගයක් කඩාගෙන පැන්නා අපේ කඩේ ඇතුලට....කුඩු කාරයෝ දෙන්නෙකුත් අරගෙන තමා ආවේ...කඩාගෙන බිදගෙන ආපු පොලිස් මාමා කෙනෙක් කුඩුකාරයෙක්ව පෙන්නල අපේ තාත්තගෙන් අහනව මූව දන්නවද කියලා....තාත්තා ඔව් කිව්වා...අනිත් එකා පෙන්නලා අහනවා මූව දන්නවද කියලා....තාත්තා ඌව දන්නෙ නැති නිසා නෑ කිව්වා.. මුන් දෙන්නා ඊයේ රෑ ගාල්ලේ කඩයක් කඩලා...මුන් කියනවා තමුසේගේ කඩේට ඒ කඩෙන් හොරකම් කරපු බඩු ගෙනල්ල දැම්ම කියලා..ඇත්ත කියපන්....මුන් ගෙනාපු බඩු කොහේද උඹ හැන්ගුවේ". මේක හරි කෙලියක් නේ යකෝ.....කොහේ තියන බඩ්ඩක්ද...ඉතින් තාත්ත කිව්වා එහෙම බඩු නෑ රාලහාමි..මම දන්නේ මෙයාව විතරයි..අනිත් කෙනා දැකලවත් නෑ කියලා..පොලිස්කාරයා ආයේ තදය වෙන්න ආවා..දැම්මා මාර සද්දයක්..."ගනින් බලන්න කඩේ තියන බඩු ඔක්කොගෙම බිල්..තමුසෙට බේරෙන්න බෑ අපෙන්..." මූ කියාපි...මිනිහා කතා කරපු විදිහෙන් තාත්තට මල පැන්නා..."මොකක්ද රාලහාමි කියන්නේ...තමුසේ තමුසේ කියලා කතා කරගන්න ගෙදර ගිහින්...මෙතන එහෙම බෑ..."මිනිහගේ සද්දේ ටිකක් අඩු උනා..."ආ...එහෙමද.....හොදයි බලාගමු උසාවියේදී' කියලා මෑන් ගියා...
ඉතින් අද නඩුව..
 ගිහින් පොඩ්ඩක් විස්තර විපරම් කරාම තමා වැඩේ මීටර් ඌනේ..කුඩු කාරයෝ දෙන්නා ගාල්ලේ කඩේ කඩලා අහු වෙලා...අහුවෙලා තියෙන්නේ හොරාට වැලි ගොඩ දාපු පොලිස් මාමට..(මතක ඇති කියල හිතනවා..මතක නැති නම් මෙතනින් බලන්න)..පොලිස් මාම කියල අපේ කඩේට බඩු දැම්ම කියල කිව්වොත් උඹලට පොඩි සහනයක් දෙන්නම් කියලා...මුන් ඒකට අහු වෙලා එහෙම කියලා..තව ලියන්න නම් යන්නේ නෑ...තාම නඩුව තියෙන නිසා...නඩුව කල් ගියා..තාත්තට ඇප ලැබුනා...අරුන් දෙන්නා රිමාන්ඩ්....වැලි පොලිස් මාමා හිනා පාරක් දාලා ගියා....
පොලීසියට ගියපු කලක්........

Friday, 5 November 2010

අනාවැකි කියනු නොලැබේ...පෝල් මිය යයි..............


ඒ 2010 ලෝක කුසලාන පාපන්දු තරගයයි.ස්පාඤ්ඤ්ය සහ නෙදර්ලන්තය තරග බිමේය.දින්නේ කවුරුන්දැයි සැවොම ඇස් නොපියා බලා හිදී.
නමුත් තරගයේ ප්‍රතිඵලය කලින්ම දැනගෙන සිටි අයෙකු විය.සුමිතුරු බූවල්ලා
නමින් පෝල් විය..ස්පාඤ්ඤය දිනනවා..ඒ පෝල් ගේ අනාවැකිය විය.
ලොව පුරා සියලු දෙනා පුදුමයට පත්කරමින් ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනා ගත්තේය.

                                     එය පෝල්ගේ පලමු අනාවැකිය නොවුනි.එයට පොර පැවති තරග සියල්ලකම ප්‍රතිඵල තරගයට පෙර නිවැරදිව පැවසීමට මේ අනාවැකි කරුවාට හැකි වී තිබුනි.අද වන විට මුහුණු පොතේ පෝල් ගේ නමින් මිතුරු අඩවි රැසකි.පෝල්ගේ ජනප්‍රිය බව කියා පෑමට අතවත් ඕනෑ තරම් කරුනු ඇත.
                       අවසන් තරගය අවසානයේ පෝල් ජීවත් වන මින් මැදුර වෙත තර්ජනාත්මක ඊමේක් රැසක් ලැබුනි.ඒවා බොහොමයකින් කිය වුනේ පෝල්ව මරා දමන බවයි.පාපන්දුලෝලීන්ගේ විශ්වාසය වූයේ අවසන් තරගය නෙදර්ලන්තය පරාජයට පත්වූයේ පෝල්ගේ අනාවැකිය නිසා බවයි.තරගයෙන් අනතුරුව ඔවුන් බූවලු විරෝධී ගීතිකා ගයමින් විරෝධය පලකල බව සදහන් වුනි.

තරගෙයෙන් අනතුරුව පෝල්ගේ ආරක්ශාව පිලිබදව සලකා බැලූ නිලධාරීන් පෝල් ජීවත් වන මින් මැදුර අවට විශේෂ ආරක්ශාවක් ලබා දුනි..
   මේ බූවලු මිතුරා පසුගිය දා ජීවිතයෙන් සමුගත්තේය.ඒ කිසිවෙකුගේ ප්‍රහාරයක් නිසා නොවේ.බූවල්ලෙකු ජීවත් වන අවුරුදු 3ක කෙටි ජීවිට කාලය සම්පූර්ණ කර අවසන් වීමෙන් පසුවය..පෝල්ගේ වියෝවෙන් කදුලු සලනා විදේශිකයන් රැසක් වේ.ඒ අතර ස්පාඤ්ඤයන් විශේෂ වේ.ඔවුන් පෝල්ව තම ජාතික වස්තුවක් ලෙස සැලකනු ලැබුනි.

කෙසේ හෝ පෝල් දැන් මිය ගොස් ඇත...
                    "තවත් අනාවැකි නොකියනු ලැබේ..සතුටින් ජීවත් වන්න"
මුහුනු පොතේ පෝල්ගේ මිතුරු අඩවියක එසේ සටහන්ව තිබුනි

Wednesday, 3 November 2010

EBay එකෙන් බඩු ගෙනාවා......

මේ දවස්වල ගොඩක් කට්ටිය EBay එකෙන් ගෙන්නපු බඩු ගැන කියනව නේ..ඔන්න ඉතින් රත්ගමයත් හිතුවා පුංචි පුරාජේරුවක් ගහන්න..EBay කෙරුවාව නම් පටන් අරන් දැන් ටික කාලයක්..මේ වෙනකොට බඩු 50 කට වඩා ගෙන්නල තියෙනවා..මේක පටන් ගන්න රත්ගමයට උදව් කරේ රත්ගමයගේ යාලුවෙක්..කලු තඩියෙක්..මම කලින් කියල තියෙනව මෑන් ගැන..
ඔන්න පහලින් දාන්නම් කෝ ගෙනාපුවා..බලන්න කෝ...
මේ තියෙන්නේ බඩු ආපු ලියුම් කවර..මේව ගොඩ ගහන්න බෑ අප්පා..වැටෙනවා..මාර ගේමක් දීල තමා ගොඩ ගැහුවේ.

මෙන්න තියෙනවා ගෙනාපු බඩු වලින් ඩින්ගක්..අනිත් ඒව නම් එක එක තැන්වල දාල...සමහර ඒවා හයි කරලා....ඒව ගලවල පොටෝ ගහන්න බැරි නිසා මෙහෙම දානවා මේ ටික....



ගෙනාපු බඩු සමහරක්
1.අන්තර්ජාල මොඩම්
2.සින්දු අහන ඇම්.පී 3 ප්ලේයර්
3.වෙබ් කැම්
4.ඔරලෝසු
5.කාඩ් රීඩර්
6.බ්ලූ ටූත් ඩොන්ගල්
7.මවුස්(වයර් නැති )

8.ඩෝර් බෙල්(වයර් නැති )
9.හෙඩ් ෆෝන්
10.රවුටර්
11.මුදු
12.කරාබු
සහ එක්සෙට්‍රා......................................



මෙන්න මගේ feed back profile එක...100%ක් පොසිටිව්...හික්



 සමහරුන්ට මේ EBay කෙරුවාව තේරෙන්නේ නැතිව ඇති..එහෙම නැතිනම් දන්නෙ නැතිව ඇති....
මේ ගැන දැනගන්න කැමති කෙනෙකුට කියල දෙන්න රත්ගමය ලෑස්ති...කිසිම අය කිරීමක් නෑ..හික්...නොමිලේ ඕන්...
skype තියෙනවනම් sahan420 එකතු කොර ගන්න ඕන්..
ඔබේ ඕනෑම දැවෙන ප්‍රශ්නයක් මා වෙත යොමුකරන්න