Wednesday, 15 June 2011

SB මාමාගේ නායකත්ව පුහුනු ටොපිය.............

                      
             කෝටි විස්සක ටොපියක් ඔබට රස බැලීමට ලැබුනෝතින් ඔබ කොරන්නේ කුමක් ද?
ඔබලා මක්කා කොරත් මම එය ලොවමි..කටේ දමා හපමි..චුට්ටි මුන් ඇටයක් ගානට ටොපිය පත්වනතුරු සිට හපා කමි....
SB මාමා අපිට දෙන්නට යන්නේද මෙවැනි ටොපියකි.එය හොද හෝ නරක වේවා අපි එය රස බැලිය යුතුමය..
මේ ටොපිය රස බැලීම ආවාට ගියාට කල නොහැක.ඒ සදහා මනා සූදානමක් ඕනෑ කොරයි.
එසේ වන්නේ මෙය කටට ගත්තා හපලා දැම්මා ජාතියේ එකක් නොවන බැවිනි...
මේ සදහා අප පහත සදහන් වියදම් දැරිය යුතුය....ආයේ ආයේ ටයිප් කිරීම ජුගුප්සාජනක නිසා මම ටිකක පමනක් දාන්නෙමි...


  • සුදු කැන්වස් (ඇන්ටි කෙනෙක් ගෙනත් දී තිබුනාය..ඉස්කෝලේ යන කාලේ දැමූ එව්වා තදය)  
  • නිල කොට කලිසම් (හොද වෙලාවට අපේ චූටි එකා තාම ඉස්කෝලේ යනවාය..උගේ ඉන මගේ ඉන සයිස් ය... ) 
  • සුදු ඇද රෙදි (මේක නිකන් පතිවත ටෙස්ට් කරලා බලන්න වගේ..සති තුනක් සුදු ඇද රෙදි කිලුටු නොකර ඉන්න ඕන ) 
  • පාස්පෝට් ප්‍රමාණයේ ෆොටෝ 3 ක්(බ්‍රහස්පතින්දා උදයේ විනාඩි පහෙන් ගැනීමට සිතා සිටිමි...)
  • ට්‍රැක් බොටම් (අහල පහල උන්ගෙන් ඉල්ලාගත්තෙමි)
  • දත් බුරුසුව සහ දත් බෙහෙත්..( ඒවා මොනවාදැයි මම නොදනිමි)
  • හාප් ශීට් සහ CR පොත් (ඉස්කෝලේ යන කාලේ පිසික්ස් Lab එකෙන් උස්සපුවා වගයක් තිබේ )
  • යට ඇදුම් දමා නැත..කෝකටත් ගත්තෙමි....

පහුගිය දින දෙක තුලදී මම කෙසේ වෙතත් මාගේ අම්මා සහ තාත්තා ටොපියට කෑමට වුවමනා මුලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ හොයාගෙන තිබුනෝය.
මට ඇත්තේ ටොපිය කෑම සදහා සහභාගී වීම පමනි...මම එය සතුටින් කමි... නායකත්වය කෙසේ වෙතත් පට්ටා ආතල් එකක් ගැනීමේ මූලික අභිප්‍රායෙන් යුතුව ඊටසහභාගී වෙමි....
හොද වෙලාවට ටොපිය ඇත්තේ අල්ලපු ගමේ කදවුරේය.නැතිනම් තවත් වියදමක් දරාගෙන ඩොටේ ඇති කදවුරකට මකබෑවිය යුතුය.එක අතකට අල්ලපු ගමේ ඇති ටොපිය කන්නට මොකක්දෝ වගේය.ඩොටේ එකක් ආවා නම් ලැබෙනා ආතල් එක තවත් වැඩි කොරගන්නට හැක...
කලින් ටොපිය කාපු ඇත්තෝ නම් එය රස යැයි කියති.ඒ රස මටද ලැබේවි යැයි විස්වාස කරමි..
මෙය දේශපාලන කන්නාඩි දාගෙන නොබලන්න...තියෙන කුප්පකමට ඔහේ කොටාගෙන ගියෙමි....
අවුරුදු 21 ක් තුල පලවා හැරීමට නොහැකි වූ මාගේ උපන් කුප්පකම දින 21කින් කෙසේ නම් පලවා හරින්නද.....
මම කෙල බේරමින් සිටිමි...ටොපිය රස වනු නිසැකය.....
ඔයින් මෙයින් පාඩු වන්නේ මාගේ අහිංසක බ්ලොග් එකටය...දින 21ක් මා නැතිව මෙය වල් වැදෙනු නිසැකය.......
මා නැති අතරේ මොකෙක් හෝ පැමින මෙය වල් වැදීමට නොදී සුද්දකර දමනු මැනවි...

Tuesday, 14 June 2011

නුඹ රහසින් ඇවිත්....... ( අවසාන කොටස )


           සුපුරුදු ලෙස නොවුනත් පන්තිය අවසාන විය..මාගේ කතාවද එතනින් අවසන් කර වෙනතක් බලා ගැනීමට මට හොදටම ඉඩ තිබුනි..නමුත් කතාව ඉවර නැත..ඔබට තව කියන්නට බොහෝ දේ තිබේ..මා මේ කතාව සම්පූර්ණ කල යුතුමය...ඔහු මා ඉදිරියේ තවත් කියවමින් සිටියේය...

               විභාගය ඔබටත් මටත් තරූශටත් නොදැනෙන්නම අවසන් විය.ඒ අතර කාලයේ සිදු වූ සිදුවීම් ගැන විස්තර කිරීම තේරුමක් නැති දෙයක් යැයි හැගේ.තරූශ සකුන්තල අනුත්තරා සහ ඉරේශා වැනි ලක්ෂයකට ආසන්න වූ දරුවන්ද උසස්පෙල ජීවන කඩයිමට බියෙන් යුතුව මුහුන දුන්නහ.

විභාග ප්‍රතිඵල ගැන ඔබට විශේෂයෙන් කිව යුතුය...

ආදරය ඉගෙනීමට භාදාවක් කර නොගත් සකුන්තල ගාල්ල දිස්ත්‍රිකයෙන් 37 වෙනි ස්ථානයට පත් වී සිටියේය..අනුත්තරා සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගෙන උසස්පෙල සමත් වී තිබ් තිබුනද විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලැබුවේය.කෙසේ නමුත් ඉරේශා සුදුසුකම් ලැබුවාය.මේ කතාවේ ඉරේශාට දී තිබූ ඉඩ අඩු වුවත් ඇය සැබැවින්ම දක්ශ දැරිවියක් වූවාය...
මොවුන්ගේ ප්‍රථිඵල ඔබට වැඩකට නැති බව මම දනිමි...

තරූශ පෙරේරා නොහොත් රස්තියාදුකාරයෙකුව සිටි කතානායකයා...ගාල්ල දිස්ත්‍රිකයෙන් 9 වෙනි තැන ලබා කොළඹ වෛද්‍ය පීඨයට තේරී තිබුනි.ඔව්...ජීවිතය හරිම පුදුමාකාරය...මීට බොහෝ කලකට පෙර රස්තියාදුකාරයෙකුව සිටි අයෙකු ගැන ඔබට මම කීවා මතක ඇතැයි සිතමි...මේ ඔහුය..ඔහුමය...

කාලය ගත වී ගොස් ඇත...

මම සෙමෙන් ඉදිරිය බැලුවෙමි...උපැස් යුවලට යටින් පෙර තිබූ බොර පැහැ දෙනෙත් යුවල දිලිසෙමින් තිබුනි..පිලිවෙලකට පීරා නොතිබූ කෙස් රොදක් නලලට වැටී සුලගට ඒ මේ අත
වැනේ.
තම දීර්ඝ කතාව අවසානයේ ඩොක්ටර් තරූශ පෙරේරා සුසුමක් හෙලුවේය.

සමාවන්න... ඔහු නිකම්ම ඩොක්ටර් තරූශ පෙරේරා නොව විශේෂඥ වෛද්‍ය තරූශ පෙරේරා විය.

 "ඩොක්ට, පේශන්ට සිහිය ආවා"
 කඩි මුඩියේ දොර හැරගෙන පැමිනි හෙදිය කීවාය...

"යමුද බලන්න උඹේ ජීවිතේ වෙනස් කරපු සුරංගනාවිව..."

මම ඔහුට ඔච්චමට මෙන් කිවෙමි...

සිනහවකින් පිලිතුරු දුන් තරූශ නැගි සිටියේය..අප වෛද්‍ය ජීවිතයේ දී කොතරම් කිට්ටු මිතුරන් වුවත් මේ සිද්ධිය ඔහු කෙදිනකවත් මට පවසා තිබුනේ නැත...
ජීවිත වෙනස් කරන්නේ ආදරයයි...මම වාට්ටුව වෙත යමින් සිතුවෙමි...

  අනුත්තරා ඉපල්වත්ත...ලෙඩාගේ ඇදේ එල්ලා තිබූ වෛද්‍ය වාර්ථාව මම කියවා බැලුවෙමි.අනුත්තරා දිසානායක ඉපල්වත්ත වී සිටියාය...ජීවිතය හරිම පුදුමාකාරය..ආදරය ඊට වඩා පුදුමාකාරය.
බය වන්නට දෙයක් නැත..සියල්ල යහපත් ය.

තාරුන්‍ය පසු කරමින් සිටියත් අනුත්තරා සැබැවින්ම සුන්දර වූවාය.රස්තියාදුකාරයෙකුගේ සිත ආදරයෙන් උමතුකීරීමට ඒ ලස්සන ප්‍රමානවත්ය...

කෙදිනකවත් දැක නොතිබූ කෙනෙක් දෙස බලන්නාක් මෙන් තරූශ ඒ සුන්දරත්වය විදිමින් සිටියේය...
මම ඔහුට භාදා කලමි..

"තත්වය සාමාන්‍යයි.අපි දැන් යමු නේද ඩොක්ට"

"හ්ම්ම්ම්...යමු"

රෝහල් වැරෙන්ඩාව දිගේ අපි පිය මැන්නෙමු....

වැඩි දුරක් ඇවිදයාමට අපට හැකියාව ලැබුනේ නැත...

 "doctor..do you have a moment to talk about Anuttara please"

පසු පසින් නැගුනු හඩ අපගේ ගමන නවතාලීමට සමත් විය.

"yes sure" 

මටත් පෙර තරූශ පිලිතුරු දුන්නේය...

"මම තරංග ඉපල්වත්ත"

ඔහු අත දිගුකලේය...

ඒ නම අසා පුරුදුය...ඒත් කොහේදීද.....මම මතක් කිරීමට උත්සහා කලෙමි...
නමුත් පිලිතුර ඔහුගෙන්ම ලැබුනි...

"මම මම සුළග F.M එකේ මීඩියා කෝඩිනේටර් විදිහට වැඩ කරනවා..අනුත්තරා කියන්නේ මගේ වයිෆ්.එයාට දැන් කොහොමද කියලා දැනගන්න පුලුවන්ද ඩොක්ට"

 ආදර කතා හරිම පුදුමාකාරය..කතා ලියන්නෝ සැමවිටම ලියන්නේ විවාහයකින් කෙලවර වෙන ආදර කතාවන් ය..ඒත් මාගේ කතාව එසේ නොවන බව මම කොතෙකුත් කීවෙමි.ඔබ සැම අත්විදිනා ජීවිත වෙල ඇත්ත මෙය නොවේදැයි මදක් නතර වී සිතන්න...

සකුන්තල කොහේ දැයි මම නොදනිමි.මම තබා තරූශ වත් එය නොදන්න බව මට හැගේ..
සියල්ලෝම විසිර ගොසිනි...ජීවිතය හරිම පුදුමාකාරය....

"බයවෙන්න එපා..ඇක්සිඩන්ට් එක නිසා දකුනු කකුලේ අස්ථියකට හානියක් වෙලා තියනවා.ඒක නිසා මාස තුනක් විතර එක තැනට වෙලා ඉන්න වේවි.ඒ ඇරෙන්න කිසිම ආබාධයක් නෑ..."

ඉපල්වත්ත මහතා සුසුමක් වාතලයට මුසුකලේය....

'තෑන්ක් යූ ඩොක්ටර්..තෑන්ක් යූ වෙරි මච්" 

පි නැවත එන්නට පිටත් වීමු..ඒ අතර ඉපල්වත්ත මහතා දුරකථනයෙන් අමතනු යාන්තමට ඇසේ...

"බය වෙන්න එපා චූටි දුව..අම්මිට දැන් හොදයි...තාත්ති අම්මිව අරන් ඉක්මනට එනවා..."

ඔව්...ජීවිතය පුදුමාකාරය....සැබැවින්ම පුදුමාකාරය...... 

මේ සියල්ලට වඩා තරූශගේ මුහුනේ හැගීම් පුදුමාකාරය...ඔහු තව දුරටත් ආදරවන්තයෙක් නොවේ...ඔහු ආදරවන්තයෙක්ව සිටියේය..ඒ ආදරය ඔහුට ලැබුනේ නැත..ඔහුට තමා සකුන්තලට වත් ලැබුනේ නැත..පාසල් කාලය අවසානය සියල්ලෝ තැන් තැන් වල විසිර යද්දී ඔවුන්ගේ ආදරකතාවන්ද සුලගට මුසුවී ඔහේ පාවී යයි...

 

"සහන්..හෙට මොකද කරන්නේ...වැඩක් නැති නම් හෙට අපේ ගෙදර ලන්ච් වලට වරෙන්...නුවංගි නිතරම කිය කිය ඉදියේ උඹලට හොදට ට්‍රීට් කරන්න ඕන කියලා..."  තරූශ සිනහසෙමින් කියයි....

 

ආදරය හරිම පුදුමාකාරය..එය ඇතිවන්නේද එක්වරක් නොවේ....තරූශට ජීවිතය වැරදුනේද නැත...අනුත්තරා ජීවිතය වරද්දාගෙන තිබුනේද නැත..සකුන්තලද කොහේ හෝ සිට ජීවිතය ගොඩනගා ගන්නට ඇත...යතාර්ථය මෙය නොවේදැයි මගේ සිත ප්‍රශ්න කරයි...

 

මම ඔබට කතාවක් කීවෙමි....එය ඔබ කොතෙක් දුරට තේරුම් ගත්තා දැයි මම නොදනිමි...කතාව කීමේ වගකීම මම මෙතැනින් අවසන් කරමි...තරූශ මෙන් රස්තියාදුකාරයෝ බොහෝ දෙනෙක් මෙය කියවන්නට ඇත...

 

මම ඔවුන්ට අවවාදයක් දෙමි...අනුත්තරාලා ඔබට හිමි නොවුනා යැයි සිතා ජීවිතය පරාද කර නොගන්න...ජීවිතය ජය ගන්න..එදාට අනුත්තරාලා ඕනෑ තරම් ඔබ ගැන කතාවෙනු ඇත..මක්නිසාද යත් ඔබ තව දුරටත් රස්තියාදුකාරයෙකු නොවන බැවිනි...

 

 

විශේෂ ස්තූතිය.. - මහ රෑ තිස්සේ මාගේ බ්ලොගයේ තිබූ අවුල සොයාබලා එය සාදා ගැනීමට උදව් කල හිස් අහසේ සදරු අයියාට..ඊයේ රෑ නිදි මැරීම නිසා අද දින වැඩට යාමට නොහැකි වීම ගැන මාගේ බලවහ් ශෝඛය ප්‍රකාශ කරමි...ස්තූති වේවා!!!

නුඹ රහසින් ඇවිත්...... ( 8 වන කොටස )


                     



ඔබ විභාගයට පාඩම් කරනා අවදියේ දින සති මාස ඉගීලී ගිය ඉක්මන ගැන ඔබ හොදටම දනී..
වේලාව දහවල් එක පසු උනා පමනි.දහවල් ආහාරය ගත් තරූශ අතීත සිද්දීන් සිතෙන් මෙනෙහි කරන්නට විය.

අනුත්තරා......

කොහේදෝ සිට පැමිනි සුලං පොදක් තරූශගේ අවුල් වූ කොන්ඩය තවත් අවුල් කලේය.
තමා හොදින් පාඩම් කරත් අනුත්තරා තමාට කැමති නොවන බව ඔහු සක් සුදක් සේ දනි.ඉලංදාරියා කන්නාඩියෙන් තම රුව බැලුවේය.ඇස් යට කලු වී ගොසිනි.පෙරදා බොර පැහැයට තිබූ ඇස් අද වඩාත් සුදුවට පෙනේ..තමා හොදටම කෙට්ටු වී ඇති බව තරුශ සිතුවේය.

ඉන් පසු අම්මාගේ කාමරයෙන් උස්සාගෙන ආ කැලැන්ඩරයට ඔහුගේ නෙත යොමු විය...

"හ්ම්ම්ම්ම්ම්....තව මාසයයි..." 

ඔහු කෙදිරුවේය..ගත වූ මාස දහය තුල වෙනස් වී තිබුනේ තරූශගේ රුව පමනක් යැයි සිතුවහොත් ඔබ වැරදිය.පෙර දැන සිටි දේවලට වඩා බොහෝ දේ ඔහු තම උසස් පෙළ විශයන් තුලින් දැන් දනි.

සමාවන්න...

ඔහු පෙර දී කිසිත් දැන සිටියේ නැත.මේ අප කතා කරන්නේ රස්තියාදුකාරයෙක්ව සිටි එකෙකු ගැනය.

සමහර හැගීම් මට තබා ඔහුටවත් විස්තර කල නොහැකි බව පමනක් කියමි.

ගත වූ මාස දහය තුල ඔහු තවත් යමක් වටහා ගත්තේය..ඒ ඔහු අනුත්තරාට දැක්වූ ඇල්ම ආදරය ලෙස විග්‍රහ කිරීම වැරදි බවය.තරූශ බොලද තරුණයෙකුව සිටි අවදිය පසු කරමින් සිටි.රස්තියාදුකාරයින්ටද වෙනසක් කල හැක..

විභාගය ගැන සිත සිත ඉන්නවාට වඩා විවේකයක් ගැනීම සුදුසුය.කොට කලිසමකින් හා සැහැල්ලු කමීසයකින් සැරසුනු තරූශ මුහුදු වෙරල දෙසට පියමැන්නේය.
---------------------------------------------------------------------------------

             නිදි මත දෑසින් අනුත්තරා පොත දෙස බලා සිටියාය.ඇයට පොතේ පාඩම් වලට වඩා පෙනුනේ සකුන්තලගේ රුවය.ආදරය මාස දහයක් පැරනි බව සැබෑය.ඒත් ගැහැනු ළමෝ ආදරයේදි සැමදා නැවුම්ය.

අනුත්තරාද තවත් එක් ආදරය කරනා ප්‍රේමවන්තියක් වූවාය.ආදරය නැමති බැදීම හමුවේ ඉගෙනීම නැමති වගකීම ඇය පැහැර හරිමින් සිටියාය.ඒ බව ඇයට අමතක වී තිබුනි.ඔබ ගැහැනු ළමයෙකු නම් ඇයට බැනීමට අයිතියක් ඔබට කොහෙත්ම නැත.මක්නිසාද යත් ඔබද නොදැනුවත්මම ආදරය හමුවේ නොයෙක් වගකීම් අමතක කර දමා ඇත්තෙකු බැවිනි.
                       සකුන්තල එසේ නොවුනේය.ඔහු පාඩම් වැඩ නොපිරිහෙලා සිදුකලේය.අනුත්තරාට මදි යැයි නොකියන තරමට ආදරයද කලේය..ඔබ සකුන්තලට අකමැති වූවට ඔහු දක්ෂ ඉලංදාරියෙකු බව මම පුන පුනා කීවෙමි...

මේ වල් පල් දෙඩවීම් ඔබට ඕනෑ නැති බව දනිමි.

එන්න අපි කතාවට යමු....

ජීව විද්‍යා පන්තිය අවසන් වීමට ඇත්තේ තවත් සතියක් පමනි.පෙර සතියේ පැවති අවසන් විභාගයට සියල්ලෝම හොදින් පිලිතුරු දුන්නෝය.

පළමු දෙබස අපි ගැහැනු ලමුන් දෙදෙනාගෙන් අරඹමු.ගැහැනු ළමෝ කොහොමත් ඕපාදූප කතා වලට දක්ෂය.

"තව සති දෙකකින් බයෝ ක්ලාස් එකත් ඉවරයි නේ අනු..ඔයයි සකුන්තලයි ඊට පස්සේ මීට් වෙන්නේ කොහොමද?"

ඉරේශා තම මිතුරුයගෙන් ඇසුවාය..

"අනේ මන්දා ඩියර්..මේ එක්සෑම් එකටත් වඩා මගේ හිතේ පත්තු වෙන්නේ ඕක.සකුන්තල නම් මෙඩිසින් යයි.ඒත් මම "

ඇය ප්‍රශනයක්ම තැබුවාය.මා ලියනා කතාවේ මූලිකම අර්තය ටිකෙන් ටික අනුත්තරාටද වැටහෙමින් තිබුනි.සෑම යොවුන් ආදරයක්ම විවාහයකින් කෙලවර නොවන බව ඔවුන්ට තේරුම් ගැනීමට තිබුනි.ඒත් ආදරය කරනා අවදියේ ඒවා තේරුම් ගැනීමට යන්නේ කවුද....

  "තරූශ මාරයි හලෝ..ගිය ටෙස්ට් එකට 83යි.පස් වෙනියා.මේ පාර ටෙස්ට් එකේදි සකුන්තලටත් හොද චැලේන්ජ් එකක් දෙන්න ඇති තරූශ.මොනව උනත් කොල්ලා හොදට පාඩම් වැඩ කරනවා ඇති..." 
පිටුපසම පේලියේ කොනේම සිටි ඉලංදාරියා දෙස බලමින් ඉගි කරමින් ඉරේශා කීවාය..ඇය අර අදින්නේ කුමකට දැයි මායම් ගැන දැනිමක් ඇති ඕනෑම පිරිමියෙකුට වටහා ගත හැක..

        දැන් ඔබ මාව විශ්වාස කල යුතුමය.මම ඔබට පලමුවද කීවෙමි.ගැහැනු ලමුන් කතාවන්නේ රස්තියාදුකාරයින් ගැන නොවේ.දක්ෂ ඉලංදාරීන් ගැනය...ඉරේශා අනුත්තරා පමනක් නොව අනෙක් ගැහැනු ලමයින් පවා තරූශ ගැන හොර රහසේ මිමිනුවෝය.අප කතානායකයා ගැන මට ආඩම්බරය...ඔබටද එසේම යැයි මම සිතමි..

ගුරුවරයා පන්තියට ආවේය.සියල්ල සංසුන් විය.


"එක්සෑම් එකට තව ටික දවසයි තියෙන්නේ.ගිය පාර ටෙස්ට් එකේ මාර්ක්ස් මගේ ලග තියෙනවා.මේ මාර්ක්ස් වලින් ඔයාලට තමන් ගැනම මිම්මක් ගන්න පුලුවන් වේවි.

කලින් විදිහටම නෝටිස් බෝර්ඩ් එකේ හැම කෙනෙක්ගේම ලකුනු දාලා ඇති.තම තමන්ගේ නමට ඉස්සරහා ගනිපු ලකුනු වල වර්ධනය බලාගන්න පුලුවන් වෙන්න හැම ටෙස්ට් එකකම ලකුනු පිලිවලට හදලා ඇත්තේ.."

උත්තර පත්‍ර ගැනීම සදහා ගුරුවරයා මදකට නිහඩ විය.

"තුන්වෙනි තැන ගන්නේ..... (එම සිසුවාගේ නම මම නොකියමි.ඔහු අපගේ කතාවට අදාල නැත)..

දෙවෙනි තැන ගන්නේ...හම්ම්ම්...පලවෙනි පාරට දෙවෙනි තැන ගන්නේ සකුන්තල සූරියබන්ඩාර....."

පන්තිය පුරා පන්තිය පුරා වෙනදා තිබූ අත්පොලසන් නාදය තිබුනේ නැත.සෑම තැනම කසු කුසුවවල් තිබුනි.එක එකා පලවිනි තැන අනුමාන කලෝය..

කොතරම් නොසන්සුන් කම් තිබුනත් ඔබත් මමත් නිසැකවම පලවෙනි තැන දනිමු..
අපි මොහොතක් ඉදිමු...ඔව්..අවසානයේ ගුරුවරයා එය කිව්වේය...

"පලවෙනි තැන තරූශ පෙරේරා"

 පන්තිය පුරා පැතිර ගිය නිහඩතාවය බිහිමින් අත්පොලසන් නදක් ආරම්භවිය.ඒ අතරින් අන්තිම පේලියේ සිටි තරූශ තම ත්‍යාගය ලබා ගැනීමට වේදිකාවට ගියේය...

ඔව්..
තරූශ නැවත පන්තියේ වේදිකාවට යමින් සිටියේය...ජීවිතය හරිම පුදුමාකාරය..

මීට කලකට පෙරද ඔහු නිතර නිතර වේදිකාවට ගියේය.අනුත්තරා පලමුව පැමිනි දිනයේද ඔහු වේදිකාවට නැගුනේය..

මේ වේදිකාව ඔහුට හුරු පුරුදුය...ඒත් අද දිනයේ වේදිකාවට නගින හේතුව ඔහුට හුරුපුරුදු නැත....


සැවොම නොසෙල්වී බලා සිටියෝය...

තරූශ වෙනස් වී තිබේ..ඔහුව වෙනස් කලේ ආදරය නොවේ.එය මම වගකීමෙන් කියමි..ආදරය යැයි සිතා සිටි හැගීමක් ,ජීවිතයේ හංගාගෙන සිටි සිද්ධින් සමුදායකට ප්‍රසිද්ධියේ පහර දුන් නිසා වර්ථමාන තරූශ අද වේදිකාවට නැග තිබේ..

අද සමාජයේ තරූශලා ඕනෑ තරම් සිටි.නමුත් වැදගත් වන්නේ ඒ තරූශලාද අපගේ තරූශ මෙන් සිතීම පමනි.තරූශ පන්තියේ පලවෙනියා කලේ කතාව ලියනා මම වත් කියවනා ඔබවත් ආදරය කලා යැයි සිතන අනුත්තරාවත් නොවේ..
තරූශ වෙනස් කලේ තරූශමය..
කතාව මෙතැනින් ඉවර නැත....ඉවර කිරීමටද සිතක් නැත....
         මා ඉදිරියේ සිටි ඔහු තවත් කියවමින් සිටියේය....