Saturday, 3 March 2012

පොශ් අක්කාගේ දෙක........

නිමිත්ත - සාහිත්‍ය මාසය වෙනුවෙන් කැටයක් එකතුකිරීමට යාම

 


කැටේ අරන් යනකොට අපි පාර දිගේ                  පාන්දරින්
එයත් හිටියා බස් රථයේ මැදට වෙන්න              උජාරුවෙන්
කොන්ඩේ වනලා ඇදලා හිටියේ වැඩි හරියක් ඇග   එලියෙන්
සිනාසුනා මමත් ඉතින් ඇහැක් ගහලා කට           කොනකින්

අම්මේ තාත්තේ අයියේ අක්කේ       බලන්
පේරාදෙණියේ අපි ආවේ කැටේ       අරන්
මාරුකාසි තියෙනව නම් අතට          අරන්
දෙන්න අපිට බය නැතුවම පින්       පුරවන්

තෙලක් ගහලා බස් එකටම      ඇඩෙන්නට
කැටේ අරන් ආවා මම                ඉක්මනට
ටිකෙන් ටිකම කිට්ටු උනා ඇය         ලගට
එලිය බලන් හිටියා ඇය පොශ්           කමට

අනේ මෙයා මේ පේරාදෙණියෙ          කැට
කරන්නේ නෑ වැරදි වැඩක් ඔයා            හට
ඔයා නෙමෙයි ගෙනියන්නේ මම       එහෙට
තියෙනව නම් පොඩි රුපියල මට       දෙන්ට 

ආයේත් කට කොනෙන් රවා සොදුරු        එයා
චික් විතරක් බැලැඩි නොන්සන්ස් කියලා    කියා
ඇරලා පසුම්බිය උකුලෙන් අරන්               තියා
රුපියල් දෙකේ කාසිය මට දීලා                ගියා

දාහේ බ්ලවුස් ඇදගෙන මුන් පාරේ      යති
ටයිඩ් ඩෙනිම් ඇදගෙන විලි වහ        ගනිති
ස්මාර්ට් පෝන් කනේ ගහන් ගී         අහති
දහයේ කොලේ හංගාගෙන දෙකක්     දෙති

Wednesday, 18 January 2012

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි *පේරා*





පහුගිය සති කිහිපය පේරාදෙණිය සරසවියට නම් හුස්මක් කටක් ගැනීමට හැකි වූ සති කිහිපයක් නොවුනි.විවිධ මාධ්‍ය සංදර්ශන,ගැටුම්,උද්ගෝෂන මැද කලබලකාරී සති කිහිපයක් ගෙවී ගියේය.


          ගැටලු සියල්ල ආරම්භ වූයේ පහුගිය 22 වන දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මගින් ආරම්භ් කිරීමට යොදා තිබූ පාගමනත් සමගය.ගලහ හන්දියේ සිට කොළඹ කොටුව දක්වා සාමකාමී ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව සංවිදානය කර තිබූ මෙම පාගමන සදහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 8000ක් පමන සහභාගී වීමට නියමිතව තිබුනි.
         කරුනු කාරනා සියල්ල නිසිලෙස සූදානම් වූ අතර,සාමකාමී පාගමනක් සදහා 21 වන දින මධ්‍යම රාත්‍රිය වන විටද සූදානමෙන් සිටියෙමු.නමුත් 22 වන දින අලුයම 3 පමන වන විට නොසිතූ යමක් සිදුවිය.


"කැම්පස් එක වටේට හමුදාවෙනුයි පොලීසියෙනුයි දාලා"


නිදිමතේම අවදී වූ සියලු දෙනා කලබලයෙන් විවිධ දේ පවසන්නට විය.
උදෑසන 5 පමන වන විට එම ආරංච්ය සැබෑවක් බව සියලු දෙනාටම දැන ගන්නට ලැබුනි.විශ්වවිද්‍යාලය ඉදිරිපස මාර්ගය වසා දමා මාර්ගය අවහිර කරමින් 2000ක පමන නීතිය සුරකින මහත්වරු රැසක් සිසු පාගමන නැවැත්වීමේ අරමුනින් මග බලමින් සිටියේය.සාක්ච්චා වලින් පසු මුලු සරසවිය තුලම ක්‍රියාත්මක වන පරිද්දෙන් පන්ති වර්ජනයක් ආරම්භ කල අතර,ඉන් පසු 8000 ක් පමන සිසුන් ගලහ හන්දිය තෙක් පාගමන ආරම්භ කරමින් ගලග හන්දියට ගොස් සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදුනිඋද්ගෝෂනය අතර තුර සිසුන් නොවන යම් යම් පිරිස් උද්ගෝශනය කරමින් සිටිනා අතරට පැන කලහාකාරී ලෙස පොලීසියට හිරිහැර කිරීමට සැරසුනු අතර සිසුන්ගේ ප්‍රභල විරෝදය මත ඔවුන්ව එලවා දැමීට හැකි විය.ඔවුන් කාගේ හෙන්චයියන්දැයි අපි නොදනිමු
සිසූ උද්ගෝශනයට පෙර පේරාදෙණිය සිසුන්ගේ අම්මලා තාත්තලා කියාගත් පිරිසක් සිසුන්ට විරුද්දව පොලිසියේ රැකවල් මැද උද්ගෝශනයේ යෙදුනි.ඔවුන් කවුරුන්දැයි මාධ්‍ය මගින් හෙලි දරවු කර තිබේ.
       22 වන දින රාත්‍රී අසූචිවාහිනියේ කතාවක් ලෙසින් යන පුවත් වලට අපූරුවට නාටකයක් ලෙසින් උද්ගෝෂනය පිලිබදව අඩහැරය දිග හරින ලදී.
විශ්ව විද්‍යාල මිනීමරු සිසුන් පොලීසියේ අහිංසක මහත්වරුන්ට අතවර කරන්නට යන හැටිද,අහිංසක පොලිස් මහතුන් 2000ක් බයෙන් බලා සිටින ආකාරයද හරි අපූරුවට නාටකයට නැගුනි.
ඇත්ත ඇති සැටියෙන් පවසන්නේ නම් බොරුව පවසන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැක. 

රාත්‍රී 10 පමන වන විට 20 වසරකට පමන පසු සිසු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමට ලියාපදිංචි වී තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහශිෂ්‍ය සංගමය ඇතුලු සියලු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරමින් නියෝගයක් ගෙන ආවේය.
දවස් දෙක තුනක් යන විට ඊට විරෝධතාවය දක්වමින් සරසවිය තුල ප්‍රදර්ශනය කර තිබූ කටවුට් සහ පෝස්ටර් වලින් ඉතුරුව තිබුනේ කිහිපයක් පමනි.ඉන්ජිනේරු පීඨය ඉදිරි පස තිබූ අඩි 100ක බැනර් දෙකක් දැවෙමින් තිබුනේ නිදහස් අධ්‍යාපනයද ගිනි ගන්වමිනි.
සරසවි ගිනි තබා නිදහස් අධ්‍යාපනයද ගිනි තැබීම ඇතමුන්ගේ අරමුන බව දනිමි.
එය එසේ වුවහොත් නිශ්මි බාලේලා ත්‍රිමා වෙනුරලා ගිය පාරේ යාමට නිදහස් අධ්‍යාපනයට ආදරේ කරන සියලු දෙනා සූදානමින් සිටිනු ඇත.....


අම්මා පෙවූ කිරි ලේ වල තිබෙන     තුරු
බැන්දත් මගේ මග වලකා ගල්       පවුරු
කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි    කරු
සුරකිමි සදා ඉගෙනුම පන තිබෙන    තුරු

Tuesday, 17 January 2012

හන්තාන ගැන හිතෙන විකාර....



"ඔයා හදිස්සියේවත් පේරාදෙනිය කැම්පස් එකට සිලෙක්ට් උනොත්


හැමදාම උදේට ෆැකල්ටියට එද්දි කලබලයක් නැතුව හෙමීට එන්න..."


"ඒ මොකටද..."


"මැට්ටෝ..උදේ පාන්දරට තමා කැම්පස් එකේ ලස්සන පේන්නේ...ඒ


 ලස්සන කොච්චරද කියලා මම කියන්න දන්නේ නෑ පිස්සෝ...."


ඔයා ඇස් නටව නටව හිනා වෙවී කියපු හැටි...


" හ්ම්ම්ම්ම්ම්ම්ම්....."


මමත් ඕනවට එපාවට උත්තර දුන්නා...
එහෙම කියලා දැන් කොච්චර කාලයක් ගිහින්ද.
.

උදේ පාන්දරම හෙමීට හෙමීට මේ පාර දිගේ එන එක මගේ පුරුද්දක්


වෙලා.....

මම දකින මේ ලස්සන ඔයාටත් පෙන්නන්න මම මග බලාගෙන 


ඉන්නවා...


මම ආදරෙයි...ගොඩා......රියක් ආදරෙයි......


                                                        


                                                  2012/11/28
















දුර ඈත අක්බාර් පාලම උඩ ඉදන් හන්තාන දිහා බලාගෙන





 ඉන්නකොට,හන්තාන කන්දට උඩින් හද පායගෙන එන හැටි ගැන





 නිසදැස් ලියන්න හිතෙන්නේ නැති මගේ කවි හිතට ඔයාගේ ආදරේ





 ගැන විතරක්ම ලියන්න හිතෙන්නේ ඒ ආදරේ හන්තානට උඩින් පායන





 පුර හදටත් වඩා ලස්සන නිසා............



ඇත්තටම මම ආදරේයි.................


                                                   


                                              2011/12/16

















හන්තාන ගැන කවි ලියන්න පෙරුම් පුරන අය කොච්චර නම් ඉන්නවද.


පෙරේදා හැන්දෑවේ හයට විතර අක්බාර් පාලම උඩින් යනකොට හන්තානේ පැත්තකට ගින්නක්


 ඇවිලිලා...තද රතු පාටට අක්බාර් පාලම උඩට පේනවා


...ඒ ගින්න නිවන්න යන්න බෑ වගේම,මගේ හිතේ ඇවිලුන ගින්න නිවා ගන්න බැරුව මම ලත වෙනවා....



අද වෙනකොට හන්තානේ ගින්න නිවිලම ගිහිල්ලා...



ඒත් මගේ හිතේ ගින්දර කවදා නිවේවිද?........





                                                           2012/01/ 14