Thursday, 7 October 2010

ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ...................



ටෝකියෝ නුවර ඔලිම්පික් ක්‍රීඩාoගණය මීටර් 10000 ඉසව්වට සියල්ල සූදානම්ය...
සoඥාවකින් අනතුරුව තරගය ආරම්භ විය.තරගකරුවෝ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙති.කරුණානන්දගෙන් මිදුන සෙස්සෝ මීටර් 200කටත් වඩා ඉදිරියෙන් දිව යද්දී කරුණානන්ද පිටුපසිනි.පලමු වට දහය පමණ වන විට කරුණානන්ද වටයකින් පසුබා තිබිණ.20 වන වටය අරඹන විට කරුණානන්ද අන්තිමයාය.ඇමරිකානු ක්‍රීඩකයා ජයග්‍රාහී මාවතකය..
                     තරගය අවසන් වටය ඇරඹන විට කරුණානන්ද වට හතරකින් හෙවත් මීටර 1600කින් පසුපසින් හැල්මේ ධාවනයේ යෙදී සිටි අතර සෙස්සෝ මේ වන විට අතරින් පතර තරගයෙන් ඉවත් වෙමින් සිටියහ.ඉතාමත් තියුනු තරගයෙන් පසු ඇමරිකාවේ විලියම් රන්පදක්කම් දිනා ගන්නා ලදී...
                 තරගය හමාර විය.කරුණානන්දට තවත් වට 4ක් ඉතිරිව තිබේ..තරග සවිධායකයෝ ඊලග තරගයට සූදානම් වීමට මග බලා හිදිති.ආර්.කේ කරුණානන්ද ඉතිහාසගත වන්නෙ ඉතුරු වට 4නි.පලමු මීටර් 400 හෙවත් පලමු වටය ආරම්භ කරන විට 60,000ක් පමන වූ නරඹන්නෝ සමච්චලයට මෙන් උසුලු විසුලු කරමින් සිනාසෙන්නට විය..
          කරුණානන්දට වගක් නැත..........

කරුණානන්ද සිය දෙවන වටය අරඹන විට හඩ කෙමෙන් කෙමෙන් වියැකී යන්නට විය....කරුණනන්ද සිය තෙවන කඩයිම ආරම්භ කලේය..ඒ තරගයේ 24 වන වටයයි..හූ හඩ නැගුනු අතරින් පතරම සිහින් අත්පොලොසන් නාදයක් ගුවන පුරා ප්‍රතිරාව දෙන්නට විය..කරුණානන්ද සිය විජයග්‍රාහී මීටර 400 ආරම්භ කලේය....මුලු ක්‍රීඩාන්ගනයම එකම හඩකින් නාද ගිගුම් දුන්නේය....
           කමෝන් සිලෝන්...........
       කමෝන් සිලෝන්...........
 හැට දහසක් පමන වූ නරඹන්නන් එකම හඩින් මුලු ක්‍රීඩානoගනයම ගිගුම් දෙද්දී කරුණානන්ද අවසන් මීටර 400 කගවේනෙකුට නොදෙවනි වේගයකින් අවසන් කලේ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ලෙස නම්බු නාම ලබමිනි..............
(උපුටා ගැනීම 2010/10/1 ක්‍රීඩා සගරාව)

ප.ලි--රත්ගමයා පොඩි කල අසන්නට කැමතිම කතාවක් තිබුනි..රත්ගමයාට කෑම කවා ගැනීමට උවමනා වූ විට අම්මා කරන්නෙ ඔලිම්පික් ඉතිහාසයේ දක්ශතම පරාජිතයා කරුණානන්ද ගැන කියා දීමයි..රත්ගමයාගේ අම්මා පාසල් කාලයේ  මලල ක්‍රීඩා නායිකාව විය.එබැවින් කරුණානන්ද ගැන දැන සිටියාය.එබැවින් රත්ගමයාද ඔහු ගැන දැන සිටියේය..සගරාවේ ලිපිය දැකීමෙන් පසු කරුණානන්ද ගැන මතකය අලුත් විය..රත්ගමයාගේ මිතුරන් හතර දෙනෙක්ගෙන් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ගැන විමසූ විට එකෙක් පමනක් ඔහු ලoකාවේ පොරක් නේදැයි ඇසුවේය...එම මිතුරන්ගෙන් උසෙයින් බෝල්ට්..රෆායල් නඩාල්...ඩෙවිඩ් බෙකහැම් යනු කවරෙකු දැයි ඇසූ විට අපූරුවට පිලිතුරු ලැබුනි...අපට ආඩම්බර විය හැකි අපේ වීරයා ගැන ලිපිය සදහා රත්ගමයාගේ අඩවිය තුල ඉඩක් වෙන් කිරීමට සිතුවේ ඉන් පසුවය...අපේ උන් ඔහු ගැන නොදැන සිටියාට ජපානයේ පාසල් පෙල පොතක කරුණානන්ද ගැන ලියැවෙන්නේ ජපනාට ඔහු වටිනා මිනිහෙකු බැවිනි..ජපනා කවදත් වීරත්වය අගය කල ජාතියකි..අපේ උන් අගය කරන්නෙ වෙන වෙන කුනුහබ්බය.....ප්‍රභා වරක් කියූ කතාවක් ඇත්ත බව රත්ගමයාට පිලිගැනීමට සිදුවේ...සිoහලයාට දෙයක් මතක හිටින්නේ දවස් 14ක් පමනි..සරත් ෆොන්සේකා හිරබත් කන විට කිරි බත් උයන්නේත්...කරුණා අම්මාන්,පිල්ලෙයාන්,මර්වින් වැන්නවුන් වන්දනාමාන කරන්නේත් දයාසිරිලා...පබාලාට sms ගසන්නේත් එ බැවිනි..අද සරත්ට උනු දෙය හෙට මහින්දට විය හැක..එදාටත් ආතල් ගන්න සක්කිලි හැතිකරේ සිටිය හැක..මක්නිසාද යත්..ඔබ...මා ජීවත් වන්නේ සිරි ලoකාවේ බැවිනි............

Wednesday, 6 October 2010

ලoකාවම කර ගැසූ උඹ.....චින්තන.....



අවසානයේ ඔහු එය කලේය..ඔව්.....කිලෝ ග්‍රෑම් 308ක මුලු බරක් ඔහු කර මත තබා ගත්තේය...පැත්තක සිට බලන ගුණමකුවෙකුට නම් එය නිකම්ම කිලෝ ග්‍රෑම් 308 ක් පමනි......චින්තන අයියේ...අපිට නම් එය නිකම්ම නිකම් බරක් නොවේ...උඹ ඉස්සුවේ මුලු ශ්‍රී ලoකාවමය....
                    හද්දා පිටිසර පොලොන්නරුවේ උපන් කැකුලු හාලේ බත් කන උඹ දෙපාරක් උඹෙ සිoහල කම මුලු ලෝකෙටම පෙන්නු හැටි අපූරුය.....උඹට මොන පහසුකමක් වත් තිබුනේ නැත..අවසන් මොහොතේ හෝ අනුග්‍රාහකයෙක් වත් සිටියේ නැත...මගේ ජීවිතයේ
වීරයන් ඉන්නෙ ගොඩාක් අඩුවෙනි...ඒ අතර චින්තන ගීතාල් විදානගේ.....උඩින්ම ඉන්නවයැයි කීමට..මම පසුබට නොවන්නෙමි...දේශපාලන පඩත්තලයන්ගේ ඕනෑ එපාකම් වලට උඹ අහු උනේ නැත...කොටින්ම පුහුනු වීමට හරිහමන් තැනක් වත් තිබුනේ නැත...අයියේ....මම උඹ....කියා ඇමතුවේ තරහකට නෙවේ..ඒක මම උඹට තියෙන ගරුත්වය නිසාම ලියැවුනා යැයි සිතමි...උඹට දෑතේ සවියටත් වඩා හිතේ හයිය තිබෙනා බව දනිමි....ඉන්දියානුවා රන් පදක්කම දිනුවේය...එම දක්ශතාවය මුලු බර කිලෝග්‍රෑම් 322කි...ඒ බර ඉස්සුවේ තනි ඔහු නෙවේ...මුලු ඉන්දියාවම ඔහු සමග සිටින්නට ඇත..සුපිරි පහසුකම් තිබෙන්නට ඇත..අයියේ...උඹට මොන පහසුකම්ද...උඹ තනියම මුලු බරම කර ගැහුවේය...නැත....නැත..............උඹ බර කර ගහනවාට අමතරව තව එකෙකුට කර ගැස්සුවේය..ඒ චින්තනගේ සුපිරි ගෝලයා සුරේශ් පීරිස්ය...බර ඉසිලීම පට්ටය...සිරාය...ඒ උඹ බර උස්සන නිසාය...උඹෙන් පසු එය නවතින්නේ නැත..දැනටමත් ගෝලයන් බිහිකර අවසන්ය...ඉතින් දිගටම බර ඉස්සීම සිරාය...

                   ඉන්දියාවට යාමට පෙර එක ඇමතියෙකුවත් බර ඉසිලීමේ කන්ඩායම දෙස බැලුවේ නැත... ගනන් ගත්තෙ නැත...සැලකීම් ලබන්නට නම් ආණ්ඩුවට කඩේ යා යුතුය..නැතිනම් හොද මාර්කට් චරිතයක් විය යුතුය..උන් කරන්නෙ මීඩියා ඉදිරියේ කයිවාරු ගැසීම පමනි..පොර ටෝක් දී යන උන් රැගෙන එන්නේ පදක්කම් නොව වෙන වෙන සුකුරුත්තම්ය.....චින්තන විශේෂ වන්නෙ එබැවිනි...'අපි පදක්කම් දෙකක් හෝ ඊට වැඩිපුර හෝ බලාපොරොත්තු වෙනවා'.ඔහු කීවේ මෙපනකි...ඇස් පනාපිට එය සිදුකර අවසන්ය......ලoකාවට මේ පදක්කම් දෙකෙන් පමනක් සෑහීමට පත් වීමට සිදු උනොත් රත්ගමයා පුදුම වන්නේ නැත ඉස්සරහට එක එක ඇමැතිලාගේ මෝඩ චූන් බලාගැනීමට පුලුවන..අරක දෙනවා..මේක දෙනවා....ඔව්වා අපිට පුරුදුය..අපිට වඩා අයියේ උඹට පුරුදු බව දනිමි......බර ඉසිලීමෙ කණ්ඩායමට ජය වේවා.....චින්තන අයියේ...උඹ උඹෙ ගමන පලයන්.....නවතින්න එපා...උස්සපන් මුලු ලොකේම..පහසුකම් තිබ්බත් නැතත් ඒක කරපන්...
     උස්සපන් අයියේ........රත්ගමය බලන් ඉන්නවා...උඹට ජය...............

Tuesday, 5 October 2010

ආදරේ අහස තරම්...............

                      .
                                         මතකද...ඉස්සර අපි පන්ති යන දවස්....සතියකට දවස් 4ක් වත් අපි හම්බෙනවා....මගේ උනුහුමට තුරුලු වෙලා..ඇස් 2ක දිහා බලාන හිටිය හැටි..ඒ ලස්සන දවස්...හරියට පරන ආදර කතාවක් වගේ....එකින් එක එකින් එක මතක් වෙනවා....පිස්සු කෙල්ල..දැන් මේක කියවලා හිනා වෙනවා ඇති...හ්ම්ම්..මට මැවිලා පේනවා....එක දවසක් අපි මාතර ගිහින් වෙරලට ගිහින් රැලි පාගනකොට මගේ කකුලට පෑගිලා ඔයාගේ සෙරෙප්පුව කැඩුනා....අනේ මගේ පිස්සු කෙල්ල...අඩපු හැටි....දැන් යන්නේ කොහොමද කියලා...අඩලා අඩලා මගේ සෙරප්පු 2 අරගෙන දාගත්තා...
                                          කලුතර බෝධිය වදින්න ගිහින්...මට මල්,පොල් තෙල්,හදුන්කූරු ගේන්න අමතක වෙලා..මම කඩෙන් ගන්න යනකොට මගේ දිහා බලලා හිනාවෙලා..''වස්තු ,මම මල්,හදුන්කූරු,පොල්තෙල් ගෙනාවා'' කියපු හැටි.උදේ පාන්දර 4ට නැගිටලා මල් කඩලා..ඔයා දන්නවද වස්තු..ඒ වගේ පුන්චි දේවල් වලින් ආදරේ කොච්චර වැඩි වෙනවද කියලා...ආ....මට වස්තු කියන්න පුරුදු කරේ ඔයා තමයි...ඔයාට මම වස්තු..මට ඔයා වස්තු.....බෝධිය වදිනකොට ඇස් 2ක පියාගෙනම කොචර වෙලාවක් වැන්දද...මතකයිද...
මමත් බලාගෙනම ඉදියා ලස්සන.ඇස් වහගෙන මොන මොනවද මුමුනනවා..වැදලා ඉවර වෙලා ඇහුවම කිව්වා හිතන දේවල් කාටවත් කියන්න හොද නෑ ..එතකොට ඒවා ඉටු වෙන්නෙ නෑ ලු..එත් මම දන්නවා ඔයා අපේ අනාගතේ ලස්සන වෙන්න පැතුව කියලා....
           මගේ වස්තු ගොඩක් අහිoසකයි.මට කේන්ති ගියාම බැනගෙන බැනගෙන යනවා..එත් ඔයා කවදාවත් මට එහෙම බැනලා කතා කාරල නෑ..මම සැර කරාම ඉකි ගගහා අඩනවා.ඉතින් මම කොහොමද බනින්නෙ ඔය ඇස් දිහා බලගෙන....වස්තු මට සමාවෙන්න කිව්වම හිනාවෙනවා අඩ අඩ...මට දැන් මැවෙනව රත්තරන් ඒ දේවල්...
    
                               මට ගැලපෙනම කෙනා තමා ඔයා..මට මේ තරමට ආදරේ කරන්නඑපා ..මට ණයකාරයෙක් වෙන්න වෙයි ඔය ආදරේ ආපහු දෙන්න බැරි උනොත්.........මගේ නියපොතු කන පුරුද්ද නැවැත්තුවෙත් ඔයා..ඇගිල්ල කටේ දාගෙන නියපොතු හපනවා දැක්ක ගමන් මගේ අතට හයියෙන් ගහනවා.ඊට පස්සෙ ඔරවලා බලනවා..'අයේ නියපොතු කෑවොත් ඇත්තමයි මම යන්නම යනවා'.එහෙම කී පාරක් කියල ඇද්ද..කෝ ගියාද ඉතින්..හු හු හු....මාව දාල යන්න බෑ නේ...මට ඔයාව කිසිම වෙලාවක මතක් වෙන්නේ නෑ නේ වස්තු..බය උනා නේද?ඇත්ත කිව්වේ.මතක් වෙන්නේ අමතක උන කෙනෙක්ව..ඔයාව කොයිම වෙලාවකවත් මට අමතක වෙන්නෙ නෑ..නිතරම මගේ මතකෙ ඔයා ඉන්නවා.
                                 ඔයා ගොඩක් ආසයි නේද රෝස මල් වලට.අද උදේ මම නැගිටල බලනකොට ලස්සන රෝස මලක් පිපිලා අපේ වත්තෙ..ඒ ලස්සන ඔයාට පෙන්නන්න විදිහක් නෑ..කමක් නෑ..ආයේ තව දවසක ලස්සනම ලස්සන රෝස මලක් පිපෙවි..එදාට දෙන්නත් එක්කම ඒ ලස්සන බලමු....
                               ආදරේ අහස තරම්...............

(මේක පරිප්පු 500 ක් ගෙනාපු ගොට්ටෙ ලියාල තිබ්බ කතාවක්....අනේ මම දන්නෙ නෑ ඕන්..හිතට වැදුන නිසා දැම්මේ....ඔයාලත් බලන්නකෝ කඩෙ ගියාම පරිප්පු ගේන කොල වල මේ වගේ දේවල් තියෙනවද කියාලා,....මේක පට්ට ආතල් ලොකයක් නෙව...........)