Sunday, 1 January 2012

මල්ලී ලංකාවෙන් දෙක වීම නිසා අයියාට ලැබෙන බෙනිෆිට්......





                               අපේ එකාටත් ඕනෑ නැති මගුලක් නැත.රටේම ඇති ඇට්ටර වැඩ කොර මූ ලංකාවෙන් දෙකද වූයේය.
මූ දෙක වීම අයියා වශයෙන් මට අම්බානෙක බලපායි.


                   අප මේ ටොපික් එකේදී සාකච්චා කොරන්නේ බෙනිෆිට් ගැන පමනි.
පලමු බෙනිෆිට් එක ලෙස මා දකින්නේ මල්ලීගේ මීඩියා කෝඩිනේටර් ලෙස කටයුතු කිරීමට අවස්තාව සැලසීමයි.එන තරමක් ඇමතුම් එන්නේ මගේ ජංගම දුරකතන අංකයටය.එය පට්ටා විනෝද රාජකාරියකි.වෙනදාට මොබිටෙල් ඩබල් බොනැන්සා එකෙන් එන කෝල් හැරෙන්නට මගේ ජංගම අටමගුලට කෝල් එන්නේ නැත.


                     පහු ගිය දොහේ එක් මාධ්‍ය ආයතනයකින් ඇමතුමක් ලැබුනි..
"හෙලෝ.....රවිදු ඉන්නවද...."
මාධ්‍ය සමග ගනුදෙනුවේදී පරිස්සම් වියයුතුය.ආචාරශීලී විය යුතුය..

"හෙලෝ..සුබ උදෑසනක් මහත්මයා.මම රවිදු මහත්මාගේ (නොදකින් මට මූට මහත්මා කියන්නට සිදුවිය ) සහෝදරයා කතා කරන්නේ..ඔබතුමා කවුද? "

"සුබ උදෑසනක්..අපි XXX පත්තරෙන් (XXX ලෙස දැමුවේ අසභ්‍ය පත්තරයක් නිසා නොව මාධ්‍ය ආයතනයේ නම නිර්නාමික කිරීමටය ).අපිට රවිදුගේ ඡායාරූපයක් ගන්න පුලුවන්ද.."

"ඉකේ...අපේ මල්ලි දැන්ම බදින්නේ නෑ යකෝ..චික් විතරක්..ඒ කිරිසප්පයගේ පොටෝ ඉල්ලන්න ලැජ්ජ නැද්ද"

"මහත්මයා වැරදියට තේරුම් අරගෙන..අපට ඕනෑ උඩුකය ඡායාරූපයක් පත්තරේට දාන්න ප්‍රතිඵලයත් එක්ක...."

"ආ ඒක මිසක්..එහෙම කියන්න එපැයි...මම හිතුවා මේ මංගල යෝජනා තීරයෙන් කතාකරනව වත්ද කියලා..උඩුකය නිරුවත් ඡායාරූපයක් නම් ඇති...ඕන නම් ඇදුම් අන්දවලා ගන්න.."

එක වරම අසභ්‍ය වදනින් බැන වදින සද්දයකුත් දඩාස් ගාන සද්දයකුත් සමග ඇමතුම විසංදි විය...
අද කාලයේ මාධ්‍ය ආයතන වගකීමෙන් තොරව කටයුතු කරනා බව බොද මීදුම් නාට්‍යයේ සංසලා නංගි ධනුක අයියාට කනට කර පැවසූ කතාව මට සිහිපත් විය...

            කෙසේ හෝ එක් වරක් දෙවරක් නොව කිහිප වරක්ම මල්ලීට පින් සිද්ද වෙන්නට පත්තරයට මුහුන ඔබා ගැනීමට මට අවස්තාව ලැබුනි.

   මල්ලිට පැමිනි කරදර අතර ටියුශන් සර්ලාගෙන් පැමිනි කරදරද අනන්තය අප්‍රමානය.මම අපමන වෙහෙසක් ගෙන මල්ලී හැදුවේ එක එකාට නම පෝස්ටර් වල හා හෑන්ඩ් බිල් වල ගසා ගැනීමට නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි.
                  මූ දැන් දේශපාලකයෙක් වගේය.යන යන තැන කතා පවත්වයි..මු දෙන්නේ හෙන පොර ටෝක් ය.
ලගදී දවසක පැවැත් වූ කතාවක මූ උජාරුවෙන් මෙසේ කියයි.....

"මම පොඩි කාලේ ඉදලම පිලිවලකට වැඩ කරා.(උන් මුගේ පුද්ගලික විස්තර නොදන්න නිසා හොදය ).ඇත්තටම මගේ ගම රත්ගම..."

එසේ කියනවා සමගම පන්තිය පුරා කසුකුසුවක් සමග හිනා හඩකි...

"ඇයි ඔයාලා හිනා වෙන්නේ රත්ගම කිව්වහම"

මල්ලී පෙරලා ප්‍රශ්න කරයි..

ඉස්සරහම සිටින කට හැකර පොඩි එකෙක් මෙසේ පවසයි..

"නෑ අයියේ..රත්ගම කියන නමෙන් මෙලෝ රහක් නැති බ්ලොග් එකක් ලියන මඤ්ඤන් බුවෙක් ඉන්නවා..අයියා ඒ ඩයල් එකගේ නෑයෙක් කියලා හිතලායි කට්ටිය හිනා උනේ..."

එතනින් එහාට මල්ලී "ර" යන්න කිව්වේද දෙවරක් හිතා බලලාය

            අපමන වාසි අතර අවාසි කිහිපයක් ද ඇත.මම ඒවා සැකව්න් ප්‍රකාශ කරමි.
දෙක වීමට පෙර මූ මට වැන්දේ අවුරුද්දට පමනි.ඉස්සරහට ඒ වදින එකත් නැත.
මූට කියා වන්දවා ගැනීමේ ආසාවක් මට නැත.(නෑ මම මේ සිරාවට කියන්නේ...අපිට මක්කටෙයි අනේ ඔය කාටවත් කියලා වන්ද ගන්නේ..)

                     අද හවස් වරුවේ බඩගින්න නිසා මාලුපාන් ගෙන්නා ගත්තෙමු..මාලුපාන් මල්ලත් රැගෙන ගෙට ගොඩ වූයේ මල්ලීය..චූටි මල්ලීට සහ මට මාලුපාන් එක බැගින් වෙන් කල මූ ගෙඩි දෙකක් ගත්තේය..ලංකාවෙන් දෙක වුවත් මූට බෙදාගෙන කන පුරුද්දක් නැත.වෙනදාට නම් දෙකක් ඇන චූටි එකා සහ මම ඉතුරු මාලුපාන් ගෙඩිය උදුරාගෙන කෑවද දැන් එසේ කිරීමට නොහැකිය.
ලාවට දෙකක් ඇන්නද මාධ්‍ය ආයතන වලින් ඒ සිදුවීම ටොම්බා සයිස් අකුරු වලින් මුල් පිට්ටේ දමයි.. 
''ලංකාවෙන් දෙවනියාට අමානුශික ප්‍රහාරයක්''
හිරේ යාමට මා තුල එතරම් කැමැත්තක් නැති බැවින් මම එක මාලුපාන් ගෙඩියකින් සෑහීමකට පත් වුනෙමි..
           මූ නිසා මට රටේ ලෝකේ මිනිස්සුන්ට පාටි දීමටද සිදුවී ඇත..පාටි නොදෙනා තුරු කැම්පස් එකට මාව වද්ද ගන්නේ නැති බවට තර්ජනය කරමින්  නිර්නාමික මිස්කෝල් වගයක් ඇවිත් තිබුනේය
කැම්පස් එකට ඇතුලු වූ සැනින් අල්විස් පොකුනේ පතුලේ ගැඹුර බැලීමේ අවස්තාවද ලැබෙනු ඇත..මක්කා කොරන්නද....
මෙහෙව් මල්ලී කෙනෙක් මටම වාසනාවක් ය....


ප.ලි - මල්ලීට (මේ පෝස්ට් එක දැකලවත් මට වැදපන් ඊලග අවුරුද්දේ )
             පෝස්ට් එක කොටය. ගෙදරින් පිටත් වීමට පෙර ඉක්මනට        දැමුවෙමි...අනේ දෙවියනේ මිඩ් exam එක කල් පලයා...න්

Tuesday, 27 December 2011

මල්ලී ලංකාවෙන් දෙක වීම හා මට කෙලවීම......

ටොපික් එක බැලූ විට පාඨකයාට ජුගුප්සාජනක හැගීමක් ඇතිවනු නිසැකය.
මක්කා කොරන්නද..කතාව ඇත්තය.අපේ කිරිසප්පයා ලංකාවෙන් දෙකය(උසස්පෙල මෙව්වා එකෙන්).ඌව ඉඹින්නට තරම් මට සිතේ.ඒත් ඌ මට කියා ඉම්ඹව ගන්නේ නැත.
පොර කොරේ කොමර්ස්ය.අයියා වගේ පොරක් වන්නට සයන්ස් කොර ඇන ගත්තේ නැත.ඒ අතින් ඌ දිනුම්ය..ඌ දිනනවා කියන්නේ අයියාද දිනුම්ය.
ඇස්.බී මමාගේ වැඩ සුපිරිය.ඒ ගැන කතා කොර නැති ලෙඩ දමා ගැනීමට බැරිය...
ඉතින් හිතවත් පාඨකය,
ඔන්න ඔය යටින් දාන කිරිබත් කෑල්ලක් කාලා ප්‍රීතිය බුක්ති විදිමු.වෙලාවක් ලැබුනු සැනින් මලයා සමග පවත්වන සම්මුඛ සාකච්චාවක් දැමීමට බලාපොරොත්තු වෙමි....
මලයෝ....උඹට ජය!!!!
           මීට,
          විශ්වාසි 
          ලොකු අයියා


පලි - මල්ලීට මංගල යෝජනා ඕඩර් බාරගනු නොලැබේ...

Sunday, 4 December 2011

කාමරේ කම්මැලිකමට.....





හිත වාවන්නේම නෑ...
ඔබ ආයේත් එන්නේ නෑ..
මුලු කාමරේම පාලු වී ගියා.. \\


වෙන රූමෝ ඕන නෑ
ඇදි සරම සිහි වෙන්නෑ..
මම තාම දන්නේ ඉන තිහයි කියා.. \\


උකුලේ නිදාන උන්නු
කාලේ ආයේ එන්නේ නෑ නේ...
නිදියන්න බෑ මට ඉතින් \\

තුරුලු වී මා එදා...
ආදරේ කී ඔයා...
ඇයි ගියේ මාකස් ඉතින්....\\