skip to main |
skip to sidebar
මුහුනු පොතේ කැරකි කැරකි ඉන්නකොට ඉන්බොක්ස් එකට මැසේජ් එකක් ආවා..ඉස්කෝලේ එකෙක්ගෙන් තමා මැසේජ් එක..මෑන්ට ආදරේට කියන්නේ ටුන්නා කියලා...මෙන්න මේකයි මැසේජ් එක "මචන් මාර වැඩේ...මොරටුවේ Aptitude Test තියෙන දවස් වලම තමා ඌව වෙල්ලස්සෙත් Aptitude Test තියෙන්නේ...මොකද කරන්නේ..." කිරි අප්පට විදුලි කොටපි කිව්වලු...මට නම් මොරටුවෙන් ලියුම ආවා..ඒත් ඌවේන් ලියුම ආවේ නෑ...බලන් ඉදලා බෑ...කෙලින්ම ඇමතුවා ටුන්නාටමම - මොකක්ද සීන් එක?ටුන්නා - යකෝ එකම දවසේ Aptitude Test තියෙන්නේ ..මාර්තු 5යි 6 යි මම - මල කෙලියයි..උඹට ලියුම ආවද? මට තාම ආවේ නෑ නේ..සදුදට ඒවි සමහර විටටූන්නා - ආවා යකෝ... එකම දවසේ තමා තියෙන්නේ මම - උඹ චිනාගෙන් ඇහුවද? ඌත් දැම්ම නේ..ඌටත් ඒ දවස් මද?ටුන්නා - ඔව් ඔව්... මම - මම ඌටත් කෝල් එකක් ගන්නම් බලන්නඊට පස්සේ දුන්නා චිනාට කෝල් එකක් බලනකොට වැඩේ ඇත්ත...ටෙස්ට් දෙකම එකම දවසේ... අම්මා දැන ගත්තොත් මෙතන ගිනි ගන්නවා..ගිනි අරන් අරෙහෙට මෙහෙට කෑ ගහනවා...හෙහෙ..එහෙම තමා අපේ අම්මා...ඊට කලින් මම ගත්තා ඌව වෙල්ලස්ස කැම්පස් එකට කෝල් එකක් පුද්ගලිය - හෙලෝමම - හෙලෝ..ඌව වෙල්ලස්සේ Aptitude Test තියෙන දවසේම............පුද්ගලිය - ආ...මේ අංකටය කතා කරන්නඒ පාර ගත්තා ඒ අංකයට මම - හෙලෝ ..මේ ඌව වෙල්ලස්සයි මොරටුවයි Aptitude Test දාලා තියෙන්නේ එකම දවසේ..මොකක්ද මේකට කරන්නේපුද්ගලිය - ආ....ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනව තමයි..ගොඩක් දුරට ඒ දිනය මොරටුව විශ්ව විද්‍යාලයෙන් වෙනස් කරාවි... මම - අපිට දැනුම් දේවිද ඒ ගැනපුද්ගලිය- ඔව් දැනුම් දේවි....
ඇමතුම විසන්දි උනා.....ඒ පාර ගත්තා මොරටුවට මම - හෙලෝ..මේ ඌව වෙල්ලස්සෙයි මොරටුවෙයි Aptitude Test......පුද්ගලයා - ආ...අද ඔෆිස් එකේ කවුරුවත් නෑ...හෙට කතා කරන්න..... ඇමතුම ආයේ විසන්දි උනාහීක්..මක් කොරන්නද අප්පා..මේ සිරි ලංකාව නේ....විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ජය වේවා!!! මේ පෙන්නන්නේ ආණ්ඩුවේ කන්තොරු වලයි අපේ විශ්ව විද්‍යාල කන්තොරු වලයි තියන සමාන කම්....
සිරි ලන්කාව වූ කලී කියා නිම කල නොහැකි සිදුවීම් වලි පිරි රටකි.මෙහි වන්නේ අමුතුම දේවල්ය..එව්වා අපි ප්‍රවෘත්ති ලෙසින් විවිධ නාලිකා ඔස්සේ දකිමු.මෑතක සිට මා සහ අපේ නිවැසියෝ බලන්නේ පුවත් නොවේය..කතායගැහැනු ලමුන් අතවරයට පත් වන ආකාරය කතාවක් ලෙසින් හරි අපූරුවට ගලාගෙන යයි.බලන්නට ආසා හිතේ..වාහනයක් අනතුරට පත් වී මිනිසුන් විලාප දෙන ආකාරය කතාවක් ලෙස යයි..අපූරුය.ඔරුවක් පෙරලී මිනිසුන් මිය ගිය අයුරු යන්නේද ඉතා රසවත් කතාවක් ලෙසය...එයද කියා නිම කල නොහැකි සුන්දරත්වයලින් යුක්තයමේ නාලිකාව අප්පිරිය වී ඇත..අතීතයේ හේම නලීන් ලා,ජැක්සන් ලා සිටි කාලයේ මෙම නාලිකාව කොතරම් හරබරව වැඩසටහන් ඉදිරිපත් කරාදැයි ඔබටම මතක ඇතැයි සිතමි ලගදී සිට ජරා ජීරන ලෙස කොපි කිරීමේ කලාවේ හරි පූරුවට නිරත වෙයි.කොටින්ම මුන්ට කොපියක් වත් හරියට කිරීමට නොහැකිය..වැඩසටහන් ජනප්‍රිය කර ගැනීමට උත්සහා දරන්නේ දේශපාලනය උලා ගනිමිනි.කැලනියේ මැරයා දමා සිදු කල වැඩ සටහනක් කුජීතම වී ගිය අයුරු ඔබට මතක ඇතැයි සිතමි.දැයට කිරුල සදහා ඔබ සහභාගී වන්නේ නම් අකමැති මතක නාට්ටයේ රගපෑමේ වරම සදහා එකතු වන්න ලෙස පසු ගිය දිනක දැන්වීමක් මහා ලොකුවට දැම්මේ හෙන උජාරුවෙනි.. මේ අසික්කිත නාලිකාව විකුනන්නේ මිනිසුන්ගේ දුකය..හරිම සන්වේදී ලෙස අපට නොදැනෙන්න විකුනන්නේ මිනිසුන්ගේ කදුලුය.අපි අඩනාවිට මුන්ට එව්වා පුවත්ය..ඊයේ මම කාලය ගනන් බැලුවෙමිවිනාඩි 30 ක ප්‍රවෘත්ති විකාශයෙන් විනාඩි 10ක් වෙලද දැන්වීම්ය.විනාඩි 10ක් ක්‍රීඩා පුවත් සහ විදෙස් පුවත් වලට වැය වේ.ඉතුරු විනාඩි 10න් විනාඩි 7ක් පමන විකාෂය වූයේ මිනිසුන්ගේ දුකය..තොපේ පුවත් බලනවට අපිට පවුය. ක්‍රීඩා පුවත් ද මරුය."ලෝක කුසලාන තරගයට සුබ පතා රට වටා යන පන්දුවට ඔබේ අත්සන තබන්න"..ක්‍රීඩා පුවත් අවසන්ය.ඔන්න මුන්ගේ ක්‍රීඩා පුවත්..සරත් ෆොන්සේකා මහතා හිරේය..ඔහුගේ නඩුවක් මෙම නාලිකාවට ප්‍රධාන පුවතක් නොවේ.එව්ව රටම කෙටියෙන් ය. විලි ලැජ්ජා නැති බඩගෝස්තරවාදී දෙශපාලනයක දැන් දැන් නිරත වන්නේ එලිපිටය..එම පුවත් යන්නේ අනේ සෑර් කියාගෙන දෙකට තුනට නැමීගෙනයඉදින්.....ඔබත් කතා නරඹන්නට කැනතිද?එසේ නම් පුවත් බලන්න...හර බර පුවත් විකාශය...ඉලව් ඇට් එයිට්,...
අද මේ බ්ලොග් එක ලියන්නේ මම...මම රත්ගමයගේ මල්ලිකාරය...පොඩි රත්තා..මහ එකාට ලොග් අවුට් වෙන්න බැරි වෙලා නේ...මම කියන්නම් මගේ ඇසින් මම මේ ගොන් හාල් පාරුවාව දකිනා ආකාරය..... අපේ අයියා ඌ කලී එක වචනයෙන් නිර්වචනය කල හැකිය... ඒ නම් 'කුප්ප' ලෙසය...මාගේ ජීවිතයේ මට හමු වූ කුප්පම කුජීතම චරිතය අපේ අයියාය..මම ඒ ගැන ආඩම්බර වෙමි... මූ හෙන පොරය..ඒ මූ හිතාගෙන සිටිනා ආකාරයයි...පෙරේදා මා කාමරයට වී පාඩම් කොරමින් සිටියෙමි... මූ ''මල්ලි....මල්ලි '' යැයි බෙරිහන් දුන්නෝය..මම ගනන් නොගත්තෙමි....''අඩෝ..ගස් බල්ලා...ඉන්න තැනකින් ඕ...කියාපන් ගොන් වස්සෝ'' යැයි මහත්මා ලෙසද අඩ ගැසුවාය..මම ගනන් ගත්තේම නැත...මා තියා වෙන මොකෙක්වත් මූව ගොම් බෙට්ටකට ගනන් ගන්නේ නැත...ඉතින් මා කොහෙත්ම ගනන් ගන්නේ නැත...මූට මල පැන්නේය.... ''අඩෝ...තොගේ කන් ඇහෙන්නේ නැද්ද...ඇරපිය දොර'' යැයි කියා වේගවත් පාරක් දොරට එල්ල කලාහුය......ඉන් පසු මට අයියා හමුවූයේ කකුලට සිද්ධාලේප ආලේප කරනා අතර වාරයේ ය...එවිට නම් කුප්පකම මූනෙන් බේරෙනා හිනාවක් දමා....''ආ....මල්ලි'' යැයි කට පුරා පැවසුවාහුය....තොට හෙනම ගහපන් යැයි සිතින් සිතන්නට ඇති බව මට පසුව පසක් විය.....මූ කුනු හොරාය..අපේ ගෙදර තිබෙනා පෑන් සියල්ලම මුගේය...මට තියා අපේ පොඩිම මලයාටවත් පෑනක් තියා ගන්නට නැත..මූ ඒවාට අයිතිවාසිකම් කියයි...හැබැයි මූ අපිට හෙන ආදරේය..ඒ මක්කා හෝ අලුගුත්තේරු වැඩක් කොර අම්මාට අසු වූ විට හා තුවාය අමතක වි නානකාමරයට රින්ගා ගත් විට පමනි...තුවාය ඉල්ලා අනේ මල්ලියේ යැයි අඩා වැලපෙයි..මූත්‍රා කොර ගනී....ඉතින් අපිටත් ලැජ්ජය....මුගේ තුවාය ගැන තිබෙනා පුරාවෘත කතා එමටය..සමහරක් එව්වා හෙන භයානකය...කොටින්ම මුගේ තුවාය අපේ පවුලේ කිසිවෙකුත් අතින් අල්ලන්නේ නැත....ඇල්ලුවහොත් පලු දානවාය...කොටින්ම එය පාපිස්සකට වත් ගනේ නැත...අපේ ගෙදර මූටම කියා දත් බුරුසුවක් නැති කල තවත් කුමන කතාද.......මූ වූ කලී පොල් ගස් නැගීමේ කෙල පැමිනියෙක්ය...කොටින්ම මූ නිසා අල්ලපු වත්තේ මිනිස්සුත් අපිත් එක්ක තරහ වී ඇත...පෙරේදා එම පොල් වත්ත හිමි මාටින් මාමා ''මෙම පොල් වත්තට බුදු සරණයි"' යනුවෙන් බෝඩ් කෑල්ලක් ද එල්ලුවා මතකය....තවද පූජා වට්ටි සහ පඩුරු කීපයක්ද අහල පහල පන්සල් වලට භාර වී ඇති බවට කට කතාද වේ......කෙල්ලන් සම්භන්දව ද විවිද නොහොබිනා කුප්ප කතා ඇත...කොටින්ම කිසිම කෙල්ලෙක් අපේ ගේ පෙනෙන මානයෙන් ඉගිල්ලෙන්නේ නැත..ඒ මුගේ කුප්ප කමේ ඌෂ්නය වදිනා නිසාය..අපේ අම්මාද අගුරු කෑල්ලකින් ගේටුවේ ''කොල්ලාගෙන් ප්‍රවේශම් වන්න(ලොකු එකාගෙන්)'' යනුවෙන් ලියා ඇත්තේ කෙල්ලන් ගැන ඇති වූ නිමල සෙනෙහස නිසාය.... ''ඉකේයියා'' යනු මුගේ ආදර්ශ පාඨයයි.. මූ යන යන තැන ඔය බෝඩ් කෑල්ල ගසන්නේ හරියට සුපිරි වීරයෙක් යැයි සිතාය...ඔය ඉකේයියා පිස්සුව ආවේ මූ සෝරෝ චිත්‍රපටයක් බැලූ පසුවය..සෝරො යන යන තැන z අකුර ගසා යනවා මෙන් මූ යන යන තැන ඉකේයියා ගසා යයි..එමගින් මුගේ නැහැදිච්ච් කම පෙන්නුම් කොරයි.....කොටින්ම දන්නා කිසිවෙක් මූ බ්ලොගයකට වත් වද්දා ගන්නේ නැත...මූ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කුප්පයෙකි.... මේවා ම බ්ලොග් එකක ලියන්නට සුදුසු කතා නොවේය...මෙව්වා රට්ටු හිනස්සන වැඩය....නමුත් ඔබ තමුන්නාන්සේලාගේ දැන ගැනීමට මම මෙය ලියා පල කරමි....මම මුගේ පාස්වර්ඩ් එක ඉස්සුවෙමි.....දැන් මට මූට හොරෙන් බ්ලොගයට ලොග් විය හැකිය....පෝස්ට් දැමිය හැකිය...මු කිසියම් කුප්ප කුජීත වැඩක් කොර විට මා මෙහෙ සටහනක් දැමීමට හිතා ගත්තෙමි...... මූ මීට කලින් මූ ගැනම ලියූ ආත්ම පාපොච්චාරණය බලන්න මෙතනින් යන්නප.ලි - ඉකේයියා......... බී කෙයාර් ෆුල්........රත්ගමයා විල් බී බැක් සූන්...හී ඉස් එව්‍රි වෙයාර්
මේ මගේ 50 වෙනි බ්ලොග් පෝස්ට් එක..කලින් ලියපු රත්ගමයා බ්ලොග් එකෙත් පෝස්ට් මම මේකට එකතු කරා.අද උදේ තමයි දැක්කේ කලින් ලිව්වේ 49 වෙනි එක කියලා...මාව බ්ලොග් ලියන්න ගෙනාවේ නිරහංකාර අහිංසකාවි....අද මේකිත් 50 වෙනි පෝස්ට් එක ලියලා......උඹටත් ජය පැට්ටෝ......(අඩන්නේ නැතුව ලියපන්.....) 50 එනි පෝස්ට් එක විදිහට මොකක් දාන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි මට මතකෙට ආවේ මීට මාසෙකට විතර කලින් මම දැකපු සිද්ධියක්. වෙලාව දවල් දෙකට විතර ඇති.තාත්තගේ පොඩි වැඩ වගයකට බැන්කුවට යන්න වෙලා තිබුනා.ගාලු යනවට වැඩිය හික්කඩුවට යන එක අඩු වෙලාවකින් කරන්න පුලුවන්.ඉතින් රත්ගම හන්දියේ ඉදලා බලන් ඉදියා බස් එකක් එනකල්..එතකොටම ආවා මාතර කොලඹ බස් එකක්..කොහොම හරි ඒකේ එල්ලුනා කියමුකෝ...ඔන්න දැන් කොන්දා කෑ ගහනවා..ඉස්සරහට යන්න..ඉස්සරහට යන්න... මමත් ඉස්සරහට ගිහින් තැනක නැවතුනා..එතන ශීට් එකේ ඉදියේ ටිකක් තරුන අම්ම කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි චූටි පුතයි.පුතා ඉදියේ තාත්තගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන අම්මගේ පැත්තට කකුල් දාගෙන..ඔක්කොම නිදි..ඔය අතරේ ටික දුරක් යනකොට පුතාට ඇහැරුනා.වටපිට බැලුවම අම්මයි තාත්තයි දෙන්නම නිදි.. කකුල් තිබුනේ අම්මගේ පැත්තෙනේ..කොල්ලා පුලුවන් තරම් වෙර දාලා අම්මට ගැහුවා කකුල් පාරක්..ඒත් අම්ම හොදටම නිදි ගමන් මහන්සිය නිසා..ආයේ දුන්නා තව පාරක්..ඒ පාර නම් ඇහැරුනා අම්මා...පොඩි එකා දිහා බලලා හිනා උනා..ඊට පස්සේ ඔලුව අත ගාලා මොනවද කිව්වා...පොඩි එකාට දැන් කකුල් පාර දෙන එක විනෝදයක් වෙලා..ඌ දිගටම ගහනවා..අම්මට රිදෙනවා..ඒත් අම්ම කරන්නේ කකුල් අල්ලලා ඉබින එක විතරයි...ඇත්තටම මම හිතුවා පොඩ්ඩක් හරි සැර කරයි කියලා..ඒත් එහෙම දෙයක් උනේ නම් නෑ මම බහිනකල්ම..සමහර විට මම මේ ලියපු විදිහට ඒක තවත් එක සාමාන්‍ය සිද්ධියක් කියලා හිතේවි...ඒත් ඒ වෙලාවේ එතන හිටිය නම් දැනෙන්නේ අමුතුම හැගීමක්... සමහර අම්මලා දරුවන්ව ගගවල් වලට එහෙම නැති නම් කකුස්සි වලවල් වලට විසි කරලා යනවා...තවත් සමහරු තමන්ගේ ඇස්,වකුගඩු දීලා දරුවන්ව බේර ගන්නවා..මේ ලෝකේ හරිම පුදුමයි කියලා වෙලාවකට හිතේනවා... ඒ වගේම කවදාවත් දැකලා නැති,හම්බෙලා නැති අයට උදව් කරන්න දිවා රෑ බලන්නේ නැතුව වෙහෙසෙනවා..බ්ලොග් ලියලා අපි හම්බ කරන්නේ සල්ලි නෙමේ....මනුස්සකම...කවද හරි ජීවිතේ සතුටු වෙන්න පුලුවන් අපි ලියපුව කියවලා... හැමෝම දැන් ඉලන්දාරි අයියට උන දේ දන්නවා...ඉලන්දාරියා බ්ලොග් ලියලා හම්බ කර ගත්තේ මනුස්ස කම...ඒක කවදත් ඉලන්දාරියට පිහිට වෙනවා.... උඹට අපි ඉන්නවා අයියේ...උඹ බය නොවී ඉදපන්...අපි උඹව ගොඩ දානවා..
පුරුදු විදිහටම මම විහාර මහා දේවී එක ඉස්සරහ පාරෙන් ඇවිදගෙන ගියේ කිසිම අරමුනක් නැතිව..ඉස්සර ඉදලම මේ පාර දිගේ ඇවිදගෙන යන එක මගේ පුරුද්දක් වෙලා තිබුනා.පාර දෙපැත්තේ අදින චිත්‍ර බලන්න මගේ හිත කොච්චර ආස කරාද කියලා මම වත් දන්නේ නෑ..එතන චිත්‍ර අදින අය ගොඩක් මාත් එක්ක හිතවත්.එතන ඉන්න ගොඩක් අය බලන් ඉදියේ මම ඒ පාරෙන් කොයි වෙලාවේ ද එන්නේ කියලා.අදින චිත්‍ර ගැන මගේ තේරුමක් නැති හිනා යන විචාර එයාලගේ හිත් වලට සතුටක් ගෙන දුන්න කියලයි මට හිතෙන්නේ.. වෙනදා දැකලා නැති අලුත්ම කෙනෙක් චිත්‍රයක් දිහා ඔහේ බලාගෙන ඉදියා..එයා ලස්සනයි..ඔව් ගොඩාක් ලස්සනයි..මමත් පොඩ්ඩ පොඩ්ඩ එතනට කිට්ටු උනා.. 'ඔයාගෙද මේ චිත්‍ර... '' එයා මගේ දිහා බලලා අහින්සකව හිනා උනාවෙනසක් තියෙනව අනිත් චිත්‍ර එක්ක බලද්දි..ගොඩාක් ලොකු වෙනසක්..අනිත් අය ගහක් ඇන්දොත් ඒක ගහක් කියලා කියන්න පුලුවන්..ඒත් ඔයාගේ චිත්‍ර වල ගහක් ඇන්දොත් ඒක ගහක් කියලා බෝඩ් කෑල්ලක් එල්ලන්න වෙනවා..''පුරුදු විදිහටම මගේ විකාර කතා පෙට්ටිය පටන් ගත්තා.එයා ටිකක් සද්දෙට හිනා උනා...'අම්මෝ හිනා වෙනකොට තියෙන කැත..ඔහොම හිනා වෙන්න එපා..."ඒපාර නම් මගේ පැත්තට හැරිනේ කේන්තියෙන්'හෝව්....මාව කන්න එපා..මම අහින්සක හා පැටියෙක්...ඔය දත් වලින් මාව කීතු කීතු කරලා දාන්න හදන්න එපා''හ්ම්ම්...දැන් නම් කතා කරන්න ලෑස්තියි වගෙ"මේ....ඒක නෙමේ ලිහිණි...ඔයා අද නේද පලවෙනි පාරට මෙතනට ආවේ" කෙල්ලගේ කට ඇරැනා.... "කොහොමද මගේ නම දැන ගත්තේ""මම සාස්තර කියනවා..දන්නේ නැද්ද" ''අනේ විහිලු නෙමේ...කියන්න...'' මම ඔයාගේ චිත්‍ර වල යටින් තියෙන නම බැලුවා..ලිහිණි ඉරුගල්බණ්ඩාර...ලස්සන නමක්"'අම්මෝ....මම බය උන තරමක්..මම හිතුවා අපේ තාත්ති ඔත්තු කාරයෙක් වත් එවලද කියලා...:'මම කොත්තු කාරයෙක් නෙමේ...ජොබ් එකක් හොයනවා..කොහොමත් කොත්තු දාන්න නම් බෑ"'අපෝ...ඔයා එක්ක නම් වචනයක් කතා කරන්න බෑ...ඔහොම විහිලු කරන්න එපා..........."'ඔයාට චිත්‍ර අදින්න පුලුවන්ද" ලිහිණි මගෙන් අහනවා..මට තේරෙන්නේ නෑ අප්ප...හැබැයි කවුරු හරි අදින චිත්‍ර බලන් ඉන්න..ඒවට මොකක් හරි අප්සට් කතාවක් කියන්න නම් හොදට පුලුවන්"'ඔව් ඔව්...ඒ බව පේනවා....." එදා අපි ගොඩක් වෙලා කතා කරා..ලස්සන හැන්දෑවක්..ඉක්මනට ගෙවිලා ගියා... 'ඔයා හෙටත් එනවද ලිහිණි' "ඇයි මගෙ චිත්‍ර වලට විකාර කියවන්නද...""ඔය ඉතින්..මම විහිලු කරන්නේ නැති උනාම ඔයාට විහිලු..."
"හි හි.....එනවා එනවා...මේ චිත්‍ර ටික ඉවර වෙනකල්ම එනවා.....""ඔන්න මම හෙටත් බලන් ඉන්නවා මගේ විචාර පෙට්ටියත් අරන් ඔයා එනකල්" හරි හරි මැන්ටලේ......මම දැන් යන්න ඕන..""පරිස්සමෙන් යන්න ලිහිණි...ඔයාට බුදු සරණයි...."ඒ අන්තිමට කියපු වචනේ එයාට ඇහුනේ නෑ....ඒක ආයේ කවදාවත් කියන්න වෙන එකකුත් නෑ...එදා ඉදලා අද වෙන කල් මේ විහාරමහා දේවි එකේ පුන්චි බන්කුව උඩට වේලා මම එයා එනකල් බලන් ඉන්නවා..ඔයා කොහේද ලිහිණි..ඉන්න තැනකින් මෙතනට පියාඹලා ඉන්න...මම තාම මෙතන බලන් ඉන්නවා............
මීට මාසෙකට කලින් රත්ගමයා බ්ලොග් එක එක පාරටම නැවැත්තුවා නේ..ගොඩක් අය රත්ගමයා ගැන හෙව්වා...මම ඒ තරම් වටින එකෙක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ..එහෙම හොයපු අය මහා ගොඩක් ඉදියා..සමහරු ඊමේල් එව්වා...සකයිප් එකේදි ඇහුවා...මුහුනු පොතේ නම් අහන්න උනේ නෑ මොක්ද මම ඒක ඩිඇක්ටිවේට් කරපු නිසා...
අද උදේ මම නිකමට වගේ ගූගල් එකේ සර්ච් එකක් දැම්මා රත්ගමයා කියලා ගහලා...කලින් ලියපු පෝස්ට් ටිඅක ගූගල් මාමා පෙන්නුවා...ඔය අතරේ මට හම්බුනා මෙන්න මේ පල්ලෙහා දාලා තියෙන මැසේජ් එක..ඒක දාලා තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ...... පැන්ඩා අයියා තමා දාලා තිබ්බේ....
ඇත්තටම මේවා කියෙව්වහම මට පුදුම සතුටක් දැනුනා...මෙච්චර මගේ ගැන හොයන්නේ මොකටද කියලා මට හිතා ගන්න බැරි උනා...ඔයාට ගොඩාක් ස්තූති පැන්ඩා අයියේ... ඒ වගේම මගේ ගැන හොයාපු අනිත් හැමෝටමත් ගොඩක් පින්.... ජීවිතේ සතුටු වෙන්න පුලුවන් අවස්ථා ටිකයි තියෙන්නේ...මේ ඒ වගේ අවස්ථාවක්....