සුභා අක්කා....කවුද මේ....
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව බලා ගත්තු කෙනා තමයි එයා..
ගොඩක් වෙලාවට පොඩි කාලේ මමයි අපේ මල්ලියි ගහ ගන්නවා..ඒ වෙලාවට දුවගෙන ඇවිල්ලා අපේ රන්ඩුව මැද්දට පැනලා ඒ රන්ඩු නවත්තන්නේ සුභා අක්කා..
එයා හරියට මට සහෝදරියක් වගේ..මමත් එයාට ගොඩක් ආදරේ කරා..එයත් එහෙමයි.. මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ වෑන් එක ලගටම ගෙනල්ලා ඇරලවනවා..ඊට පස්සේ තමා එයා ඉස්කෝලේ යන්න ඇදගන්නේ..මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන එන්නේ සුභා අක්කත් එක්ක සෙල්ලම් කරන්න...ඒක මහා පුදුම බැදීමක්
මේ සිදුවීම උනේ මට වයස අවුරුදු 6 ක් විතර උනාම මම හිතන්නේ..එදා පුරුදු විදිහටම අපි වත්තේ සෙල්ලම් කර කර ඉදියා..
එතකොටම කොහේද ඉදලා දුවගෙන ආපු තඩි බල්ලෙක් බුරාගෙන අපේ දිහාවට එනවා..සුභා අක්ක්යි මමයි විතරයි මිදුලේ..අපි දෙන්නටම කර ගන්න දෙයක් නෑ..බල්ල කඩාගෙන ආවේ මගේ දිහාවට..සුභා අක්කට හොදටම පුලුවන් කම තිබුනා දුවලා බේරෙන්න..ඒත් එයා එහෙම කරේ නෑ..
එයා කෙලින්ම දුවගෙන ආවේ මගේ දිහාට..ඇවිල්ලා මාව වඩා ගත්තා.වඩාගෙන අඩි දෙකක් තියෙන්න උනේ නෑ අර බල්ල අක්කව හැපුවා..මට හොදට මතකයි..මම අක්කගේ අතේ ඉදගෙන කෑ ගහනවා..අක්ක එක අතකින් මාව වඩාගෙන අනිත් අතින් බල්ලව එලවන්න මහන්සි ගන්නවා..ඒ මදිවට අක්කගේ කකුලෙන් ලේ ගලනවා..ඒත් අක්ක කොයිම මොහොතකවත් මාව අත ඇරියේ නෑ..
අපේ කෑ ගැහිල්ල ඇහිලා අම්මලා දුවගෙන ඇවිල්ලා බල්ලව එලවලා දැම්මා.. ඌ පිස්සු බල්ලෙක් කියලා පස්සේ තමා දැන ගත්තේ..ලේ ගලන අස්සේ සුහා අක්කා අහනවා 'මල්ලිට කරදරයක් නෑ නේද ' කියලා..ඒක මට තාමත් මතක් වෙනවා අක්කේ..
කොහොම හරි අක්කට ගොඩක් අමාරු උනා..අක්කව කෙලින්ම ගෙනිච්චේ කරාපිටිය ඉස්පිරිතාලෙට..අවාසනාවට මට යන්න උනේ නෑ..
ගෙදරට වෙලා මම හිටියේ ගොඩක් බයෙන්..අනේ සුභා අක්කට කරදරයක් වේවිද....මගේ හිතට ගොඩක් බයයි...
ටික වෙලාවකින් ආයේ අක්කව ගෙනාවා..අක්කගේ ඇස් වල කදුලු..මම ගොඩක් බය වෙලා...අඩනවා...අක්ක මගේ ලගට ආපහු ආවා..ඇවිල්ලා ඇහුවේ ආයෙමත් පරන ප්‍රශ්නෙමයි..."මල්ලිට තුවාල නෑ නේද"
ඊට මාස තුනකට විතර පස්සේ අක්කායි කමලා නැන්දයි අපේ ගෙදරින් ගියා..ඒ යන දවසේ අපි ගොඩක් වෙලා ඇඩුවා...
තවත් අවුරුද්දකට ව්තර පස්සේ තමා අපිට ආරන්චි උනේ අක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා කියලා...එදා අපි ගියා මල ගෙදර...අක්කගේ ලස්සන මූන බැන්ඩේජ් පටි වලින් ඔතලා..ඒ අක්කද කියලා අදුර ගන්න බෑ..මම එතනත් කෑ ගගහා ඇඩුවා මේ ඉන්නේ මගේ අක්ක නෙමේ කියලා...
අදටත් මම ආදරේ සුභා අක්කට..මට ආදරේ කියලා ඔප්පු කරපු එක්කෙනෙක් තමා එයා....
එයා අපිත් එක්ක හිටිය නම් සමහර විට එයාගේ ජීවිතේ විතරක් නෙමේ අපේ ජීවිතත් වෙනස් වෙන්න තිබුනා
එදා අර බල්ල මාව හැපුව නම් සමහර විට අද මම මෙතන නෑ....ඒත් අද ඒකේ අනිත් පැත්ත වෙලා ත්යෙන්නේ...මම මෙතන ඉන්නවා..මගේ අක්කා මෙතන නෑ...
(අක්ෂරයට ලියූ ලිපියකි )
හොද අයගේ ආයුශ අඩුයි බං..!
ReplyDeleteඅපි ආදරේ කරන අය කවදා හරි අපිව දාලා යනවා බං.
ReplyDeleteඅපි ආදරේ කරන අය හැමදාම අපිත් එක්ක ඉන්නේ නෑ බන්..:(((
ReplyDeleteඅපි ආදරය කරන, අපිට ආදරය කරන අය ලැබෙන්නෙ කලාතුරකින් .... එත් හොඳ අයට ආයුශ අඩුයි.....
ReplyDeleteඔහොම තමයි බං ජීවිතේ හැටි.
ReplyDeleteසැබැවින්ම සන්වේදීයි....
ReplyDeleteනමුත් මේ ලෝක යථාර්තය එයයි....
හොඳ අයගේ ආයුෂ අඩුයි කියල මමත් ගොඩාක් වෙලාවට අහල තියනව....
මේ ජීවිතේදි ඇති වීම් වලට සමානවම නැති වීමුත් තියෙනවනේ යාලූ..අනික හොද අයට ආයුෂ අඩුයි..
ReplyDeleteමම මේ ලිපිය කියවන්නේ දෙවෙනි වතාවට. මොකද කලින් වතාවක කොහෙන්හරි මේ ලිපිය කියවලා තියෙනවා. මට කියන්න තියෙන්නෙත් හොද අයට තියෙන්නේ බොහොම කෙටි ආයුෂ කියලා.
ReplyDeleteනමුත් ඒ ජීවත්වෙන කෙටි කාලයට වඩා වැඩි කාලයක් එයාලගේ ගුණ කියවෙන තරමේ දේවල් කරලා තමයි නැති වෙන්නේ.
නමුත් එපාකරපු එවුන් ගොඩක් කල් ජීවත් වෙනවා. උන් මලාම එක මොහොතක්වත් ගුණ සිහි කරන්නේ නැති තරම් !!!
හලේ මෙහෙම කතාවක් පොතක හරි පත්තරේක හරි තිබුනා මතකයි.
ReplyDeleteහොද ලිපියක්.සන්වේදී ලිපියක්.ජීවිතේ ඔහොමයි.ගොඩාක් ආදරේ කරන අය, ගොඩාක් බලාපොරොත්තු වෙන අය හරි ඉක්මනින් අපේ ජීවිත වලින් යනවා.
පබලු
http://magethanikama.blogspot.com/
ඇඩෙනවා බොල...
ReplyDeleteමටත් ඕක ගොඩාක් වේලාවට හිතුණා..ඇයි අපි ආදරය කරන අය අපිට ආදරය කරන අය අපිව ඇතහැරලා මෙච්චර ඉක්මනට යන්නේ..:'(
ReplyDeleteප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් කියල බුදු බණේත් කියල තියෙනවනේ... හ්ම්ම්ම්... කියවල ඉවර වෙනකොට ඇහැට කඳුලක් නොආවත්, ඇත්තටම සංවේදී කතාවක්...
ReplyDeleteදේව්දාස්
@මධුරංග ඔයා කිව්වා හරි.... හොඳ අයට ආයුශ අඩුයි... එත් එයලා ජීවත් වෙලා ඉන්න ටික කාලෙට කල්ප ගානක් සිහි කරන්න තරම් හොඳ දෙවල් ඉතුරු කරලයි යන්නෙ.......
ReplyDeleteහ්ම්... හොඳ අයට ආයුශ අඩුයි තමයි මල්ලි.. අපි ගොඩාක් ආදරේ කරන අපිට ගොඩාක් ආදරේ කරන අය හරිම ඉක්මනට අපිව දාලා යනවා. ඒක අපේ ලැබීම..
ReplyDeleteඇත්තටම ගොඩාක් සංවේදී කතාවක්... :(
ReplyDeleteසමහර අය අපේ හිත් වල සදහටම ජීවත් වෙනවා. මට මීට වඩා දෙයක් කියන්න තේරෙන්නෙ නෑ.
ReplyDeleteමෙන්න මු පරන ඒවා ආයෙත් දෙනවා,,,උබ මේක අක්ශරේ උබේ බ්ලොග් එකේ දෙකේම දැම්මා නෑ කියන්න එපා,,,,උබ ඒ පාර පරන පෝස්ට් ආයේ දාන එක පුරුද්දට ගිහින්...:p
ReplyDeleteජීවිතේ ගෙවන කොට ඔය වගේ දේවල් වලට අපි හැමෝටම මූන දෙන්න වෙනවා.
ReplyDeleteසුබ අක්කා හොද හදවතක් ඇති කෙනෙක් වෙන්න ඕන. අපි කෙනෙක්ට ඇත්තටම ආදරේනම් අපේ ජීවිතේටත් වඩා එයලගේ ජීවිත රකින්න බලනව. සුබා අක්කත් එහෙම කෙනෙක්. එහෙම අය අඩුයි. හොද අයට වැඩි ආයුස නෑ කියල මාත් අහලා තියනවා..
ReplyDeleteසමහර මිනිස්සු ඉන්නවා තමන්ගෙ කියලා දැනෙන සහ දැනුන අය වෙනුවෙන් බොහෝ දේවල් කරන්න ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. බැඳීම කියන්නෙ ඒකට වෙන්න ඇති. හොඳ හදවතක් තිබුන ගෑණු දරුවෙක් වගේ හැඟුනා....හමු වීම් ..... වෙන් වීම්..ජීවිතේ කියන්නෙ මේකටනෙ...
ReplyDeleteමට ඔය කතාව හොදටම මතක තිබුනා රත්තො. මම හොයාගෙන ගියා. උබ ඒක පෝස්ට් කරලා තිබුනෙ 2011 පෙබරවාරි 23 වෙනිදා. මම එදාත් කමෙන්ට් කරා. ඒත් දැන් ඒ පෝස්ට් එක නෑනේ.
ReplyDeleteඅපි ආදරය කරන අය ලග නැති වෙනවා කියන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. ඒත් ඒ ආදරය හැමදාටම අපේ හිත් වල තියේවි....
ප්‍රියයනෙගේ වෙන්වීම දුකක්.... සුභා අකට නිවන් සුව..!!!
ReplyDeleteඅක්ෂරේ කතාව මාත් කියෙව්වා. එදත් දුක හිතුනා. අදත් දුක හිතුනා. මොනදේ උනත් මරණයේ වේදනාව දැනෙන්නෙ මැරුණු අයට නෙමෙයි. ජීවත් වෙන අයට.
ReplyDeleteජීවිතේ හැටි ඔහොම තමා..
ReplyDeleteමරණය ඕනම වෙලාවක එන්න පුලුවන්..
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්..
මම නෙමෙයි කියන්නෙ බුදු හාමුදුරුවෝ..
දුකේ බෑ
ReplyDeleteහොද අය අපිව දාලා යනවා බන් ඉක්මණටම , මොකද හොද අය අයිති මෙහෙට නෙවයි දෙවියන් ට
ReplyDeleteඇඩෙනවා තනි ඇහැට.........
ReplyDeleteහුගක් අය ආදරේ කරනවා කිව්වට..ඉස්සෙල්ලම ආදරේ... තමන්ට.
ReplyDeleteඒත් තමන්ගේ ජිවිතේ දෙවැනි තැනට දාලා, ආදරේ කරන අතලොස්සකුත් ඉන්නවා.
ඒ වගේ කෙනෙක් තමයි..සුභා අක්කා කියන්නේ.
හැමදාම ඇසුරු කරලත්, හිතට නොදැනෙන මිනිසුන් අතර, මියැදිලත් හිත පුරාවටම දැනෙන්න ඉන්න පුලුවන්, එක් කෙනෙක් හරී, හැමෝගෙම හිත්වල ඉන්නවා..යාලුවේ.
ටික කලකට උවත්, එවන් සැබෑ වූ සෙනෙහසක් ලබන්න..මලයා පිං කරලා තියෙනවා.
හ්ම්.. හාවා කිව්ව වගේ හොඳ අයගෙ ආයුෂ අඩුයි බං.. :'(
ReplyDeleteදුකයි බං..... :(
ReplyDeleteලෙන්ගතුකම කියන්නේ මහ පුදුම බැඳීමක්, විග්‍රහ කරන්න අමාරු වගේම පමණක් වෙලාවට තේරුම් ගන්නත් බැරි. සුභා අක්කා වැන්නියකගේ ආරක්ෂාව ලැබීම පිණක්.
ReplyDeleteඅපි ඉන්න වටාපිටාව කුරීරු දේවල් වලින් පිරෙද්දී, සම්මත මෙන්ම විකල්ප සංනිවේදන මාධ්‍යයන් ඒවා පමණක් දැක උලුප්පා පෙන්වන කාළයක මනුස්සකමින් පිරුන කතාව අකුරු කළ නුඹේ පන්හිඳට මෙන්න ආචාරය මලේ.
දැන් තේරෙනවා නේද ප්‍රිය යන්ගෙන් වෙන්වීම කොච්චර දුකක්ද කියලා...
ReplyDeletesad
ReplyDeleteලස්සනට ලියල තියෙනවා මල්ලි මොනවා උනත් අපි කැමති අය හැමදාම අපි ලග ඉන්නේ නැනේ
ReplyDeleteඑච්චර හොඳ කෙනෙකුට ජීවත් වෙන්න තරම් මේ ලෝකේ සුදුසු නැතුව ඇති.
ReplyDeleteනිවන් සුව ලැබේවා කියල හිතන්න... අපිත් කවදා ිකායි වෙලේද කියන්න බැහැනේ....?
ReplyDeleteමොනා කරන්නද, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි ........
ReplyDeletejivethii maaraii hithaganna ba...welawakata okkoma patalenawa wagee daninawa.....aii....apee kamathima aya ekmanatama apiwa daala yannii????????
ReplyDelete