ජීවිතේ සුන්දර දවස් ගොඩක් මතකේ තියෙනවා.. පොඩි කාලේ ඉදලම ආසාවෙන් ඉදියෙ ඉන්ජිනේරුවෙක් වෙන්න..මට මතකයි ආච්චි අම්ම මගේ 5 වෙනි උපන් දිනේට ගෙනාව කාර් එක..ඒක හොදට තිබුනේ එක දවසයි..ඊලග දවසේ කාර් එකේ කෑලි තැන් තැන් වල...කඩලා නම් නෙමේ..ගලවලා..ආයෙ හදලා...සමහර කෑලි අඩුයි...
ඒත් ආච්චි අම්මා නෙමේ බැන්නෙ...හිනා වෙවී බලන් ඉදල කිව්වේ මගෙ ලොකු මුණුබුරා කවද හරි ඉන්ජිනේරුවෙක් වෙනව කියලා...තේරුම දන්නෙ නැති උනත් පොඩි කාලෙ දි කවුරුහරි ඇහුවොත් පුතේ ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල මගේ උත්තරෙ උනේ ඉන්ජිනේරුවෙක් කියන එක..
ඉන්ජිනේරුවෙක් වෙන්න ඉදියට මොකද කවදාවත් පාඩම් කරන්න නම් අසාවක් තිබුනෙ නෑ..පාඩම් කරෙත් නෑ..ශිෂ්‍යත්ව විභාගේ කවුරුත් බලාපොරොත්තු උනාට වඩා ඉහලින් සමත් වෙන්න පුලුවන්කම ලැබුනා..අදත් මතකයි මුලු ඉස්කෝලෙම ලමයි පිට්ටනිය ලග තියෙන බුදුපිලිමෙ ලගට ගෙනල්ලා දමුල්ල මිස් ගත්තු ලකුනු ගනන කිව්ව හැටි..ගෙදර ගියේ මහා ගොඩක් සතුටින්..අම්මාගෙයි,තාත්තගෙයි බලාපොරොත්තු මහා ඉහලින් ඉෂ්ඨ කරා කියන සතුට මගේ හිතේ තිබුනා...ගෙදර ගියාම අම්මා මල්ලිලා දෙන්නට කිව්වේ "දැන් ඉතින් මට ඔය දෙන්නා ගැන බය වෙන්න දෙයක් නෑ..ලොකු අයියා ගියපු පාරෙම යන්න..දැක්ක නේ ලොකු අයියා.."
අම්මා එදා කියපු විදිහටම ලොකු අයියා ගියපු පාරෙම මල්ලිලා දෙන්නත් ගියා..ලොකු අයියාට වඩා හොදට පොඩි මල්ලී..පොඩි මල්ලිට වඩා හොදට චූටි මල්ලි විභාගෙ සමත් උනා.. ඒ දෙන්නට ඉහලින් සමත් වෙන්න පුලුවන් වෙන්න හයිය දුන්න ලොකු අයියා තමයි මම..
කාලේ ටිකෙන් ටික ගෙවිලා ගියා..ඉගෙන ගන්න උනන්දුව අඩු උනා..පාඩම් කරනව කියන වචනේ පිලිකුල්ම උනා...වාර විභාග කීයක් නම් ලිව්වද...ඒ එකකට වත් අඩුම ගානේ එක රැයක් නිදි මැරුවෙ නෑ..එක්කො යාලුවො එක්ක රවුම් ගහනවා..සෙල්ලම් කරනවා..ටී.වී බලනවා...ඔය වගේ දේවල් තමා කරේ...එන්න එන්නම තත්වේ ගොඩක් දරුනු උනා...අපේ ඉස්කෝලේ තමා ගාල්ලේ තියෙන ප්‍රසිද්ධම පාසල.වාර විභාග වල මුල් 10 දෙනා අතරෙ ඉදපු මම ටික ටික පසු බැස්සා...
ඒක හොදටම තේරුනත් පාඩම් කරනව කියන එක එපා වෙල තිබුනේ..කොහොමද දෙයියනේ පොතක අකුරු දිහා බලාගෙන පැය ගානක් ඉන්නේ...
ඒත් අන්තිමට කාටවත් වරදක් කියන්න බැරි වෙන විදිහට..උසස් පෙළට ගණිතය ඉගෙන ගන්න පුලුවන් විදිහට සමත් උනා..උසස් පෙල ජීවිතේ තමයි මෙච්චර කාලෙකට මගේ ජීවිතේ තිබුන වටිනාම,ලස්සනම අවුරුදු 2ක්...මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..(පාඩම් වැඩ ඇර )
ගණිතය,භෞතික විද්‍යව විශයන් දෙකට පන වගේ ආදරේ කරේ...ඒත් හත් ඉල්ව්වෙ කව්ද එකෙක් රසායන විද්‍යාව කියල විශයකුත් දාලානේ තිබුනේ උසස් පෙලට..ඒකෙන් උනේ අනිත් විශයන් දෙකත් එපා උන එක...
පල වෙනි පාරට උසස් පෙල්ට වාඩි උනෙ 2009 අවුරුද්දේ..ඇත්තටම මම විභාගෙට ගියපු විදිහට වාඩි උනා කියන වචනේ තමයි හරියන්නේ...මට කිසිම බයක් තිබුනේ නෑ විභගෙ ගැන..මොකද හොදටම වැඩ පුලුවන් එකයි,කිසිම වැඩක් බැරි එකයි විභාගයක් ආවට බය නෑ නේ..මම නම් අයිති උනේ කිසිම වැඩක් බැරි එකෙකුගේ ගොඩට...
කොහොම හරි ලිව්වා...අන්තිම දවසේ රසායන විද්‍යව ප්‍රශ්න පත්තරේට ලියන්න කිසිම දෙයක් දන්නෙ නෑ..කරන්නම දෙයක් නැති නිසා දීපු කටු වැඩ කොල වල කවි ලිව්වා..කොහොම හරි පැය දෙකක් ඇතූලත කවි 5කට වැඩිය ලිව්වා..ඒවා තාමත් මගේ කවි එකතුවේ තියෙනවා..දැන් නම් බලනකොටත් හිනා යනවා..
ප්‍රතිඵල ආවම කවුරුත් පුදුම උනා...වෙන්න කොහෙත්ම බැරි දෙයක් වෙලා තිබුනේ..හැමදාම පන්ති කට් කරපු (පලමු වර උසස් පෙල ලියන විට අවසාන අවුරුදු එකහමාර තුල රසායන විද්‍යාව පන්තිය පැත්ත පලාතේ ගියේ නෑ )මම පාස් වෙලා...කොහොම උනාද දන්නෙ නෑ..C 2, S 1 ඕක තමයි ප්‍රතිඵලේ..
හිතට මාර ගැම්මක් ආවේ..එතකොටත් මම ආපහු REVISION යනවා..මේ පාර නම් දෙනවා නැති වෙන්න කියල හිතුවා..මාසයක් විතර කාගෙන වැඩ කරා..ආයේ අර පරන පුරුද්ද ආවා..උදේ පාන්දරම පන්ති යනවා..කඩේකින් රු 25 ට මොනව හරි කනවා..පන්තියට ගිහින් සර් කියන මොකක් හරි දේකට හයියෙන්,හැමෝටම ඇහෙන්න මොනවා හරි කියලා ඇඩ් එකක් දානවා..උදේ එන්නේ පරක්කු වෙලා..කොල්ලෝ 'සූ' පාර දානව එනකොට..ඉන්ටවල් එකේ දිත් පරක්කු වෙලා එනවා..ආයේමත් අර 'සූ' පාර එනවා..ඇඩ් පාරක් දාල ගිහින් ඉස්සරහම හරියෙන් වාඩි වෙනවා..කම්මැලි නම් නිදා ගන්නවා...පන්තිය ඇරුනම කෙල්ලො ටික යනකල් ඉදලා එලියට එනවා..හොද ලස්සන කෙල්ලෙක් දැක්කොත් කට කැඩිච්ච කතාවක් කියනවා..ගෙදර ඇවිල්ලා කාලා නිදා ගන්නවා..ඊට පස්සේ දවසේ ආයෙ පන්ති යනවා...ඔය ටික තමා දිගටම උනේ..පන්ති එන කෙල්ලොන්ට නම් රත්ගමයව එපා වෙලා තිබුනේ....(උන්ට එපා උනාට මට මොකෝ නේ...)
සර්ටත් පන්තියෙ කෑ ගහන එකා හොයා ගන්න බැරුව ඉදියේ..අන්තිම දවස් වෙනකොට නම් හොයා ගත්තා කෑ ගහන්නෙ මෙන්න මූ කියල..එදා ඉදලා මොකෙක් හරි වෙන උලමෙක් කෑ ගැහුවත් ඇගිල්ල දික් කරල බනින්නෙ මට...කොහොමද කෙල්ලො 800ක් 1000ක් ඉස්සරහ කුනු කතා අහනකොට.විලි ලැජ්ජාව පණ පිටින් වලලනවා වගෙ නේ...පන්තිය ඉවර වෙන අන්තිම දවසේ සර් රත්ගමයට කිව්වේ මෙන්න මෙහෙම.."උඹ කෑ ගැහුවනේ මෙච්චර දවස්..අදින් පස්සේ එහෙම බෑ නේ කොල්ලෝ..මම කවද හරි ප්‍රාර්ථනා කරනවා උඹ සර් වෙලා මම පන්තියෙ කොල්ලෙක් වෙන්න කියල..එදාට මම කෑ ගහනවා උඹට මල පනින්න"
ඒ තමා භෞතික විද්‍යාව උගන්නපු සුනිල් මෙන්ඩිස් සර්....මුල් පාර එපා වෙලා තිබුන රසායන විද්‍යාවට ආසාව ඇති කරේ ශ්‍රී පතිරණ සර්..දැන් නම් සර් ගේ වයස අවුරුදු 70ත් පැනලා..ඒත් එලට උගන්නනවා... ශුද්ද ගණිතයට විතරයි පන්ති ගියේ..නිහාල් සර් ලගට..ඒකත් ගියේ ඉදල හිටල තමා..
විභාගෙට මාස 3 කට විතර කලින් පුංචි සිද්ධියක් උනා.....ඒකෙන් මානසිකව ගොඩක් වැටුනා...ඒත් ඒකම හයියක් කරගෙන පාඩම් කරා..අර තිබුනු උනන්දුව ආයේ ආවා..මුල් පාර විභාගෙට මහන්සි උනේ 1%ක් නම් මේ පාර 70%ක් විතර මහන්සි උනා...දැන් නම් බයත් හිතෙනවා..ප්‍රතිඵල ලගදිම ඒවි...
ඉන්ජිනේරුවෙක් වෙලා ආච්චි අම්මාගේ හීනෙ හැබෑ කරන්න නම් බැරි වෙයි.ආච්චි අම්මෙ ලොකු මුණුපුරාට සමාවෙන්න..මට බැරි උනාට මල්ලිලා දෙන්නා ඒක කරාවි....
ඒත් විශ්ව විද්‍යාලෙකට යන්න පුලුවන් උනොත් මට ඒ ඇති....
බලන් ඉන්නේ.....මොනව හරි හොද දෙයක් වේවි..ප්‍රතිඵල ආවට පස්සේ ඔයාලටත් කියන්නම්.....එදාට හිනා වෙලා බ්ලොග් එක ලියන්න පුලුවන් වේවිද..අඩ අඩ ලියන්න වේවිද කියල නම් දන්නෙ නෑ..................